එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රියාත්මක වන 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ඊයේ (26) ක්‍රියාත්මක වුනා.
එහි දී කඩුලු 5ක පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට මේ වන විට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම දුෂ්කර වී තිබෙනවා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව අද මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. අද ශ්‍රී ලංකාව තම කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබුණේ ගරුක සංකේත් වෙනුවට විශේන් හැළඹගේ අවසන් 11ට එකතු කර ගනිමින්. පසුගිය තරගයේ දී ඇෆ්ගනිස්තානය පැරදුවත් බංග්ලාදේශය අද තරගයට පිවිස තිබුණේ වෙනස්කම් 3ක් සමඟයි.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්
- ශ්‍රී ලංකාව: හිරුන් කපුරුබණ්ඩාර, සිනෙත් ජයවර්ධන, දිනුර කළුපහන, ශෙවෝන් ඩැනියෙල්, හිරාන් ජයසුන්දර, විශ්ව රාජපක්ෂ, මල්ෂ තරුපති, විශ්ව ලහිරු, දුවිඳු රණතුංග, ට්‍රවීන් මැතිව්ස්, විශේන් හැළඹගේ.
- බංග්ලාදේශය: Ashiqur Rahman, Jishan Alam, Sharear Sakib, Ariful Islam, Ahrar Amin, Shihab James, Mahfuzur Rahman, Rahmon Jibon, Maruf Mridha, Rohanat Doullah Borson, Tanvir Ahammed.
ඇෆ්ගනිස්තානය සමඟ පරාජයට පත්වූ පසුගිය තරගයේ සේම ඊයේ දිනයේත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වූ අතර හිරුන් කපුරුබණ්ඩාර (10) සහ සිනෙත් ජයවර්ධන (04) අතරේ පළමු කඩුල්ලට ගොඩ නැගුණේ ලකුණු 18ක සබඳතාවයක් පමණයි. හිරුන්ගේ දැවී යාමෙන් පසු පස්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Rohanat Borson එහි මුල් පන්දු දෙකට සිනෙත් ජයවර්ධන සහ ශෙවෝන් ඩැනියෙල් දවා ගත්තා.
විශේෂයෙන්ම ශෙවෝන්ගෙන් නායකත්වයේ ඉනිමක් අපේක්ෂාවෙන් සිටි කණ්ඩායමට ඔහු පළමු පන්දුවෙන්ම දැවී යාම දැඩි පීඩනයක් ගෙන දුන්නා. මේ දක්වා තරග 3ක දී ඔහු රැස් කරගෙන සිටින්නේ ලකුණු 25ක් පමණයි. අද තරගය වෙනුවෙන් කැඳවූ විශේන් හැළඹගේ එක් හයේ පහරක් සමඟින් ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි.
විශ්ව ලහිරු ලකුණු 2කට දැවී ගියා. මේ අනුව ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු 5ක්ම ලකුණු 61ක් තුල බිඳ වැටුණේ තරගයේ සම්පූර්ණ පාලනය බංග්ලාදේශ යෞවනයින්ට ලබා දෙමින්. අනතුරුව දිනුර කළුපහන සහ හිරාන් ජයසුන්දර අතරේ සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවයක් ගොඩ නැගුණා.
පීඩනය උපරිම අවස්ථාවේ මෙම සබඳතාවය වෙනුවෙන් ඔවුන් දෙදෙනාට පන්දු 116ක් වැය කිරීමට සිදු වුනා. කෙසේ වෙතත්, පසුපෙළ පිතිකරුවන් යම් තරමකට සාර්ථක වීම නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 48ක් තුල දී ලකුණු 215ක් ලබාගෙන අවමානයෙන් ගැලවීමට හැකි වුනා. එසේ නොවන්නට මුල්පෙළ වගකීම් විරහිත පිතිකරණය නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100කටත් අඩුවෙන් නතර වීමේ අවදානමක් ද තිබුණා.
දිනුර කළුපහන පන්දු 82කට මුහුණ දෙමින් ලකුණු 49ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟින්. අර්ධ ශතකයට එක් ලකුණක් මෙපිටින් ඔහු දුවද්දී දැවී යාම කනගාටුවට කරුණක්. හිරාන් ජයසුන්දර ලකුණු 35ක් ලබා ගත්තේ හතරේ පහර 2ක් එල්ල කරමිනුයි.
