සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව සහභාගී වන දෙවැනි සිව්දින තරගය අද (2) කුල්නා හිදී ආරම්භ වූ අතර එහි දී දිනයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට චමිඳු වික්‍රමසිංහ සමත් විය.
අයන සිරිවර්ධනගේ උත්සාහය අපතේ යයි
ලෝක උසස් අධ්‍යාපන ආයතන අතරේ වාර්ෂිකව පැවැත්වෙන Red Bull Campus Cricket විස්සයි…
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 184ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 71ක් ලබා සිටියහ.
ශ්‍රී ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් වූ චමිඳු වික්‍රමසිංහ සහ අභිෂේක් කඩවතආරච්චි සමත් වූහ. පළමු පැය පුරා කඩුල්ලේ රැඳී සිටි ඔවුන් අතුරින් බංග්ලාදේශ පළමු බිල්ල වූයේ අභිෂේක් කඩවතආරච්චි ය. ඔහු ඒ වෙද්දී ලබා සිටියේ ලකුණු 8ක් පමණි.
එතැන් සිට බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා පිතිකරුවෝ පාලනය කිරීමට සමත් වූයේ ලකුණු 12ක් තුළ තවත් කඩුලු දෙකක දවා ගනිමිනි. එහි දී රවිඳු රසාන්ත ලකුණු 2කට ද දිනූෂ ගමගේ කිසිදු ලකුණක් නොලබා ද පිටියෙන් ඉවත් වූහ.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නායක නිපුන් ධනංජය සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 57ක් එක් කිරීමට සමත් විය. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද බවට පත්විය. එහෙත් නිපුන් ධනංජය පන්දු 41කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.
කවික ඩිල්ශාන්ගෙන් විශිෂ්ට දස්කම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට්…
එතෙක් වේලා සාර්ථක ඉනිමක නිරත වූ ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 115ක් වෙද්දී දැවී ගියේ ලකුණු 73ක් ලබා සිටිය දී ය. එය ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ අතර ඔහු ඒ වෙනුවෙන් පන්දු 105කට මුහුණ දුන් අතර හතරේ පහර 11ක් එම ඉනිමට ඇතුළත් කළේය.
ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කළේ කවිශ්ක ලක්ෂාන් ය. ඔහු අනෙකුත් පිතිකරුවන් සමගින් ශ්‍රී ලංකා ඉනිම ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කළ ද ප්‍රතිවාදීන් ඊට ඉඩ දුන්නේ නැත. ඒ අතුරින් යම් තරමකින් හෝ හිස ඔසවා පහරක් එල්ල කළේ දුනිත් වෙල්ලාලගේ පමණි. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තේය. අනෙකුත් පිතිකරුවන් වූ අවිශ්ක පෙරේරා (2), රවීන් ද සිල්වා (0) සහ අම්ෂි ද සිල්වා (0) අඩු ලකුණුවලට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් කවිශ්ක ලක්ෂාන් දැවී යන විට ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයෙන් නොදැවී රැඳී සිටියේ රුවින් පීරිස් (0) ය.
කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යවන ශහීන් අලම් ලකුණු 62කට කඩුලු 7ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමෙ ප්‍රධාන ප්‍රතිවාදියා විය. ඔහුට අමතරව අසිකර් රාහ්මන් කඩුලු 2ක් දවා ගත්තේය.
දකුණු අප්‍රිකානුවන්ගේ ප්‍රබල ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ සැර තරමක් බාල වේ
2019 Red Bull විශ්ව විද්‍යාලයීය ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියේ පළමු Play-Off තරගය අද (1)…
බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළේ ප්රන්ටික් නබීල් සහ සජීඩ් හොසේන් ය. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කළහ. ඔවුන්ගෙන් පළමුවෙන් ක්‍රීඩා විවේකාගාරය වෙත ගියේ සජීඩ් හොසේන් ය. ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ 16 වැනි පන්දුවේ දී අංක 1 පිතිකරු ප්‍රිටොම් කුමාර් (6) ද දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
දිනය අවසන් වන විට ආරම්භක පිතිකරු ප්රන්ටික් නබීල් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් අල්වි හක් පන්දු 34කට මුහුණ දී ලකුණු 8ක් ලබා නොදැවී රැඳී සිටියහ.
බංග්ලාදේශ මුහුණ දුන් පන්දුවාර 23 යැවීමට ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නෝ 7 දෙනෙක්ම උපයෝගී කර ගත්ත ද ඉනිමේ දැවී ගිය කඩුලු දෙකේ හිමිකාරීත්වය චමිඳු වික්‍රමසිංහ සතු විය.
