ශ්‍රී ලංකා සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර Chelmsford හිදී පැවති පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (24) සමත් වුනා.
ඒ අනුව යොවුන් සිව්දින ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි.
සිව්වැනි දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 179ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 199ක් ලබාගෙනයි.
නමුත් වනුජ සහන් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 93ක් තුල දවා ගනිමින් ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ වුනා.
>> 2022 ThePapare Most Popular Schoolboy Cricketer මනාප පළ කිරීම සඳහා <<
වමතින් දඟපන්දු යවන වනුජ සහන් ලකුණු 48කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූ අතර වේගපන්දු යවන ක්‍රීඩක දුවිඳු රණතුංග ලකුණු 34කට කඩුලු 3ක් දවාගත්තා.
එංගලන්ත දෙවැනි ඉනිම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට ලකුණු 273ක ඉලක්කයක් හිමිවුණු අතර එය හඹා යාම වෙනුවෙන් අවසන් දිනය තුල පන්දුවාර 59ක් ඉතිරිව තිබුණා. කෙසේ නමුත් එංගලන්ත වේගපන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 48ක් තුල දැවී ගියා.
කෙසේ නමුත් අසිත වන්නිනායක එංගලන්ත පීඩනය හමුවේ ලකුණු ලබා ගැනීමට යම් උත්සාහයක් දැරුවා. අනතුරුව රනුද සෝමරත්න සමඟ එක්වූ නායක රවීන් ද සිල්වා 5 වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා මේ ජයග්‍රහණ සඳහා අවශ්‍ය වුනු දෙවැනි ඉනිමේ අඩිතාලම සකස් කළා.
- දුවිඳු රණතුංග එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දවා ගනී
- තෙදින පුහුණු තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට
- අසිත වන්නිනායකගෙන් සුපිරි පිතිකරණයක්
- ශ්‍රී ලංකා ආසියානු කුසලාන සංචිතයට අවසන් මොහොතේ දී වෙනසක්
- වන්නිනායක සහ සෝමරත්නගෙන් ශතක සබඳතා
ලකුණු 22ක් ලබාගෙන සිටි රවීන්ගේ දැවී යාමට පසුව කඩුලු රකින පිතිකරු ලහිරු දවටගේ සහ සෝමරත්න එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80ක් තුල වේගවත් ලකුණු 89ක් ලබාගෙන මේ තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සමත් වුනා.
4 පහර 6ක් සමඟ පන්දු 49ක දී ලකුණු 49ක් ලබා ගත් දවටගේ සිය අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියා.
කෙසේ නමුත් සිය සටන අත්නොහළ දකුණතින් පිතිකරණයේ නිරත වන සෝමරත්න පසුපෙළ පිතිකරුවන් වුනු විනුජ රන්පුල් (ලකුණු 18) සහ වනුජ (ලකුණු 23*) සමඟ එක්ව අගනා සබඳතාවයන් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කිරීමට සමත් වුනා.
පන්දු 115ක් තුල හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දුන් සෝමරත්න නොදැවී ලකුණු 120*ක් ලබාගෙන සුපිරි සහ සටන්කාමී ශතකයක් ලබා ගත් අතර ඔහුගේ එම මනරම් ඉනිමට 4 පහර 12ක් සහ එක් 6 පහරක් අන්තර්ගත වුනා.
ඒ අනුව සත්කාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 3ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Harry Singh | c Lahiru Dewatage b Duvindu Ranatunga | 27 | 46 | 2 | 0 | 58.70 |
Ben McKinney | c Vinuja Ranpul b Dulaj Samuditha | 33 | 34 | 6 | 0 | 97.06 |
Ross Whitfield | c Wanuja Sahan b Vinuja Ranpul | 86 | 106 | 8 | 1 | 81.13 |
George Bell | c Dulaj Samuditha b Vinuja Ranpul | 107 | 96 | 16 | 0 | 111.46 |
Matthew Hurst | c Duvindu Ranatunga b Vinuja Ranpul | 8 | 18 | 1 | 0 | 44.44 |
Alex Horton | c & b Wanuja Sahan | 0 | 5 | 0 | 0 | 0.00 |
Dominic Kelly | st Lahiru Dewatage b Raveen de Silva | 14 | 42 | 1 | 0 | 33.33 |
George Thomas | c Vinuja Ranpul b Dulaj Samuditha | 19 | 24 | 2 | 0 | 79.17 |
Bertie Foreman | not out | 58 | 56 | 4 | 2 | 103.57 |
Eddie Jack | c Lahiru Dewatage b Shevon Daniel | 8 | 23 | 1 | 0 | 34.78 |
Benjamin Cliff | c Pawan Pathiraja b Wanuja Sahan | 18 | 21 | 3 | 0 | 85.71 |
Extras | 9 (b 4 , lb 4 , nb 0, w 1, pen 0) |
Total | 387/10 (78.3 Overs, RR: 4.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dulaj Samuditha | 17 | 1 | 105 | 2 | 6.18 | |
Vinuja Ranpul | 10 | 0 | 62 | 0 | 6.20 | |
Wanuja Sahan | 18.3 | 5 | 56 | 2 | 3.06 | |
Duvindu Ranatunga | 17 | 1 | 100 | 4 | 5.88 | |
Raveen De Silva | 9 | 1 | 31 | 1 | 3.44 | |
Sadisha Rajapaksa | 1 | 0 | 6 | 0 | 6.00 | |
