Home Sinhala මෙන්ඩිස්ගේ අපල දුරු කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්!

මෙන්ඩිස්ගේ අපල දුරු කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්!

354
AP Photo

පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රේක්ෂකයින්ගේ විවිධ දෝෂාරෝපණ වලට ලක්වුනු ක්‍රීඩකයෙකු වන කුසල් මෙන්ඩිස් අද (31) සිම්බාබ්වේ පිළට එරෙහිව පැවති තරගයේ දී විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් නැවතත් ලකුණු අතරට පිවිසීමට සමත් විය. 

ඔහුගේ මෙම වෑයම නිසාම ශ්‍රී ලංකා පිළ අද දවස තුල සම්පූර්ණයෙන් දවා ගැනීමට බලා සිටි සිම්බාබ්වේ පිළට අවසානයේ සිදුවූයේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වනු දැකීමටයි. මේ නිසාවෙන්ම පළමු ටෙස්ට් තරගය ජයගෙන සිටි ශ්‍රී ලංකාවට 1-0ක් ලෙස තරගාවලි ජයග්‍රහණය ද හිමිවිය.

වර්ෂාවේ බාධා මැද 350කට වැඩි ඉලක්කයක්!

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි…

හරාරේ හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමටයි. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් ඔවුන් තම මුල් ඉනිම සඳහා ලකුණු 406ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගූහ. එහි මූලිකයා වූ සිම්බාබ්වේ නායක ශෝන් විලියම්ස් විශිෂ්ට ශතකයක් (107) වාර්තා කර ගත්තේය. මෙම අභියෝගය ජය ගැනීමට උත්සාහ කළ ශ්‍රී ලංකා පිළට සාර්ථක වීමට හැකි නොවූ අතර ලකුණු 293ක් වෙද්දී ඔවුන්ගේ සියලුම කඩුලු අහිමි වී ගියේය.

ඒ සිකන්දර් රාසාගේ දඟ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිළේ පිතිකරුවන් සත් දෙනෙකු මෙල්ල වූ බැවිනි. කණ්ඩායමේ එකම අර්ධ ශතක ලාභියා බවට ලකුණු 64ක් රැස් කරගත් ඇන්ජෙලෝ මැතිව්ස් පත්විය. ඉන්පසු තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිළ අද උදෑසනින්ම තම ඉනිම අත්හිටවූයේ තරග ජයක් පිලිබඳ බලාපොරොත්තු ඇතිවයි. ඒ වනවිට සිම්බාබ්වේ දෙවැනි ඉනිම කඩුලු 7කට ලකුණු 247ක් ලෙස සටහන් වූ අතර ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 361ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් තරගයක පස්වැනි දිනය තුල හඹායාම ඉතාම බැරෑරුම් සහ අවදානම් සහගත කාර්යයක් බව වටහාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් මුල සිටම අනුගමනය කළේ ආරක්ෂාකාරී තරග රටාවකි. ඒ යම් අතපසුවීමක් නිසා තමාව ටෙස්ට් තරගයකදී මුල් වරට පරාජය කිරීමට සිම්බාබ්වේ පිළට අවස්ථාව ලැබෙන බව සහ තරගාවලි ජයග්‍රහණය ද තමන්ට අහිමි වන බව හොඳින් වටහාගෙනයි. ඒ අනුව තරග ජයකට වඩා තරගාවලි ජයකට ශ්‍රී ලංකා පිළ ප්‍රිය කරන බව මුල සිටම ප්‍රදර්ශනය විය.

සංගා ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් නැවතත් ගාල්ලට

කුමාර් සංගක්කාර මහතා සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන මාලිබෝන් ක්‍රිකට් සමාජය සහ…

ඉනිමේ මුල් කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා සිටි නායක දිමුත් කරුණාරත්න දැවී ගියද ශ්‍රී ලංකාවට එය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා පිතිපෙළ අද වගකීම කරට ගෙන ක්‍රීඩා කළ බැවිනි. එහිදී ඕෂධ ප්‍රනාන්දු තම තේරීමට උපරිම සාධාරණයක් කරමින් ලකුණු 47ක් රැස්කර ගත්තේ තම අර්ධ ශතකය පෙනෙන මානයේ දී සිකන්දර් රාසාගේ පන්දුවකට ගොදුරු වෙමිනි. පන්දු 108කට මුහුණ දුන් ඕෂධ ඒ අතරතුර එල්ල කළේ හතරේ පහර 4ක් පමණි.

