Home Sinhala එංගලන්ත යෞවනයෝ එක්දින තරගාවලිය සම කරයි

එංගලන්ත යෞවනයෝ එක්දින තරගාවලිය සම කරයි

29
Sri Lanka U 19 Tour of England 2nd YODI Match

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ 2 වැනි තරගයෙන් ලකුණු 30ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත යෞවනයෝ සමත් වූවා. ඒ අනුව දෙරට කණ්ඩායම් අතර තරග 3කින් යුක්තව පැවැත්වෙන එක්දින යොවුන් තරගාවලිය 1-1ක් ලෙසින් සම කිරීමට සත්කාරක එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වූවා.

Hove හි County ක්‍රීඩාංගණයේ දී (01) පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 360ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 330ක් පමණයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 65කින් ජය ගත්තා.

නිමා වූ මෙම තරගයේ දී ද කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගන්නවා. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන්ගේ කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා කළ Harry Moore වෙනුවට Dominic Kelly එක් කර තිබුණා.

 ශ්‍රී ලංකාව මෙම තරගයට එක් වූයේ  ජයග්‍රාහී පළමු කණ්ඩායමේ කිසිදු වෙනස් වීමකින් තොරවයි.

ශ්‍රී ලංකා වයස අවුදු 19න් පහළ කණ්ඩායම – දිනුර කළුපහන (නායක), පුලිඳු පෙරේරා, තිසර ඒකනායක, ගයන වීරසිංහ, මහිත් පෙරේරා, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), දිනිරු අබේවික්‍රමසිංහ, ප්‍රවීන් මනීෂ, හිවින් කෙනුල, දුමිඳු සෙව්මිණ, විහස් තෙව්මික.

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – Luc Benkenstein  (නායක), Keshana Fonseka, Freddie McCann, Noah Thain, Charlie Allison, Rocky Flintoff, Dominic Kelly, Haydon Mustard (කඩුලු රකින්නා), Farhan Ahmed, Tazeem Chaudry Ali, Noah Cornwell.

එංගලන්ත ඉනිමේ ආරම්භක වමත් පිතිකරු Freddie McCann ශ්‍රී ලංකාවට එරෙහි ව ගොඩ නගන ලද දැවැන්ත ඉනිමේ ප්‍රධාන නියමුවා වූවා. ඔහු පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 174ක් ලබා ගත්තා.

ඊට අමතර ව Noah Thain  පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 139ක දී ලකුණු 164ක් එක් කිරීමට ද සමත් වෙනවා.

අනතුරු ව කඩුල්ලේ දී ද Charlie Allison සමඟ එක් වෙන Freddie McCann 3 වැනි කඩුල්ලට ද ලකුණු 133ක සබඳතාවක් ගොඩ නගනවා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ පන්දු 95ක් පමණයි.

මේ දැවැන්ත ඉනිම් හමුවේ නායක දිනුර කළුපහන ලකුණු 81කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වීමට සමත් වූවා. ඊට අමතර ව දුමිඳු සෙව්මිණ ද ලකුණු 91කට කඩුලු 2ක් දවා ගත්තා.

දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් ම සුබදායක වූයේ නැහැ. තිසර ඒකනායක ලකුණු 2ක් ලබා තිබිය දී ඉනිම හැරයන්නේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 14ක් ව තිබියදීයි.

නමුත් ඒ තත්ත්වයෙන් කණ්ඩායම ගලවා ගැනීමට ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා සහ ගයන වීරසිංහ සමත් වෙන්නේ අර්ධ ශතක ඉනිම් ද්විත්වයක් ද තම කණ්ඩායමට එක් කරමිනුයි.

ගයන වීරසිංහ 2 වැනි කඩුල්ල ලෙසින් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 57ක් ලබා පිටියෙන් ඉවත් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 142ක් ලෙසයි. ඔවුන් දෙදෙනා අතර වූ ලකුණු සබඳතාව 110ක්.

ගයනගේ දැවී යෑමත් සමඟින් කණ්ඩායමට තවත් ලකුණු 14ක් එක් වෙද්දී පුලිඳු පෙරේරා ගේ ඉනිම ද අවසන් කිරීමට එංගලන්ත යෞවනයෝ සමත් වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.

කෙසේ වෙතත් ඉන් අනතුරු ව ද ඉනිම ලෙහෙසියෙන් ප්‍රතිවාදීන් සතු කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් අතුරින් ප්‍රවීන් මනීෂ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ද, හිවින් කෙනුල පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව ශාරුජන් ශම්මුගනාදන් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද සහ තරගය නිමා වන විට විහස් තෙව්මික පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.

