බංග්ලාදේශ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 17න් පහළ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය කොළඹ ආනන්ද විද්‍යාලයේ කිත්ම විදානපතිරණ විසින් දරන අතර, සාන්ත ජෝසප් විද්‍යාලයේ සෙනුජ වකුණුගොඩ හට කණ්ඩායමේ උපනායකත්වය හිමි වී තිබෙනවා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ශ්‍රී ලංකා 17න් පහළ සංචිතය;
- කිත්ම විදානපතිරණ (ආනන්ද විද්‍යාලය)
- සෙනුජ වකුණුගොඩ (සාන්ත ජෝසප් විද්‍යාලය)
- රෙහාන් පීරිස් (රාජකීය විද්‍යාලය)
- දුල්සිත් දර්ශන (මහින්ද විද්‍යාලය)
- ජනිඳු රණසිංහ (ඩී.එස්.සේනානායක විද්‍යාලය)
- ජේසන් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය)
- ජොශුවා සෙබස්තියන් (සාන්ත පීතර විද්‍යාලය)
- සෙත්මික සෙනෙවිරත්න (ත්‍රිත්ව විද්‍යාලය)
- චලන දිනෙත් (පානදුර රාජකීය විද්‍යාලය)
- රාජිත නවෝද්‍ය (මලියදේව විද්‍යාලය)
- විග්නේෂ්වරන් ආකාශ් (යාපනය හාට්ලි විද්‍යාලය)
- කෙනුල පිලියංග (කිංග්ස්වුඩ් විද්‍යාලය)
- රයන් ග්‍රෙගරි (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය)
- රසිත් නිම්සර (වත්තල ලයිසියම් විද්‍යාලය)
- ඔසඳ පමුදිත (නාලන්දා විද්‍යාලය)
තරගාවලිය එක්දින තරග ත්‍රිත්වයකින් සහ තෙදින තරඟ දෙකකින් සමන්විතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<