ශ්‍රී ලංකා පිතිකරුවෝ ආරම්භයේ දී ලබා දුන් සහයෝගයට ප්‍රති සහයෝගයක් ලබා දුන් වේග පන්දුයවන්නෝ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ අමාරුවේ දමමින් අද (21) එඩින්බර්ග් හී ග්‍රෑන්ග් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී නිමා වූ තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දායකත්වය දැක් වූ හ.
දෙරට අතර පැවැත්වීමට නියමිත ව තිබූ පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් බාධා වූ අතර එම තරගය එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණි. කෙසේ වෙතත් මේ තරගයේ ලත් ජයග්‍රහණයත් සමගින් තරග 2කින් සමන්විත තරගාවලිය 1-0ක් සේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ හ.
පළමු තරගය වැස්සට බිලිවෙයි!
පුරා මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් දැක බලා…
ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය මෙය වූ අතර දිමුත් කරුණාරත්න තමන් නායකත්වය දුන් මංගල තරගය ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ගේ වාර්තා පොතට ඇතුලත් වෙමින් ඉතිහාසයට එක් විය. තරගයේ වීරයා ලෙසින් නුවන් ප්‍රදීප් නම් කෙරුණි.
කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත නායක කයිල් කොයෙට්සර් ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ඉනිම අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 322ක් ලබා ගනිමිනි. ඊට පිළිතුරු ලෙසින් ස්කොට්ලන්තය හඹායන ඉනිමේ දී පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටිය දී වට වැස්ස තරගය පමා කළේය. තරගය ඒ වෙද්දී ම ශ්‍රී ලංකාව වෙත නතුව තිබුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය ගණනය කිරීමේ දී ස්කොට්ලන්තය ලකුණු 29ක් පිටුපසින් සිටීම හේතුවෙනි.
වර්ෂාවෙන් අනතුරුව තරගය පන්දු වාර 34ක තරගයක් ලෙසින් ආරම්භ වුණි. ඒ අනුව ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ තරගය ජයග්‍රහණය කරන්නට නම් ඉතිරි පන්දුවාර 7දී ලකුණු 103ක් ලබා ගත වුණි. එහෙත් ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 67ක් පමණි. ස්කොට්ලන්තයේ අවසන් ලකුණු පුවරුව කියැවුනේ සියලුම දෙනා දැවී ලකුණු 199ක් ලෙසිනි.
ස්කොට්ලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 51ක් වූව ද දෙවැනි කඩුල්ල ද ඒ හා සමග ම බිඳ දමමින් ලකුණු 52කට කඩුලු 2ක් බවට පරිවර්ථනය කිරීමට නුවන් ප්‍රදීප් සමත් විය.
නායක කයිල් කොයෙට්සර් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමග ලකුණු 34ක් ලබා ගත්තේ ආරම්භක කඩුල්ල ශක්තිමත් කිරීමට ය. අනෙක් ආරම්භක පිතිකරු මැතිව් කෘස්ට වර්ෂාවෙන් පසුව ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. ඔහුත් සමගින් වර්ෂාව වෙද්දී අනෙක් අන්තයේ නොදැවී රැදී සිටි ජෝර්ජ් මුන්සේ ද ලකුණු අතරට පිවිසෙමින් පන්දු 42ක් වැය කරමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 61ක් ලබා ගත්තේ ය.
ලෝක කුසලානයට පෙර හොඳට ඇඟ උණුසුම් කරගමු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග…
ස්කොට්ලන්ත ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 10ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ හ. ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ නුවන් ප්‍රදීප් ය. ඔහු ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතර ව සුරංග ලක්මාල් කඩුලු 2ක් ද සහ තිසර පෙරේරා සහ ඉසුරු උදාන කඩුල්ල බැගින් ද දවා ගත් හ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ඉනිම ආරම්භ කළේ අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 123කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කවුරුන් ද යන්න මේ වන තෙක් ම ස්තීරව ම තෝරා ගෙන නොමැති තත්ත්වයක ඔවුන් ගේ පිතිහරඹය කාලයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබූ දිව ඔසුවක් වැනි ය.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා දවා ගැනීමට තිබූ අවස්ථා තුනක් ම ස්කොට්ලන්ත පන්දු රකින්නෝ අතින් ගිලිහී යෑම ශ්‍රී ලංකාවට වාසිදායක වුණි. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 33ක් ව තිබිය දී දිමුත් කරුණාරත්න (13) ද නැවත ලකුණු 44 අවිශ්ක ප්‍රනාන්දු (22) ද සහ ලකුණු 113දී නැවත දිමුත් කරුණාරත්න (36) දී එම අවස්ථාවන් තමන්ගේ වාසියට තබා ගත් හ.
