Home Sinhala වසර 4කට පසුව දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි පරාජයක්

වසර 4කට පසුව දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

279
Sri Lanka tour of South Africa 2020-21
Image Credits - AFP

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ තරග දෙකක් ලෙස පැවති දකුණු අප්‍රිකානු – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස පහසුවෙන්ම ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව අද (5) සමත් විය. ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගනිමිනි.

ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ මෙම තරගාවලිය සඳහා වෙන්වූ මුළු ලකුණු 120ම දකුණු අප්‍රිකානුවන් සතු විය.

2016/17 වර්ෂයට පසුව ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වන අතර නව නායකත්වයක් යටතේ දකුණු අප්‍රිකාව ලබා ගත් මෙම ජයග්‍රහණය ඔවුන්ගේ ක්‍රිකට් අනාගතය සඳහා විශාල සවියක් වනු ඇත.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනය (4) අවසන් වන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටියේ දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 5ක් පෙරමුණේ සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි දිමුත් 4 පහර 17ක් සමඟින් ලකුණු 91*ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වන විට, අනෙක් අන්තයේ සිටින දික්වැල්ල ලකුණු 18*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියේ 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 41*ක සබඳතාවයක් ගොඩනංවමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

එම සබඳතාවය අද උදෑසන කාලය තුල ඉතාමත් ඉක්මනින් අවසන් කරමින් තරගය සඳහා අවතීර්ණ වීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ 4 පහර 19ක් එල්ල කරමින් ලකුණු 103ක් ලබාගෙන සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කර ගත් දිමුත්ගේ කඩුල්ල දවා ගනිමිනි.

දිමුත් සහ දික්වැල්ල යන දෙදෙනා එක්ව 5වැනි කඩුල්ල සඳහා ලකුණු 67ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳවැටුණු ශ්‍රී ලංකා මැදපෙළ යම් තාක් මට්ටමකට සවිමත් කරන ලදි. දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් ශතකයක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් නායකයා වූ දිමුත්ගේ දැවී යාමට මොහොතකට පසුව කඩුලු රකින පිතිකරු දික්වැල්ලගේ කඩුල්ල ද ශ්‍රී ලංකාවට අහිමි වීමත් සමඟම ක්‍රීඩාගාරයේ සිටි ශ්‍රී ලංකා පුහුණුකරු වන Mickey Arthurගේ අත ඔහුගේ හිසේ ගසා ගත්තේ ශ්‍රී ලංකාවට තිබූ අවසන් පිතිකරණ බලාපොරොත්තුව ද අවසන් බවට ඉඟි පෙන්නුම් කරමිනි.

මේ තරගාවලිය පුරාවට සැලකිය යුතු මට්ටමේ පිතිකරණ දස්කම් ප්‍රදර්ශනය කළ දසුන් ශානක සහ නවක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග යන දෙදෙනා හට ද ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් වැඩි යමක් සිදු කිරීමට නොහැකි විය. විශේෂයෙන් මේ Wanderers පිටියේ තණතීරුවේ උදෑසන කාලය තුල පිතිකරණයේ නිරත වීම තරමක අසීරු කාර්යයක් බව මෙහි දී පෙනුනි.

දික්වැල්ලගේ දැවී යාමත් සමඟ 181/6ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු පුවරුව සඳහා ලකුණු 211 දී තිත තැබීමට කඩුලු 4ක් දවා ගත් Lungi Ngidi සහ කඩුලු 2ක් දවා ගත් Anrich Nortje ඇතුළු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු 67ක ඉලක්කයක හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රහණය සපුරා ගත් අතර Aiden Markram සහ Dean Elgar යන දෙදෙනා මේ තරගයේ දී ද ලකුණු අතරට පිවිසෙමින් පිළිවෙළින් ලකුණු 36*ක් සහ ලකුණු 31*ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි.  

*මේ තරගාවලිය අවසානයේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන මෙසේ දිස්විය

මේ තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ තරගාවලිය පුරාවට ලකුණු 253ක් ලබා ගත් Dean Elgar විසිනි.

