සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේ දෙවන දිනය ඊයේ (03) නිමාවට පත්විය.
බංග්ලාදේශයට එරෙහිව චමිඳුගෙන් තුන් ඉරියව් දස්කම්
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ..
අද දිනය නිමා වන විට බංග්ලාදේශය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 321ක් රැස් කර සිටියේය.
කුල්නා හිදී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 184ක් රැස්කළ අතර ඊයේ දිනට තරගය නතර කරන විට ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 71ක් ලබා සිටියේය.
ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු ප්රන්ටික් නබීල් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් අල්වි හක් පන්දු 34කට මුහුණ දී ලකුණු 8ක් ලබා නොදැවී රැඳී සිටියේය.
අද දිනය ආරම්භයේ දී එතැන් පටන් කෙමෙන් කෙමෙන් ඉනිම ගොඩනගමින් ලකුණු රැස් කිරීම ආරම්භ කළ නබීල් සහ අල්වි දෙදෙනා බංග්ලාදේශ ලකුණු පුවරුව 183 දක්වා රැගෙන ගියේ දෙදෙනා අතර ලකුණු 135ක සාර්ථක සබඳතාවයක් ගොඩනගමිනි. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැට දුන්නේ තරගය තම ආධිපත්‍යයට නතුකර ගනිමිනි.
අනතුරුව අද දිනයේ පළමු කඩුල්ල වශයෙන් ප්රන්ටික් නබීල් දැවී ගියේ ලකුණු 98ක් ලබා සිටිය දීයි. ඉනිමේ නැංගුරම බවට පත් වූ ඔහු සිය ශතකය ආසන්නයේ දී ම අවාසනාවන්ත අයුරින් දැවී ගියේ දුලිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ ය. දර්ශනීය හතරේ පහරවල් 15කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිම බංග්ලාදේශය ඉනිමේ මේ දක්වා වාර්තා වූ ඉහළතම ලකුණු සංඛ්‍යාවයි.
අයන සිරිවර්ධනගේ උත්සාහය අපතේ යයි
ලෝක උසස් අධ්‍යාපන ආයතන අතරේ වාර්ෂිකව පැවැත්වෙන Red Bull Campus Cricket විස්සයි..
පසුව පිටියට එක් වූයේ ශහඩාට් හොසේන්ය. අල්වි හක් සමඟ එක් වූ ඔහු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවයක් පැවැත්වීමට සමත් විය. බංග්ලාදේශ ලකුණු පුවරුව 264ක් වන විට සිව්වැනි කඩුල්ල වශයෙන් ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ අල්වි හක් ද දැවී ගියේ ශ්‍රී ලංකාවට යළි බලාපොරොත්තුවක් එක් කරමිනි.
එහෙත් අනතුරුව පිටියට පිවිසි කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවීට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූයේ අනෙක් අන්තයේ ශහඩාට්ව හුදකලා කරමිනි. එහි දී අමිත් හසන්, අශ්රෆුල් ඉස්ලාම් හා මෙහෙදි හසන් (2) පිළිවෙළින් ලකුණු 18, 15 හා 0කට දැවී ගියේ ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ කරමිනි.
එහෙත් අනෙක් අන්තයෙන් තැන්පත් ඉනිමක් ක්‍රීඩා කරමින් බංග්ලාදේශ මැදපෙළ ශක්තිමත් කළ ශහඩාට් ලකුණු 50ක් රැස් කළ අතර ඔහු නිපුන් ධනංජයගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
තියුණු සටනක් අවසානයේ Red Bull සරසවි කුසලානය දකුණු අප්‍රිකාවට!
ලොව පුරා විසිරී පැතිරුණු උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් ඒකරාශී වීමෙන් වාර්ෂිකව පැවැත්වෙන…
බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 4 ලකුණු 46ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර දෙවන දිනයට අද තරගය නතර කරන විට බංග්ලාදේශ ලකුණු පුවරුව 320/8ක් වශයෙන් සටහන් විය.
පන්දු යැවීමේදී කුෂාන් වික්‍රමසිංහ 19/2ක් හා නිපුන් ධනංජය 23/3ක් ලෙස තම පන්දු යැවීම් වාර්තා සටහන් කළේය.
ඒ සමඟින් අද දිනය නිමා වන විට අශිකුර් රහ්මාන් පිළිවෙළින් ලකුණු 15ක් හා 3ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේය.
මේ අනුව මේ වන විට බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 137ක් සිටී. තරගයේ තෙවැනි දිනය අදයි (04).