මෙම තරගාවලිය තුල සාර්ථකම පිතිකරුවා ලෙස හැඳින්විය හැකි ඇන්ජෙලෝ මැතිව්ස් අද දැවී ගියේ අවාසනාවන්ත ලකුණු 13ටයි. මේ වනවිට තම පන්දුවට පහර දීමේ වේගය අසාමාන්‍ය ලෙස අඩු කරගෙන ඇති මෙම පිතිකරුවා එම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් පන්දු 69කට මුහුණ දුන්නේය. කෙසේවෙතත් ජයග්‍රහණයක් පිලිබඳ අපේක්ෂාවක් නොමැති අවස්ථාවක දී මෙවන් අඩු ලකුණු වේගයක් පවත්වා ගැනීම වරදක් ලෙස සැලකීමට නොහැකිය. මැතිව්ස්ගේ දැවී යාමෙන් පසු කුසල් මෙන්ඩිස් සහ චන්දිමාල් දිනය අවසන් වනතුරු නොදැවී සිටියේ තරගාවලි ජය ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.

එහිදී තම ක්‍රීඩා දිවියේ නව ආරම්භයක් ලබාගත් කුසල් මෙන්ඩිස් තම සත්වැනි ටෙස්ට් ශතකය ලෙස ලකුණු 116ක් ලබා ගත්තේ හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සමඟයි. පසුගිය කාලයේ යම් පසුබෑමකට ලක්ව සිටියද අතීත දක්ෂතා සහ නිවැරදි තාක්ෂණයක් සහිත ක්‍රීඩකයෙකු වන මෙන්ඩිස්ට අද වාර්තා කරගත් ශතකය තම මානසික ශක්තිය නැවත වරක් ඔපමට්ටම් කර ගැනීමට රුකුලක් වනු ඇත. එය පෞද්ගලිකව ඔහුට පමණක් නොව සමස්ථ කණ්ඩායමටම වැදගත් වන්නේ අද ලබාගත් රිද්මය දිගටම පවත්වා ගතහොත් පමණි.

කණ්ඩායම් 26ක් සමඟින් පළමුපෙළ ක්‍රිකට් තරගාවලිය ජනවාරි 31 ඇරඹෙයි

2019/2020 ප්‍රිමියර් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් Major A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය…

ඒ අනුව තරගය අවසන් වනවිට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3කට ලකුණු 204ක් ලෙස සටහන් වූ අතර ශ්‍රී ලංකා පිළ ඒ වනවිට සිටියේ ජයග්‍රහණය වඩා ලකුණු 156ක් පිටුපසිනි. මෙම තරගාවලියේ ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූ දිනේෂ් චන්දිමාල් ඒ වනවිට නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය. තරගයේ වීරයා සම්මානය කඩුලු 8ක් බිඳ හෙලූ සිකන්දර් රාසා දිනා ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය ද්විත්ව ශතකයකට පවා හිමිකම් කියූ ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිවිය. කෙසේවෙතත් සිම්බාබ්වේ පිළ ද නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් තම ප්‍රතිවාදීන්ට ලබාදුන් අභියෝගය තරග දෙකේදීම කැපී පෙනෙන සිදුවීමක් විය.

Result

Match drawn

Sri Lanka
293/10 (119.5) & 204/3 (87)

Zimbabwe
406/10 (115.3) & 247/7 (75)

Batsmen R B 4s 6s SR
Prince Masvaure c Niroshan Dickwella b Lahiru Kumara 9 44 1 0 20.45
Kevin Kasuza b Suranga Lakmal 38 97 4 0 39.18
Craig Ervine c Oshada Fernando b Dhananjaya de Silva 12 11 1 1 109.09
Brendan Taylor lbw b Suranga Lakmal 62 62 10 1 100.00
Sean Williams b Dhananjaya de Silva 107 137 10 3 78.10
Sikandar Raza c Angelo Mathews b Lasith Embuldeniya 72 99 4 2 72.73
Regis Chakabva c Niroshan Dickwella b Lasith Embuldeniya 31 69 3 0 44.93
Tinotenda Mutombodzi lbw b Dhananjaya de Silva 33 99 4 0 33.33
Donald Tiripano c Suranga Lakmal b Lasith Embuldeniya 13 47 1 0 27.66
Carl Mumba not out 11 19 2 0 57.89
Victor Nyauchi c Dhananjaya de Silva b Lasith Embuldeniya 6 10 1 0 60.00


Extras 12 (b 8 , lb 3 , nb 1, w 0, pen 0)
Total 406/10 (115.3 Overs, RR: 3.52)
Fall of Wickets 1-21 (13.6) Prince Masvaure, 2-49 (19.4) Craig Ervine, 3-114 (32.6) Kevin Kasuza, 4-133 (36.5) Brendan Taylor, 5-292 (71.6) Sikandar Raza, 6-324 (78.5) Sean Williams, 7-362 (95.2) Regis Chakabva, 8-386 (110.1) Tinotenda Mutombodzi, 9-394 (111.6) Donald Tiripano, 10-406 (115.3) Victor Nyauchi,