මීට අමතරව පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වුනත් පිතිකරුවන්ට වඩා කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මල්ෂ තරුපති අංක 9 පිතිකරුවා ලෙස පන්දු 37කදී ලකුණු 46ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟයි. ඔහුගේ ඉනිමට සවියක් වූ විශ්ව රාජපක්ෂ ලකුණු 25ක් රැස් කළා.
පන්දු යැවීමේ දී බංග්ලාදේශයේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වන Rohanat Borson සහ Maruf Mridha ශ්‍රී ලංකාවට බරපතළ තර්ජනයක් එල්ල කළේ කඩුලු 3 බැගින් බිඳ හෙළමින්. මීට අමතරව Tanvir Ahammed කඩුලු 2ක් දවා ගත්තා. මේ අනුව බංග්ලාදේශයට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වුනේ ලකුණු 216ක් පමණයි.
- දුවිඳු, ට්‍රවීන් නිසා අවමානයෙන් ගැලවුනත් ජය ඇෆ්ගන් යෞවනයින්ට
- 23න් පහළ නැගී එන කිරුළ Moors කණ්ඩායමට
- දුලාජ් සහ රන්මිත්ගෙන් අර්ධ ශතක
- ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය නැවතත් හිටපු සමාගමට
- එක්දින සංග්‍රාමයේ ජය තර්ස්ටන් විද්‍යාලයට
බංග්ලාදේශ ඉනිම ඇරඹූ Ashiqur Rahman සහ Jishan Alam පළමු කඩුල්ලටම ලකුණු 66ක් එක් කරමින් කණ්ඩායමට ශක්තිමත් අඩිතාලමක් දමා දුන්නා. Ashiqur කිසිදු හතරේ පහරක් හෝ හයේ පහරක් වාර්තා නොකරම වුවත් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වීම පවා අඩු ලකුණු ප්‍රමාණයක් හඹා යාමේ දී ඔවුන්ට වැදගත් වුනා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිතේ හැටියට පහර දුන් Jishan Alam පන්දු 32කින් ලකුණු 62ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟයි. අංක 3 පිතිකරු Sharear Sakib ලබා ගත්තේ ලකුණු 3ක් පමණයි. නමුත් නැවතත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එකතු කරන්නට බංග්ලාදේශයට හැකි වුනා.
Shihab James ලකුණු 26කට දැවී යද්දී තරගය අවසන් වනතුරුම කඩුල්ලේ රැඳී සිටි Ahrar Amin සහ Mahfuzur Rahman බංග්ලාදේශයට ජයග්‍රහණය කැටුව ආවා. Ahrar Amin නොදැවී ලකුණු 44ක් රැස් කළේ පන්දු 80කට සාර්ථකව මුහුණ දෙමින්. Mahfuzur Rahman ලකුණු 21යි. ඉනිමේ මුල් කොටසේ දී බංග්ලාදේශ ලකුණු වේගය අඩු අගයක තිබුනත් ඔවුන් පසුව එය පිළිසකර කර ගැනීමට සමත් වුනා.
