සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර චැටොග්‍රම් හිදී පැවති තෙවන නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161ක දැවැන්ත ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය අද (14) සමත් විය.
මැක්ස්වෙල්ගේ තීරණයට කෝලිගෙන් පැසසුම්
පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු….
තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට ශ්‍රී ලංකාව තීරණය කළ අතර මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ ටැන්සිදු හසන් හා පර්වේස් හොසේන් ය.
සිව්වැනි පන්දු වාරයේ ක්‍රියාත්මක වූ අම්ෂි ද සිල්වා එක් ලකුණක් ලබා සිටි පර්වේස්ව දවා ගත්තේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.
අනතුරුව පිටියේ එක්වූ ටැන්සිදු හසන් හා මහමුදුල් හසන් දෙවන කඩුල්ල සඳහා ලකුණු 79ක සබඳතාවයක් පැවැත්වූයේ බංග්ලාදේශයට තරගයේ පෙරමුණ ලබා දෙමිනි. ලකුණු 60ක් ලබා සිටි ටැන්සිදු දැවී ගියේ චමිඳු විජේසිංහගේ පන්දුවක් හමුවේ ය.
ඉන්පසුව පිටියට පිවිසි තව්හිඩ් හ්‍රිඩෝයි සමඟින්, 96/2 ලෙස පැවති ලකුණු පුවරුව 142ක් දක්වා ඔසවා තැබීමට ඔවුන් දෙදෙනා සමත් විය. එම සබඳතාවයට ද නැවතීමේ තිත තබමින් මහමුදුල්ගේ කඩුල්ල දවා ගැනීමට කවිඳු නදීෂාන් සමත් වූයේ ශ්‍රී ලංකාවට නැවතත් අවස්ථාවක් ලබා දෙමිනි.
වැඩි වේලාවක් යාමට මත්තෙන් යළිත් ක්‍රියාත්මක වෙමින් තවත් කඩුල්ලක් දවා ගැනීමට නදීශාන් සමත් වූයේ බංග්ලාදේශ ලකුණු පුවරුව 155/4ක් බවට පත්කරමිනි.
අනතුරුව හ්‍රිඩෝයිගේ සහයකයා බවට පත්වූ අක්බර් අලී ලකුණු 107ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්ට දිගට හරහට බැටදෙමිනි.
මෙහි දී අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 98ක දී නොදැවී ලකුණු 123ක් ලබා ගැනීමට හ්‍රිඩෝයි සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් අන්තර්ගත විය. ඔහුට අනගි සහයක් ලබා දුන් අලී පන්දු 45ක දී ලකුණු 52ක් ලබා ගත් අතර දෙදෙනාගේ සබඳතාවයට තිත තබමින් අක්බර් දැවී ගියේ ඩිල්ෂාන් මධුශංකගේ පන්දුවක් හමුවේ ය.
පන්දුව කෙසේ වෙතෙත් නම්බුව පළුදු වේ!
ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඉන්දියාවේ….
අක්බර්ගෙන් පසුව ඉනිම අග භාගයේ දී හිඩ්‍රෝයිට සහය ලබා දුන් ශමීම් හුසේන් වේගවත් ලකුණු 21ක් ලබා ගත්තේය.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 340ක විශාල ලකුණු පුවරුවක් කරා යාමට සමත් වූයේ ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් ලබාදෙමිනි.
පන්දු යැවීමේ දී කවිඳු නදීශාන් හා ඩිල්ශාන් මධුශංක කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් වූ මොහොමඩ් ශමාස් හා නවෝද් පරණවිතාන ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවයක් ගොඩනගමින්. ශොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් ශමාස් දැවී ගියේ පන්දු 16ක දී ලකුණු 29ක් ලබා සිටියදී ය.
ඒ සමඟින් අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ ශමීම් හුසේන් ශ්‍රී ලංකාවේ දෙවන කඩුල්ල වශයෙන් රවිඳු ද සිල්වාව දවා ගත්තේ ලකුණු පුවරුව 71/2 බවට පත්කරමිනි.
මේ අතර වාරයේ අනෙක් අන්තයෙන් තම හුදකලා ඉනිමක් දියත් කළ පරණවිතාන පන්දු 32කින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූයේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් එල්ල කරමිනි.
එහෙත් තම අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමඟම ඔහු තම ඉනිම හමාර කළේ ශොරිෆුල්ගේ දෙවන ගොදුර බවට පත්වෙමිනි.
ශ්‍රී ලංකා ඉනිම තවත් අසීරු අඩියකට ඇද දමමින් කිසිවකු නොසිතූ පරිදි තවත් කඩුලු 2ක් එක ආසන්නයේම දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූයේ නිපුන් ධනංජය හා සොනාල් දිනූශ දෙදෙනාවත් පිළිවෙළින් ලකුණු 5කට හා 7කට ක්‍රීඩාගාරයට හරවා යමිනි. ඒ සමඟම ශ්‍රී ලංකා ලකුණු පුවරුව 104/5ක් බවට පත්විය.
පාකිස්තානයට යන ශ්‍රී ලංකා අපේක්ෂිත ටෙස්ට් සංචිතය
එළඹෙන මස 11 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින්….
