සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (15) සිය දෙවැනි තරගය සඳහා සහභාගී වුනා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති එම තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම තරගාවලියක් සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර මේ තරග ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 19න් පහළ කාන්තා කණ්ඩායමක් ලබා ගත් පළමු තරග ජයග්‍රහණය ලෙස ද වාර්තා පොත් අතරට එකතු වුනා.
Visakhapatnam හිදී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. කොදෙව් කඩුලු රකින ආරම්භක පිතිකරිණිය වන Shunelle Sawh ඉනිම පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් පන්දුවට පහර දුන් නමුත් ඇයගේ ප්‍රහාරාත්මක වේගය ඉතාමත් අඩු මට්ටමක රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුනා. 4 පහර 2කින් හැඩගැන්වුණු Sawh පන්දු 58ක දී නොදැවී ලකුණු 35*ක් ලබා ගත්තා.
Zaida James ලකුණු 22ක් ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කළ අතර Jannillea Glasgow පන්දු 12ක දී ලකුණු 12ක් ලබාගෙන 100.00ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත්තා. අවසානයේ දී කොදෙව් කණ්ඩායමට සිය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 95ක් පමණයි.
පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන විහාර සෙව්වන්දි ඇයගේ නියමිත පන්දුවාර 4 තුල ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තා. වමතින් දඟපන්දු යවන විදූශිකා පෙරේරා එක් කඩුල්ලයි.
- රශ්මි සහ මනුදිගෙන් කැපී පෙනෙන දක්ෂතා
- ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායමේ නායකත්වය විශ්මිට
- ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ඉන්දියාවට
- කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ සංචිත නිකුත් කරයි
- ප්රධානතම දේශීය කාන්තා ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි
ලකුණු 96ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15කුත් එක් පන්දුවක් අවසානයේ දී කඩුලු 4ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා.
ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ සුමුදු නිසංසලා පන්දු 16ක් තුල වේගවත් පිතිකරණයක නිරත වෙමින් 4 පහර 8ක් සමඟ ලකුණු 33ක් ලබා ගත්තා.
මනුදි නානායක්කාර 4 පහර 3ක් එල්ල කරමින් පන්දු 28ක දී ලකුණු 22ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම දක්වා රැගෙන ගිය අතර විහාරා සෙව්වන්දි නොදැවී ලකුණු 10*ක් ලබාගෙන මනුදි හට සහාය වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 13 වැනිදා සහභාගී වුනු පළමු තරගයේ දී ඉන්දීය B කණ්ඩායම හමුවේ ලකුණු 12කින් පරාජය වුනේ තියුණු සටනකින් අනතුරුවයි. ඒ තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙක් දුවද්දී දැවී යාම්වලට හසු වූ අතර මේ තරගයේ දී ද ක්‍රීඩිකාවන් දෙදෙනෙක් දුවද්දී දැවී යාම්වලට හසුව දැවී යාම කනගාටුවට කරුණක්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shunelle Sawh | not out | 35 | 58 | 2 | 0 | 60.34 |
Trishan Holder | c Dulanga Dissanayke b Vihara Sewwandi | 12 | 20 | 1 | 0 | 60.00 |
Djenaba Joseph | st Sumudu Nisansala b Vihara Sewwandi | 5 | 4 | 1 | 0 | 125.00 |
Zaida James | c Dulanga Dissanayke b Vidushika Perera | 22 | 26 | 2 | 1 | 84.62 |
Jannillea Glasgow | not out | 12 | 12 | 0 | 0 | 100.00 |
Extras | 9 (b 0 , lb 2 , nb 0, w 7, pen 0) |
Total | 95/3 (20 Overs, RR: 4.75) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Pamoda Shaini | 2 | 0 | 15 | 0 | 7.50 | |
Rashmi Nethranjali | 4 | 0 | 16 | 0 | 4.00 | |
Vihara Sewwandi | 4 | 0 | 20 | 2 | 5.00 | |
Dewmi Vihanga | 4 | 0 | 10 | 0 | 2.50 | |
Vidushika Perera | 4 | 0 | 17 | 1 | 4.25 | |
Dulanga Dissanayke | 2 | 0 | 15 | 0 | 7.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vishmi Gunarathne | c Djenaba Joseph b Kenika Cassar | 1 | 7 | 0 | 0 | 14.29 |
Sumudu Nisansala | lbw b Ashmini Munisar | 33 | 16 | 8 | 0 | 206.25 |
Nethmi Senarathna | run out (Ashmini Munisar) | 9 | 25 | 1 | 0 | 36.00 |
Rashmi Nethranjali | run out (Trishan Holder) | 0 | 4 | 0 | 0 | 0.00 |
Manudi Nanayakkara | not out | 22 | 28 | 3 | 0 | 78.57 |
Vihara Sewwandi | not out | 10 | 12 | 1 | 0 | 83.33 |
Extras | 24 (b 0 , lb 1 , nb 1, w 22, pen 0) |
Total | 99/4 (15.1 Overs, RR: 6.53) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Jannillea Glasgow | 2 | 0 | 15 | 0 | 7.50 | |
Kenika Cassar | 2 | 0 | 23 | 1 | 11.50 | |
Shalini Samaroo | 4 | 0 | 30 | 0 | 7.50 | |
Ashmini Munisar | 4 | 1 | 10 | 1 | 2.50 | |
Djenaba Joseph | 3 | 0 | 14 | 0 | 4.67 | |
Naijanni Cumberbatch | 0.1 | 0 | 6 | 0 | 60.00 |
ශ්‍රී ලංකාව සහ ඉන්දීය 19න් පහළ A කණ්ඩායම අතර පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගය මේ මස 17 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. එහි තොරතුරු ද දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<