සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (21) දිනයේ දී හරාරේ ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක විය.
සිම්බාබ්වේට එරෙහිව ඇඹුලාගෙන් කඩුලු 5ක්!
ශ්‍රී ලංකා පිළේ සිම්බාබ්වේ තරග සංචාරය අරඹමින් හරාරේ හිදී ක්‍රියාත්මක වන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.
තරගයේ සිය පළමු පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 295 ක් වාර්තා කරගෙන සිටින්නේ සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු 63 ක් පසුපසින් සිටිමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් මේ ලකුණු සටහන සඳහා කුසල් මෙන්ඩිස් ලබාගත් 11 වන ටෙස්ට් අර්ධ ශතකය සහ ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් 35 වන ටෙස්ට් අර්ධ ශතක ඉනිම ඉතාමත් විශාල රුකුලක් විය.
තරගයේ තෙවන දිනය ආරම්භ වන විට සිය පළමු පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 42 ක් රැස්කර ගෙන සිටියහ. එතැන් සිට පිටියේ එක්වූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල සඳහා ගොඩනංවමින් තිබූ සබඳතාවය තවදුරටත් සවිමත් කරමින් ලකුණු 60 ක සබඳතාවයක් දෙවන කඩුල්ල සඳහා ගොඩනංවන ලදි. දිනයේ පළමු කඩුල්ල ලෙස හතරේ පහර 4 ක් සමඟ ලකුණු 37 ක් රැස්කර ගෙන සිටි කරුණාරත්න, වික්ටර් ඉනියවුචිගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
අනතුරුව පිටියට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් සහ දකුණතින් පිතිකරණයේ නිරත වන මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමේ වගකීම හැකි උපරිමයෙන් ඉටු කරමින් තෙවන කඩුල්ල සඳහා ද ලකුණු 92 ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූහ. පසුගිය ටෙස්ට් තරග කිහිපය පුරාවටම ලකුණු ඉඩෝරයකින් සිටි මෙන්ඩිස් මෙම තරගයේ පළමු ඉනිම තුළ ලකුණු 80 ක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කළේය. මෙන්ඩිස්ගේ එම වටිනා ඉනිම සඳහා හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර ඉනියවුචි මෙම තරගය තුළ දවා ගත් දෙවන කඩුල්ල ලෙස මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගත්තේ බ්‍රෙන්ඩන් ටේලර්ගේ ද සහය ඇතිවයි.
ඩර්බන් වීරයාට වැට බැඳි අරුම පුදුම තේරීම
දක්ෂයාට නිසි තැන ලබා දෙමින්, ඔවුන් සතු හැකියාවන් තවදුරටත් ඔප්නංවාලීමට අවශ්‍ය අතහිත නොමදව, නොමසුරුව….
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් හට මෙම තරගයේ පළමු ඉනිම තුළ දී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 12 ක් පමණි. කෙසේ නමුත් මෑත කාලය තුළ ඉතාමත් හොඳින් සිය තුන් ඉරියව් දස්කම් විදහා දැක්වූ ධනංජය ද සිල්වා මැතිව්ස් සමඟින් එක්ව පස්වන කඩුල්ල වෙනුවෙන් ස්ථාවර සබඳතාවයක් ගොඩනංවා තිබෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම රැස්කර ගත් ලකුණු 358 ට පිළිතුරු ලෙස සාර්ථක ලකුණු පුවරුවක් වෙත යාම ඉලක්ක කරගෙනයි.
ලකුණු 227/4 ක් ලෙස දිස්වූ ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ගෞරවාන්විත මට්ටමකට ඔසවා තැබූ මැතිව්ස් සහ ධනංජය තරගයේ තෙවන දිනය අවසන් වන විට පස්වන කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 68* ක සබඳතාවයක් ගොඩනංවා තිබේ.