තරගය දෙවැනි දිනය හෙට (3) ක්‍රියාත්මක වීමට නියමිතය.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamindu Wickramasinghe | c Shahadat Hossain b Ashiqur Rahman Ruhit | 73 | 105 | 11 | 0 | 69.52 |
Thaveesha Abhishek | c Ashraful Islam b Shahin Alom | 8 | 43 | 0 | 0 | 18.60 |
Ravindu De Silva | c Shahadat Hossain b Shahin Alom | 2 | 5 | 0 | 0 | 40.00 |
Sonal Dinusha | c Pritom Kumar b Shahin Alom | 0 | 3 | 0 | 0 | 0.00 |
Nipun Dananjaya | c Pritom Kumar b Shahin Alom | 29 | 41 | 5 | 0 | 70.73 |
Avishka Perera | c Ashiqur Rahman Ruhit b Mehedi Hasan | 2 | 24 | 0 | 0 | 8.33 |
Lakshan Gamage | c Meherab Hossain Ahin b Shahin Alom | 47 | 68 | 5 | 1 | 69.12 |
Dunith Wellalage | c Pritom Kumar b Shahin Alom | 17 | 27 | 3 | 0 | 62.96 |
Raveen De Silva | b Shahin Alom | 0 | 10 | 0 | 0 | 0.00 |
Amshi De Silva | b Ashiqur Rahman Ruhit | 0 | 1 | 0 | 0 | 0.00 |
Ruvin Peiris | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 1 , lb 0 , nb 3, w 2, pen 0) |
Total | 184/10 (54.3 Overs, RR: 3.38) |
Fall of Wickets | 1-46 (16.1) Thaveesha Abhishek, 2-57 (18.3) Ravindu De Silva, 3-58 (18.5) Sonal Dinusha, 4-115 (32.2) Nipun Dananjaya, 5-115 (33.1) Chamindu Wickramasinghe, 6-132 (40.5) Avishka Perera, 7-154 (48.2) Dunith Wellalage, 8-163 (50.6) Raveen De Silva, 9-168 (51.4) Amshi De Silva, 10-184 (54.3) Lakshan Gamage, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mehedi Hasan | 14 | 1 | 36 | 1 | 2.57 | |
Shahin Alom | 17.3 | 5 | 62 | 7 | 3.58 | |
Ashiqur Rahman Ruhit | 14 | 0 | 60 | 2 | 4.29 | |
Ashraful Islam | 8 | 2 | 23 | 0 | 2.88 | |
Meherab Hossain Ahin | 1 | 0 | 2 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prantik Nawrose Nabil | c Avishka Perera b Dunith Wellalage | 98 | 181 | 15 | 0 | 54.14 |
Sajid Hossain Seam | c Avishka Perera b Chamindu Wickramasinghe | 26 | 32 | 4 | 0 | 81.25 |
Pritom Kumar | c Dunith Wellalage b Chamindu Wickramasinghe | 6 | 14 | 1 | 0 | 42.86 |
Alvi Hoque | c Sonal Dinusha b Amshi De Silva | 72 | 226 | 2 | 1 | 31.86 |
Shahadat Hossain | c Thaveesha Abhishek b Nipun Dananjaya | 50 | 121 | 3 | 0 | 41.32 |
Amite Hasan | lbw b Ruvin Peiris | 18 | 23 | 3 | 0 | 78.26 |
Meherab Hossain Ahin | not out | 33 | 77 | 5 | 0 | 42.86 |
Ashraful Islam | lbw b Dunith Wellalage | 6 | 11 | 1 | 0 | 54.55 |
Mehedi Hasan | c Lakshan Gamage b Nipun Dananjaya | 0 | 6 | 0 | 0 | 0.00 |
Ashiqur Rahman Ruhit | lbw b Nipun Dananjaya | 11 | 40 | 1 | 0 | 27.50 |
Shahin Alom | c Amshi De Silva b Nipun Dananjaya | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 34 (b 10 , lb 2 , nb 12, w 10, pen 0) |
Total | 354/10 (120.4 Overs, RR: 2.93) |
Fall of Wickets | 1-41 (11.1) Sajid Hossain Seam, 2-48 (13.5) Pritom Kumar, 3-183 (62.5) Prantik Nawrose Nabil, 4-264 (88.4) Alvi Hoque, 5-287 (95.3) Amite Hasan, 6-298 (100.1) Shahadat Hossain, 7-309 (103.2) Ashraful Islam, 8-310 (104.6) Mehedi Hasan, 9-340 (118.3) Ashiqur Rahman Ruhit, 10-354 (120.4) Shahin Alom, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Amshi De Silva | 21 | 3 | 79 | 1 | 3.76 | |
