ශ්‍රී ලංකා යෞවනයන් ආසියාවේ පළමු දසදෙනා අතරට

379

පසුගිය දා බහරේන්හි මනමා නගරයේ දී පැවති ආසියානු පිරිමි වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් ශූරතාවයේ දී සත්කාරක බහරේන් ක්‍රීඩකයින් හමුවේ පරාජයට පත්වීමට ශ්‍රී ලංකා යෞවනයන්ට සිදු විය. ඒ සමඟම ආසියානු පිරිමි වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් ශූරතාවයේ 10වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සමත් විය.

නවවැනි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සටනක

19 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහල වොලිබෝල් ශූරතාවලියේ නවවැනි ස්ථානය…

පළමු වටයේ පැවති කාණ්ඩ අංශයේ තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් කසකස්තානය හා ඕස්ට්‍රේලියාව පරාජය කරන්නට සමත් විය. එයින් පසු පැවති 16දෙනාගේ වටයේ දී නැවත හමු වූ කසකස්තානය සමඟ පැවති තරගයෙන් ලැබූ පරාජයත් සමඟ 16දෙනාගේ වටයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු විය. ඉන්පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 වන ස්ථානයේ සිට 12 වන ස්ථානය දක්වා තරග කිරීමේ වටයට පිවිසුණු අතර එහි දී පළමු තරගය ලෙස කටාර් රාජ්‍යයේ යෞවනයන්ව වට 3-1ක් ලෙස පරාජය කිරීමට සමත් විය. ඒ සමඟම තරගාවලියේ 9 වන ස්ථානය සඳහා බහරේන් රාජ්‍යය සමඟ තරග කිරීමට ශ්‍රී ලංකා යෞවනයන් සුදුසුකම් ලැබීය.

20න් පහල ක්‍රීඩකයින් තරග දෙකක් ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහල පිරිමි කණ්ඩායම තමන් තරග වදින C කාණ්ඩයේ තරග දෙකම..

තරගාවලියේ 9 වන  ස්ථානය සඳහා සත්කාරක බහරේන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකා යෞවනයන් හොඳ ආරම්භයක් සමඟ තරගයට අවතීර්ණ වුවත් තරගයේ අවසාන භාගය වන විට පිටිය නතු කර ගැනීමට බහරේන් ක්‍රීඩකයින් සමත් විය. පළමු වටය ලකුණු 21-25ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පරාජය හිමි කර දෙමින් නිමා විය. ඉන්පසු ශ්‍රී ලංකා යෞවනයන්ට පිටිය තුළ හිස එසවීමට අවස්ථාවක් නොදීමට බහරේන් ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකා යෞවනයන් බහරේන් ක්‍රීඩකයින් සමඟ තරග කළ දෙවන හා තෙවන වටයන් පිළිවෙළින් ලකුණු 19-25ක් හා ලකුණු 17-25ක් ලෙස පරාජයට පත්විය. ආසියානු පිරිමි වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් ශූරතාවයේ දී 10වන ස්ථානයෙන් සතුටු වීමට අවසානයේ ශ්‍රී ලංකා යෞවනයන්ට සිදු විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<