අනතුරුව පිටියට පිවිසි අවිශ්ක තරිඳු පන්දු 32කින් ලකුණු 30ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමට යම් අස්වැසිල්ලක් ලබා දුන් නමුත් එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ආසන්නයටවත් යෑමට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අවසානයේ ඔහු රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ඒ සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් කඩුලු කිහිපය ද ඉතා ඉක්මනින් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 179කට සීමා කරමිනි. එහි දී චමිඳු විජේසිංහ ලකුණු 14ක් හා ඩිල්ෂාන් මධුෂංක නොදැවී ලකුණු 12ක් ලබා ගත් අතර අනෙකුත් සියලුම පිතිකරුවන් ලකුණු 10 සීමාව හෝ ඉක්මවීමට පෙරාතුව දැවී ගියේ බංග්ලාදේශයට පහසු ජයක් අත්කර දෙමිනි.
මේ සමඟින් තරගයෙන් ලකුණු 161ක දැවැන්ත ජයග්‍රහණයක් බංග්ලාදේශයට හිමි විය. ඒ අනුව තරග 5කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tanzid Hasan | b Chamindu Wijesinghe | 60 | 53 | 5 | 1 | 113.21 |
Parvez Hossain | b Amshi De Silva | 1 | 9 | 0 | 0 | 11.11 |
Mahmudul Hasan | lbw b Kavindu Nadeeshan | 52 | 64 | 3 | 1 | 81.25 |
Tawhid Hridoy | not out | 123 | 98 | 8 | 6 | 125.51 |
Shahadat Hossain | c Chamindu Wijesinghe b Kavindu Nadeeshan | 6 | 17 | 0 | 0 | 35.29 |
Akbar Ali | b Dilshan Madusanka | 52 | 43 | 5 | 1 | 120.93 |
Shamim Hossain | run out (Chamindu Wijesinghe) | 21 | 18 | 1 | 1 | 116.67 |
Avishek Das | lbw b Dilshan Madusanka | 6 | 3 | 0 | 1 | 200.00 |
Rakibul Hasan | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 18 (b 0 , lb 2 , nb 6, w 10, pen 0) |
Total | 340/7 (50 Overs, RR: 6.8) |
Fall of Wickets | 1-17 (3.6) Parvez Hossain, 2-96 (16.6) Tanzid Hasan, 3-142 (23.3) Mahmudul Hasan, 4-155 (27.1) Shahadat Hossain, 5-262 (41.6) Akbar Ali, 6-309 (47.6) Shamim Hossain, 7-316 (48.4) Avishek Das, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dilshan Madusanka | 10 | 1 | 65 | 2 | 6.50 | |
Amshi De Silva | 10 | 0 | 78 | 1 | 7.80 | |
Chamindu Wijesinghe | 9 | 0 | 60 | 1 | 6.67 | |
Avishka Tharindu | 1 | 0 | 12 | 0 | 12.00 | |
Rohan Sanjaya | 10 | 0 | 57 | 0 | 5.70 | |
Kavindu Nadeeshan | 10 | 0 | 66 | 2 | 6.60 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mohammad Samaaz | c Akbar Ali b Shoriful Islam | 29 | 16 | 3 | 2 | 181.25 |
Navod Paranavithana | c Akbar Ali b Shoriful Islam | 50 | 32 | 9 | 0 | 156.25 |
Ravindu De Silva | c Shahadat Hossain b Shamim Hossain | 5 | 3 | 1 | 0 | 166.67 |
Nipun Dananjaya | c Akbar Ali b Tanzid Hasan | 5 | 13 | 0 | 0 | 38.46 |
Sonal Dinusha | b Tanzid Hasan | 7 | 4 | 0 | 1 | 175.00 |
Avishka Tharindu | b Rakibul Hasan | 30 | 32 | 2 | 1 | 93.75 |
Chamindu Wijesinghe | c Akbar Ali b Avishek Das | 14 | 20 | 1 | 0 | 70.00 |
Rohan Sanjaya | run out (Avishek Das) | 3 | 12 | 0 | 0 | 25.00 |
Kavindu Nadeeshan | run out (Shahadat Hossain) | 2 | 8 | 0 | 0 | 25.00 |
Amshi De Silva | c Akbar Ali b Shahadat Hossain | 7 | 25 | 1 | 0 | 28.00 |
Dilshan Madusanka | not out | 12 | 23 | 2 | 0 | 52.17 |
Extras | 15 (b 0 , lb 2 , nb 0, w 13, pen 0) |
Total | 179/10 (31.2 Overs, RR: 5.71) |
Fall of Wickets | 1-64 (5.5) Mohammad Samaaz, 2-71 (6.4) Ravindu De Silva, 3-93 (9.6) Navod Paranavithana, 4-102 (11.1) Nipun Dananjaya, 5-104 (11.4) Sonal Dinusha, 6-131 (16.3) Chamindu Wijesinghe, 7-141 (19.3) Rohan Sanjaya, 8-158 (23.1) Kavindu Nadeeshan, 9-158 (23.2) Avishka Tharindu, 10-179 (31.2) Amshi De Silva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shoriful Islam | 7 | 1 | 50 | 2 | 7.14 | |
Tanzid Hasan | 6 | 0 | 46 | 2 | 7.67 | |
Shamim Hossain | 7 | 0 | 35 | 1 | 5.00 | |
Avishek Das | 4 | 0 | 21 | 1 | 5.25 | |
Rakibul Hasan | 6 | 1 | 17 | 1 | 2.83 | |
Shahadat Hossain | 1.2 | 0 | 8 | 1 | 6.67 |
දෙරට අතර පැවැත්වෙන සිව්වැනි නිල නොවන එක්දින තරගය එළඹෙන ඉරිදා (17) චැටොග්‍රම්හීදී පැවැත්වීමට නියමිතව ඇත. එහි තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<