මේ නිසා බංග්ලාදේශයට ශ්‍රී ලංකා ඉනිම හඹා යාමට අවශ්‍ය වුනේ පන්දුවාර 47.5ක් පමණයි. පන්දු යැවීමේ දී තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරන දිනුර කළුපහන කඩුලු 2ක් දවා ගත්තා. දුවිඳු රණතුංගට ඉතිරි කඩුල්ල හිමිවෙද්දී බංග්ලාදේශ ඉනිමේ ඉතිරි කඩුලු 2ම බිඳ වැටුණේ දුවද්දී දැවී යාම් ලෙසයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hirun Kapurubandara | c Ashiqur Rahman Ruhit b Maruf Mridha | 10 | 9 | 1 | 1 | 111.11 |
Sineth Jayawardena | b Rohanat D Borson | 4 | 8 | 0 | 0 | 50.00 |
Vishen Halambage | c Jishan Alam b Rohanat D Borson | 7 | 14 | 0 | 1 | 50.00 |
Shevon Daniel | b Rohanat D Borson | 0 | 1 | 0 | 0 | 0.00 |
Dinura Kalupahana | run out (Mahfuzur Rahman Rabby) | 49 | 82 | 3 | 1 | 59.76 |
Vishva Lahiru | c Ashiqur Rahman Ruhit b Tanvir Ahammed | 2 | 16 | 0 | 0 | 12.50 |
Hiran Jayasundara | b Sheikh Paevez Jibon | 35 | 63 | 2 | 0 | 55.56 |
Vishwa Rajapakse | c Tanvir Ahammed b Maruf Mridha | 25 | 38 | 2 | 0 | 65.79 |
Malsha Tharupathi | c Ahrar Amin b Tanvir Ahammed | 46 | 37 | 2 | 3 | 124.32 |
Duvindu Ranathunga | c Mahfuzur Rahman Rabby b Maruf Mridha | 9 | 14 | 0 | 0 | 64.29 |
Traveen Mathew | not out | 5 | 6 | 0 | 0 | 83.33 |
Extras | 23 (b 4 , lb 1 , nb 0, w 18, pen 0) |
Total | 215/10 (48 Overs, RR: 4.48) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Rohanat D Borson | 10 | 1 | 51 | 3 | 5.10 | |
Maruf Mridha | 9 | 0 | 40 | 3 | 4.44 | |
Tanvir Ahammed | 8 | 0 | 41 | 2 | 5.12 | |
Mahfuzur Rahman Rabby | 9 | 1 | 34 | 0 | 3.78 | |
Sheikh Paevez Jibon | 8 | 0 | 23 | 1 | 2.88 | |
Ariful Islam | 3 | 0 | 14 | 0 | 4.67 | |
Jishan Alam | 1 | 0 | 7 | 0 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ashiqur Rahman Ruhit | run out (Treveen Mathew) | 30 | 65 | 0 | 0 | 46.15 |
Jishan Alam | lbw b Dinura Kalupahana | 62 | 32 | 6 | 4 | 193.75 |
Sharear Sakib | b Dinura Kalupahana | 3 | 12 | 0 | 0 | 25.00 |
Ariful Islam | run out (Vishwa Rajapakse) | 22 | 45 | 1 | 0 | 48.89 |
Ahrar Amin | not out | 44 | 80 | 0 | 2 | 55.00 |
Shihab James | lbw b Duvindu Ranathunga | 26 | 38 | 3 | 0 | 68.42 |
Mahfuzur Rahman Rabby | not out | 21 | 16 | 3 | 0 | 131.25 |
Extras | 9 (b 0 , lb 4 , nb 1, w 4, pen 0) |
Total | 217/5 (47.5 Overs, RR: 4.54) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Duvindu Ranathunga | 9 | 0 | 44 | 1 | 4.89 | |
Dinura Kalupahana | 9.5 | 1 | 41 | 2 | 4.32 | |
Traveen Mathew | 9 | 1 | 53 | 0 | 5.89 | |
Vishva Lahiru | 10 | 1 | 24 | 0 | 2.40 | |
Malsha Tharupathi | 5 | 0 | 18 | 0 | 3.60 | |
Vishwa Rajapakse | 2 | 0 | 12 | 0 | 6.00 | |
Sineth Jayawardena | 2 | 0 | 11 | 0 | 5.50 | |
Shevon Daniel | 1 | 0 | 10 | 0 | 10.00 |
මේ අනුව ඊයේ දිනයේ ලැබූ පරාජයත් සමඟින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව තිබෙන්නේ තෙවැනි ස්ථානයයි. තරග 3න් 2ක් ජයගෙන සිටින ඇෆ්ගනිස්තානයට එහි පළමු ස්ථානයත්, තරග 4න් 2ක් ජය ගත් බංග්ලාදේශයට එහි දෙවැනි ස්ථානයත් හිමිව තිබෙනවා.
මේ අනුව දැනට එක් තරගයක් ජයගෙන සිටින ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්තානය සමඟ හෙට (28) පැවැත්වෙන තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබෙනවා. ඔවුන්ට සැනසීමට ඇති එකම කාරණය වන්නේ බංග්ලාදේශය ඔවුන්ට වඩා අඩු දළ ලකුණු වේගයක් පවත්වා ගැනීමයි.
මේ නිසා හෙට තරගය ජය ගැනීමෙන් පමණක් ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවතිනවා. එම උණුසුම් තරගයේ තතු විත්ති මෙන්ම තවත් බොහෝ ක්‍රීඩා ඉසව්වල උණුසුම් තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<