ශ්‍රී ලංකා පිළේ සිම්බාබ්වේ තරග සංචාරය අරඹමින් හරාරේ හිදී ක්‍රියාත්මක වන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. එහිදී ශ්‍රේණිගත කිරීම් වල ඉතා පහළින් සිටින සිම්බාබ්වේ පිළ පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් මුල් ඉනිම සඳහා ලකුණු 358ක් රැස්කර ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිළ පැත්තෙන් අද දිනයේ (20) දැකිය හැකි වූ එකම සැනසිලිදායක කරුණ වූයේ යොවුන් ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය බිඳ හෙලූ කඩුලු 5 පමණි!
සිම්බාබ්වේ පිළේ නොසිතූ දස්කම් නිසා ශ්‍රී ලංකාවට දෙලෝ රත්වෙයි!
ශ්‍රේණිගත කිරීම් වල පහළින් සිටින, මෑත කාලයේ………..
එරට වේලාවෙන් අද උදෑසන තරගය ආරම්භ වනවිට සිම්බාබ්වේ පිළ කඩුලු 2ක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 189කි. ඒ ඔවුන්ගේ මුල් පිතිකරුවන් තිදෙනාම ඊයේ අර්ධ ශතක ලබා ගැනීමට සමත් වීමත් සමඟයි. සිම්බාබ්වේ පිළ එවන් දස්කමක් දැක්වූ පළමු අවස්ථාව ලෙසද එය ඉතිහාසයට එක්විය. කෙසේවෙතත් අද උදෑසන ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තමන්ට ලැබුණු පළමු අභියෝගය සාර්ථකව නිම කිරීමට සමත් වූහ.
ඒ ඊයේ දිනය අවසන් වනතුරු කඩුල්ල බේරාගත් ක්‍රේග් අර්වයින් සහ බ්‍රෙන්ඩන් ටේලර් යන පළපුරුදු පිතිකරුවන් දෙදෙනා අතර සබඳතාවය ඉක්මනින්ම බිඳ හෙලීමයි. යම් හෙයකින් මෙම සබඳතාවය අද දිනයේ වර්ධනය වූවානම් ශ්‍රී ලංකාවට මීටත් වඩා දැවැන්ත ලකුණු පුවරුවක් පසුපස හඹා යාමට සිදුවන්නට තිබුණි. එහිදී අත්දැකීම් සහිත පන්දු යවන්නෙකු ලෙස තම යුතුකම ඉටුකළ සුරංග ලක්මාල් විසින් බ්‍රෙන්ඩන් ටේලර්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගන්නේ එවන් විපත්තියකට ඉඩ නොතබමිනි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉක්මනින්ම තවත් කඩුලු කිහිපයක් බිඳ හෙලීමේ අවස්ථාව හිමිවූ අතර මුළු ලකුණු 266ක් වනවිට සිම්බාබ්වේ පිළේ කඩුලු 6ක් බිඳ වැටී අවසන් විය. කෙසේවෙතත් පසුපෙළ පිතිකරුවන් ලෙස සිකන්දර් රාසා ලබාගත් ලකුණු 41ත්, ඩොනල්ඩ් තිරිපානෝ නොදැවී රැස්කළ ලකුණු 44ත් නිසා සිම්බාබ්වේ පිළට ලකුණු 358ක් දක්වා තම මුල් ඉනිම වර්ධනය කර ගැනීමට හැකිවිය. සාමාන්‍යයෙන් පන්දු යවන්නෙකු ලෙස ලෝකය හඳුනාගෙන සිටින තිරිපානෝට අද මග හැරුනේ තම මංගල අර්ධ ශතකයයි.
සීමන්ස් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි
සාන්ත කිට්ස් හී වෝනර් පාක් ක්‍රීඩාංගණයේ දී ඊයේ………
ශ්‍රී ලංකා පිළට වැඩිම හිසරදය බවට පත්වූ ක්‍රේග් අර්වයින් අවසානයේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල බිඳ ගන්නා විට ලකුණු 85ක් ලබා සිටියේය. ඒ දක්වා පන්දු 187කට මුහුණ දුන් ඔහු ඒ අතරතුර හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කළේය. පන්දු යැවීමේ දී ඉතාමත් වෙහෙසකර දින දෙකක් අවසන් කළ ලසිත් ඇඹුල්දෙණිය පන්දුවාර 42ක් තනිව ක්‍රියාත්මක කරමින් කඩුලු 5ක් දවා ගත්තේය. මීට අමතරව සුරංග ලක්මාල් කඩුලු 3කටත්, ලහිරු කුමාර කඩුලු 2කටත් හිමිකම් කියූහ.
