ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී

Sri Lanka Tour of New Zealand 2024

159
Sri Lanka Tour of New Zealand 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ පුහුණු තරග ද්විත්වයක් අද (23) දිනයේ දී ක්‍රියාත්මක වූ අතර, එම තරග ද්විත්වය ම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

පළමු පුහුණු තරගය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වුණු අතර, මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ලබාගැනීමට සමත් වුනේ ලකුණු 94ක් පමණයි.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ඉන් පසුව නවසීලන්තයෙන් ලද පහසු ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 10 පන්දු 5ක් තුළ අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනේ තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමිනුයි.

මෙම තරගයෙන් පසුව පැවැත්වුණු පන්දුවාර 10 පුහුණු තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී පැතුම් නිස්සංක ලකුණු 31ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම දියත් කළ නවසීලන්තය විසින් නියමිත පන්දුවාර 10 තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 96ක් පමණයි. මෙහි දී නුවන් තුෂාර නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු දෙකේ ම හිමිකරු බවට පත් වුනා.

විස්සයි විස්ස තරගය

නවසීලන්තය – 94/10 (13.4) BJ Jacobs 39, වනිඳු හසරංග 3/12, චරිත් අසලංක 2/4, මහීෂ් තීක්ෂණ 2/7

 

ශ්‍රී ලංකාව – 97/3 (10.5) කුසල් පෙරේරා 30, කමිඳු මෙන්ඩිස් 28

ශ්‍රී ලංකාවට කඩුලු 07ක ජයක්.

T10 තරගය

ශ්‍රී ලංකාව – 128/2 (10) පැතුම් නිස්සංක 31, වනිඳු හසරංග 27, භානුක රාජපක්ෂ 25

 

නවසීලන්තය – 96/2 (10) MWT Boyle 57*, නුවන් තුෂාර 2/10

ශ්‍රී ලංකාවට ලකුණු 32ක ජයක්.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<