සිම්බාබ්වේ සංචාරයට Blue Mountain සමාගමෙන් අනුග්‍රහය

499
Blue Mountain bags title sponsorship

දේපල සංවර්ධන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Blue Mountain සමාගම, 2016 වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සහ සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ද නිල අනුග්‍රාහකත්ව අයිතිය ලබාගෙන ඇත.

පසුගිය ලිපි: “මට විශ්වාසයි අපේ කණ්ඩායම සිම්බාබ්වේදී හොඳින් දක්ෂතා දක්වනවා කියලා” – හේරත්

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (27) කොළඹදී පැවති අතර එහිදී Blue Mountain සමාගමේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ “ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට නිල අනුග්‍රාහකත්ව අයිතිය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව අප මහත් සතුටට පත්වනවා. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සහ ඉන් අනතුරුව ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ද නිල අනුග්‍රාහකත්වය හිමිකර ගැනීමට අප සමාගමට අවස්ථාව හිමි ව ඇත. ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේම කොටසක්. එබැවින් එවන් වූ ක්‍රීඩාවක් වෙනුවෙන් සහාය දැක්වීමට හැකීවීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලාංකකියන්ගේ ජීවිත සතුටින් පුරාවලමින් ඔවුන්ගේ  අපේක්ෂාවන් ඉටු කරදීම වෙනුවෙන් අපි දරන දැවැන්ත පරිශ්‍රමයයි.”

“දක්ෂ නව ක්‍රීඩකයින් රැසක්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සතුව සිටිනවා. ඔවුන් මෙම සිම්බාබ්වේ තරග සංචාරය පුරා ඔවුන්ගේ දස්කම් මනාව පෙන්නුම් කරනු ඇතැයි විශ්වාස කරනවා. මෑතකදී නිමාවූ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ලබා ගත් අත්දැකීම් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සඳහා ඔවුන්ට ශක්තියක් වනවාට කිසිදු සැකයක් නැහැ” යැයි මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.  

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ රංගන හේරත් විසින් වන අතර මේ වන විටත් ඔහු ප්‍රමුඛ කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකාව මෙම සිම්බාබ්වේ සංචාරයේදී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එහි පළමු තරගය ඔක්තෝම්බර් මස 29 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි තරගය නොවැම්බර් 06 වැනිදා සිට 10 වැනිදා දක්වා හරාරේ හිදීම පැවැත්වේ.  

තවද ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමඟින් තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී විමට නියමිත අතර එම තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට