ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය හෙට (21) පෝර්ට් එලිසබත් හිදී ආරම්භ වීමට නියමිත අතර මේ තරගය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගන්නා තරගයක් බවට මේ වන විට පත්වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවන නිසා දෙවන තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීම හෝ ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඔවුන්ට සිදු වනු ඇත. එය එසේ සිදුවුවහොත් දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ රටේ දී ම ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්කළ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.
කුසල් පෙරේරාගේ අධිෂ්ඨානය ලොවක් මවිත කරවයි!
සුපිරි වීරයෙකු වන්නට දිගු සාළුවක් සහ කලිසමට උඩින් ….
මුහුණට මුහුණ
1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බැලීමේ දී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 28ක් පවත්වා තිබෙන අතර එයින් තරග 14ක ජය දකුණු අප්‍රිකානුවන් සතුවෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 8ක් පමණි. තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ටෙස්ට් තරගාවලි වලින් ගණනය කර බැලුවොත් මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 11න් තරගාවලි 7ක ජය ලියවී ඇත්තේ දකුණු අප්‍රිකානුවන්ගේ නම ඉදිරියෙනි. තවත් එක තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරයකට ගමන් කරන්නේ වසර දෙකකට පමණ පසුවයි.
Photo Album – Sri Lanka Practices ahead of 2nd Test Match in St. George’s Park, Port Elizabeth
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජයග්‍රහණ
ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී පරාජය කර ඇත්තේ (2019 පළමු තරගය ජය ගැනීමට පෙර) 2011 වර්ෂයේ දී වන අතර එම තරගාවලියේ පැවති තරග තුන අවසන් වූයේ 2-1ක් ලෙස දකුණු අප්‍රිකානුවන්ට ජය හිමිකර දෙමිනි. ඩර්බන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු සටනකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 208කිනි.
එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර හට හිමි විය යුත්තේ ඔවුන් දෙදෙනා එම තරගයේ දී ශතක ලබාගත් නිසාවෙනි. පන්දු යැවීමේ දී ඉනිම් දෙක පුරාවටම කඩුලු 9ක් දවා ගත් රංගන හේරත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
ප්‍රබල පිතිකරුවන්
දිමුත් කරුණාරත්න
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර මෙහෙයවීමේ වගකීම ද අතැතිව ටෙස්ට් පිටියට පැමිණෙන ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරග 6ක දී ඉනිම් 12ක් ක්‍රීඩා කර ලකුණු 534ක් ලබා ගැනීමට සමත්ව ඇත. ඒ අතරට එක් ශතකයක් හා අර්ධ ශතක 4ක් ඇතුළත් අතර දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ලකුණු 50කට අසන්න ඉතාමත් හොඳ මට්ටමක පවත්වා ගැනීමට ඔහු සමත් වී ඇත.
පසුගිය වසරේ දී දැක්වූ දස්කම් නිසා ICC විසින් නම් කරනු ලැබූ වසරේ ටෙස්ට් කණ්ඩායමට ද තේරී පත්වූ දිමුත් හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙස දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ වැඩි යමක් කරනු ඇතැයි අපට බලාපොරොත්තු තබා ගැනීමට හැකි.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 30, 20
ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ….
ෆෆ් ඩු ප්ලෙසිස්
නායක ෆෆ් ඩු ප්ලෙසිස් මෑත කාලය තුල ඉතාමත් හොඳ දස්කම් අතර සිටින දකුණු අප්‍රිකානු පිතිකරුවෙක්. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 8ක දී ඉනිම් 15කට ක්‍රීඩා කරමින් ලකුණු 592ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක තුනකට හිමිකම් කියමිනි. එසේම ඕනෑම ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව ඔහුගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.56ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පවතී.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 35, 90
කුසල් ජනිත්
ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙස මැදපෙළ සවිමත් කරන කුසල් ජනිත්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 15ක දී ලකුණු 890ක් ලබාගෙන ඇත්තේ ලකුණු 35.06ක් වැනි ලකුණු සැලකිය යුතු මට්ටමක දල ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 4ක් හා ශතක 2ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වූයේ ඉනිමේ දෙකේ දී අර්ධ ශතකයක් හා ශතකයක් සමඟ මුළු ලකුණු 204ක් ලබාගෙනයි.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 51, 153*
ටෙම්බා බවුමා
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරවීමට හැකි මේ සුවිශේෂී දකුණත් පිතිකරුවා ජාත්‍යන්තර ටෙස්ට් තරග 35ක් තුළ ඉනිම් 57ක දී ලකුණු 1710ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 34.20ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. බවුමා ටෙස්ට් ශතකයකින් සහ අර්ධ ශතක 13කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 47, 3
තවත් වේගපන්දු යවන්නෙකුට ආබාධයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ට …
ප්‍රබල පන්දු යවන්නන්
විශ්ව ප්‍රනාන්දු
වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සැලකිය යුතු මට්ටමක වේගයකින් පන්දුව යැවීමට හැකි ක්‍රීඩකයෙකි. ඒ අතරින් ඔහුගේ ප්රබලතම අවිය වන්නේ වේගවත් පිටතට දෝලනය වන පන්දුවයි.
