ලහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දු අතර දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැංවුණු වාර්තාගත ලකුණු 162 සබඳතාවය නිසාවෙන් ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අද (24) අවසන් වන විට කොදෙව් කණ්ඩායම සඳහා හොඳ අභියෝගයක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.
ඒ අනුව තරගයේ දෙවැනි දිනය අවසන් වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබාගෙන සිටින්නේ ලකුණු 153ක වැඩි වාසියක් සමඟයි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක පිළිවෙළින් ලකුණු 46*ක් සහ ලකුණු 21*ක් ලබාගෙන සිටිනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- ඩිල්ෂාන්ගේ තුන්ඉරියව් දස්කම් මතින් ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට
- ලක්මාල්ගේ කඩුලු 5 මතින් ශ්‍රී ලංකාවට සැනසුම් සුසුමක්
- කුලසේකර සහ චින්තකගේ දස්කම් මතින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට
- Imran Khanට කොරෝනා ආසාදනය වෙයි
Antigu හි Sir Vivian Richards පිටියේ පැවැත්වෙන මේ තරගයේ තෙවැනි දිනය ආරම්භ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 268ක් ලබාගෙන සිටි අතර දිනයේ ක්‍රියාත්මක වුනු පළමු පන්දුවාර දෙක තුල කොදෙව් අවසන් කඩුලු දෙක දවා ගැනීමට වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු සමත් වුනා. කොදෙව් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Rahkeem Cornwall 4 පහර 9ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 61ක් ලබා ගත්තේ අංක 9 ස්ථානයේ පිතිකරණයේ නිරත වෙමින්.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කාණ්ඩයම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 271ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 102ක ඉදිරියක් ලබා ගනිමිනි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ලහිරු තිරිමාන්න සහ නායක දිමුත් කරුණාරත්නගේ සබඳතාවය වැඩි වේලාවක් රැඳී නොතිබුණු අතර කරුණාරත්නගේ කඩුල්ල ලකුණු 3කට දවා ගැනීමට Kemar Roach සමත් වුනා.
අනතුරුව පිටියට පිවිසි ඕෂද ප්‍රනාන්දු සමඟ එක්වුණු තිරිමාන්න කොදෙව් පන්දු යවන්නන් වෙත හිසරදයක වෙමින් කඩුල්ලෙන් ඉවතට යන පන්දු අත්හරිමින් හෙමින් සීරුවේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවූ අතර ඕෂද ප්‍රනාන්දු සිය ස්ථාන සඳහා වැටෙන පන්දුවලට නිසි ලෙස පිළිතුරු ලබා දෙමින් අනෙක් අන්තයෙන් තරමක් වේගවත්ව ලකුණු රැස් කළා.
ඕෂද ප්‍රනාන්දුව එක් මොහොතක දී දවා ගැනීමට කොදෙව්වන්ට අවස්ථාව තිබුණු නමුත් එහි දී leg slip කලාපයේ පන්දු රකිමින් සිටි Jason Holder හට නිසියාකාරයෙන් එම පන්දුව ග්‍රහණය කරගැනීමට නොහැකි වීම නිසා ඒ මොහොතේ දී ඕෂද මෙන්ම ශ්‍රී ලංකාව ද වාසනාවන්ත වුනා.
පන්දුව පරණ වුවද duke පන්දුවේ තිබෙන දෝලනය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමට සාපේක්ෂව දෙවැනි ඉනිමේ දී හොඳින් පන්දු තෝරා බේරාගෙන ක්‍රීඩා කළ ආකාරයක් දැකගන්නට ලැබුණු අතර Kemar Roach, Shannon Gabriel, Jason Holder සහ Alzarri Joseph යන පන්දු යවන්නන් ඉතාමත් හොඳ එල්ලයක් තබාගෙන පන්දු යවන ලදි.
තිරිමාන්න සහ ඕෂද එක්ව දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැංවූ මේ සබඳතාවය නිසාවෙන් ශ්‍රී ලංකාවට කොදෙව් පළමු ඉනිම අභිබවා යාමට අවස්ථාව ලැබුණු අතර ඉන්පසු ශ්‍රී ලංකා දෙවන ඉනිම සඳහා එක්වුණු සෑම ලකුණක් පාසා කොදෙව්වන්ගේ පීඩනය ක්‍රමයෙන් ඉහළ ගියා.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 57 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වෙත මාන බලමින් සිටි ඕෂදගේ කඩුල්ල දවා ගැනීමට Kyle Mayers සමත් වුනු අතර ඒ නිසාවෙන් සිය ඉනිම සඳහා ලකුණු 91 දී (4 පහර 11) අවාසනාවන්ත ලෙස නැවතීමේ තිත තබා ගැනීමට ඕෂදට සිදු වුනා. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වුනා.
