සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (04) නිමා වන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා සිටියහ.
නිපුන්-කුෂාන් එක්ව ශ්‍රී ලංකාව අවමානයෙන් බේරයි
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ …
බංග්ලාදේශ ඉනිමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක ද නිරත වූ නායක නිපුන් ධනංජය පිතිකරුවෙක් ලෙසින් ද ඉදිරියට පැමිණෙමින් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට ද පත්වෙමින් සිටින්නේය.
කුල්නා හි පැවැත්වෙන මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 184ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 354ක් රැස් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට බංග්ලාදේශයට වඩා ලකුණු 17ක් ඉදිරියෙන් සිටින අතර ඔවුන් සතුව ඇත්තේ කඩුලු 5ක් පමණක් වන අතර තවත් දිනයක් ඉතිරිව ඇත.
තරගයේ දෙවැනි දිනය (3) නිමා වන විට බංග්ලාදේශය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 321ක් රැස් කර සිටි අතර ඔවුන් අද දවසේ ඉතිරි කඩුලු 2ට රැස් කළේ ලකුණු 33ක් පමණි.
පෙර දිනය නිමා වන විට මෙහරාබ් හසන් (15) සහ අශිකුර් රහ්මාන් (3) නොදැවී පිටියේ රැඳී සිටි අතර ඔවුන් අතුරින් අද දවසේ පළමුවෙන් ම කඩුල්ල අහිමි කර ගත්තේ අශිකුරු රහ්මාන් ය.
ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 11කි. බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල ඊට පසුව යැවුණ 13 වැනි පන්දුවේ දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ශාහීම් අලාම් කිසිදු ලකුණක් නොදී දවා ගනිමිනි. ඉනිම අවසන් වෙද්දී එතෙක් පිටියේ රැඳී සිටි මෙහෙරාබ් හසන් පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියේය.
බංග්ලාදේශය අවතක්සේරු කළ ඉන්දියාවට හොඳ පාඩමක්
බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ (3) දිල්ලි හිදී පැවති පළමු …
දිනයේ ලබා ගත් කඩුලු දෙකේම හිමිකාරීත්වය නායක නිපුන් ධනංජය සතු විය. ඔහු බංග්ලාදේශ ඉනිම අවසන් වන විට ලකුණු 35කට කඩුලු 4ක් දවාගෙන සිටියේය. ඊට අමතරව චමිඳු වික්‍රමසිංහ සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් ද දවා ගත්හ.
ලකුණු 170ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල 5 වැනි පන්දුවාරයේ දී දවා ගැනීමට මෙහෙදි හසන් සමත් වූයේ ලකුණු පුවරුව 33ක්ව තිබිය දීය. ඒ චමිඳු වික්‍රමසිංහ ලකුණු 24කට දවා ගනිමිනි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 16ක් වැය කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් කළේය.
ඉනිම ආරම්භ කළ අනෙක් පිතිකරු වූ තවීෂ අභිෂේක් ලකුණු පුවරුවට තවත් ලකුණු 11ක් එක් වෙද්දී දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ලකුණු 18කට ය. අනතුරුව ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට රවිඳු ද සිල්වා සහ සොනාල් දිනූෂ සමත් වූහ. එම ලකුණු සබඳතාවට තිත තැබුණේ රවිඳු ද සිල්වා පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 107ක්ව තිබුණේය.
සොනාල් දිනූෂ දෙවැනි ඉනිමේ මෙතෙක් රැස් කළ එකම අර්ධ ශතකයේ හිමිකාරිත්වය හිමි කර ගත්තේය. ඔහුට දීර්ඝ ඉනිමක් යෑමට ඉඩ ප්‍රස්ථාව ලැබී තිබුණ ද දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා ඉනිමේ විනාශකාරයා වූ මෙහෙදි හසන් ඉදිරියේ ඔහු අසරණ විය. ඔහු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 156 නතර කරමිනි.
තියුණු සටනක් අවසානයේ Red Bull සරසවි කුසලානය දකුණු අප්‍රිකාවට!
ලොව පුරා විසිරී පැතිරුණු උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් ඒකරාශී වීමෙන් වාර්ෂිකව පැවැත්වෙන …
දිනයේ අවසන් පන්දුවාරය යැවීම සඳහා බංග්ලාදේශ නායකයා විසින් කැඳවනු ලැබුවේ කලාතුරකින් පන්දු යවන ප්රන්ටික් නබීල් ය. ඔහුගේ සිතුවිලි සාර්ථක වෙමින් අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේ දී එතෙක් මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතව සිටි අවිශ්ක පෙරේරා දවා ගැනීමට නබීල් සමත් විය. ඒ වෙද්දී අවිශ්ක පෙරේරා පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියේය.
අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි නායක නිපුන් ධනංජය පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියේය.
කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක් දවා ගත් මෙහෙදි හසන් තම කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්විය. ඔහු ප්‍රතිවාදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙත ලබා දුන්නේ ලකුණු 39ක් පමණි.
තරගයේ සිව්වැනි සහ අවසන් දිනය හෙට (5) ක්‍රියාත්මක වේ.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamindu Wickramasinghe | c Shahadat Hossain b Ashiqur Rahman Ruhit | 73 | 105 | 11 | 0 | 69.52 |
Thaveesha Abhishek | c Ashraful Islam b Shahin Alom | 8 | 43 | 0 | 0 | 18.60 |
Ravindu De Silva | c Shahadat Hossain b Shahin Alom | 2 | 5 | 0 | 0 | 40.00 |
Sonal Dinusha | c Pritom Kumar b Shahin Alom | 0 | 3 | 0 | 0 | 0.00 |
Nipun Dananjaya | c Pritom Kumar b Shahin Alom | 29 | 41 | 5 | 0 | 70.73 |
Avishka Perera | c Ashiqur Rahman Ruhit b Mehedi Hasan | 2 | 24 | 0 | 0 | 8.33 |
Lakshan Gamage | c Meherab Hossain Ahin b Shahin Alom | 47 | 68 | 5 | 1 | 69.12 |
Dunith Wellalage | c Pritom Kumar b Shahin Alom | 17 | 27 | 3 | 0 | 62.96 |
Raveen De Silva | b Shahin Alom | 0 | 10 | 0 | 0 | 0.00 |
Amshi De Silva | b Ashiqur Rahman Ruhit | 0 | 1 | 0 | 0 | 0.00 |
Ruvin Peiris | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 1 , lb 0 , nb 3, w 2, pen 0) |
Total | 184/10 (54.3 Overs, RR: 3.38) |
Fall of Wickets | 1-46 (16.1) Thaveesha Abhishek, 2-57 (18.3) Ravindu De Silva, 3-58 (18.5) Sonal Dinusha, 4-115 (32.2) Nipun Dananjaya, 5-115 (33.1) Chamindu Wickramasinghe, 6-132 (40.5) Avishka Perera, 7-154 (48.2) Dunith Wellalage, 8-163 (50.6) Raveen De Silva, 9-168 (51.4) Amshi De Silva, 10-184 (54.3) Lakshan Gamage, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mehedi Hasan | 14 | 1 | 36 | 1 | 2.57 | |
Shahin Alom | 17.3 | 5 | 62 | 7 | 3.58 | |
Ashiqur Rahman Ruhit | 14 | 0 | 60 | 2 | 4.29 | |
Ashraful Islam | 8 | 2 | 23 | 0 | 2.88 | |
Meherab Hossain Ahin | 1 | 0 | 2 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prantik Nawrose Nabil | c Avishka Perera b Dunith Wellalage | 98 | 181 | 15 | 0 | 54.14 |
Sajid Hossain Seam | c Avishka Perera b Chamindu Wickramasinghe | 26 | 32 | 4 | 0 | 81.25 |
Pritom Kumar | c Dunith Wellalage b Chamindu Wickramasinghe | 6 | 14 | 1 | 0 | 42.86 |
Alvi Hoque | c Sonal Dinusha b Amshi De Silva | 72 | 226 | 2 | 1 | 31.86 |
Shahadat Hossain | c Thaveesha Abhishek b Nipun Dananjaya | 50 | 121 | 3 | 0 | 41.32 |
Amite Hasan | lbw b Ruvin Peiris | 18 | 23 | 3 | 0 | 78.26 |
Meherab Hossain Ahin | not out | 33 | 77 | 5 | 0 | 42.86 |
Ashraful Islam | lbw b Dunith Wellalage | 6 | 11 | 1 | 0 | 54.55 |
Mehedi Hasan | c Lakshan Gamage b Nipun Dananjaya | 0 | 6 | 0 | 0 | 0.00 |
Ashiqur Rahman Ruhit | lbw b Nipun Dananjaya | 11 | 40 | 1 | 0 | 27.50 |
Shahin Alom | c Amshi De Silva b Nipun Dananjaya | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 34 (b 10 , lb 2 , nb 12, w 10, pen 0) |
Total | 354/10 (120.4 Overs, RR: 2.93) |
Fall of Wickets | 1-41 (11.1) Sajid Hossain Seam, 2-48 (13.5) Pritom Kumar, 3-183 (62.5) Prantik Nawrose Nabil, 4-264 (88.4) Alvi Hoque, 5-287 (95.3) Amite Hasan, 6-298 (100.1) Shahadat Hossain, 7-309 (103.2) Ashraful Islam, 8-310 (104.6) Mehedi Hasan, 9-340 (118.3) Ashiqur Rahman Ruhit, 10-354 (120.4) Shahin Alom, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Amshi De Silva | 21 | 3 | 79 | 1 | 3.76 | |
Ruvin Peiris | 20 | 5 | 46 | 1 | 2.30 | |
Chamindu Wickramasinghe | 9 | 3 | 19 | 2 | 2.11 | |
Dunith Wellalage | 31 | 7 | 68 | 2 | 2.19 | |
Lakshan Gamage | 13 | 0 | 53 | 0 | 4.08 | |
Raveen De Silva | 10 | 1 | 42 | 0 | 4.20 | |
Nipun Dananjaya | 16.4 | 5 | 35 | 4 | 2.13 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamindu Wickramasinghe | c Pritom Kumar b Mehedi Hasan | 24 | 16 | 4 | 1 | 150.00 |
Thaveesha Abhishek | c Pritom Kumar b Mehedi Hasan | 18 | 29 | 3 | 0 | 62.07 |
Ravindu De Silva | b Meherab Hossain Ahin | 33 | 84 | 4 | 0 | 39.29 |
Sonal Dinusha | c Alvi Hoque b Mehedi Hasan | 55 | 148 | 4 | 0 | 37.16 |
Nipun Dananjaya | c Amite Hasan b Ashraful Islam | 81 | 318 | 4 | 0 | 25.47 |
Avishka Perera | c Pritom Kumar b Prantik Nawrose Nabil | 18 | 62 | 2 | 0 | 29.03 |
Lakshan Gamage | c Shahin Alom b Ashiqur Rahman Ruhit | 45 | 96 | 7 | 0 | 46.88 |
Dunith Wellalage | c Pritom Kumar b Ashraful Islam | 45 | 92 | 7 | 0 | 48.91 |
Raveen De Silva | not out | 4 | 46 | 0 | 0 | 8.70 |
Amshi De Silva | lbw b Ashraful Islam | 2 | 7 | 0 | 0 | 28.57 |
Ruvin Peiris | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 21 (b 7 , lb 6 , nb 6, w 2, pen 0) |
Total | 346/9 (149 Overs, RR: 2.32) |
Fall of Wickets | 1-33 (4.6) Chamindu Wickramasinghe, 2-44 (8.5) Thaveesha Abhishek, 3-107 (31.5) Ravindu De Silva, 4-156 (58.3) Sonal Dinusha, 5-187 (74.6) Avishka Perera, 6-255 (104.6) Lakshan Gamage, 7-327 (133.2) Dunith Wellalage, 8-342 (145.5) Nipun Dananjaya, 9-346 (147.4) Amshi De Silva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mehedi Hasan | 20 | 3 | 52 | 3 | 2.60 | |
Shahin Alom | 25 | 8 | 70 | 0 | 2.80 | |
Ashiqur Rahman Ruhit | 25 | 8 | 44 | 1 | 1.76 | |
Ashraful Islam | 34 | 6 | 76 | 3 | 2.24 | |
Meherab Hossain Ahin | 24 | 4 | 44 | 1 | 1.83 | |
Shahadat Hossain | 2 | 0 | 5 | 0 | 2.50 | |
Prantik Nawrose Nabil | 16 | 5 | 20 | 1 | 1.25 | |
Sajid Hossain Seam | 3 | 0 | 22 | 0 | 7.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prantik Nawrose Nabil | lbw b Amshi De Silva | 6 | 6 | 1 | 0 | 100.00 |
Sajid Hossain Seam | not out | 18 | 46 | 2 | 0 | 39.13 |
Pritom Kumar | c Sonal Dinusha b Amshi De Silva | 4 | 6 | 1 | 0 | 66.67 |
Alvi Hoque | b Raveen De Silva | 7 | 23 | 0 | 0 | 30.43 |
Shahadat Hossain | not out | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 37/3 (14 Overs, RR: 2.64) |
Fall of Wickets | 1-10 (2.1) Prantik Nawrose Nabil, 2-15 (2.6) Pritom Kumar, 3-36 (13.2) Alvi Hoque, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Amshi De Silva | 3 | 1 | 10 | 2 | 3.33 | |
Ruvin Peiris | 3 | 0 | 14 | 0 | 4.67 | |
Dunith Wellalage | 4 | 2 | 4 | 0 | 1.00 | |
Nipun Dananjaya | 2 | 1 | 4 | 0 | 2.00 | |
Raveen De Silva | 2 | 0 | 5 | 1 | 2.50 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<