Home Sinhala ශ්‍රී ලංකා යෞවනයෝ පළමු කඩඉම සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකා යෞවනයෝ පළමු කඩඉම සාර්ථකව අවසන් කරයි

Sri Lanka U19 tour of England 2024

48

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ පළමු තරගයේ දී ම තම තරම පෙන්වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූවා. දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින යොවුන් තරගාවලියේ පළමු එක්දින තරගයේ දී ලකුණු 65කින් ජය ගන්නා ඔවුන් සත්කාරක එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ට එරෙහි ව තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද මේ සමඟ සමත් වෙනවා.

Chelmsford හි Cloud County ක්‍රීඩාංගණයේ දී (28) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 294ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 229ක් පමණයි.  

  • ශ්‍රී ලංකා වයස අවුදු 19න් පහළ කණ්ඩායම – දිනුර කළුපහන (නායක), පුලිඳු පෙරේරා, තිසර ඒකනායක, ගයන වීරසිංහ, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), මහිත් පෙරේරා, දිනිරු අබේවික්‍රමසිංහ, හිවින් කෙනුල, ප්‍රවීන් මනීෂ, විහස් තෙව්මික, දුමිඳු සෙව්මිණ. 
  • එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – Luc Benkenstein (නායක), Keshana Fonseka, Freddie McCann, Noah Thain, Charlie Allison,  Rocky Flintoff, Haydon Mustard (කඩුලු රකින්නා), Harry Moore, Farhan Ahmed, Tazeem Chaudry Ali, Noah Cornwell. 

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ පුලිඳු පෙරේරා සහ තිසර ඒකනායක තරගයට සාර්ථක ආරම්භයක් ගෙන ආව ද ඔවුන්ට එතරම් ම දීර්ඝ ඉනිමක් කරා යෑමට හැකි වෙන්නේ නැහැ. තරගයේ පළමු කඩුල්ල ලෙසින් පුලිඳු පෙරේරා ලකුණු 19කට ඉනිම හැර යන අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 38ක් ව පැවැතියා.  

එම පන්දුවාරයේ දී ම තවත් ලකුණු 2ක් පමණක් ඉනිමට එක් වෙද්දී තිසර ඒකනායක (13) ද ඉනිම හැර යනවා. අනතුරු ව ලකුණු 60ක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ 3 වැනි කඩුල්ල ද බිඳ වැටෙනවා. ඒ ගහන වීරසිංහ (20) ගේ දැවී යෑමත් ද සමඟිනුයි.  

අනතුරු ව සිව් වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට ශාරුජන් ශම්මුගනාදන්ට සහ නායක දිනුර කළුපහනට හැකි වෙනවා.  

දිනුර කළුපහන පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් අර්ධ ශතකයකට ලකුණක් අඩුවෙන් තිබිය දී ඉනිම හැර යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැදී තිබුණේ කඩුලු 4කට ලකුණු 138ක් ලෙසයි.  

ඉන් අනතුරු ව කඩුල්ලේ දී ද ලකුණු 62ක සබඳතාවක් එක් කිරීමට ශාරුජන් ශම්මුගනාදන් සහ මහිත් පෙරේරා සමත් වෙනවා. ශාරුජන් ශම්මුගනාදන් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 57කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. 

මහිත් පෙරේරා සහ දිනිරු අබේවික්‍රමසිංහ 6 වැනි කඩුල්ලට පන්දු 67කින් ලකුණු 89ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට සමත් වෙනවා. ඉනිම අවසන් වීමට තවත් පන්දුවක් තිබිය දී දිනිරු අබේවික්‍රමසිංහ පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් දැවී යනවා.  

මහිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් නොදැවී ඉනිම අවසන් කරන්නේ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගනිමිනුයි. ඒ වෙද්දී අනෙක් අන්තයෙන් හිවින් කෙනුල (0) නොදැවී පිටියේ රැදී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Noah Cornwell ලකුණු 54කට කඩුලු 3ක් දවා ගත් අතර Luc Benkenstein, Farhan Ahmed සහ Noah Thain කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයන්ට ලෙහෙසියෙන් ඉලක්කය කරා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් පළමු පන්දුවාර 15 තුළ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වෙනවා.  

කෙසේ වෙතත් සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 96ක දී ලකුණු 90ක සබඳතාවක් ගොඩ නගන්නට නායක Luc Benkenstein සහ Noah Thain සමත් වෙනවා. හිසරදයක් ව තිබූ එම සබඳතාවෙන් Luc Benkenstein ඉවත් කිරීමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. 

ඒ වෙද්දී ඔහු පන්දු 50කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා. Noah Thain පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.  

ඔහුගේ දැවී යෑමත් සමඟින් තවත් ලකුණු 6ක් එංගලන්ත ඉනිමට එක් වෙද්දී තවත් කඩුල්ලක් ලබා ගැනීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වූව ද නැවත 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 26ක සබඳතාවක් සහ 9 වැනි කඩුල්ලේ දී ලකුණු 32ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට තර්ජනයක් දීමට ඔවුන් උත්සාහ කළා.  

නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වූ හිවින් කෙනුල සහ විහස් තෙව්මික විසින් පිට පිට යැවුණ පන්දුවාර 2ක පන්දු 3ක දී කඩුලු 2ක් දවා ගනිමින් සහ විහස් තෙව්මික සහ දිනුර කළුපහන විසින් පිට පිට යැවුණ පන්දුවාර 2ක පන්දු 4ක දී ලබා ගත් කඩුලු 2ත් සමඟින් ඔවුන්ගේ තරග ආක්‍රමණය අසාර්ථක කෙරුණා.   

පන්දු යැවීමේ දී විහස් තෙව්මික ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රි ලංකා ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර හිවින් කෙනුල, තිසර ඒකනායක සහ ප්‍රවීන් මනීෂ කඩුලු 2ක් බැගින් ද දිනුර කළුපහන කඩුල්ලක් ද දවා ගනිමින් එංගලන්ත ඉනිම පාලනය කළා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 294 (50.0) පුලිඳු පෙරේරා 19, ගයන වීරසිංහ 20, ශාරුජන් ශම්මුගනාදන් 57, දිනුර කළුපහන 49, මහිත් පෙරේරා 58, දිනිරු අබේවික්‍රමසිංහ 52, Noah Cornwell 3/54 

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 229 (43.3) Keshana Fonseka 25, Noah Thain 58, Luc Benkenstein 51, Rocky Flintoff 22, Harry Moore 26, හිවින් කෙනුල 2/28, තිසර ඒකනායක 2/48, විහස් තෙව්මික 3/37, ප්‍රවීන් මනීෂ 2/50 

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 65ක ජයක්.  

දෙරට අතර පැවැත් වෙන 2 වැනි යොවුන් එක්දින තරගය ජුලි මස 01 වැනිදා Hove හි  1 st Century County ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


England U19
229/10 (43.3)

Sri Lanka U19
294/6 (50)

Batsmen R B 4s 6s SR
Pulindu Perera c Noah Thain b Noah Cornwell 19 25 1 1 76.00
Thisara Ekanayake c Harry Moore b Noah Cornwell 13 14 1 0 92.86
Gayana Weerasinghe c Keshana Fonseka b Noah Thain 20 31 3 0 64.52
Sharujan Shanmuganathan c Farhan Ahmed b Noah Cornwell 57 75 7 0 76.00
Dinura Kalupahana lbw b Luc Benkenstein 49 59 4 1 83.05
Mahith Perera not out 58 60 4 0 96.67
Diniru Abeywickramasinghe b Noah Cornwell 52 37 2 0 140.54
Hivin Kenula not out 0 1 0 0 0.00


Extras 26 (b 0 , lb 11 , nb 2, w 13, pen 0)
Total 294/6 (50 Overs, RR: 5.88)
Bowling O M R W Econ
Noah Cornwell 9 0 54 3 6.00
Harry Moore 10 0 66 0 6.60
Farhan Ahmed 10 0 38 1 3.80
Noah Thain 7 0 39 1 5.57
Tazeem Chaudry Ali 7 0 37 0 5.29
Freddie McCann 3 0 23 0 7.67
Luc Benkenstein 4 0 26 1 6.50


Batsmen R B 4s 6s SR
Keshana Fonseka c Mahith Perera b Thisara Ekanayake 25 27 5 0 92.59
Freddie McCann b Vihas Thewmika 10 16 2 0 62.50
Noah Thain b Praveen Maneesha 58 69 7 0 84.06
Charlie Allison c Hivin Kenula b Thisara Ekanayake 8 20 0 0 40.00
Luc Benkenstein c Mahith Perera b Hivin Kenula 51 50 4 2 102.00
Rocky Flintoff c Gayana Weerasinghe b Hivin Kenula 22 25 3 0 88.00
Haydon Mustard b Praveen Maneesha 5 10 0 0 50.00
Harry Moore c Praveen Maneesha b Vihas Thewmika 26 28 2 0 92.86
Farhan Ahmed c & b Vihas Thewmika 1 2 0 0 50.00
Tazeem Chaudry Ali not out 13 12 0 1 108.33
Noah Cornwell b Dinura Kalupahana 0 2 0 0 0.00


Extras 10 (b 0 , lb 5 , nb 0, w 5, pen 0)
Total 229/10 (43.3 Overs, RR: 5.26)
Bowling O M R W Econ
Dumindu Sewmina 5 0 29 0 5.80
Hivin Kenula 6 0 28 2 4.67
Thisara Ekanayake 10 1 48 2 4.80
Vihas Thewmika 9 0 37 3 4.11
Dinura Kalupahana 4.3 0 24 1 5.58
Gayana Weerasinghe 1 0 8 0 8.00
Praveen Maneesha 8 0 50 2 6.25