කොදෙව් කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් දෙවැනි කඩුල්ල සඳහා ගොඩනංවා තිබෙන හොඳම සබඳතාවයන්,
- 162 – ලහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දු – Antigua හිදී – 2021*
- 109 – මාවන් අතපත්තු සහ කුමාර් සංගක්කාර – ගාල්ලේ දී – 2001
- 108 – මාවන් අතපත්තු සහ කුමාර් සංගක්කාර – Gros Islet හිදී – 2003
කොදෙව් කණ්ඩායමකට එරෙහිව ඔවුන්ගේ රටේ පැවති ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ඕනෑම කඩුල්ල සඳහා ගොඩනංවා තිබෙන හොඳම සබඳතාවයන්,
- 162 – ලහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දු – Antigua හිදී – 2021*
- 138 – තිලාන් සමරවීර සහ චමින්ද වාස් – Port of Spain හිදී – 2008
- 130 – මයිකල් වැන්ඩොට් සහ මලින්ද වර්ණපුර – Providence හිදී – 2008
අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් හට දෙවැනි ඉනිම තුල ද ලකුණු 4කට දැවී යාමට සිදු වුනේ Mayersගේ පන්දුවක් හමුවේයි.
පසුව නොකඩවා සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය (සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි අර්ධ ශතකය) ලබා ගත් ලහිරු තිරිමාන්න ලකුණු 76කට දැවී ගියේ පන්දු 201කට මුහුණ දුන් පසුවයි.
තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට ධනංජය ද සිල්වා සහ සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන පැතුම් නිස්සංක පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 66*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම තවදුරටත් සවිමත් කළා. ඒ අනුව කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 153ක ඉදිරියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
තරගයේ සිව්වැනි දිනය අද (24) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | c John Campbell b Rahkeem Cornwall | 12 | 43 | 1 | 0 | 27.91 |
Lahiru Thirimanne | b Jason Holder | 70 | 180 | 4 | 0 | 38.89 |
Oshada Fernando | run out () | 4 | 11 | 0 | 0 | 36.36 |
Dinesh Chandimal | c Joshua Da Silva b Jason Holder | 4 | 25 | 0 | 0 | 16.00 |
Dhananjaya de Silva | b Kemar Roach | 13 | 26 | 2 | 0 | 50.00 |
Pathum Nissanka | c Jason Holder b Kemar Roach | 9 | 12 | 2 | 0 | 75.00 |
Niroshan Dickwella | c Rahkeem Cornwall b Jason Holder | 32 | 76 | 2 | 0 | 42.11 |
Suranga Lakmal | c Kraig Brathwaite b Jason Holder | 3 | 13 | 0 | 0 | 23.08 |
Dushmantha Chameera | b Kemar Roach | 2 | 7 | 0 | 0 | 28.57 |
Lasith Embuldeniya | lbw b Jason Holder | 3 | 15 | 0 | 0 | 20.00 |
Vishwa Fernando | not out | 1 | 11 | 0 | 0 | 9.09 |
Extras | 16 (b 4 , lb 6 , nb 1, w 5, pen 0) |
Total | 169/10 (69.4 Overs, RR: 2.43) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kemar Roach | 16 | 2 | 47 | 3 | 2.94 | |
Shannon Gabriel | 9 | 2 | 22 | 0 | 2.44 | |
Rahkeem Cornwall | 14 | 6 | 25 | 1 | 1.79 | |
Alzarri Joseph | 11 | 2 | 32 | 0 | 2.91 | |
Jason Holder | 17.4 | 6 | 27 | 5 | 1.55 | |
Kyle Mayers | 2 | 0 | 6 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | c Dhananjaya de Silva b Suranga Lakmal | 3 | 43 | 0 | 0 | 6.98 |
John Campbell | c Niroshan Dickwella b Dushmantha Chameera | 42 | 148 | 4 | 0 | 28.38 |
Nkrumah Bonner | lbw b Lasith Embuldeniya | 31 | 63 | 5 | 0 | 49.21 |
Kyle Mayers | c Dhananjaya de Silva b Suranga Lakmal | 45 | 70 | 6 | 2 | 64.29 |
