ශ්රී ලංකා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායම් අතර Derby හිදී පැවති දෙවැනි සිව්දින ටෙස්ට් තරගය ඊයේ (31) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.
ඒ අනුව යොවුන් ටෙස්ට් තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකාව සමත් වූ අතර මීට පෙර 2016 වසරේ දී පැවති තරගාවලියේ දී ද ශ්රී ලංකා 19න් පහළ ක්රිකට් කණ්ඩායම එංගලන්ත 19න් පහළ කණ්ඩායමට එරෙහිව 1-0ක් ලෙස ජය ගන්නට සමත් වුනා.
තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 480ක් ලබාගෙන ප්රබල මට්ටමක සිටියේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 99ක් ඉදිරියෙන් සිටිමින්.
ඒ වන විට නායක රවීන් පන්දු 177ක දී 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 65*ක් සහ පසුපෙළ පිතිකරු දුවිඳු රණතුංග ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.
ඔවුන් දෙදෙනා දිනයේ පළමු පැයක පමණ කාලයක් තුල තවත් ලකුණු 41ක් ශ්රී ලංකා ලකුණු සටහනට එකතු කරන්නට සමත් වුනා. නමුත් පන්දු 197ක් තුල 4 පහර 7ක් සහ 6 පහරක් සමඟ ලකුණු 75ක් ලබා ගත් රවීන්ගේ දැවී යාමත් සමඟම එම සබඳතාවය බිඳ වැටුණා.
ඉනිමේ පසුපෙළ සවිමත් කළ අංක 10 පිතිකරු රණතුංග 4 පහර 8ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 54ක් ලබා ගැනීමත් සමඟ ශ්රී ලංකා පළමු ඉනිම දැවැන්ත ලකුණකට රැගෙන යන්නට හැකියාව ලැබුණා.
අවසානයේ දී ශ්රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 542ක් ලබා ගත්තේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 161ක පළමු ඉනිමේ වාසියක් ද සහිතවයි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන Yousef Majd කඩුලු 3ක් දවා ගත්තා.
- ඩැනියල්ගේ ශතකයට පතිරාජ, රන්පුල් සහ රවීන්ගෙන් අර්ධ ශතක
- සත්කාරක එංගලන්තයට ශ්රී ලංකාවෙන් ප්රබල අභියෝගයක්
- කොළඹ උතුර අපරාජිතවම අභිනව ශූරතාවයට
- මහීෂ් තීක්ෂණ සහභාගි වන SA20 වෙන්දේසිය සැප්තැම්බරයේ
එංගලන්ත දෙවැනි ඉනිම ආරම්භ කළ Harry Singh සහ Ben McKinney පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක සාර්ථක සහ ස්ථාවර ආරම්භයක් ලබා දුන්නා. පා දඟපන්දු යවන රවීන් ඔවුන් දෙදෙනාවම ක්රීඩාගාරයට හරවා යැවීමෙන් පසුව ද එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් වුනු Ross Whitfield සහ කඩුලු රකින පිතිකරු James Rew පිළිවෙළින් ලකුණු 63ක් සහ නොදැවී ලකුණු 34*ක් ලබාගෙන ශ්රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව යම් පීඩනයක් ගොඩනැංවූවා.
Matthew Hurst සහ James Sales ඉක්මනින් දැවී යාමත් සමඟම ශ්රී ලංකාවට වැඩි වාසියක් හිමිවුණු නමුත් Tom Lawes සහ James 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 60*ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ මැදපෙළ කඩුලු බිඳ වැටීමේ වේගය අඩාල කළා.
අවසානයේ දී මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් තරගයේ සහ තරගාවලියේ වැඩි ගෞරවය දිනා ගන්නට ශ්රී ලංකා 19න් පහළ ක්රීඩකයින් සමත් වීම කැපී පෙනුණා.