නොදැවී ක්‍රීඩා කරමින් සිටින මැතිව්ස් හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 92* ක් රැස්කර ගෙන සිය 10 වන ටෙස්ට් ශතකය ආසන්නයේ සිටින අතර අනෙක් අන්තයේ සිටින ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42* ක් රැස්කර ගනිමින් සිය 6 වන ටෙස්ට් අර්ධ ශතකය ආසන්නයේ රැඳී සිටියි. ධනංජයගේ එම ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්ය.
පන්දු යැවීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ හොඳම පන්දු යවන්නා ලෙස වික්ටර් ඉනියවුචි ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත්ව ඇත. දකුණතින් මද වේගපන්දු යවන ඉනියවුචි, සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත්තේ මෙම තරගයේ දී වීම විශේෂත්වයකි.
තරගය හෙට (22) සිව්වන දිනයටත් පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Dimuth Karunaratne b Lasith Embuldeniya | 55 | 149 | 7 | 0 | 36.91 |
Kevin Kasuza | lbw b Lahiru Kumara | 63 | 214 | 5 | 1 | 29.44 |
Craig Ervine | b Suranga Lakmal | 85 | 187 | 5 | 3 | 45.45 |
Brendan Taylor | lbw b Suranga Lakmal | 21 | 47 | 1 | 1 | 44.68 |
Sean Williams | c Niroshan Dickwella b Lasith Embuldeniya | 18 | 46 | 1 | 1 | 39.13 |
Sikandar Raza | st Niroshan Dickwella b Lasith Embuldeniya | 41 | 65 | 6 | 0 | 63.08 |
Regis Chakabva | c Angelo Mathews b Lasith Embuldeniya | 8 | 20 | 1 | 0 | 40.00 |
Donald Tiripano | not out | 44 | 103 | 3 | 0 | 42.72 |
Kyle Jarvis | b Lasith Embuldeniya | 1 | 5 | 0 | 0 | 20.00 |
Ainsley Ndlovu | c Kusal Mendis b Lahiru Kumara | 5 | 25 | 1 | 0 | 20.00 |
Victor Nyauchi | c Lakshan Sandakan b Suranga Lakmal | 11 | 29 | 1 | 0 | 37.93 |
Extras | 6 (b 0 , lb 4 , nb 2, w 0, pen 0) |
Total | 358/10 (148 Overs, RR: 2.42) |
Fall of Wickets | 1-96 (50.1) Prince Masvaure, 2-164 (75.3) Kevin Kasuza, 3-208 (91.5) Brendan Taylor, 4-247 (106.3) Sean Williams, 5-247 (107.2) Craig Ervine, 6-266 (114.2) Regis Chakabva, 7-307 (128.4) Sikandar Raza, 8-309 (130.1) Kyle Jarvis, 9-328 (139.1) Ainsley Ndlovu, 10-358 (147.6) Victor Nyauchi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 27 | 10 | 53 | 3 | 1.96 | |
Kasun Rajitha | 29 | 9 | 55 | 0 | 1.90 | |
Lasith Embuldeniya | 42 | 12 | 114 | 5 | 2.71 | |
Lahiru Kumara | 29 | 8 | 82 | 2 | 2.83 | |
Dhananjaya de Silva | 21 | 8 | 50 | 0 | 2.38 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | c Ainsley Ndlovu b Victor Nyauchi | 37 | 78 | 4 | 0 | 47.44 |
Oshada Fernando | b Donald Tiripano | 21 | 41 | 2 | 0 | 51.22 |
Kusal Mendis | c Brendan Taylor b Victor Nyauchi | 80 | 163 | 8 | 0 | 49.08 |
Angelo Mathews | not out | 200 | 468 | 16 | 3 | 42.74 |
Dinesh Chandimal | c & b Sean Williams | 12 | 32 | 1 | 0 | 37.50 |
Dhananjaya de Silva | c Prince Masvaure b Victor Nyauchi | 63 | 112 | 7 | 0 | 56.25 |
Niroshan Dickwella | lbw b Sikandar Raza | 63 | 120 | 3 | 0 | 52.50 |