ඔවුන්ගේ උත්සාහයත් සහ අතිරේක ලකුණු 33ක් ද එකතුව ශ්‍රී ලංකා ඉනිම 330කට සීමා වෙද්දී පා දඟ පන්දු යැවූ Luc Benkenstein ලකුණු 77කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් පාලනය කිරීමේ ප්‍රධාන පන්දු යවන්නා බවට පත් වූවා.

ඊට අමතර ව Tazeem Chaudry Ali සහ Dominic Kelly ද කඩුලු 2ක් බැගින් දවා ගනිමින් එංගලන්ත ජයග්‍රහණයට දායකත්වය දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 360 (50.0) Freddie McCann 174, Noah Thain 66, Charlie Allison 46, Dominic Kelly 32, දුමිඳු සෙව්මිණ 2/91, දිනුර කළුපහන 5/81

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 330 (49.2) පුලිඳු පෙරේරා 64, ගයන වීරසිංහ 57, ශාරුජන් ශම්මුගනාදන් 25, දිනිරු අබේවික්‍රමසිංහ 22, ප්‍රවීන් මනීෂ 38, හිවින් කෙනුල 30, විහස් තෙව්මික 24, Dominic Kelly 2/52, Tazeem Chaudry Ali 2/41, Luc Benkenstein 4/77

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 30ක ජයක්.

දෙරට අතර පැවැත් වෙන 3 වැනි සහ අවසන් යොවුන් එක්දින තරගය ජුලි මස 03 වැනිදා Hove හි  1 st Century County ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


England U19
360/7 (50)

Sri Lanka U19
330/10 (49.2)

Batsmen R B 4s 6s SR
Keshana Fonseka c Pulindu Perera b Dinura Kalupahana 9 20 1 0 45.00
Freddie McCann c Diniru Abeywickramasinghe b Dinura Kalupahana 174 139 22 3 125.18
Noah Thain c Mahith Perera b Dinura Kalupahana 66 76 8 1 86.84
Charlie Allison c Pulindu Perera b Dumindu Sewmina 46 43 4 2 106.98
Luc Benkenstein c Mahith Perera b Dumindu Sewmina 10 3 1 1 333.33
Rocky Flintoff b Dinura Kalupahana 3 5 0 0 60.00
Dominic Kelly not out 32 11 4 2 290.91
Haydon Mustard b Dinura Kalupahana 2 2 0 0 100.00
Farhan Ahmed not out 1 1 0 0 100.00


Extras 17 (b 0 , lb 0 , nb 0, w 12, pen 5)
Total 360/7 (50 Overs, RR: 7.2)
Bowling O M R W Econ
Hivin Kenula 7 0 44 0 6.29
Dumindu Sewmina 10 1 91 2 9.10
Dinura Kalupahana 10 0 81 5 8.10
Thisara Ekanayake 8 0 62 0 7.75
Vihas Thewmika 10 0 35 0 3.50
Praveen Maneesha 5 0 42 0 8.40


Batsmen R B 4s 6s SR
Pulindu Perera c Dominic Kelly b Luc Benkenstein 64 59 8 1 108.47
Thisara Ekanayake c Noah Thain b Dominic Kelly 2 3 0 0 66.67
Gayana Weerasinghe c Freddie McCann b Farhan Ahmed 57 42 10 0 135.71
Mahith Perera lbw b Tazeem Chaudry Ali 15 19 0 1 78.95
Sharujan Shanmuganathan b Tazeem Chaudry Ali 25 29 3 0 86.21
Dinura Kalupahana c Haydon Mustard b Luc Benkenstein 6 12 0 0 50.00
Diniru Abeywickramasinghe c Noah Cornwell b Luc Benkenstein 22 29 1 0 75.86
Praveen Maneesha lbw b Luc Benkenstein 38 29 5 0 131.03
Hivin Kenula c Luc Benkenstein b Dominic Kelly 30 37 3 0 81.08
Dumindu Sewmina run out (Luc Benkenstein) 14 22 2 0 63.64
Vihas Thewmika not out 24 16 5 0 150.00


Extras 33 (b 0 , lb 4 , nb 1, w 28, pen 0)
Total 330/10 (49.2 Overs, RR: 6.69)
Bowling O M R W Econ
Noah Cornwell 8 0 66 0 8.25
Dominic Kelly 9.2 0 52 2 5.65
Farhan Ahmed 10 0 71 2 7.10
Noah Thain 2 0 19 0 9.50
Tazeem Chaudry Ali 10 0 41 2 4.10
Luc Benkenstein 10 0 77 4 7.70