ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි

Sri Lanka U19 Women's Tour of Australia 2024

26
Sri lanka u19 women's squad

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය මනුදි නානායක්කාර විසින් හොබවන අතර, උපනායකත්වය රශ්මිකා සෙව්වන්දි හට හිමි වී තිබෙනවා.

එමෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ද මෙම සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සංචිතය;

මනුදි නානායක්කාර (නායිකා), රශ්මිකා සෙව්වන්දි, සුමුදු නිසංසලා, සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, රශ්මි නේත්‍රාංජලී, එරංදි හංසමාලි, ප්‍රමුදි මෙත්සරා, හිරුණි හංසිකා, චමෝදි ප්‍රබෝධා, දැහැමි සනෙත්මා, අශේනි තලගුණේ, ශෙහාරා ඉදුවරී, දනුලි තෙන්නකෝන්, නෙතඟි ඉසුරාංජලී, ලිමංසා තිලකරත්න  

ශ්‍රී ලංකාව මෙම තරග සංචාරයේ දී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ එක්දින සහ විස්සයි විස්ස තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරග තොරතුරු සියල්ල ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<