මාස 10ක දීර්ඝ විරාමයකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදිනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් බලා ගැනීමේ අවස්ථාව අද (26) උදා විය. ඒ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරගය නිසාවෙනි.
තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබාගෙන ඉතාමත් ස්ථාවර සහ සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කරගත්තේ පන්දුවාර 85ක් සඳහා මුහුණ දෙමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දසුන් ශානක ලකුණු 25*ක් ලබා ගන්න විට අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන කසුන් රාජිත නොදැවී ලකුණු 7*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි.
අසිරිමත් නත්තලට පසු දින එනම් Boxing දින ටෙස්ට් තරගයක් ලෙස දකුණු අප්‍රිකාවේ centurion හිදී ආරම්භ වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් විය. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියේ සිට (2020/21 තරග වාරය ද ඇතුලත්ව) ඉදිරි වසර දෙකක කාලය තුල සහභාගී වන විදෙස් තරගාවලි සඳහා White By JAT අනුග්‍රාහකත්වය ඇතිව නව පෙනුමක් ඇති ජර්සියකින් අවතීර්ණ විය.
තවත් ක්‍රිකට් පුවත්:
- Shadab Khanටත් පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි
- “පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට 13ක් සූදානම්” – දිමුත් කරුණාරත්න
- ඕස්ට්‍රේලියා ප්‍රබලයන් දෙදෙනෙකුට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි
- Jaffna Stallions දිනවූ පුහුණුකරු “කණ්ඩම්බි”
- සමාජශාලාවේ යකා නැටූ ඉන්දීය ක්‍රීඩකයාට වැඩ වරදී
එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151ක් වැනි ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන විට, දකුණු අප්‍රිකාවේ Lutho Sipamla ද ටෙස්ට් වරම් දිනා ගන්නා ලදි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි වමත් ආරම්භක පිතිකරුවන් යුගලය වූ නායක කරුණාරත්න සහ කුසල් පෙරේරා පළමු කඩුල්ල සඳහා යම් ස්ථාවර ආරම්භයක් ලබා වෑයම් කළ නමුත් Lungi Ngidi, Wiaan Mulder ආරම්භයේ දී වැඩි දෝලනයක් වන පන්දු ක්‍රියාත්මක කරමින් එම සබඳතාවය ඉක්මනින් අවසන් කළේ 4 පහර 4ක් සමඟ ලකුණු 22ක් ලබාගෙන සිටි කරුණාරත්නගේ කඩුල්ල දවා ගනිමින්. Ngidi round the wicket ආකාරයට යොමු කළ පන්දුවක් කරුණාරත්නගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ලේ වැඩිම නිසාවෙන් එම කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමි විය.
4 පහර දෙක බැගින් ලබාගෙන තිබූ කුසල් පෙරේරා (ලකුණු 16) සහ කුසල් මෙන්ඩිස් (ලකුණු 12) දෙදෙනාගේ කඩුලු දෙක පිළිවෙළින් Wiaan Mulder සහ Anrich Nortje විසින් දවා ගත්තේ ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 3ක් ලකුණු 54ක් තුල දවා ගනිමිනි. අනතුරුව පිටියේ එක්වූ දකුණත් පිතිකරුවන් යුගලයක් වන දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 131ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී කඩුලු අතර දුවමින් සිටි ද සිල්වා එක් වරම යම් ආබාධයකට ලක්වූයේ ඔහුගේ කලව ආශ්‍රිත මස් පිඩු ඇදීමක් වන නිසාවෙන් නමුත් ඔහුට එතැන් පටන් නැවතත් අද දිනය තුල පිතිකරණ සඳහා අවස්ථාවක් හිමි නොවූයේ ඔහු පිටියෙන් ඉවත්ව ගිය නිසාවෙනි.
මුල්පෙළ පිතිකරුවන් අතින් යම් තාක් මට්ටමකට ගිලිහුණු ලකුණු පුවරුව ගොඩනැංවීමේ යෂ්ටිය නොවැටී ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් චන්දිමාල් සමඟින් එක්ව ඉතාමත් හොඳ පදනමක් සකස් කළ ද සිල්වා පිටියෙන් ඉවත් වන විට 4 පහර 11ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 79ක් ලබාගෙන සිටියේ පන්දු 105ක් සඳහා මුහුණ දෙමිනි.
ධනංජය ද සිල්වාගේ අනපේක්ෂිත ආබාධය නිසාවෙන් සාර්ථක ලෙස ගොඩනැඟෙමින් තිබූ ශ්‍රී ලංකා ලකුණු සටහන යම් දෙදරීමකට ලක්වුණු නමුත් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 49ක් දක්වා සිය ඉනිම ගොඩනංවා ගත්තේය.
එනමුත් සිය ටෙස්ට් අර්ධ ශතක සඳහා තවත් එක් අර්ධ ශතකයක් එක් කරගැනීමට තවත් එක් ලකුණක් පසුපසින් සිටිය දී දික්වැල්ලගේ ඉනිම නිමා කිරීමට Mulder සමත් වූයේ කඩුල්ල මුව කිරීමේ වරදක් සඳහා දික්වැල්ලව හසුකරමිනි. ඒ සඳහා විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාව දික්වැල්ල ලබා ගත් නමුත් එය මඟින් ද ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස තහවුරු කරන ලදි.
පළමු දිනය අවසන් වන විට මේ තරගයේ ශ්‍රී ලංකා මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරගනිමින් ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ඉනිම 15කට පසුව ලකුණු 75 සීමාව යමින් ලකුණු 85ක් වාර්තා කර ගත් නමුත් ශතකයක් සඳහා යාමට ඔහුට අවස්ථාව අවස්ථාව ලැබුණේ නැත. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කල චන්දිමාල්ගේ මේ සටන්කාමී ඉනිම සඳහා 4 පහර 11ක් අන්තර්ගත විය.
පන්දු යැවීමේ දී Wiaan Mulder ලකුණු 68කට කඩුලු 3ක් දවා ගන්නා විට, Lungi Ngidi, Lutho Sipamla සහ Anrich Nortje අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය හෙට (27) පැවැත්වේ. තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | b Lungi Ngidi | 22 | 20 | 4 | 0 | 110.00 |
Kusal Perera | c Quinton de Kock b Wiaan Mulder | 16 | 29 | 2 | 0 | 55.17 |
Kusal Mendis | c Lungi Ngidi b Anrich Nortje | 12 | 16 | 2 | 0 | 75.00 |
Dinesh Chandimal | c Faf du Plessis b Wiaan Mulder | 85 | 161 | 11 | 0 | 52.80 |
Dhananjaya de Silva | retired | 79 | 105 | 11 | 1 | 75.24 |
Niroshan Dickwella | lbw b Wiaan Mulder | 49 | 86 | 6 | 0 | 56.98 |
Dasun Shanaka | not out | 66 | 87 | 3 | 5 | 75.86 |
Wanindu Hasaranga | b Lutho Sipamla | 18 | 20 | 3 | 0 | 90.00 |
Kasun Rajitha | c Dean Elgar b Lutho Sipamla | 12 | 49 | 2 | 0 | 24.49 |
Vishwa Fernando | b Lutho Sipamla | 0 | 1 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | c Rassie van der Dussen b Lutho Sipamla | 0 | 7 | 0 | 0 | 0.00 |
Extras | 37 (b 16 , lb 9 , nb 6, w 6, pen 0) |
Total | 396/10 (96 Overs, RR: 4.12) |
Fall of Wickets | 1-28 (4.5) Dimuth Karunarathne, 2-54 (9.5) Kusal Mendis, 3-54 (10.5) Kusal Perera, 4-284 (65.4) Dinesh Chandimal, 5-296 (70.3) Niroshan Dickwella, 6-320 (76.3) Wanindu Hasaranga, 7-387 (93.2) Kasun Rajitha, 8-387 (93.3) Vishwa Fernando, 9-396 (95.6) Lahiru Kumara, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lungi Ngidi | 19 | 3 | 64 | 1 | 3.37 | |
Lutho Sipamla | 16 | 1 | 76 | 4 | 4.75 | |
Anrich Nortje | 22 | 3 | 88 | 1 | 4.00 | |
Wiaan Mulder | 20 | 4 | 69 | 3 | 3.45 | |
Keshav Maharaj | 19 | 3 | 74 | 0 | 3.89 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dean Elgar | c & b Dasun Shanaka | 95 | 130 | 16 | 0 | 73.08 |
Aiden Markram | c Dasun Shanaka b Vishwa Fernando | 68 | 94 | 14 | 0 | 72.34 |
