සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති යොවුන් එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය අද (10) පැවැත්වුණේ එංගලන්තයේ Leicester හිදීයි. එම තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු දෙකක ජයක් ලැබීමට එංගලන්ත ක්‍රීඩකයින්ට හැකි වුනා.
තරගාවලියේ මේ දක්වා පැවති තරග දෙකම ජය ගනිමින් තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායම සතු කර ගෙන තිබූ නමුත් පූර්ණ තරගාවලි පරාජයකින් බේරීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගය ඉතා වැදගත් වුනා.
පෙර තරගවලින් මෙන් වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩ කඩක් පැවති මෙම තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,
- ශ්‍රී ලංකාව: සදීශ රාජපක්ෂ, අසිත වන්නිනායක, ශෙවෝන් ඩැනියල්, රනුද සෝමරත්න, අංජල බණ්ඩාර, රවීන් ද සිල්වා, වනුජ සහන්, මල්ෂ තරුපති, ට්‍රෙවීන් මැතිව්, දුලාජ් සමුදිත, කැනිස්ටන් ගුණරත්න
- එංගලන්තය: George Thomas, Jacob Bethell, Alex Horton, Ben McKinney, Danial Ibrahim, Joseph Eckland,Jamal Richards, Thomas Aspinwall, Fateh Singh, Bertie Foreman, Mitchell Killeen
මෙම තරගයේත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට ඉනිම ගොඩ නැගීමට අවස්ථාවක් ලබා නොදුන් එංගලන්ත පන්දු යවන්නන් විසින් ආරම්භක පිතිකරු සදීෂ රාජපක්ෂ සහ ශෙවෝන් ඩැනියල් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවුවේ මුලු ලකුණු සංඛ්‍යාව 14ක් වන විටයි.
ආරම්භයේම කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට උත්සාහක කළ ආරම්භක පිතිකරු අසිත වන්නිනායක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ලක්වෙන විට ලකුණු 17ක් ලබාගෙන සිටියා.
ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍යම මොහොතේ රනුද සෝමරත්න සමඟින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 48ක සම්බන්ධතාවක් ගොඩනගා සිටි රවීන් ද සිල්වා ලකුණු 17කට දැවී ගියේ Jamal Richardsගේ පන්දුවක් හමුවේයි.
මෙම තරගයේත් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ රනුද සෝමරත්න තවත් අර්ධ ශතකයක් රැස් කරමින් පන්දු 93ක් තුළ ලකුණු 77ක් ලබා ගැනීමෙන් අනතුරුව Jamal Richards හමුවේ දැවී ගියේ පස්වැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 57ක සම්බන්ධතාව අවසන් කරලයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතේ පිටියෙහි එක් වූ අංජල බණ්ඩාර සහ වනුජ සහන් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 74ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 37කට පිටියෙන් ඉවත් වන විට මුළු ලකුණු සංඛ්‍යාව දිස්වුනේ කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලෙසයි.
ශ්‍රී ලංකා යොවුන් ඉනිමට පසුපෙළින් ශක්තියක් වෙමින් පන්දු 82කට මුහුණ දෙමින් අංජල බණ්ඩාර නොදැවී ලබාගත් ලකුණු 76 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 252ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.
- George Thomas එංගලන්තයට ජය ගෙනෙයි
- මහීෂ් තීක්ෂණ සහභාගි වන SA20 වෙන්දේසිය සැප්තැම්බරයේ
- ඩක්වර්ත් ලුවිස් පිහිටෙන් එංගලන්තයට තියුණු ජයක්
- ඩැනියල්ගේ ශතකයට පතිරාජ, රන්පුල් සහ රවීන්ගෙන් අර්ධ ශතක
- සත්කාරක එංගලන්තයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්
ලකුණු 253ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා දෙමින් ආරම්භක පිතිකරුවන් ගොඩ නැගූ සම්බන්ධතාව ලකුණු 48ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයට පිවිසීමට අවශ්‍යම කඩුල්ලක් වූ ආරම්භක පිතිකරු George Thomas ලකුණු 29කට දැවි යද්දී ඉන්පසුව පිටියට පිවිසි Alex Horton ලකුණු නොලබාම දවා ගැනීමට වනුජ සහන්ට හැකි වුනා.
එංගලන්ත ඉනිමට සවියක් වෙමින් පන්දු 43ක් තුළ ලකුණු 40ක් ලබා සිටි ආරම්භක පිතිකරු Jacob Bethell දවා ගැනීමට දුලාජ් සමුදිතට හැකි වුනේ එංගලන්ත ලකුණු පුවරුව 95ක් වන විටයි.
ඒ අතරවාරයේ ක්‍රියාත්මක වූ මල්ෂ තරුපති විසින් Ben McKinney ලකුණු 27කට සහ Danial Ibrahim ලකුණු 17කට දවා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරගයේ වැඩි වාසි විවර කර දෙමිනුයි.