21 හැවිරිදි දකුණත් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අද තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ මංගල අර්ධ ශතකය වාර්තා කළේ ය. ඒ තමන් මුහුණ දුන් 61 වැනි පන්දුවේ දී ය. ඔහු දැවී යන විට පන්දු 78කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 74ක් ලබා සිටියේ ය.
බලහත්කාරයෙන් ගත් ලකුණු දෙකෙන් ලෝක ශූරතාව දිනූ හැටි
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් ඉතාම උණුසුම් ස්වරූපයක්…
ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් දිමුත් කරුණාරත්න දැවී යන විට පන්දු 88කට මුහුණ දී හතරේ පහර 7ක් සමගින් ලකුණු 77ක් ලබා සිටියේ ය. ඔහු සහ අද තරගයේ දී කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි වූ කුසල් මෙන්ඩිස් එක් ව දෙවැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ගොඩ නැගූ හ.
දිමුත් කරුණාරත්න මෙම තරගයේ දී ලබා ගත් අර්ධ ශතකය තම එක්දින තරග දිවියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකයයි. ඔහු ඊට පෙර ද අර්ධ ශතකයක් වාර්තා කර තිබුණේ ද ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ය. ඒ 2011 වසරේ දී ලබා ගත් ලකුණු 60යි.
තත්ත්වයෙන් උසස් කරමින් ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙස තිසර පෙරේරා යොදා ගැනීමට ගත් උත්සාහය අපතේ දමමින් තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම ඔහු දැවී ගියේ ය. අනතුරු ව ඇන්ජලෝ මැතිව්ස් ද තම ඉනිම එක් ලකුණකට සීමා කළේ ය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ව තිබුණි.
කුසල් පෙරේරා තම එක්දින තරග පිටියේ 15 වැනි අර්ධ ශතකය ද වාර්තා කරමින් මෙම ඉනිමේ දී පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 66ක් ලබා ගත්තේ ය.
ලහිරු තිරිමාන්න ද අද තරගයේ දී ලකුණු අතරට පිවිසෙමින් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේ ය. මීට අමතර ව ධනංජය ද සිල්වා (7) ජීවන් මෙන්ඩිස් (13) ඉසුරු උදාන (15) සහ සුරංග ලක්මාල් (නොදැවී 12) ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට දායක වූ හ.
පන්දු යැවීමේ දී ආරම්භක පන්දු යවන්නන් වූ බ්‍රැඩ්ලි වීල් කඩුලු 3ක් ද සෆ්යාන් ශරීෆ් කඩුලු 2ක් ද ලබා ගත් හ.