Shevon Daniel | 6 | 0 | 19 | 1 | 3.17 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadisha Rajapaksa | c Alex Horton b Benjamin Cliff | 11 | 24 | 2 | 0 | 45.83 |
Asitha Wanninayake | b Thomas Aspinwall | 132 | 315 | 19 | 0 | 41.90 |
Shevon Daniel | lbw b Benjamin Cliff | 22 | 33 | 3 | 0 | 66.67 |
Pawan Pathiraja | lbw b Bertie Foreman | 32 | 95 | 5 | 0 | 33.68 |
Ranuda Somarathne | c Bertie Foreman b Eddie Jack | 65 | 114 | 6 | 0 | 57.02 |
Raveen de Silva | b Eddie Jack | 62 | 135 | 7 | 0 | 45.93 |
Lahiru Dewatage | lbw b Thomas Aspinwall | 0 | 1 | 0 | 0 | 0.00 |
Vinuja Ranpul | c Thomas Aspinwall b Bertie Foreman | 42 | 85 | 4 | 2 | 49.41 |
Wanuja Sahan | b Bertie Foreman | 13 | 29 | 2 | 0 | 44.83 |
Duvindu Ranatunga | lbw b Bertie Foreman | 1 | 13 | 0 | 0 | 7.69 |
Dulaj Samuditha | not out | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 27 (b 11 , lb 9 , nb 1, w 6, pen 0) |
Total | 407/10 (141.1 Overs, RR: 2.88) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Benjamin Cliff | 28 | 5 | 68 | 2 | 2.43 | |
Thomas Aspinwall | 31 | 8 | 98 | 2 | 3.16 | |
Dominic Kelly | 23 | 6 | 65 | 0 | 2.83 | |
Eddie Jack | 23 | 6 | 62 | 2 | 2.70 | |
Bertie Foreman | 36.1 | 11 | 94 | 4 | 2.60 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Harry Singh | lbw b Wanuja Sahan | 2 | 8 | 0 | 0 | 25.00 |
Ben McKinney | c Lahiru Dewatage b Wanuja Sahan | 56 | 99 | 3 | 0 | 56.57 |
Ross Whitfield | b Vinuja Ranpul | 110 | 134 | 12 | 1 | 82.09 |
George Bell | c Duvindu Ranatunga b Wanuja Sahan | 29 | 27 | 3 | 1 | 107.41 |
Matthew Hurst | b Duvindu Ranatunga | 39 | 105 | 0 | 1 | 37.14 |
Alex Horton | c Wanuja Sahan b Raveen De Silva | 14 | 18 | 2 | 0 | 77.78 |
Dominic Kelly | b Wanuja Sahan | 3 | 11 | 0 | 0 | 27.27 |
Thomas Aspinwall | c Shevon Daniel b Raveen De Silva | 13 | 22 | 2 | 0 | 59.09 |
Bertie Foreman | c Vinuja Ranpul b Duvindu Ranatunga | 12 | 14 | 2 | 0 | 85.71 |
Eddie Jack | c Vinuja Ranpul b Duvindu Ranatunga | 7 | 16 | 1 | 0 | 43.75 |
Benjamin Cliff | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 6 (b 0 , lb 5 , nb 0, w 1, pen 0) |
Total | 292/10 (75.5 Overs, RR: 3.85) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dulaj Samuditha | 3 | 0 | 16 | 0 | 5.33 | |
Wanuja Sahan | 27 | 2 | 89 | 4 | 3.30 | |
Sadisha Rajapaksa | 6 | 1 | 15 | 0 | 2.50 | |
Vinuja Ranpul | 11 | 1 | 45 | 1 | 4.09 | |
Duvindu Ranatunga | 7.5 | 0 | 34 | 3 | 4.53 | |
Asitha Wanninayake | 4 | 0 | 13 | 0 | 3.25 | |
Raveen De Silva | 16 | 0 | 70 | 2 | 4.38 | |
Shevon Daniel | 1 | 0 | 5 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadisha Rajapaksa | b Thomas Aspinwall | 4 | 9 | 1 | 0 | 44.44 |
Asitha Wanninayake | c Ben McKinney b Dominic Kelly | 22 | 51 | 3 | 0 | 43.14 |
Shevon Daniel | b Thomas Aspinwall | 6 | 13 | 1 | 0 | 46.15 |
Pawan Pathiraja | lbw b Thomas Aspinwall | 4 | 14 | 0 | 0 | 28.57 |
Ranuda Somarathne | not out | 120 | 115 | 12 | 1 | 104.35 |
Raveen De Silva | lbw b Ben McKinney | 22 | 38 | 3 | 0 | 57.89 |
Lahiru Dewatage | lbw b Dominic Kelly | 49 | 49 | 8 | 0 | 100.00 |
Vinuja Ranpul | c Harry Singh b Thomas Aspinwall | 18 | 31 | 1 | 0 | 58.06 |
Wanuja Sahan | not out | 23 | 23 | 1 | 0 | 100.00 |
Extras | 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0) |
Total | 276/7 (57.1 Overs, RR: 4.83) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Benjamin Cliff | 10.1 | 0 | 43 | 0 | 4.26 | |
Thomas Aspinwall | 16 | 3 | 67 | 4 | 4.19 | |
Dominic Kelly | 11 | 1 | 52 | 2 | 4.73 | |
Eddie Jack | 4 | 0 | 13 | 0 | 3.25 | |
Bertie Foreman | 13 | 0 | 74 | 0 | 5.69 | |
Ben McKinney | 3 | 0 | 21 | 1 | 7.00 |
තරගාවලියේ දෙවැනි සහ අවසන් සිව්දින යොවුන් ටෙස්ට් තරගය මේ මස 28 වැනිදා Derby හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<