ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමින් අද (20) සත්කාරක නවසීලන්තය සමඟ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවට පත්වුනා. ඒ අනුව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ද හිමි වුනේ නවසීලන්තයටයි.
අද උදෑසන තරගය ආරම්භ වන විට ලකුණු 580ක නවසීලන්ත පළමු ඉනිම පසුපස හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටියා. ඒ තම පළමු ඉනිම ලකුණු 164කට අවසන් වීමෙන් පසු නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්නට සත්කාරක දේශයෙන් ලැබුණු ඇරයුමට අනුවයි.
ඊයේ දිනයේ තම ටෙස්ට් දිවියේ 17 වැනි අර්ධ ශතකය වාර්තා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් අද කිසිදු ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියා. ඒ අද දවසේ යැවූ මංගල පන්දු වාරයටයි. Matt Henry යොමු කළ කෙටි පන්දුවට මෙන්ඩිස් එල්ල කළ පුල් පහර කෙලින්ම ඇදී ගියේ මිඩ්-විකට් හි පන්දු රැකි Kane Williamson අතටයි.
ඇන්ජලෝ මැතිව්ස් වැනි අත්දැකීම් බහුල පිතිකරුවෙකුගේ සේවය කණ්ඩායමට අවශ්‍ය කර තිබූ මොහොතක ඔහු දියාරු පහරක් එල්ල කරමින් දැවී ගියා. ඒ ලකුණු 2කටයි. පහසුවෙන්ම නිදැල්ලේ හැරීමට තිබූ Blair Ticknerගේ කෙටි පන්දුවට මැතිව්ස්ගේ පිත්තෙන් Bracewell අතට පහසු උඩපන්දුවක් ලැබෙද්දී පන්දු යවන්නා එය ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව සැමරුවේ එම කඩුල්ලේ ඇති වටිනාකම දැනගෙනයි.
ලකුණු 116ට කඩුලු 4ක් දැවී ගිය ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පස්වැනි කඩුල්ලට ලකුණු 126ක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා අතරයි. චන්දිමාල් අද තම ටෙස්ට් දිවියේ 24 වැනි අර්ධ ශතකය ලෙස ලකුණු 62ක් වාර්තා කර ගත්තා. පන්දු 92ක් වැයවුනු ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් වුනා.
දිවා විවේකයට විනාඩි කිහිපයක් තිබියදී මෙම සබඳතාවය බිඳ වැටීම ශ්‍රී ලංකාවට බරපතල පාඩුවක් වුනා. මංගල තරගයට ක්‍රීඩා කරන නිශාන් මදුශ්ක දෙවැනි ඉනිමේ යම් ප්‍රගතියක් පෙන්නුම් කළේ පන්දු 93කට මුහුණ දී ලකුණු 39ක් ලබා ගනිමින්.
දේශීය තරගවල මෑතක දී පෙන්නුම් කළ දස්කම් අනුව ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගත් ඔහුට ඉදිරියේ දී මීට වඩා ජාත්‍යන්තර පිටියේ අවධානය දිනා ගැනීමට හැකි වනු ඇති. නිශාන් අද හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් වුනා. නමුත් ඔහුත් අද දැවී ගියේ කෙටි පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට යාමේ දී මිඩ්-ඕන් පන්දු රකින්නා අතට පහසු උඩපන්දුවක් ලබා දෙමින්.
- නවසීලන්ත පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක අවදානමක්!
- කෙටි පළමු දිනයේ දී නවසීලන්තයෙන් හොඳ ආරම්භයක්!
- මැතිව්ස්ගේ ශතකය සමඟින් තරගය සමබරව පස්වැනි දිනයට
- දසිස් – රමිරු සුපිරි දක්ෂතා නිසා රාජකීය විද්‍යාලය නිල් මහා සටනින් ජය ලබයි
- ලෝක ටෙස්ට් ශූරයින් වීමේ ශ්‍රී ලාංකික බලාපොරොත්තු තවමත් ජීවමානයි!
ඒ සමඟම කණ්ඩායම් දෙක තේ පානය සඳහා ගියේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 318ට කඩුලු 6ක් දැවී තිබිය දීයි. දිනයේ අවසන් සැසියේ ආරම්භයේ දී ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ හදවත් බිඳී ගියේ ශතකයට ලකුණු 2ක් මෙපිටින් සිටි ධනංජය ද සිල්වා Michael Bracewellට ගොදුරු වීම නිසයි. එම වේදනාව තවත් තීව්‍ර වුනේ පහසුවෙන් ලබා ගන්නට තිබූ ශතකය ධනංජය විසින් අති අවදානම් පැඩ්ල් ස්වීප් පහරක් එල්ල කරමින් අහිමි කර ගැනීම හේතුවෙන්.
දැවී යන විට පන්දු 185කට මුහුණ දී සිටි ධනංජය ද සිල්වා හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා. ඉනිමේ අවසන් කොටසේ දී නවසීලන්ත ජයග්‍රහණය පමා කිරීමේ අටියෙන් කසුන් රාජිත දැවැන්ත සටනක් දියත් කළේ ශ්‍රී ලංකා විශේෂඥ පිතිකරුවන්ටත් ආදර්ශයක් වෙමින්.
ඔහු අද පන්දු 110ක් පුරාවට පිතිකරණයේ යෙදෙමින් දවසේ අවසානය ආසන්නයටම ශ්‍රී ලංකා ඉනිම රැගෙන ආවා. ඒ අතරේ රාජිත ලකුණු 20ක් ලබා ගත්තේ එක් හතරේ පහරක් ද සමඟින්. නමුත් ශ්‍රී ලංකා ඉනිමේ 142 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ඔහු අතින් සිදු වූ අතපසුවීම උඩපන්දුවක් බවට හරවා ගැනීමට Kane Williamsonට හැකි වුනා. ශ්‍රී ලංකා ඉනිමේ අවසානය සටහන් වුනේ ලකුණු 358 දීයි.