සිම්බාබ්වේ ඉනිම අවසන් වනවිට දිනය නිමාවීමට තවත් පැයක පමණ කාලයක් ඉතිරිව තිබූ නිසා ශ්‍රී ලංකා පිළට සිදුවූයේ පන්දුවාර 14ක් සඳහා පිතිකරණයේ යෙදීමටයි. එහිදී සැඳෑ ආරක්ෂකයින් භාවිතා නොකළ ශ්‍රී ලංකා පිළේ එක් කඩුල්ලක් දඩයම් කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය. එහිදී දැවී ගියේ තිරිපානෝගේ පන්දුවක් හමුවේ ලකුණු 21 දී කෙලින්ම කඩුල්ල බිඳගත් ඕෂධ ප්‍රනාන්දුයි.
මේ වනවිට නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 12කුත්, කුසල් මෙන්ඩිස් ලකුණු 6කුත් ලබා සිටියි. කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 42ට එක් කඩුල්ලක් ලෙසයි. මේ අනුව විශාල අභියෝගයක් හිමිව ඇති ශ්‍රී ලංකා පිළ හෙට උදෑසන සිට පෙන්වන දස්කම් තරගයේ තීරණයට සෘජුවම බලපානු ඇත.
එහිදී මතභේදයට තුඩුදී ඇති තේරීමක් වන කුසල් මෙන්ඩිස් හෙට දිනයේ ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත ඔහු තවදුරටත් ප්‍රේක්ෂකයින්ගෙන් තවදුරටත් ඈත් වීම හෝ ප්‍රේක්ෂකයින්ට වඩා සමීප වීම නිරූපණය කරනු ඇත. ඒ සාපේක්ෂව දුර්වල කණ්ඩායමක් හමුවේ ඔහුට මේ ලැබී ඇත්තේ නැවතත් ලකුණු අතරට පිවිසීමේ සහන කාලයක් වන බැවිනි.
යොවුන් පිළේ කුළුඳුල් සිහිනය ඉන්දියාව හමුවේ බොඳවෙයි!
මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන යොවුන්……….
කණ්ඩායමේ සිටින්නේ පිතිකරුවන් 7 දෙනෙකු පමණක් වන නිසාත්, ඉතිරි 4 දෙනාගේ පිතිකරණ හැකියාව පිලිබඳ විශ්වාසයක් තැබිය නොහැකි නිසාත් මුල්පෙළ පිතිකරුවන් හෙට දිනයේ වගකීම කරට ගැනීම අනිවාර්ය වනු ඇත. එසේ නොවුනහොත් කණගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදු වන්නේ දෙවැනි ඉනිමේ දී තරගය කණපිට හැරවීම නම් ඉතාමත්ම අපහසු විය හැකි බවයි!
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Dimuth Karunaratne b Lasith Embuldeniya | 55 | 149 | 7 | 0 | 36.91 |
Kevin Kasuza | lbw b Lahiru Kumara | 63 | 214 | 5 | 1 | 29.44 |
Craig Ervine | b Suranga Lakmal | 85 | 187 | 5 | 3 | 45.45 |
Brendan Taylor | lbw b Suranga Lakmal | 21 | 47 | 1 | 1 | 44.68 |
Sean Williams | c Niroshan Dickwella b Lasith Embuldeniya | 18 | 46 | 1 | 1 | 39.13 |
Sikandar Raza | st Niroshan Dickwella b Lasith Embuldeniya | 41 | 65 | 6 | 0 | 63.08 |
Regis Chakabva | c Angelo Mathews b Lasith Embuldeniya | 8 | 20 | 1 | 0 | 40.00 |
Donald Tiripano | not out | 44 | 103 | 3 | 0 | 42.72 |
Kyle Jarvis | b Lasith Embuldeniya | 1 | 5 | 0 | 0 | 20.00 |
Ainsley Ndlovu | c Kusal Mendis b Lahiru Kumara | 5 | 25 | 1 | 0 | 20.00 |
Victor Nyauchi | c Lakshan Sandakan b Suranga Lakmal | 11 | 29 | 1 | 0 | 37.93 |
Extras | 6 (b 0 , lb 4 , nb 2, w 0, pen 0) |
Total | 358/10 (148 Overs, RR: 2.42) |
Fall of Wickets | 1-96 (50.1) Prince Masvaure, 2-164 (75.3) Kevin Kasuza, 3-208 (91.5) Brendan Taylor, 4-247 (106.3) Sean Williams, 5-247 (107.2) Craig Ervine, 6-266 (114.2) Regis Chakabva, 7-307 (128.4) Sikandar Raza, 8-309 (130.1) Kyle Jarvis, 9-328 (139.1) Ainsley Ndlovu, 10-358 (147.6) Victor Nyauchi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 27 | 10 | 53 | 3 | 1.96 | |
Kasun Rajitha | 29 | 9 | 55 | 0 | 1.90 | |
Lasith Embuldeniya | 42 | 12 | 114 | 5 | 2.71 | |
Lahiru Kumara | 29 | 8 | 82 | 2 | 2.83 | |
Dhananjaya de Silva | 21 | 8 | 50 | 0 | 2.38 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | c Ainsley Ndlovu b Victor Nyauchi | 37 | 78 | 4 | 0 | 47.44 |
Oshada Fernando | b Donald Tiripano | 21 | 41 | 2 | 0 | 51.22 |