ඉන් ටික වේලාවකට පසුව නැවතත් ක්‍රියාත්මක වූ මල්ෂ තරුපති විසින් ලකුණු 28ක් ලබා සිටි Jamal Richards දවා ගැනීමට සමත් වෙද්දී ශ්‍රී ලංකා යොවුන් නායක රවීන් ද සිල්වා විසින් ලකුණු 19ක් ලබා සිටි Joseph Ecklandව පිටියෙන් ඉවත් කළා.
නමුත් ඉන්පසුව පිටියේ එක් වූ Thomas Aspinwall සහ Bertie Foreman 8 වැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 73ක සම්බන්ධතාව නිසාවෙන් එංගලන්තය කඩුලු 8ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.
Thomas Aspinwall පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 30ක් රැස් කරද්දී Bertie Foreman පන්දු 49ක් තුළ ලකුණු 30ක් ලබා ගත්තා.
ඒ සමඟින් තරගය කඩුලු දෙකකින් ජය ගනිමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්ත යොවුන් ක්‍රීඩකයින්ට හැකි වුනා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadisha Rajapaksa | c Jacob Bethell b Thomas Aspinwall | 8 | 11 | 1 | 0 | 72.73 |
Asitha Wanninayake | run out (Jacob Bethell) | 17 | 30 | 1 | 0 | 56.67 |
Shevon Daniel | c George Thomas b Mitchell Killeen | 1 | 5 | 0 | 0 | 20.00 |
Ranuda Somarathne | c Alex Horton b Jamal Richards | 76 | 93 | 4 | 1 | 81.72 |
Raveen de Silva | c Alex Horton b Jamal Richards | 17 | 36 | 2 | 0 | 47.22 |
Anjala Bandara | not out | 76 | 82 | 4 | 1 | 92.68 |
Wanuja Sahan | b Mitchell Killeen | 37 | 39 | 4 | 0 | 94.87 |
Malsha Tharupathi | run out (Mitchell Killeen) | 4 | 2 | 1 | 0 | 200.00 |
Gunaratnam Caniston | c Alex Horton b Thomas Aspinwall | 1 | 2 | 0 | 0 | 50.00 |
Treveen Mathews | run out (Alex Horton) | 1 | 1 | 0 | 0 | 100.00 |
Dulaj Samuditha | run out (Jamal Richards) | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 13 (b 1 , lb 1 , nb 2, w 9, pen 0) |
Total | 252/10 (50 Overs, RR: 5.04) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Killeen | 9 | 1 | 56 | 2 | 6.22 | |
Thomas Aspinwall | 10 | 0 | 38 | 2 | 3.80 | |
Fateh Singh | 10 | 0 | 52 | 0 | 5.20 | |
Jamal Richards | 9 | 0 | 42 | 2 | 4.67 | |
Jacob Bethell | 3 | 0 | 18 | 0 | 6.00 | |
Bertie Foreman | 5 | 0 | 25 | 0 | 5.00 | |
Danial Ibrahim | 4 | 0 | 21 | 0 | 5.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
George Thomas | c Anjala Bandara b Treveen Mathews | 29 | 27 | 5 | 1 | 107.41 |
Jacob Bethell | c Anjala Bandara b Dulaj Samuditha | 42 | 43 | 5 | 0 | 97.67 |
Alex Horton | lbw b Wanuja Sahan | 0 | 3 | 0 | 0 | 0.00 |
Ben McKinney | st Anjala Bandara b Malsha Tharupathi | 27 | 37 | 2 | 0 | 72.97 |
Danial Ibrahim | lbw b Malsha Tharupathi | 17 | 22 | 1 | 0 | 77.27 |
Joseph Eckland | lbw b Raveen de Silva | 19 | 18 | 1 | 0 | 105.56 |
Jamal Richards | c Malsha Tharupathi b Anjala Bandara | 28 | 24 | 3 | 1 | 116.67 |
Thomas Aspinwall | not out | 30 | 45 | 3 | 0 | 66.67 |
Bertie Foreman | c Shevon Daniel b Wanuja Sahan | 30 | 49 | 3 | 0 | 61.22 |
Fateh Singh | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 31 (b 4 , lb 3 , nb 2, w 22, pen 0) |
Total | 253/8 (44.4 Overs, RR: 5.66) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Gunaratnam Caniston | 3 | 0 | 21 | 0 | 7.00 | |
Dulaj Samuditha | 7 | 0 | 48 | 1 | 6.86 | |
Wanuja Sahan | 9.4 | 0 | 42 | 2 | 4.47 | |
Treveen Mathews | 10 | 0 | 40 | 1 | 4.00 | |
Sadisha Rajapaksa | 4 | 0 | 25 | 0 | 6.25 | |
Malsha Tharupathi | 6 | 0 | 45 | 3 | 7.50 | |
Raveen de Silva | 5 | 1 | 25 | 1 | 5.00 |