Rassie van der Dussen | c Niroshan Dickwella b Lahiru Kumara | 15 | 42 | 2 | 0 | 35.71 |
Faf du Plessis | c & b | 199 | 276 | 24 | 0 | 72.10 |
Quinton de Kock | c Lahiru Thirimanne b Wanindu Hasaranga | 18 | 11 | 3 | 0 | 163.64 |
Temba Bavuma | c Niroshan Dickwella b Dasun Shanaka | 71 | 125 | 7 | 0 | 56.80 |
Wiaan Mulder | c Niroshan Dickwella b Wanindu Hasaranga | 36 | 63 | 4 | 1 | 57.14 |
Keshav Maharaj | c Wanindu Hasaranga b Vishwa Fernando | 73 | 106 | 6 | 2 | 68.87 |
Anrich Nortje | c Niroshan Dickwella b Vishwa Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Lutho Sipamla | lbw b Wanindu Hasaranga | 0 | 1 | 0 | 0 | 0.00 |
Lungi Ngidi | not out | 2 | 9 | 0 | 0 | 22.22 |
Extras | 44 (b 9 , lb 18 , nb 7, w 10, pen 0) |
Total | 621/10 (142.1 Overs, RR: 4.37) |
Fall of Wickets | 1-141 (28.4) Aiden Markram, 2-200 (42.6) Rassie van der Dussen, 3-200 (43.4) Dean Elgar, 4-220 (47.1) Quinton de Kock, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 31.1 | 2 | 130 | 2 | 4.18 | |
Kasun Rajitha | 2.1 | 0 | 16 | 0 | 7.62 | |
Dasun Shanaka | 28.5 | 2 | 98 | 2 | 3.44 | |
Wanindu Hasaranga | 45 | 5 | 171 | 4 | 3.80 | |
Lahiru Kumara | 21.1 | 0 | 103 | 1 | 4.88 | |
Dimuth Karunarathne | 6.5 | 0 | 36 | 0 | 5.54 | |
Kusal Mendis | 7 | 0 | 41 | 0 | 5.86 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | b Lungi Ngidi | 6 | 8 | 1 | 0 | 75.00 |
Kusal Perera | c Quinton de Kock b Anrich Nortje | 64 | 87 | 10 | 0 | 73.56 |
Kusal Mendis | c Rassie van der Dussen b Lungi Ngidi | 0 | 5 | 0 | 0 | 0.00 |
Dinesh Chandimal | b Wiaan Mulder | 25 | 45 | 4 | 0 | 55.56 |
Niroshan Dickwella | c Quinton de Kock b Wiaan Mulder | 10 | 15 | 2 | 0 | 66.67 |
Dasun Shanaka | c Quinton de Kock b Lutho Sipamla | 6 | 35 | 0 | 0 | 17.14 |
Wanindu Hasaranga | c Temba Bavuma b Lutho Sipamla | 59 | 53 | 12 | 1 | 111.32 |
Vishwa Fernando | run out (Wiaan Mulder) | 0 | 1 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | c Keshav Maharaj b Anrich Nortje | 0 | 27 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Dhananjaya de Silva | retired | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 4 , lb 2 , nb 4, w 0, pen 0) |
Total | 180/10 (46.1 Overs, RR: 3.9) |
Fall of Wickets | 1-10 (2.6) Dimuth Karunarathne, 2-22 (4.5) Kusal Mendis, 3-85 (19.5) Dinesh Chandimal, 4-99 (23.6) Niroshan Dickwella, 5-114 (28.4) Kusal Perera, 6-142 (35.5) Dasun Shanaka, 7-148 (36.6) Vishwa Fernando, 8-179 (45.2) Wanindu Hasaranga, 9-180 (46.1) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lungi Ngidi | 10 | 2 | 38 | 2 | 3.80 | |
Anrich Nortje | 10.1 | 1 | 47 | 2 | 4.65 | |
Wiaan Mulder | 12 | 1 | 39 | 2 | 3.25 | |
Lutho Sipamla | 5 | 0 | 24 | 2 | 4.80 | |
Keshav Maharaj | 6 | 3 | 20 | 0 | 3.33 | |
Aiden Markram | 3 | 2 | 6 | 0 | 2.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<