සංචාරක ශ්‍රී ලංකා සහ සත්කාරක එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර ඊයේ (08) පැවති දෙවැනි යොවුන් එක්දින තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 7ක ජයක් ලබා ගැනීමට එංගලන්ත යොවුන් ක්‍රීඩකයින් සමත් වුනා.
එංගලන්තයේ Worcester ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැනිස්ටන් ගුණරත්න යොවුන් එක්දින වරම් දිනා ගන්නට ඊයේ සමත් වුනා.
තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:
- ශ්‍රී ලංකාව – රවීන් ද සිල්වා (නායක), හසිත අමරසිංහ, ශෙවෝන් ඩැනියල්, රන්දු සෝමරත්න, අංජුල බණ්ඩාර, වනුජ සහන්, මල්ෂ තරුපති, දුවිඳු රණතුංග, ට්‍රෙවීන් මැතිව්, කැනිස්ටන් ගුණරත්න
- එංගලන්තය – George Thomas, Jacob Bethell , Alex Horton, Ross Whitfield, Danial Ibrahim, Joseph Eckland, Jamal Richards,Thomas Aspinwall,Fateh Singh,Dominic Kelly, Mitchell Killeen
සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කළ එංගලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා පළමු කඩුලු ද්විත්වය ලකුණු 22කට දවා ගන්නට සමත් වුනේ අභිෂේක් ලියනාරච්චි ලකුණු 2කට සහ ශෙවෝන් ඩැනියල් ලකුණු 06කට පිටියෙන් ඉවත් කරමිනුයි.
එම අසාර්ථක ආරම්භයෙන් පසුව පිටියේ එක් වූ ආරම්භක පිතිකරු හසිත අමරසිංහ සහ කැපී පෙනෙන යොවුන් පිතිකරු රන්දු සෝමරත්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 125ක වටිනා ශතක සම්බන්ධතාවක් ගොඩනැගුවා.
පන්දු 81කට මුහුණ දෙමින් ලකුණු 71ක් ලබා සිටි හසිත අමරසිංහ Dominic Kellyගේ පන්දුවක් හමුවේ නැවත ක්‍රීඩාගාරයට හැරී යන විට ශ්‍රී ලංකා නායක රවීන් ද සිල්වා ලකුණු දෙකකට පිටියෙන් ඉවත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 154ක් වන විටයි.
එම දැවී යාමෙන් කෙටි වේලාවකට පසුව වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නතර කිරීමට සිදු වූ අතර ඒ නිසා තරගය පන්දුවාර 35කට සීමා වුනා.
තරගාවලිය පුරාවටම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ රන්දු සෝමරත්න මේ තරගයේත් කැපී පෙනෙන ඉනිමක් දියත් කරමින් පන්දු 80ක් තුළ ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව 201ක් වන විට පස්වැනි කඩුල්ල සඳහා අංජුල සමඟින් පිහිටවූ ලකුණු 47ක වේගවත් සම්බන්ධතාව අවසන් කරමින් රන්දු දැවී ගියේ Jamal Richardsගේ පන්දුවක් හමුවේයි.
පන්දු 23කට මුහුණ දෙමින් අංජුල බණ්ඩාර නොදැවී ලබා ගත් ලකුණු 31 නිසාවෙන් නියමිත පන්දුවාර 35 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 211ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.
- ලොකු කුසල්ගේ සැත්කම සාර්ථකයි
- සුපිරි 4 වටයට ශ්‍රී ලංකාවෙන් සුපිරි ආරම්භයක්
- ඉන්දියාවේ බලාපොරොත්තු සුන්; ශ්‍රී ලංකාව ආසියානු කුසලානය අභියසට
- මහීෂ් තීක්ෂණ සහභාගි වන SA20 වෙන්දේසිය සැප්තැම්බරයේ
- පැතුම් නිස්සංක සහ මහීෂ් තීක්ෂණට උසස් වීම්
ලකුණු 212ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් වේගවත් ලකුණු 48ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව Jacob Bethell ලකුණු 28කට දැවී ගියේ ට්‍රෙවීන් මැතිව්ගේ පන්දුවක් හමුවේයි.
සිය මංගල තරගයේ තෙවැනි පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ කැනිස්ටන් ගුණරත්න විසින් ලකුණු 02ක් ලබා සිටි Alex Hortonව පිටියෙන් ඉවත් කළේ එංගලන්ත ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් එල්ල කරමිනුයි.
එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 75ක් වන විට ක්‍රියාත්මක වූ මල්ෂ තරුපති ලකුණු 15ක් ලබා සිටි Ross Whitfieldව දවා ගැනීමට සමත් වුනේ නායක රවීන් ද සිල්වා ලබා ගත් උඩපන්දුව නිසයි.
එංගලන්ත ඉනිමට නව ජීවයක් ගෙන දෙමින් ආරම්භක පිතිකරු George Thomas සහ Danial Ibrahim සිව්වැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 37ක සම්බන්ධතාවට තිත තැබීමට වනුජ සහන්ට හැකි වුනේ Danial Ibrahim ලකුණු 16කට දවා ගනිමිනුයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින් පස්වැනි කඩුල්ල සඳහා අගනා ලකුණු 83ක සම්බන්ධතාවක් පිහිටුවීමට George Thomasට සහ Joseph Ecklandට හැකි වුනා.
අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 86ක් ලබා ගත් George Thomas දවා ගැනීමට ශෙවෝන් ඩැනියල්ට හැකි වූ අතර Jamal Richards එක් ලකුණකට දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.
නමුත් එම අවස්ථාව වන විට (පන්දුවාර 31.3) DLS න්‍යායට අනුව ලබා ගැනීමට තිබූ ලකුණු ගණනට වඩා ඉදිරියෙන් සිටීමට එංගලන්ත ක්‍රීඩකයින්ට හැකි වීම නිසා ලකුණු 7ක ජයක් ඔවුන්ට හිමි වුනා.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක Joseph Eckland පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 48ක් ලබා ගත්තා.
ඒ සමඟින් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-0ක් ලෙස එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට එංගලන්තයට හැකි වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hasitha Amarasinghe | c Alex Horton b Dominic Kelly | 71 | 81 | 7 | 0 | 87.65 |
Abisheak Liyanaarachchi | c Alex Horton b Thomas Aspinwall | 2 | 11 | 0 | 0 | 18.18 |
Shevon Daniel | c Alex Horton b Mitchell Killeen | 6 | 6 | 1 | 0 | 100.00 |
Ranuda Somarathne | b Jacob Bethell | 81 | 80 | 5 | 1 | 101.25 |
Raveen de Silva | b Jacob Bethell | 2 | 6 | 0 | 0 | 33.33 |
Anjala Bandara | not out | 31 | 23 | 4 | 0 | 134.78 |
Malsha Tharupathi | c Alex Horton b Thomas Aspinwall | 6 | 2 | 0 | 1 | 300.00 |
Wanuja Sahan | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 11 (b 1 , lb 6 , nb 0, w 4, pen 0) |
Total | 211/6 (35 Overs, RR: 6.03) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Killeen | 6 | 1 | 18 | 1 | 3.00 | |
Thomas Aspinwall | 7 | 0 | 44 | 2 | 6.29 | |
Fateh Singh | 5 | 0 | 32 | 0 | 6.40 | |
Jamal Richards | 7 | 0 | 45 | 1 | 6.43 | |
Jacob Bethell | 6 | 0 | 32 | 1 | 5.33 | |
Dominic Kelly | 4 | 0 | 33 | 1 | 8.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
George Thomas | c Ranuda Somarathne b Shevon Daniel | 86 | 82 | 5 | 4 | 104.88 |
Jacob Bethell | lbw b Treveen Mathews | 28 | 14 | 3 | 2 | 200.00 |
Alex Horton | c Raveen de Silva b Gunaratnam Caniston | 2 | 8 | 0 | 0 | 25.00 |
Ross Whitfield | c Raveen de Silva b Malsha Tharupathi | 15 | 14 | 2 | 0 | 107.14 |
Danial Ibrahim | c Anjala Bandara b Wanuja Sahan | 16 | 25 | 0 | 0 | 64.00 |
Joseph Eckland | not out | 48 | 45 | 6 | 0 | 106.67 |
Jamal Richards | run out (Hasitha Amarasinghe) | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 6 (b 1 , lb 2 , nb 0, w 3, pen 0) |
Total | 202/6 (31.3 Overs, RR: 6.41) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Treveen Mathews | 7 | 0 | 47 | 1 | 6.71 | |
Gunaratnam Caniston | 6.3 | 0 | 35 | 1 | 5.56 | |
Duvindu Ranatunga | 1 | 0 | 21 | 0 | 21.00 | |
Wanuja Sahan | 7 | 0 | 30 | 1 | 4.29 | |
Malsha Tharupathi | 7 | 0 | 43 | 1 | 6.14 | |
Raveen de Silva | 2 | 0 | 13 | 0 | 6.50 | |
Shevon Daniel | 1 | 0 | 10 | 1 | 10.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<