Home Sinhala චන්දිමාල් හා ධනංජය දිගටම සටනේ

චන්දිමාල් හා ධනංජය දිගටම සටනේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

359
newsCombo

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් තරගයේ දෙවැනි දිනය අද (31) උදෑසන නිමා වුනා. පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 136ක් රැස් කරගෙන සිටියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් හා ධනංජය ද සිල්වා ලකුණු 23 බැගින් රැස් කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. 

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය දිනා කොදෙව් කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා. පළමු දිනය අවසානයේ කොදෙව් ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 287ට කඩුලු 7ක් ලෙසයි. කොදෙව් නායක Kraigg Brathwaite ලකුණු 99ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ඔහු අද උදෑසනම සිය නවවැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගත්තේ කිසිදු අපහසුවකින් තොරවයි. 

Kraigg Brathwaite සමඟ එක්වූ Rahkeem Cornwall පන්දු 92කින් ලකුණු 73ක් රැස් කළේ තරගාවලියේ සිය දෙවැනි අර්ධ ශතකය රැස් කරමිනුයි. Cornwall හා Brathwaite අටවැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවයක් ගොඩ නගන්නට සමත් වුනා. සුරංග ලක්මාල් සිය සිව්වැනි කඩුල්ල ලෙස Cornwall දවා ගන්නට සමත් වුණු අතර කොදෙව් ඉනිමේ අවසන් කඩුලු දෙක දුෂ්මන්ත චමීර දවා ගත්තා. Brathwaite කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 311ක දී ලකුණු 126ක් රැස් කිරීමෙන් අනතුරුවයි.

කොදෙව් පළමු ඉනිම ලකුණු 354කට සීමා කරමින් සුරංග ලක්මාල් ලකුණු 94කට කඩුලු හතරක් හා දුෂ්මන්ත චමීර ලකුණු 69කට කඩුලු 3ක් දවා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න;

සුපුරුදු ලෙස ලහිරු තිරිමාන්න හා නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළ නමුත් කරුණාරත්න හට වැඩි වෙලාවක් පිටියේ රැඳී සිටින්නට වාසනාව හිමි වුනේ නැහැ. Alzarri Josephගේ පන්දුවක් හමුවේ Bonner ගුවනේ පාවී ගොස් රැක ගත් විශිෂ්ට උඩ පන්දුව නිසා දිමුත් කරුණාරත්නට ලකුණකට ආපසු හැරී යන්නට සිදු වුනා.

කෙසේ වෙතත් ලහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු සමඟ ලකුණු 46ක හොඳ සබඳතාවයක් ගොඩ නගන්නට සමත් වුනා. සුළු වර්ෂාවක් නිසා තරගය මදක් නවත්වන්නට සිදු වුණු අතර වර්ෂාවෙන් පසුව ක්‍රියාත්මක වුණු Kyle Mayers නැවත වතාවක්  ඕෂද ප්‍රනාන්දු දවා ගන්නට සමත් වුනා. ප්‍රනාන්දු පන්දු 71ක දී ලකුණු 67ක් රැස් කළා.

පෙර තරගයේ දී ද ඉනිම දෙකේම අර්ධ ශතක වාර්තා කළ ලහිරු තිරිමාන්න මේ තරගයේ දී ද ලකුණු 50 සීමාව ඉක්මවා ගියා පන්දු 106ක දී හතරේ පහර 6ක් සමඟින් තිරිමාන්න ලකුණු 55ක් රැස් කරන්නට සමත් වුනා. තේ විවේකයෙන් මද වෙලාවකට පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 77/3ක් බවට පත් කරමින් ලහිරු තිරිමාන්න දවා ගන්නට Kemar Roach සමත් වුනා.

කෙසේ වෙතත් කඩුල්ලේ එක්වුණු දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා දිනය නිමා වන සිට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 136ක් දක්වා ඉදිරියට ගෙනෙමිනුයි. චන්දිමාල් ලකුණු 34ක් හා ධනංජය ලකුණු 23ක් බැගින් රැස් කරගෙන සිටිනවා.

Kemar Roach, Alzarri Joseph හා Kyle Mayers අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ශ්‍රී ලංකා වේලාවෙන් අද (31) රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි. 

