ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 3ක ජයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ (5) සමත් වුනා.
Worcester හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් ලබා ගත්තා. එහි දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 50ම ක්‍රීඩා කිරීමට නොහැකි වුනු අතර, අනතුරුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 24ක් තුල දී ලකුණු 172ක ඉලක්කයක් එංගලන්තයට හිමි වුනා. ඔවුන් එය පන්දුවාර 23කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 7ක් දැවී සපුරා ගත්තා.
තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්
- ශ්‍රී ලංකාව – අභිෂේක් ලියනාරච්චි, හසිත අමරසිංහ, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), ශෙවෝන් ඩැනියල්, රනුද සෝමරත්න, රවීන් ද සිල්වා (නායක), දුවිඳු රණතුංග, මල්ෂ තරුපති, සහන් මිහිර, ට්‍රෙවින් මැතිව්, දුලාජ් සමුදිත
- එංගලන්තය – George Thomas, Ben McKinney (නායක), Alex Horton, Ross Whitfield, Matthew Hurst, Danial Ibrahim, Joseph Eckland, Jamal Richards, Thomas Aspinwall
අමරසිංහ (ලකුණු 19) සහ ලියානාරච්චි (ලකුණු 33) ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට ස්ථාවර ආරම්භයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ලකුණු සටහන 70ක් වන විට ක්‍රීඩාගාරයේ සිටි අතර අනතුරුව අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ උප නායක ඩැනියල් මත ඉන් අනතුරුව වැඩි වගකීමක් පැවරුණා.
පසුගිය දා අවසන් වුනු යොවුන් ටෙස්ට් තරගාවලියේ දී හොඳින් ලකුණු අතර සිටි සෝමරත්නගේ ඉනිම ලකුණු 4කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුනු අතර නායක රවීන් හට ද මේ තරගයේ දී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 19ක් පමණයි.
ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් තරමක පසුබෑමක් පෙන්නුම් කරන විට සෙමින් සීරුවේ එක් අන්තයකින් ශ්‍රී ලංකා ලකුණු සටහන සවිමත් කළ ඩැනියල් පන්දු 64ක් තුල 4 පහර 4ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 54ක් ලබා ගත්තා.
- සුපිරි 4 වටයට ශ්‍රී ලංකාවෙන් සුපිරි ආරම්භයක්
- ඉන්දු – ශ්‍රී ලංකා ගැටුමට පෙර
- නිපුන් සහ නුවනිඳු ලකුණු 1000 සමාජයට
- ලොකු කුසල්ගේ සැත්කම සාර්ථකයි
- ThePapare Most Popular Schoolboy Cricketer SMS මනාප සටන ඇරඹෙයි
ඩැනියල් දැවී යන විට ලකුණු 147/5ක් ලෙස දැක්වුණු ලකුණු සටහන ගොඩනැංවීම වෙනුවෙන් 6 වැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවයක් ගොඩනැංවීමට කඩුලු රකින පිතිකරු අංජල සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මල්ෂ සමත් වුනා.
එහි දී පන්දු 62ක් පුරාවට කඩුල්ලේ රැඳෙමින් ලකුණු 44ක් ලබා ගැනීමට අංජල සමත් වුනු අතර ඔහුගේ ඉනිමට 4 පහර 2ක් ඇතුළත් වුනා. Richardsගේ පන්දුවක් හමුවේ සිය ඉනිම අවසන් කර ගැනීමට සිදු වූ මල්ෂගේ ඉනිම ලකුණු 37කට නැවතුණු අතර ඔහුගේ ඉනිම 4 පහර 4කින් සහ 6 පහරකින් වර්ණ ගැන්වුනා.
අවසානයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු නිසාවෙන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර දෙක ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ නැහැ. වමතින් දඟපන්දු යවන Singh ලකුණු 49කට කඩුලු 3ක් දවා ගන්නා විට, Aspinwall සහ Ibrahim කඩුලු දෙක බැගින් දවා ගත්තා.
අනතුරුව එංගලන්තයට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 24ක දී 172ක ඉලක්කයක් හිමි වූ අතර කඩුලු රකින පිතිකරු Horton (ලකුණු 49), Ibrahim (ලකුණු 32), නායක McKinney (ලකුණු 31) ඇතුළු එංගලන්ත පිතිකරුවන් තියුණු සටනකට පසුව එම ඉලක්කය හඹා ගියේ අවසන් පන්දුවාරය තුලයි.
අවසානයේ දී එංගලන්තය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 3ක තියනු ජයක් ලබාගෙන 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුනා. පන්දු යැවීමේ දී රවීන් කඩුලු 2ක් දවා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hasitha Amarasinghe | b Fateh Singh | 19 | 30 | 4 | 0 | 63.33 |
Abisheak Liyanaarachchi | c Danial Ibrahim b Fateh Singh | 33 | 47 | 3 | 0 | 70.21 |
Shevon Daniel | b Thomas Aspinwall | 54 | 64 | 5 | 1 | 84.38 |
Ranuda Somarathne | lbw b Fateh Singh | 4 | 2 | 1 | 0 | 200.00 |
Raveen de Silva | c Thomas Aspinwall b Dominic Kelly | 19 | 22 | 3 | 0 | 86.36 |
Anjala Bandara | b Thomas Aspinwall | 44 | 62 | 2 | 0 | 70.97 |
Malsha Tharupathi | c Alex Horton b Jamal Richards | 37 | 39 | 4 | 1 | 94.87 |
Duvindu Ranatunga | b Danial Ibrahim | 12 | 10 | 2 | 0 | 120.00 |
Treveen Mathews | not out | 4 | 6 | 0 | 0 | 66.67 |
sahan mihira | c Joseph Eckland b Danial Ibrahim | 2 | 7 | 0 | 0 | 28.57 |
Extras | 20 (b 0 , lb 3 , nb 1, w 16, pen 0) |
Total | 248/9 (48 Overs, RR: 5.17) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Thomas Aspinwall | 9 | 2 | 24 | 2 | 2.67 | |
Jamal Richards | 10 | 0 | 51 | 1 | 5.10 | |
Fateh Singh | 10 | 0 | 49 | 3 | 4.90 | |
Dominic Kelly | 10 | 0 | 60 | 1 | 6.00 | |
Danial Ibrahim | 9 | 0 | 61 | 2 | 6.78 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
George Thomas | c Ranuda Somarathne b Treveen Mathews | 28 | 23 | 4 | 1 | 121.74 |
Ben McKinney | c Abisheak Liyanaarachchi b sahan mihira | 31 | 32 | 5 | 0 | 96.88 |
Alex Horton | c Duvindu Ranatunga b Raveen de Silva | 49 | 37 | 4 | 2 | 132.43 |
Ross Whitfield | c sahan mihira b Raveen de Silva | 5 | 11 | 0 | 0 | 45.45 |
Matthew Hurst | run out (Raveen de Silva) | 1 | 1 | 0 | 0 | 100.00 |
Danial Ibrahim | c Abisheak Liyanaarachchi b Duvindu Ranatunga | 32 | 21 | 2 | 1 | 152.38 |
Joseph Eckland | run out (Shevon Daniel) | 8 | 6 | 1 | 0 | 133.33 |
Jamal Richards | not out | 10 | 9 | 1 | 0 | 111.11 |
Dominic Kelly | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 0 , lb 3 , nb 1, w 6, pen 0) |
Total | 174/7 (23.1 Overs, RR: 7.51) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Treveen Mathews | 5 | 1 | 21 | 1 | 4.20 | |
Dulaj Samuditha | 2 | 0 | 16 | 0 | 8.00 | |
Duvindu Ranatunga | 3 | 0 | 26 | 1 | 8.67 | |
Malsha Tharupathi | 5 | 0 | 30 | 0 | 6.00 | |
sahan mihira | 2.1 | 0 | 26 | 1 | 12.38 | |
Shevon Daniel | 2 | 0 | 20 | 0 | 10.00 | |
Raveen de Silva | 4 | 0 | 32 | 2 | 8.00 |
දෙරට අතර පැවැත්වෙන මේ එක්දින තරගාවලියේ දෙවැනි යොවුන් එක්දින තරගය මේ මස 8 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<