පන්දු යැවීමේ දී එංගලන්ත දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 5ම දඟපන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනුණු අතර එහි දී රවීන් කඩුලු 3ක් දවා ගන්නා විට, ශෙවෝන් ඩැනියල් සහ වනුජ සහන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Harry Singh | b sahan mihira | 104 | 304 | 6 | 0 | 34.21 |
Ben McKinney | c Asitha Wanninayake b Wanuja Sahan | 22 | 34 | 3 | 0 | 64.71 |
Ross Whitfield | c & b Wanuja Sahan | 2 | 8 | 0 | 0 | 25.00 |
James Rew | c Lahiru Dewatage b Duvindu Ranatunga | 9 | 22 | 2 | 0 | 40.91 |
Matthew Hurst | c Lahiru Dewatage b sahan mihira | 116 | 189 | 11 | 0 | 61.38 |
Bertie Foreman | c Raveen de Silva b Duvindu Ranatunga | 10 | 29 | 1 | 0 | 34.48 |
James Sales | b Vinuja Ranpul | 52 | 66 | 6 | 0 | 78.79 |
Tom Lawes | run out (Duvindu Ranatunga) | 10 | 22 | 1 | 0 | 45.45 |
Stanley McAlindon | c & b Raveen de Silva | 20 | 41 | 2 | 0 | 48.78 |
Benjamin Cliff | c Lahiru Dewatage b Raveen de Silva | 2 | 11 | 0 | 0 | 18.18 |
Yousef Majid | not out | 11 | 12 | 2 | 0 | 91.67 |
Extras | 23 (b 11 , lb 6 , nb 4, w 2, pen 0) |
Total | 381/10 (122.2 Overs, RR: 3.11) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vinuja Ranpul | 18 | 1 | 81 | 1 | 4.50 | |
Duvindu Ranatunga | 23 | 4 | 58 | 2 | 2.52 | |
sahan mihira | 19 | 4 | 75 | 2 | 3.95 | |
Wanuja Sahan | 31 | 8 | 67 | 2 | 2.16 | |
Raveen de Silva | 23.2 | 4 | 56 | 2 | 2.41 | |
Shevon Daniel | 1 | 0 | 2 | 0 | 2.00 | |
Asitha Wanninayake | 7 | 1 | 25 | 0 | 3.57 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Asitha Wanninayake | b Tom Lawes | 4 | 14 | 1 | 0 | 28.57 |
Abisheak Liyanaarachchi | run out (Bertie Foreman) | 49 | 91 | 8 | 0 | 53.85 |
Shevon Daniel | c Harry Singh b Benjamin Cliff | 155 | 237 | 25 | 1 | 65.40 |
Pawan Pathiraja | c James Rew b Benjamin Cliff | 55 | 155 | 9 | 0 | 35.48 |
Ranuda Somarathne | c Benjamin Cliff b Bertie Foreman | 37 | 67 | 7 | 0 | 55.22 |
Raveen de Silva | lbw b Yousef Majid | 74 | 197 | 7 | 1 | 37.56 |
Lahiru Dewatage | b James Sales | 0 | 6 | 0 | 0 | 0.00 |
Vinuja Ranpul | c Ben McKinney b Yousef Majid | 65 | 108 | 7 | 2 | 60.19 |
Wanuja Sahan | c James Sales b Bertie Foreman | 2 | 10 | 0 | 0 | 20.00 |
Duvindu Ranatunga | c James Sales b Yousef Majid | 54 | 58 | 8 | 2 | 93.10 |
sahan mihira | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 47 (b 10 , lb 22 , nb 3, w 12, pen 0) |
Total | 542/10 (157.1 Overs, RR: 3.45) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Benjamin Cliff | 28 | 3 | 94 | 2 | 3.36 | |
Tom Lawes | 18 | 3 | 50 | 1 | 2.78 | |
Stanley McAlindon | 12 | 1 | 62 | 0 | 5.17 | |
James Sales | 20 | 4 | 53 | 1 | 2.65 | |
Yousef Majid | 36.1 | 10 | 104 | 3 | 2.88 | |
Bertie Foreman | 41 | 8 | 139 | 2 | 3.39 | |
Ben McKinney | 2 | 0 | 8 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Harry Singh | c Asitha Wanninayake b Raveen De Silva | 25 | 57 | 2 | 0 | 43.86 |
Ben McKinney | lbw b Raveen de Silva | 74 | 104 | 9 | 0 | 71.15 |
Ross Whitfield | st Lahiru Dewatage b Shevon Daniel | 63 | 46 | 5 | 4 | 136.96 |
James Rew | not out | 34 | 77 | 4 | 0 | 44.16 |
Matthew Hurst | lbw b Wanuja Sahan | 6 | 14 | 0 | 0 | 42.86 |
James Sales | b Raveen de Silva | 1 | 6 | 0 | 0 | 16.67 |
Tom Lawes | not out | 33 | 55 | 3 | 0 | 60.00 |
Extras | 13 (b 0 , lb 8 , nb 1, w 4, pen 0) |
Total | 249/5 (59.4 Overs, RR: 4.17) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Duvindu Ranatunga | 4 | 0 | 26 | 0 | 6.50 | |
Wanuja Sahan | 17 | 4 | 52 | 1 | 3.06 | |
sahan mihira | 10 | 0 | 48 | 0 | 4.80 | |
Raveen de Silva | 22 | 2 | 83 | 3 | 3.77 | |
Shevon Daniel | 6 | 0 | 31 | 1 | 5.17 | |
Ranuda Somarathne | 0.4 | 0 | 1 | 0 | 2.50 |
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත යොවුන් එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් 5 වැනිදා Worcester හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම..
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<