Bowling O M R W Econ
Suranga Lakmal 22 9 37 2 1.68
Vishwa Fernando 14 1 45 0 3.21
Lahiru Kumara 20 5 60 1 3.00
Lasith Embuldeniya 42.3 8 182 4 4.30
Dhananjaya de Silva 17 1 71 3 4.18
Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne lbw b Sikandar Raza 44 120 3 0 36.67
Oshada Fernando c Regis Chakabva b Donald Tiripano 44 119 4 0 36.97
Kusal Mendis c Carl Mumba b Sikandar Raza 22 73 1 1 30.14
Angelo Mathews c Regis Chakabva b Carl Mumba 64 158 3 2 40.51
Dinesh Chandimal c & b Sikandar Raza 6 9 0 1 66.67
Dhananjaya de Silva b Sikandar Raza 42 64 5 1 65.62
Niroshan Dickwella lbw b Sikandar Raza 1 6 0 0 16.67
Suranga Lakmal c Tinotenda Mutombodzi b Sikandar Raza 5 27 0 0 18.52
Lasith Embuldeniya c Brian Mudzinganyama b Sikandar Raza 5 39 0 0 12.82
Vishwa Fernando c Regis Chakabva b Victor Nyauchi 38 81 5 0 46.91
Lahiru Kumara not out 3 22 0 0 13.64


Extras 19 (b 9 , lb 10 , nb 0, w 0, pen 0)
Total 293/10 (119.5 Overs, RR: 2.45)
Fall of Wickets 1-94 (36.2) Dimuth Karunarathne, 2-104 (43.1) Oshada Fernando, 3-134 (62.5) Kusal Mendis, 4-142 (64.5) Dinesh Chandimal, 5-226 (86.3) Dhananjaya de Silva, 6-228 (88.2) Niroshan Dickwella, 7-242 (94.3) Suranga Lakmal, 8-244 (97.1) Angelo Mathews, 9-268 (108.4) Lasith Embuldeniya, 10-293 (119.5) Vishwa Fernando,

Bowling O M R W Econ
Carl Mumba 18 4 43 1 2.39
Sikandar Raza 43 8 113 7 2.63
Donald Tiripano 24 12 30 1 1.25
Victor Nyauchi 22.5 7 40 1 1.78
Tinotenda Mutombodzi 12 1 48 0 4.00
Batsmen R B 4s 6s SR
Prince Masvaure run out (Dhananjaya de Silva) 35 105 3 1 33.33
Craig Ervine c Niroshan Dickwella b Vishwa Fernando 13 43 1 0 30.23
Regis Chakabva c Dhananjaya de Silva b Lasith Embuldeniya 15 39 1 0 38.46
Brendan Taylor lbw b Lahiru Kumara 67 75 7 1 89.33
Timycen Maruma st Niroshan Dickwella b Lasith Embuldeniya 0 14 0 0 0.00
Sikandar Raza lbw b Vishwa Fernando 34 74 4 0 45.95
Sean Williams not out 53 77 6 1 68.83
Tinotenda Mutombodzi b Suranga Lakmal 8 22 0 0 36.36
Donald Tiripano not out 1 2 0 0 50.00


Extras 21 (b 4 , lb 15 , nb 1, w 1, pen 0)
Total 247/7 (75 Overs, RR: 3.29)
Fall of Wickets 1-32 (11.2) Craig Ervine, 2-64 (23.3) Regis Chakabva, 3-111 (38.2) Prince Masvaure, 4-124 (42.4) Timycen Maruma, 5-151 (49.3) Brendan Taylor, 6-221 (67.5) Sikandar Raza, 7-240 (74.3) Tinotenda Mutombodzi,

Bowling O M R W Econ
Suranga Lakmal 18 5 34 1 1.89
Dhananjaya de Silva 7 2 32 0 4.57
Vishwa Fernando 20 5 43 2 2.15
Lahiru Kumara 10 2 38 0 3.80
Lasith Embuldeniya 20 0 81 2 4.05


Batsmen R B 4s 6s SR
Oshada Fernando lbw b Sikandar Raza 47 108 4 0 43.52
Dimuth Karunarathne c Regis Chakabva b Carl Mumba 12 38 0 0 31.58
Kusal Mendis not out 116 233 13 1 49.79
Angelo Mathews c Craig Ervine b Victor Nyauchi 13 69 1 0 18.84
Dinesh Chandimal not out 13 75 0 0 17.33


Extras 3 (b 1 , lb 1 , nb 1, w 0, pen 0)
Total 204/3 (87 Overs, RR: 2.34)
Fall of Wickets 1-26 (13.4) Dimuth Karunarathne, 2-107 (38.1) Oshada Fernando, 3-140 (61.2) Angelo Mathews,

Bowling O M R W Econ
Sikandar Raza 32 10 63 1 1.97
Donald Tiripano 16 10 15 0 0.94
Carl Mumba 4 1 13 1 3.25
Sean Williams 16 0 49 0 3.06
Victor Nyauchi 12 3 43 1 3.58
Tinotenda Mutombodzi 7 2 19 0 2.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<