Result


South Africa
302/10 (75.4) & 67/0 (13.2)

Sri Lanka
157/10 (40.3) & 211/10 (56.5)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Quinton de Kock b Anrich Nortje 2 32 0 0 6.25
Kusal Perera c Aiden Markram b Wiaan Mulder 60 67 11 0 89.55
Lahiru Thirimanne c Faf du Plessis b Wiaan Mulder 17 30 3 0 56.67
Kusal Mendis c Rassie van der Dussen b Wiaan Mulder 0 4 0 0 0.00
Minod Bhanuka c Rassie van der Dussen b Anrich Nortje 5 10 1 0 50.00
Niroshan Dickwella c Quinton de Kock b Anrich Nortje 7 10 1 0 70.00
Dasun Shanaka c Quinton de Kock b Anrich Nortje 4 17 0 0 23.53
Wanindu Hasaranga c Quinton de Kock b Lutho Sipamla 29 27 5 0 107.41
Dushmantha Chameera c Quinton de Kock b Anrich Nortje 22 29 4 0 75.86
Vishwa Fernando not out 2 11 0 0 18.18
Asitha Fernando b Anrich Nortje 4 6 1 0 66.67


Extras 5 (b 0 , lb 5 , nb 0, w 0, pen 0)
Total 157/10 (40.3 Overs, RR: 3.88)
Bowling O M R W Econ
Lungi Ngidi 10 3 44 0 4.40
Anrich Nortje 14.3 1 56 6 3.92
Lutho Sipamla 9 3 27 1 3.00
Wiaan Mulder 7 3 25 3 3.57
Batsmen R B 4s 6s SR
Dean Elgar c Lahiru Thirimanne b Dushmantha Chameera 127 163 22 0 77.91
Aiden Markram c Kusal Mendis b Asitha Fernando 5 21 0 0 23.81
Rassie van der Dussen c Niroshan Dickwella b Dasun Shanaka 67 127 12 0 52.76
Quinton de Kock c Kusal Mendis b Vishwa Fernando 10 20 1 0 50.00
Faf du Plessis c Niroshan Dickwella b Dasun Shanaka 8 15 1 0 53.33
Temba Bavuma lbw b Vishwa Fernando 19 30 3 1 63.33
Wiaan Mulder lbw b Vishwa Fernando 7 17 1 0 41.18
Keshav Maharaj c Niroshan Dickwella b Asitha Fernando 2 8 0 0 25.00
Anrich Nortje c Kusal Mendis b Vishwa Fernando 13 16 2 0 81.25
Lutho Sipamla c Dasun Shanaka b Vishwa Fernando 5 19 1 0 26.32
Lungi Ngidi not out 14 18 3 0 77.78


Extras 25 (b 8 , lb 14 , nb 0, w 3, pen 0)
Total 302/10 (75.4 Overs, RR: 3.99)
Bowling O M R W Econ
Vishwa Fernando 23.4 0 101 5 4.32
Asitha Fernando 19 5 61 2 3.21
Dushmantha Chameera 14 1 53 1 3.79
Dasun Shanaka 15 4 42 2 2.80
Wanindu Hasaranga 4 0 23 0 5.75
Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Wiaan Mulder b Anrich Nortje 103 128 19 0 80.47
Kusal Perera b Lungi Ngidi 1 7 0 0 14.29
Lahiru Thirimanne c Quinton de Kock b Lungi Ngidi 31 57 7 0 54.39
Kusal Mendis c Quinton de Kock b Lungi Ngidi 0 1 0 0 0.00
Minod Bhanuka c Keshav Maharaj b Anrich Nortje 1 7 0 0 14.29
Niroshan Dickwella c Temba Bavuma b Lungi Ngidi 36 68 6 0 52.94
Dasun Shanaka c Lutho Sipamla b Wiaan Mulder 8 24 1 0 33.33
Wanindu Hasaranga b Lutho Sipamla 16 32 2 0 50.00
Dushmantha Chameera c Quinton de Kock b Lutho Sipamla 0 10 0 0 0.00
Vishwa Fernando not out 1 7 0 0 14.29
Asitha Fernando b Lutho Sipamla 0 2 0 0 0.00


Extras 14 (b 9 , lb 2 , nb 2, w 1, pen 0)
Total 211/10 (56.5 Overs, RR: 3.71)
Bowling O M R W Econ
Lungi Ngidi 15 5 44 4 2.93
Anrich Nortje 19 2 64 2 3.37
Wiaan Mulder 13 3 52 1 4.00
Lutho Sipamla 9.5 1 39 3 4.11


Batsmen R B 4s 6s SR
Dean Elgar not out 31 27 5 0 114.81
Aiden Markram not out 36 53 4 0 67.92


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 67/0 (13.2 Overs, RR: 5.03)
Bowling O M R W Econ
Vishwa Fernando 4 0 23 0 5.75
Asitha Fernando 4 1 20 0 5.00
Wanindu Hasaranga 2.2 0 16 0 7.27
Dasun Shanaka 3 1 8 0 2.67