Jermaine Blackwood | b Suranga Lakmal | 2 | 7 | 0 | 0 | 28.57 |
Jason Holder | b Suranga Lakmal | 19 | 61 | 2 | 0 | 31.15 |
Joshua Da Silva | c Niroshan Dickwella b Dushmantha Chameera | 46 | 124 | 5 | 0 | 37.10 |
Alzarri Joseph | c Dinesh Chandimal b Suranga Lakmal | 0 | 8 | 0 | 0 | 0.00 |
Rahkeem Cornwall | b Vishwa Fernando | 61 | 85 | 9 | 2 | 71.76 |
Kemar Roach | not out | 5 | 15 | 1 | 0 | 33.33 |
Shannon Gabriel | lbw b Vishwa Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 1 , lb 6 , nb 9, w 1, pen 0) |
Total | 271/10 (103 Overs, RR: 2.63) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 25 | 9 | 47 | 5 | 1.88 | |
Vishwa Fernando | 17 | 6 | 52 | 2 | 3.06 | |
Dushmantha Chameera | 22 | 1 | 71 | 2 | 3.23 | |
Lasith Embuldeniya | 28 | 6 | 64 | 1 | 2.29 | |
Dhananjaya de Silva | 11 | 2 | 30 | 0 | 2.73 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | b Kemar Roach | 76 | 201 | 4 | 0 | 37.81 |
Dimuth Karunarathne | c John Campbell b Kemar Roach | 3 | 13 | 0 | 0 | 23.08 |
Oshada Fernando | c Joshua Da Silva b Kyle Mayers | 91 | 149 | 11 | 0 | 61.07 |
Dinesh Chandimal | c Joshua Da Silva b Kyle Mayers | 4 | 9 | 0 | 0 | 44.44 |
Dhananjaya de Silva | b Alzarri Joseph | 50 | 79 | 6 | 0 | 63.29 |
Pathum Nissanka | c Kemar Roach b Rahkeem Cornwall | 103 | 252 | 6 | 0 | 40.87 |
Niroshan Dickwella | b Kemar Roach | 96 | 163 | 8 | 0 | 58.90 |
Suranga Lakmal | run out () | 8 | 24 | 0 | 0 | 33.33 |
Lasith Embuldeniya | c Kyle Mayers b Rahkeem Cornwall | 6 | 9 | 0 | 0 | 66.67 |
Dushmantha Chameera | c Jason Holder b Rahkeem Cornwall | 10 | 11 | 0 | 1 | 90.91 |
Vishwa Fernando | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 29 (b 13 , lb 5 , nb 11, w 0, pen 0) |
Total | 476/10 (149.5 Overs, RR: 3.18) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kemar Roach | 27 | 3 | 74 | 3 | 2.74 | |
Shannon Gabriel | 18 | 2 | 67 | 0 | 3.72 | |
Jason Holder | 22 | 4 | 40 | 0 | 1.82 | |
Alzarri Joseph | 21 | 2 | 83 | 1 | 3.95 | |
Rahkeem Cornwall | 42.5 | 4 | 137 | 3 | 3.22 | |
Kraig Brathwaite | 9 | 1 | 30 | 0 | 3.33 | |
Kyle Mayers | 9 | 2 | 24 | 2 | 2.67 | |
Jermaine Blackwood | 1 | 0 | 3 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | b Lasith Embuldeniya | 23 | 124 | 0 | 0 | 18.55 |
John Campbell | c Niroshan Dickwella b Vishwa Fernando | 11 | 15 | 2 | 0 | 73.33 |
Nkrumah Bonner | not out | 113 | 274 | 13 | 1 | 41.24 |
Kyle Mayers | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 52 | 113 | 5 | 0 | 46.02 |
Jermaine Blackwood | b Vishwa Fernando | 4 | 29 | 0 | 0 | 13.79 |
Jason Holder | not out | 18 | 48 | 4 | 0 | 37.50 |
Extras | 15 (b 4 , lb 8 , nb 3, w 0, pen 0) |
Total | 236/4 (100 Overs, RR: 2.36) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 25 | 10 | 33 | 0 | 1.32 | |
Vishwa Fernando | 19 | 0 | 73 | 2 | 3.84 | |
Lasith Embuldeniya | 28 | 9 | 62 | 2 | 2.21 | |
Dushmantha Chameera | 18 | 3 | 44 | 0 | 2.44 | |
Dhananjaya de Silva | 10 | 5 | 12 | 0 | 1.20 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<