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamindu Wickramasinghe | c Shahadat Hossain b Ashiqur Rahman Ruhit | 73 | 105 | 11 | 0 | 69.52 |
Thaveesha Abhishek | c Ashraful Islam b Shahin Alom | 8 | 43 | 0 | 0 | 18.60 |
Ravindu De Silva | c Shahadat Hossain b Shahin Alom | 2 | 5 | 0 | 0 | 40.00 |
Sonal Dinusha | c Pritom Kumar b Shahin Alom | 0 | 3 | 0 | 0 | 0.00 |
Nipun Dananjaya | c Pritom Kumar b Shahin Alom | 29 | 41 | 5 | 0 | 70.73 |
Avishka Perera | c Ashiqur Rahman Ruhit b Mehedi Hasan | 2 | 24 | 0 | 0 | 8.33 |
Lakshan Gamage | c Meherab Hossain Ahin b Shahin Alom | 47 | 68 | 5 | 1 | 69.12 |
Dunith Wellalage | c Pritom Kumar b Shahin Alom | 17 | 27 | 3 | 0 | 62.96 |
Raveen De Silva | b Shahin Alom | 0 | 10 | 0 | 0 | 0.00 |
Amshi De Silva | b Ashiqur Rahman Ruhit | 0 | 1 | 0 | 0 | 0.00 |
Ruvin Peiris | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 1 , lb 0 , nb 3, w 2, pen 0) |
Total | 184/10 (54.3 Overs, RR: 3.38) |
Fall of Wickets | 1-46 (16.1) Thaveesha Abhishek, 2-57 (18.3) Ravindu De Silva, 3-58 (18.5) Sonal Dinusha, 4-115 (32.2) Nipun Dananjaya, 5-115 (33.1) Chamindu Wickramasinghe, 6-132 (40.5) Avishka Perera, 7-154 (48.2) Dunith Wellalage, 8-163 (50.6) Raveen De Silva, 9-168 (51.4) Amshi De Silva, 10-184 (54.3) Lakshan Gamage, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mehedi Hasan | 14 | 1 | 36 | 1 | 2.57 | |
Shahin Alom | 17.3 | 5 | 62 | 7 | 3.58 | |
Ashiqur Rahman Ruhit | 14 | 0 | 60 | 2 | 4.29 | |
Ashraful Islam | 8 | 2 | 23 | 0 | 2.88 | |
Meherab Hossain Ahin | 1 | 0 | 2 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prantik Nawrose Nabil | c Avishka Perera b Dunith Wellalage | 98 | 181 | 15 | 0 | 54.14 |
Sajid Hossain Seam | c Avishka Perera b Chamindu Wickramasinghe | 26 | 32 | 4 | 0 | 81.25 |
Pritom Kumar | c Dunith Wellalage b Chamindu Wickramasinghe | 6 | 14 | 1 | 0 | 42.86 |
Alvi Hoque | c Sonal Dinusha b Amshi De Silva | 72 | 226 | 2 | 1 | 31.86 |
Shahadat Hossain | c Thaveesha Abhishek b Nipun Dananjaya | 50 | 121 | 3 | 0 | 41.32 |
Amite Hasan | lbw b Ruvin Peiris | 18 | 23 | 3 | 0 | 78.26 |
Meherab Hossain Ahin | not out | 33 | 77 | 5 | 0 | 42.86 |
Ashraful Islam | lbw b Dunith Wellalage | 6 | 11 | 1 | 0 | 54.55 |
Mehedi Hasan | c Lakshan Gamage b Nipun Dananjaya | 0 | 6 | 0 | 0 | 0.00 |
Ashiqur Rahman Ruhit | lbw b Nipun Dananjaya | 11 | 40 | 1 | 0 | 27.50 |
Shahin Alom | c Amshi De Silva b Nipun Dananjaya | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 34 (b 10 , lb 2 , nb 12, w 10, pen 0) |
Total | 354/10 (120.4 Overs, RR: 2.93) |
Fall of Wickets | 1-41 (11.1) Sajid Hossain Seam, 2-48 (13.5) Pritom Kumar, 3-183 (62.5) Prantik Nawrose Nabil, 4-264 (88.4) Alvi Hoque, 5-287 (95.3) Amite Hasan, 6-298 (100.1) Shahadat Hossain, 7-309 (103.2) Ashraful Islam, 8-310 (104.6) Mehedi Hasan, 9-340 (118.3) Ashiqur Rahman Ruhit, 10-354 (120.4) Shahin Alom, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Amshi De Silva | 21 | 3 | 79 | 1 | 3.76 | |
Ruvin Peiris | 20 | 5 | 46 | 1 | 2.30 | |
Chamindu Wickramasinghe | 9 | 3 | 19 | 2 | 2.11 | |
Dunith Wellalage | 31 | 7 | 68 | 2 | 2.19 | |
Lakshan Gamage | 13 | 0 | 53 | 0 | 4.08 | |
Raveen De Silva | 10 | 1 | 42 | 0 | 4.20 | |
Nipun Dananjaya | 16.4 | 5 | 35 | 4 | 2.13 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamindu Wickramasinghe | c Pritom Kumar b Mehedi Hasan | 24 | 16 | 4 | 1 | 150.00 |
Thaveesha Abhishek | c Pritom Kumar b Mehedi Hasan | 18 | 29 | 3 | 0 | 62.07 |
Ravindu De Silva | b Meherab Hossain Ahin | 33 | 84 | 4 | 0 | 39.29 |
Sonal Dinusha | c Alvi Hoque b Mehedi Hasan | 55 | 148 | 4 | 0 | 37.16 |
Nipun Dananjaya | c Amite Hasan b Ashraful Islam | 81 | 318 | 4 | 0 | 25.47 |
Avishka Perera | c Pritom Kumar b Prantik Nawrose Nabil | 18 | 62 | 2 | 0 | 29.03 |
Lakshan Gamage | c Shahin Alom b Ashiqur Rahman Ruhit | 45 | 96 | 7 | 0 | 46.88 |
Dunith Wellalage | c Pritom Kumar b Ashraful Islam | 45 | 92 | 7 | 0 | 48.91 |
Raveen De Silva | not out | 4 | 46 | 0 | 0 | 8.70 |
Amshi De Silva | lbw b Ashraful Islam | 2 | 7 | 0 | 0 | 28.57 |
Ruvin Peiris | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 21 (b 7 , lb 6 , nb 6, w 2, pen 0) |
Total | 346/9 (149 Overs, RR: 2.32) |
Fall of Wickets | 1-33 (4.6) Chamindu Wickramasinghe, 2-44 (8.5) Thaveesha Abhishek, 3-107 (31.5) Ravindu De Silva, 4-156 (58.3) Sonal Dinusha, 5-187 (74.6) Avishka Perera, 6-255 (104.6) Lakshan Gamage, 7-327 (133.2) Dunith Wellalage, 8-342 (145.5) Nipun Dananjaya, 9-346 (147.4) Amshi De Silva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mehedi Hasan | 20 | 3 | 52 | 3 | 2.60 | |
Shahin Alom | 25 | 8 | 70 | 0 | 2.80 | |
Ashiqur Rahman Ruhit | 25 | 8 | 44 | 1 | 1.76 | |
Ashraful Islam | 34 | 6 | 76 | 3 | 2.24 | |
Meherab Hossain Ahin | 24 | 4 | 44 | 1 | 1.83 | |
Shahadat Hossain | 2 | 0 | 5 | 0 | 2.50 | |
Prantik Nawrose Nabil | 16 | 5 | 20 | 1 | 1.25 | |
Sajid Hossain Seam | 3 | 0 | 22 | 0 | 7.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prantik Nawrose Nabil | lbw b Amshi De Silva | 6 | 6 | 1 | 0 | 100.00 |
Sajid Hossain Seam | not out | 18 | 46 | 2 | 0 | 39.13 |
Pritom Kumar | c Sonal Dinusha b Amshi De Silva | 4 | 6 | 1 | 0 | 66.67 |
Alvi Hoque | b Raveen De Silva | 7 | 23 | 0 | 0 | 30.43 |
Shahadat Hossain | not out | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 37/3 (14 Overs, RR: 2.64) |
Fall of Wickets | 1-10 (2.1) Prantik Nawrose Nabil, 2-15 (2.6) Pritom Kumar, 3-36 (13.2) Alvi Hoque, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Amshi De Silva | 3 | 1 | 10 | 2 | 3.33 | |
Ruvin Peiris | 3 | 0 | 14 | 0 | 4.67 | |
Dunith Wellalage | 4 | 2 | 4 | 0 | 1.00 | |
Nipun Dananjaya | 2 | 1 | 4 | 0 | 2.00 | |
Raveen De Silva | 2 | 0 | 5 | 1 | 2.50 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<