Kusal Mendis | c Brendan Taylor b Victor Nyauchi | 80 | 163 | 8 | 0 | 49.08 |
Angelo Mathews | not out | 200 | 468 | 16 | 3 | 42.74 |
Dinesh Chandimal | c & b Sean Williams | 12 | 32 | 1 | 0 | 37.50 |
Dhananjaya de Silva | c Prince Masvaure b Victor Nyauchi | 63 | 112 | 7 | 0 | 56.25 |
Niroshan Dickwella | lbw b Sikandar Raza | 63 | 120 | 3 | 0 | 52.50 |
Suranga Lakmal | st Regis Chakabva b Sikandar Raza | 27 | 41 | 0 | 2 | 65.85 |
Lasith Embuldeniya | b Sikandar Raza | 0 | 1 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | lbw b Sean Williams | 1 | 6 | 0 | 0 | 16.67 |
Extras | 11 (b 2 , lb 5 , nb 4, w 0, pen 0) |
Total | 515/9 (176.2 Overs, RR: 2.92) |
Fall of Wickets | 1-32 (11.1) Oshada Fernando, 2-92 (28.6) Dimuth Karunaratne, 3-184 (66.2) Kusal Mendis, 4-227 (81.4) Dinesh Chandimal, 5-325 (116.2) Dhananjaya de Silva, 6-461 (160.3) Niroshan Dickwella, 7-510 (173.4) Suranga Lakmal, 8-510 (173.5) Lasith Embuldeniya, 9-515 (176.2) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kyle Jarvis | 37 | 12 | 84 | 0 | 2.27 | |
Victor Nyauchi | 32 | 7 | 69 | 3 | 2.16 | |
Donald Tiripano | 31 | 3 | 82 | 1 | 2.65 | |
Ainsley Ndlovu | 28 | 3 | 107 | 0 | 3.82 | |
Sean Williams | 32.2 | 3 | 104 | 2 | 3.23 | |
Sikandar Raza | 16 | 0 | 62 | 3 | 3.88 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Niroshan Dickwella b Suranga Lakmal | 17 | 58 | 2 | 0 | 29.31 |
Brian Mudzinganyama | lbw b Suranga Lakmal | 16 | 62 | 2 | 0 | 25.81 |
Craig Ervine | c Dimuth Karunaratne b Suranga Lakmal | 7 | 13 | 0 | 0 | 53.85 |
Brendan Taylor | c Kusal Mendis b Suranga Lakmal | 38 | 58 | 5 | 1 | 65.52 |
Sean Williams | c Niroshan Dickwella b Kasun Rajitha | 39 | 79 | 5 | 0 | 49.37 |
Sikandar Raza | st Niroshan Dickwella b Lasith Embuldeniya | 17 | 55 | 1 | 0 | 30.91 |
Regis Chakabva | b Lasith Embuldeniya | 26 | 142 | 1 | 0 | 18.31 |
Donald Tiripano | lbw b Lahiru Kumara | 6 | 61 | 1 | 0 | 9.84 |
Kyle Jarvis | b Lahiru Kumara | 1 | 15 | 0 | 0 | 6.67 |
Ainsley Ndlovu | b Lahiru Kumara | 0 | 7 | 0 | 0 | 0.00 |
Victor Nyauchi | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 170/10 (92 Overs, RR: 1.85) |
Fall of Wickets | 1-33 (18.2) Prince Masvaure, 2-36 (20.3) Brian Mudzinganyama, 3-41 (22.3) Craig Ervine, 4-120 (44.3) Brendan Taylor, 5-120 (45.2) Sean Williams, 6-148 (62.1) Sikandar Raza, 7-159 (81.6) Donald Tiripano, 8-163 (85.6) Kyle Jarvis, 9-165 (89.4) Ainsley Ndlovu, 10-170 (91.6) Regis Chakabva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 20 | 8 | 27 | 4 | 1.35 | |
Kasun Rajitha | 14 | 6 | 23 | 1 | 1.64 | |
Dhananjaya de Silva | 11 | 6 | 12 | 0 | 1.09 | |
Lahiru Kumara | 21 | 8 | 32 | 3 | 1.52 | |
Lasith Embuldeniya | 26 | 8 | 74 | 2 | 2.85 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | not out | 4 | 5 | 0 | 0 | 80.00 |
Dimuth Karunaratne | not out | 10 | 13 | 1 | 0 | 76.92 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 14/0 (3 Overs, RR: 4.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Donald Tiripano | 2 | 0 | 8 | 0 | 4.00 | |
Victor Nyauchi | 1 | 0 | 6 | 0 | 6.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<