පන්දු යැවීමේ දී Tim Southee සහ Blair Tickner කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී Michael Bracewell කඩුලු 2ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58ක බරපතළ පරාජයක් හිමිවුනා. තරගයේ වීරයා සම්මානය Henry Nichollsටත්, තරගාවලියේ වීරයා සම්මානය Kane Williamsonටත් ලබා දීමටයි තීරණය කෙරුණේ.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tom Latham | c Prabath Jayasuriya b Kasun Rajitha | 21 | 73 | 0 | 0 | 28.77 |
Devon Conway | c & b Dhananjaya de Silva | 78 | 108 | 13 | 0 | 72.22 |
Kane Williamson | c b Prabath Jayasuriya | 215 | 296 | 23 | 2 | 72.64 |
Henry Nicholls | not out | 200 | 240 | 15 | 4 | 83.33 |
Daryl Mitchell | c & b Kasun Rajitha | 17 | 12 | 1 | 1 | 141.67 |
Tom Blundell | not out | 17 | 17 | 0 | 0 | 100.00 |
Extras | 32 (b 2 , lb 17 , nb 8, w 5, pen 0) |
Total | 580/4 (123 Overs, RR: 4.72) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 32 | 6 | 126 | 2 | 3.94 | |
Asitha Fernando | 26 | 6 | 110 | 0 | 4.23 | |
Lahiru Kumara | 25 | 1 | 164 | 0 | 6.56 | |
Dhananjaya de Silva | 19 | 3 | 75 | 1 | 3.95 | |
Prabath Jayasuriya | 21 | 1 | 86 | 1 | 4.10 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Tom Blundell b Matt Henry | 6 | 32 | 0 | 0 | 18.75 |
Dimuth Karunaratne | c Tom Latham b Michael Bracewell | 89 | 188 | 9 | 0 | 47.34 |
Kusal Mendis | c Devon Conway b Doug Bracewell | 0 | 10 | 0 | 0 | 0.00 |
Prabath Jayasuriya | c Daryl Mitchell b Tim Southee | 4 | 17 | 1 | 0 | 23.53 |
Angelo Mathews | c Tom Blundell b Matt Henry | 1 | 10 | 0 | 0 | 10.00 |
Dinesh Chandimal | st Tom Blundell b Michael Bracewell | 37 | 92 | 4 | 0 | 40.22 |
Dhananjaya de Silva | c Tim Southee b Michael Bracewell | 0 | 6 | 0 | 0 | 0.00 |
Nishan Madushka | c Michael Bracewell b Matt Henry | 19 | 31 | 3 | 0 | 61.29 |
Kasun Rajitha | run out (Tom Latham) | 0 | 9 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 1 | 4 | 0 | 0 | 25.00 |
Asitha Fernando | c Kane Williamson b Blair Tickner | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 4 , lb 1 , nb 1, w 1, pen 0) |
Total | 164/10 (66.5 Overs, RR: 2.45) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 15 | 6 | 22 | 1 | 1.47 | |
Matt Henry | 20 | 6 | 44 | 3 | 2.20 | |
Doug Bracewell | 12 | 7 | 19 | 1 | 1.58 | |
Michael Bracewell | 12 | 1 | 50 | 3 | 4.17 | |
Blair Tickner | 6.5 | 1 | 21 | 1 | 3.23 | |
Daryl Mitchell | 1 | 0 | 3 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c WA Young b Doug Bracewell | 5 | 36 | 0 | 0 | 13.89 |
Dimuth Karunaratne | c Devon Conway b Tim Southee | 51 | 83 | 4 | 0 | 61.45 |
Kusal Mendis | c Kane Williamson b Matt Henry | 50 | 106 | 8 | 0 | 47.17 |
Angelo Mathews | c Michael Bracewell b Blair Tickner | 2 | 44 | 0 | 0 | 4.55 |
Dinesh Chandimal | c Doug Bracewell b Blair Tickner | 62 | 92 | 8 | 0 | 67.39 |
Dhananjaya de Silva | c Henry Nicholls b Michael Bracewell | 98 | 185 | 12 | 1 | 52.97 |
Nishan Madushka | c Tim Southee b Blair Tickner | 39 | 93 | 4 | 1 | 41.94 |
Kasun Rajitha | c Kane Williamson b Tim Southee | 20 | 110 | 1 | 0 | 18.18 |
Prabath Jayasuriya | c Blair Tickner b Michael Bracewell | 2 | 45 | 0 | 0 | 4.44 |
Lahiru Kumara | c Michael Bracewell b Tim Southee | 7 | 45 | 1 | 0 | 15.56 |
Asitha Fernando | not out | 0 | 15 | 0 | 0 | 0.00 |
Extras | 22 (b 0 , lb 6 , nb 2, w 14, pen 0) |
Total | 358/10 (142 Overs, RR: 2.52) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 27 | 13 | 51 | 3 | 1.89 | |
Matt Henry | 29 | 8 | 59 | 1 | 2.03 | |
Michael Bracewell | 42 | 14 | 100 | 2 | 2.38 | |
Doug Bracewell | 18 | 3 | 58 | 1 | 3.22 | |
Blair Tickner | 26 | 6 | 84 | 3 | 3.23 |
නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එහි දී හෝ මීට වඩා ක්‍රීඩාශීලීත්වයක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වනු ඇති. දෙරට අතර පළමු එක්දින තරගය මාර්තු 25 වැනිදා Auckland හිදී පැවැත්වෙනවා. එම සියලු තොරතුරු ඔබට ThePapare.com මගින් දැනගත හැකියි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<