ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහල පිරිමි කණ්ඩායම තමන් තරග වදින C කාණ්ඩයේ තරග දෙකම ජය ගනිමින් 19 වන ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවට සාර්ථක ආරම්භයක් ලබා ගන්නා ලදි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයේ දී කසකස්තාන කණ්ඩායම පරාජය කළ අතර දෙවන තරගයේ දී ඕස්ට්‍රේලියාව ද පරාජය කරමින් C කාණ්ඩයේ පළමු ස්ථානයේ තරගාවලියේ පළමු අදියර අවසන් කිරීමට සමත් විය.
ජාතික ක්‍රීඩාවෙන් ආසියාව ජය ගැනීමට බහරේන් යන ශ්‍රී ලංකා යෞවනයන්
ආසියානු කනිෂ්ඨ (පිරිමි) වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් තරගාවලිය මෙවර බහරේන්…
ශ්‍රී ලංකාව හා කසකස්තානය
එක වටයක් පසුපසින් සිටිය ද තරගය අත්නොහල ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-1ක් ලෙස කසකස්තාන කණ්ඩායම පරාජය කළ අතර තියුණු මුහුණුවරක් ගත් පළමු වටය ලකුණු 23-25ක් ලෙස ජය ගැනීමට කසකස්තානය සමත් විය.
කෙසේ වෙතත් 2016 දීත් කසකස්තානය පරාජය කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයේ දී තමන් සතු සියලුම උපක්‍රම යොදා ගනිමින් තරග කළ අතර ලකුණු 25-16ක් ලෙස දෙවන වටය ජය ගැනීමට ඔවුන් සමත් විය. තෙවන වටය ද ඉතා උණුසුම් වූ අතර ලකුණු දෙකක පරතරයෙන් ලකුණු 29-27ක් ලෙස වටය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
සිව්වැනි වටය ලකුණු 25-10ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගැනීමට සමත් විය.
විදුර ප්‍රභාත් පෙරේරා හා මහේල ඉන්දීවර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කරගත් ක්‍රීඩකයෝ වූ අතර පෙරේරා ලකුණු 15ක් (11 spikes, 2 blocks and 2 aces) රැස්කර ගැනීමට සමත් වූ අතර මහේල ද ලකුණු 15ක් (10 spikes, 3 blocks and 2 aces) රැස්කර ගැනීමට සමත් විය. සංඛ දිල්ශාන් ලකුණු 11යි.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව
පළමු තරගයේ දී මෙන්ම දෙවන තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටය පරාජය වූ නමුත් (24-16) දෙවන වටයේ දී සුපුරුදු ප්‍රබල ක්‍රීඩා විලාසයට අවතීර්ණ වෙමින් ලකුණු 25-13ක් ලෙස වටය ජය ගැනීමට සමත් විය.
තෙවැනි හා සිව්වැනි වටයන් ද ඉතා තියුණු වූ නමුත් ලකුණු 26-14ක් හා ලකුණු 25-21ක් ලෙස ජයගෙන C කාණ්ඩයේ පෙරමුණට පත්වීමට ඔවුන්ට හැකි විය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<