Suranga Lakmal | st Regis Chakabva b Sikandar Raza | 27 | 41 | 0 | 2 | 65.85 |
Lasith Embuldeniya | b Sikandar Raza | 0 | 1 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | lbw b Sean Williams | 1 | 6 | 0 | 0 | 16.67 |
Extras | 11 (b 2 , lb 5 , nb 4, w 0, pen 0) |
Total | 515/9 (176.2 Overs, RR: 2.92) |
Fall of Wickets | 1-32 (11.1) Oshada Fernando, 2-92 (28.6) Dimuth Karunaratne, 3-184 (66.2) Kusal Mendis, 4-227 (81.4) Dinesh Chandimal, 5-325 (116.2) Dhananjaya de Silva, 6-461 (160.3) Niroshan Dickwella, 7-510 (173.4) Suranga Lakmal, 8-510 (173.5) Lasith Embuldeniya, 9-515 (176.2) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kyle Jarvis | 37 | 12 | 84 | 0 | 2.27 | |
Victor Nyauchi | 32 | 7 | 69 | 3 | 2.16 | |
Donald Tiripano | 31 | 3 | 82 | 1 | 2.65 | |
Ainsley Ndlovu | 28 | 3 | 107 | 0 | 3.82 | |
Sean Williams | 32.2 | 3 | 104 | 2 | 3.23 | |
Sikandar Raza | 16 | 0 | 62 | 3 | 3.88 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Niroshan Dickwella b Suranga Lakmal | 17 | 58 | 2 | 0 | 29.31 |
Brian Mudzinganyama | lbw b Suranga Lakmal | 16 | 62 | 2 | 0 | 25.81 |
Craig Ervine | c Dimuth Karunaratne b Suranga Lakmal | 7 | 13 | 0 | 0 | 53.85 |
Brendan Taylor | c Kusal Mendis b Suranga Lakmal | 38 | 58 | 5 | 1 | 65.52 |
Sean Williams | c Niroshan Dickwella b Kasun Rajitha | 39 | 79 | 5 | 0 | 49.37 |
Sikandar Raza | st Niroshan Dickwella b Lasith Embuldeniya | 17 | 55 | 1 | 0 | 30.91 |
Regis Chakabva | b Lasith Embuldeniya | 26 | 142 | 1 | 0 | 18.31 |
Donald Tiripano | lbw b Lahiru Kumara | 6 | 61 | 1 | 0 | 9.84 |
Kyle Jarvis | b Lahiru Kumara | 1 | 15 | 0 | 0 | 6.67 |
Ainsley Ndlovu | b Lahiru Kumara | 0 | 7 | 0 | 0 | 0.00 |
Victor Nyauchi | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 170/10 (92 Overs, RR: 1.85) |
Fall of Wickets | 1-33 (18.2) Prince Masvaure, 2-36 (20.3) Brian Mudzinganyama, 3-41 (22.3) Craig Ervine, 4-120 (44.3) Brendan Taylor, 5-120 (45.2) Sean Williams, 6-148 (62.1) Sikandar Raza, 7-159 (81.6) Donald Tiripano, 8-163 (85.6) Kyle Jarvis, 9-165 (89.4) Ainsley Ndlovu, 10-170 (91.6) Regis Chakabva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 20 | 8 | 27 | 4 | 1.35 | |
Kasun Rajitha | 14 | 6 | 23 | 1 | 1.64 | |
Dhananjaya de Silva | 11 | 6 | 12 | 0 | 1.09 | |
Lahiru Kumara | 21 | 8 | 32 | 3 | 1.52 | |
Lasith Embuldeniya | 26 | 8 | 74 | 2 | 2.85 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | not out | 4 | 5 | 0 | 0 | 80.00 |
Dimuth Karunaratne | not out | 10 | 13 | 1 | 0 | 76.92 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 14/0 (3 Overs, RR: 4.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Donald Tiripano | 2 | 0 | 8 | 0 | 4.00 | |
Victor Nyauchi | 1 | 0 | 6 | 0 | 6.00 |