ශ්‍රී ලංකාව ; කඩුලු 8ක් දැවී 322 (50) අවිශ්ක ප්‍රනාන්දු 74, දිමුත් කරුණාරත්න 77, කුසල් මෙන්ඩිස් 66, ලහිරු තිරිමාන්න නොදැවී 44, බ්‍රැඩ්ලි වීල් 3/49, සෆ්යාන් ශරීෆ් 2/76
ස්කොට්ලන්තය ; සියලුම දෙනා දැවී 199 (33.2) මැතිව් කෘස් 55, කයිල් කොයෙට්සර් 34, ජෝර්ජ් මුන්සේ 61, සුරංග ලක්මාල් 2/55, නුවන් ප්‍රදීප් 4/34
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avishka Fernando | c George Munsey b Michael Leask | 74 | 78 | 5 | 3 | 94.87 |
Dimuth Karunaratne | c & b Bradley Wheal | 77 | 75 | 7 | 0 | 102.67 |
Kusal Mendis | b Safyaan Sharif | 66 | 56 | 4 | 3 | 117.86 |
Thisara Perera | c Matthew Cross b Bradley Wheal | 0 | 1 | 0 | 0 | 0.00 |
Angelo Mathews | c Michael Leask b Tom Sole | 1 | 10 | 0 | 0 | 10.00 |
Lahiru Thirimanne | not out | 44 | 40 | 3 | 1 | 110.00 |
Dhananjaya de Silva | c Tom Sole b Mark Watt | 7 | 10 | 0 | 0 | 70.00 |
Jeevan Mendis | c George Munsey b Safyaan Sharif | 13 | 8 | 1 | 1 | 162.50 |
Isuru Udana | c Tom Sole b Bradley Wheal | 15 | 7 | 0 | 2 | 214.29 |
Suranga Lakmal | not out | 12 | 4 | 1 | 21 | 300.00 |
Extras | 13 (b 0 , lb 4 , nb 2, w 7, pen 0) |
Total | 322/8 (50 Overs, RR: 6.44) |
Fall of Wickets | 1-123 (22.1) Avishka Fernando, 2-204 (33.3) Dimuth Karunaratne, 3-205 (33.4) Thisara Perera, 4-210 (34.4) Angelo Mathews, 5-238 (41.2) Kusal Mendis, 6-258 (44.4) Dhananjaya de Silva, 7-280 (47.2) Jeevan Mendis, 8-301 (48.4) Isuru Udana, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Bradley Wheal | 10 | 0 | 49 | 3 | 4.90 | |
Safyaan Sharif | 10 | 0 | 76 | 2 | 7.60 | |
Alasdair Evans | 7 | 0 | 55 | 0 | 7.86 | |
Tom Sole | 9 | 0 | 52 | 1 | 5.78 | |
Mark Watt | 10 | 0 | 61 | 1 | 6.10 | |
Michael Leask | 4 | 1 | 25 | 1 | 6.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Matthew Cross | c Avishka Fernando b Suranga Lakmal | 55 | 71 | 4 | 0 | 77.46 |
Kyle Coetzer | c Lahiru Thirimanne b Nuwan Pradeep | 34 | 44 | 7 | 0 | 77.27 |
Calum MacLeod | b Nuwan Pradeep | 1 | 4 | 0 | 0 | 25.00 |
Craig Wallace | c Kusal Mendis b Isuru Udana | 18 | 23 | 0 | 0 | 78.26 |
George Munsey | b Nuwan Pradeep | 61 | 42 | 6 | 3 | 145.24 |
Michael Leask | c Avishka Fernando b Suranga Lakmal | 8 | 4 | 0 | 1 | 200.00 |
Tom Sole | c Dimuth Karunaratne b Kusal Perera | 5 | 3 | 1 | 0 | 166.67 |
Safyaan Sharif | b Nuwan Pradeep | 0 | 1 | 0 | 0 | 0.00 |
Mark Watt | not out | 8 | 6 | 1 | 0 | 133.33 |
Alasdair Evans | run out (Kusal Perera) | 1 | 2 | 0 | 0 | 50.00 |
Bradley Wheal | run out (Dimuth Karunaratne) | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 8 (b 0 , lb 3 , nb 0, w 5, pen 0) |
Total | 199/10 (33.2 Overs, RR: 5.97) |
Fall of Wickets | 1-51 (10.4) Kyle Coetzer, 2-52 (12.1) Calum MacLeod, 3-95 (20.5) Craig Wallace, 4-153 (28.4) Matthew Cross, 5-171 (30.2) Michael Leask, 6-191 (31.2) Tom Sole, 7-189 (31.3) George Munsey, 8-189 (31.4) Safyaan Sharif, 9-189 (33.1) Alasdair Evans, 10-199 (33.2) Bradley Wheal, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 7 | 0 | 55 | 2 | 7.86 | |
Nuwan Pradeep | 7 | 0 | 34 | 4 | 4.86 | |
Dhananjaya de Silva | 5.2 | 0 | 30 | 0 | 5.77 | |
Thisara Perera | 7 | 1 | 46 | 1 | 6.57 | |
Isuru Udana | 7 | 0 | 31 | 1 | 4.43 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<