ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (09) සම්පූර්ණයෙන් ම වර්ෂාවට අතහැරීමට සිදු වූවා.
Wormsley හි Sir Paul Getty’s ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ම යැවීමට හැකි වූයේ පන්දුවාර 42.4ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි දිනයේ දී අයහපත් කාලගුණ තත්ත්වය, ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් අතර පැවැති තත්ත්වය හමුවේ පිටියේ විනිසුරුවන් සහ තරග තීරකවරයා තරගය නොපැවැත්විය හැකි බවට වේලාසනින් ම ප්‍රකාශ කරමින් දිනය නිමා කළා.
1 වැනි යොවුන් ටෙස්ට් තරගය, Wormsley, ජුලි 08-11, 2024, Sri Lanka U19 tour of England
o කාසියේ වාසිය – එංගලන්තය
o ක්‍රීඩාංගණය – Sir Paul Getty’s, Wormsley
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දිනුර කළුපහන (නායක), පුලිඳු පෙරේරා, සදෙව් සමරසිංහ, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), ගයන වීරසිංහ, මහිත් පෙරේරා, දිනිරු අබේවික්‍රමසිංහ, විහස් තෙව්මික, ප්‍රවීන් මනීශ, ශෙෂාන් මාරසිංහ නාතන් කල්දේරා.
එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – Hamza Shaikh (නායක), Jaydn Denly, Freddie McCann, Keshana Fonseka, Noah Thain, Rocky Flintoff, Jack Carney (කඩුලු රකින්නා), Farhan Ahmed, A. M. French, Alex Green සහ N. Sharma.
- ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු වගකීම සනත් ජයසූරියට
- තියුණු තරගයකින් අනතුරුව එංගලන්තය ජය ගනී
- රන්දුල්, දර්ශක සහ සහන් Youth පිටියේ වැඩ පෙන්වයි
- දිනුර ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි
- එංගලන්තයට යන 19න් පහළ කණ්ඩායම නම් කරයි
පළමු දිනයට තරගය නතර කරන විට කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 177 (42.4) මහිත් පෙරේරා 22, දිනුර කළුපහන නොදැවී 70, දිනිරු අබේවික්‍රමසිංහ නොදැවී 35, A. M. French 2/56
තරගය 3 වැනි දිනයටත් අද (10) ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.