විශ්ව ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක දී කඩුලු 15ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.92ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. තවමත් වයස අවුරුදු 27ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දීමට හැකියි.
- පළමු තරගයේ දස්කම් – 4/62, 4/71
ඉම්රාන් තාහීර්ට පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතුව සිටින ප්රබලතම දඟපන්දු යවන්නා ලෙස අපට කේෂව් මහරාජ්ව හැඳින්වීමට හැකියි. වමතින් පිට දඟපන්දු යවන ඔහු මේ දක්වා ටෙස්ට් තරග 23කට ක්‍රීඩා කර කඩුලු 90ක් දවාගෙන ඇත්තේ 28.14ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. එසේම ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකට ක්‍රීඩා කර ඇති මහරාජ් කඩුලු 7ක් දවාගෙන ඇත.
සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 56ක දී කඩුලු 133ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 අවස්ථා 3ක් ද ලබා ගෙනයි. දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 8ක දී ඔහු කඩුලු 20ක් දවාගෙන ඇත්තේ ලකුණු 655ක් ලබා දෙමිනි. එංගලන්තයට එරෙහිව ලක්මාල්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 32.75ක්.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 1/29, 0/52
ඩේල් ස්ටේන්
දකුණු අප්‍රිකාව සතුවන ප්‍රබල වේගපන්දු බලඇණියේ ඉදිරියෙන්ම සිටින්නේ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් බවට කිසිදු තර්කයක් නොමැත. එසේම ඔහුට නව පන්දුවෙන් කළ හැකි දේ බොහෝය. ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කර ඇති ස්ටේන් එහි දී කඩුලු 59ක් දවාගෙන ඇත්තේ 26.02ක තරම් හොඳ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 4/48, 2/71
පෝර්ට් එලිසබත් ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන පෝර්ට් එලිසබත් ක්‍රීඩාංගණය දකුණු අප්‍රිකාවේ ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකක් ලෙස සැලකෙනවා. මේ මනරම් ක්‍රීඩාංගණයේ තණතීරුව බොහෝ දුරට වේගපන්දු යවන්නන් හට උචිත ලෙස හැඩගැසී ඇත.
පෝර්ට් එලිසබත් පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ලකුණු 206කින් පරාජයට පත්ව ඇත. එම තරගයට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ වසර 3කට පසුවයි.
යම්හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ.
සෙල්සියස් අංශක 19 – 25 අතර පරාසයක උෂ්ණත්වයක් පවතින අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් තිබේ.
ලහිරු මිලන්ත සහ ජීවන් මෙන්ඩිස් ටැමිල් යූනියන් ජයග්‍රහණයට රැගෙන යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ….
අවසන් නිගමනය
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4286ක් සමඟ ප්‍රසාද ලකුණු 110ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4256ක් සමඟ ප්‍රසාද ලකුණු 89ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද දකුණු අප්‍රිකානුවන් පෙරමුණේ පසුවෙයි.
නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
දෙවන ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට යොමු කර ඇත) , කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙනිය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු.
දකුණු අප්‍රිකාව – ෆෆ් ඩු ප්ලේසිස් (නායක), එයිඩ්න් මාක්රම්, ඩීන් එල්ගාර්, හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩී කොක්, කේශව් මහරාජ්, වියාන් මුල්ඩර් ඩුවේන් ඔලගි ිව ර් , කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<