Result

Match drawn

Sri Lanka
258/10 (108) & 193/2 (79)

West Indies
354/10 (111.1) & 280/4 (72.4)

Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Dushmantha Chameera 126 311 13 0 40.51
John Campbell c Niroshan Dickwella b Suranga Lakmal 5 24 1 0 20.83
Nkrumah Bonner b Suranga Lakmal 0 6 0 0 0.00
Kyle Mayers c Niroshan Dickwella b Vishwa Fernando 49 61 8 0 80.33
Jermaine Blackwood c Niroshan Dickwella b Suranga Lakmal 18 29 2 1 62.07
Jason Holder c Lahiru Thirimanne b Dhananjaya de Silva 30 34 5 0 88.24
Joshua Da Silva c Niroshan Dickwella b Dushmantha Chameera 1 35 0 0 2.86
Alzarri Joseph lbw b Lasith Embuldeniya 29 41 3 1 70.73
Rahkeem Cornwall c Vishwa Fernando b Suranga Lakmal 73 92 10 1 79.35
Kemar Roach c Niroshan Dickwella b Dushmantha Chameera 9 36 1 0 25.00
Shannon Gabriel not out 1 5 0 0 20.00


Extras 13 (b 0 , lb 6 , nb 7, w 0, pen 0)
Total 354/10 (111.1 Overs, RR: 3.18)
Bowling O M R W Econ
Suranga Lakmal 28 11 94 4 3.36
Vishwa Fernando 27 4 71 1 2.63
Lasith Embuldeniya 25 5 88 1 3.52
Dushmantha Chameera 21.1 4 69 3 3.27
Dhananjaya de Silva 10 3 26 1 2.60
Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Nkrumah Bonner b Alzarri Joseph 1 17 0 0 5.88
Lahiru Thirimanne b Kemar Roach 55 106 6 0 51.89
Oshada Fernando lbw b Kyle Mayers 18 71 1 0 25.35
Dinesh Chandimal c Hayden Walsh b Shannon Gabriel 44 101 5 0 43.56
Dhananjaya de Silva lbw b Jermaine Blackwood 39 140 1 0 27.86
Pathum Nissanka c Hayden Walsh b Kemar Roach 51 131 0 0 38.93
Niroshan Dickwella c Joshua Da Silva b Jason Holder 20 25 0 0 80.00
Suranga Lakmal c Kraig Brathwaite b Alzarri Joseph 6 9 0 0 66.67
Dushmantha Chameera c Joshua Da Silva b Jason Holder 2 26 0 0 7.69
Lasith Embuldeniya not out 5 21 0 0 23.81
Vishwa Fernando c Joshua Da Silva b Kemar Roach 0 2 0 0 0.00


Extras 17 (b 4 , lb 5 , nb 7, w 1, pen 0)
Total 258/10 (108 Overs, RR: 2.39)
Bowling O M R W Econ
Kemar Roach 19 5 59 3 3.11
Shannon Gabriel 16 3 37 1 2.31
Alzarri Joseph 22 4 64 2 2.91
Jason Holder 21 3 39 2 1.86
Kyle Mayers 11 7 10 1 0.91
Rahkeem Cornwall 15 5 25 0 1.67
Jermaine Blackwood 4 0 16 1 4.00
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Dushmantha Chameera 85 196 4 0 43.37
John Campbell c Niroshan Dickwella b Suranga Lakmal 10 25 1 0 40.00
Jermaine Blackwood c Niroshan Dickwella b Dushmantha Chameera 18 41 2 0 43.90
Kyle Mayers lbw b Suranga Lakmal 55 76 8 0 72.37
Jason Holder not out 71 88 7 0 80.68
Joshua Da Silva not out 20 16 2 0 125.00


Extras 21 (b 2 , lb 12 , nb 6, w 1, pen 0)
Total 280/4 (72.4 Overs, RR: 3.85)
Did not bat Nkrumah Bonner, Alzarri Joseph, Rahkeem Cornwall, Kemar Roach, Shannon Gabriel,

Bowling O M R W Econ
Suranga Lakmal 14 3 62 2 4.43
Vishwa Fernando 12.4 1 49 0 3.95
Dhananjaya de Silva 28 3 81 0 2.89
Dushmantha Chameera 18 0 74 2 4.11


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Rahkeem Cornwall b Alzarri Joseph 39 114 5 0 34.21
Dimuth Karunarathne lbw b Kyle Mayers 75 176 9 0 42.61
Oshada Fernando not out 66 119 8 0 55.46
Dinesh Chandimal not out 10 66 1 0 15.15


Extras 3 (b 0 , lb 1 , nb 1, w 1, pen 0)
Total 193/2 (79 Overs, RR: 2.44)
Did not bat Dhananjaya de Silva, Pathum Nissanka, Niroshan Dickwella, Suranga Lakmal, Lasith Embuldeniya, Dushmantha Chameera, Vishwa Fernando,

Bowling O M R W Econ
Kemar Roach 12 2 33 0 2.75
Jason Holder 10 3 24 0 2.40
Rahkeem Cornwall 26.4 8 53 0 2.01
Shannon Gabriel 5.2 2 20 0 3.85
Alzarri Joseph 10 2 33 1 3.30
Jermaine Blackwood 6 1 17 0 2.83
Kraig Brathwaite 3 0 7 0 2.33
Kyle Mayers 6 4 5 1 0.83



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<