Ruvin Peiris | 20 | 5 | 46 | 1 | 2.30 | |
Chamindu Wickramasinghe | 9 | 3 | 19 | 2 | 2.11 | |
Dunith Wellalage | 31 | 7 | 68 | 2 | 2.19 | |
Lakshan Gamage | 13 | 0 | 53 | 0 | 4.08 | |
Raveen De Silva | 10 | 1 | 42 | 0 | 4.20 | |
Nipun Dananjaya | 16.4 | 5 | 35 | 4 | 2.13 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamindu Wickramasinghe | c Pritom Kumar b Mehedi Hasan | 24 | 16 | 4 | 1 | 150.00 |
Thaveesha Abhishek | c Pritom Kumar b Mehedi Hasan | 18 | 29 | 3 | 0 | 62.07 |
Ravindu De Silva | b Meherab Hossain Ahin | 33 | 84 | 4 | 0 | 39.29 |
Sonal Dinusha | c Alvi Hoque b Mehedi Hasan | 55 | 148 | 4 | 0 | 37.16 |
Nipun Dananjaya | c Amite Hasan b Ashraful Islam | 81 | 318 | 4 | 0 | 25.47 |
Avishka Perera | c Pritom Kumar b Prantik Nawrose Nabil | 18 | 62 | 2 | 0 | 29.03 |
Lakshan Gamage | c Shahin Alom b Ashiqur Rahman Ruhit | 45 | 96 | 7 | 0 | 46.88 |
Dunith Wellalage | c Pritom Kumar b Ashraful Islam | 45 | 92 | 7 | 0 | 48.91 |
Raveen De Silva | not out | 4 | 46 | 0 | 0 | 8.70 |
Amshi De Silva | lbw b Ashraful Islam | 2 | 7 | 0 | 0 | 28.57 |
Ruvin Peiris | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 21 (b 7 , lb 6 , nb 6, w 2, pen 0) |
Total | 346/9 (149 Overs, RR: 2.32) |
Fall of Wickets | 1-33 (4.6) Chamindu Wickramasinghe, 2-44 (8.5) Thaveesha Abhishek, 3-107 (31.5) Ravindu De Silva, 4-156 (58.3) Sonal Dinusha, 5-187 (74.6) Avishka Perera, 6-255 (104.6) Lakshan Gamage, 7-327 (133.2) Dunith Wellalage, 8-342 (145.5) Nipun Dananjaya, 9-346 (147.4) Amshi De Silva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mehedi Hasan | 20 | 3 | 52 | 3 | 2.60 | |
Shahin Alom | 25 | 8 | 70 | 0 | 2.80 | |
Ashiqur Rahman Ruhit | 25 | 8 | 44 | 1 | 1.76 | |
Ashraful Islam | 34 | 6 | 76 | 3 | 2.24 | |
Meherab Hossain Ahin | 24 | 4 | 44 | 1 | 1.83 | |
Shahadat Hossain | 2 | 0 | 5 | 0 | 2.50 | |
Prantik Nawrose Nabil | 16 | 5 | 20 | 1 | 1.25 | |
Sajid Hossain Seam | 3 | 0 | 22 | 0 | 7.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prantik Nawrose Nabil | lbw b Amshi De Silva | 6 | 6 | 1 | 0 | 100.00 |
Sajid Hossain Seam | not out | 18 | 46 | 2 | 0 | 39.13 |
Pritom Kumar | c Sonal Dinusha b Amshi De Silva | 4 | 6 | 1 | 0 | 66.67 |
Alvi Hoque | b Raveen De Silva | 7 | 23 | 0 | 0 | 30.43 |
Shahadat Hossain | not out | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 37/3 (14 Overs, RR: 2.64) |
Fall of Wickets | 1-10 (2.1) Prantik Nawrose Nabil, 2-15 (2.6) Pritom Kumar, 3-36 (13.2) Alvi Hoque, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Amshi De Silva | 3 | 1 | 10 | 2 | 3.33 | |
Ruvin Peiris | 3 | 0 | 14 | 0 | 4.67 | |
Dunith Wellalage | 4 | 2 | 4 | 0 | 1.00 | |
Nipun Dananjaya | 2 | 1 | 4 | 0 | 2.00 | |
Raveen De Silva | 2 | 0 | 5 | 1 | 2.50 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<