Wellington නුවරදී සත්කාරක නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ වනවිට ශ්‍රී ලංකාවට අති දුෂ්කර අභියෝගයක් වී තිබෙනවා. තරගයේ තෙවැනි දිනය වූ අද දිනය (19) නිමා වෙද්දී දෙවැනි වරටත් නවසීලන්ත ඉනිම පසුපස හඹායාමට සිදුවී තිබෙන ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටිනවා.
අද තරගය ඇරඹෙන විට නවසීලන්තය ලබාදුන් ලකුණු 580ක අභියෝගය පසුපස හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 26ක් ලබා සිටියා. දිනය ඇරඹී පන්දුවාර 2ක් අවසන් වනවිටම පිටතට දෝලනය වූ පන්දුවක් මගින් ප්‍රභාත් ජයසූරියව පිටියෙන් ඉවත් කරන්නට Tim Southeeට හැකිවුනා. ඒ වෙනුවෙන් පළමු ස්ලිප් හි සිට Daryl Mitchell උඩපන්දුව රැක ගත්තා.
රාත්‍රී රැකවලාගෙන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටින්නට හැකිවුනේ නැහැ. ශරීරයට ඈතින් ඇදී ගිය පන්දුවකට අනවශ්‍ය ලෙස අවදානම් පහරක් එල්ල කිරීමට යද්දී ඔහු Tim Blundell අතට උඩපන්දුවක් ලබා දුන්නා. කඩුල්ල හිමිවුනේ Matt Henryටයි.
ඉන්පසු දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් අතරේ ලකුණු 80ක සබඳතාවයක් ගොඩ නැගුනා. මේ නිසා ශ්‍රී ලංකාව දිවා ආහාරය සඳහා ගියේ ලකුණු 109ට කඩුලු 4ක් දැවී තිබියදීයි. දෙවැනි සැසිය ඇරඹී යැවූ පළමු පන්දුවාරයේදීම ඉදිරියට පැන විශාල පහරක් එල්ල කිරීමට උත්සාහ කළ දිනේෂ් චන්දිමාල්ට කඩුල්ල අහිමි වුනා. ඒ Tim Blundell ඔහුව ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීම නිසයි.
චන්දිමාල්ව දවාගත් Michael Bracewell නැවතත් ක්‍රියාත්මක වෙමින් ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කරන්නේ ඔහු ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමටත් පෙරයි. තම මංගල තරගයට ක්‍රීඩා කරන නිශාන් මදුශ්කගේ ඉනිම ලකුණු 19කට සීමා වුනා. එහිදී Matt Henry යැවූ පන්දුව නොසිතූ ලෙස පොලා පනිද්දී ඉන් ආරක්ෂා වීමට උත්සාහ කළ නිශාන් තෙවැනි ස්ලිප් වෙත උඩපන්දුවක් ලබා දුන්නා.
ඉනිමේ එකම සාර්ථක ක්‍රීඩකයා ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 89ක් රැස් කළේ තම 33 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙසයි. අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් සහයක් හිමි වූවානම් ඔහුට අද ශතකයක් කරා යන්නට අවස්ථාවක් තිබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුනා. පන්දු 188ක් වැයවුනු දිමුත්ගේ ඉනිම හතරේ පහර 9කින් හැඩවුනා.
අද ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් වෙද්දී ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වුනේ ලකුණු 164දීයි. නවසීලන්තය ලකුණු 580ක් ලබාගත් තණතිල්ලේ ශ්‍රී ලංකාවේ මෙම ක්‍රීඩා විලාශය ඉතාමත් කණගාටුදායක වෙද්දී Matt Henry සහ Michael Bracewell කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.
- කෙටි පළමු දිනයේ දී නවසීලන්තයෙන් හොඳ ආරම්භයක්!
- මැතිව්ස්ගේ ශතකය සමඟින් තරගය සමබරව පස්වැනි දිනයට
- 118 වැනි ආදරවන්තයින්ගේ සටන ජය පරාජයෙන් තොරයි!
- දසිස් – රමිරු සුපිරි දක්ෂතා නිසා රාජකීය විද්‍යාලය නිල් මහා සටනින් ජය ලබයි
- ලෝක ටෙස්ට් ශූරයින් වීමේ ශ්රී ලාංකික බලාපොරොත්තු තවමත් ජීවමානයි!
මේ නිසා ලකුණු 416ක් ඉදිරියෙන් සිටි නවසීලන්තය තීරණය කළේ ශ්‍රී ලංකාවට නැවත ලකුණු හඹා යාමට ඉඩ දීමටයි. ඒ අනුව තේ පානයට පෙර ශ්‍රී ලංකාවට පන්දුවාර 9ක් වෙනුවෙන් පිතිකරණයේ යෙදෙන්නට සිදුවූ අතර ඔවුන් එහිදී කඩුලු ලබා නොදී ලකුණු 12ක් ලබා ගත්තා.
දිනයේ අවසන් සැසියේ දී ශ්‍රී ලංකාවට පිතිකරුවන් දෙදෙනෙක් අහිමි වුනා. එහිදී පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 5කටයි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 36කට මුහුණ දුන්නා. ඕෂධගෙන් බොහෝදුරට පෙන්නුම් කෙරෙන මෙම මන්දගාමී පිතිකරණය මෙවන් තණතිලි වලට ගැලපේද යන්න වෙනම සිතා බැලිය යුත්තක්.
ශ්‍රී ලංකාව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවයක් ගොඩ නැගූ අතර දිනය නිමාවෙන අවසන් පැයේදී දිමුත් කරුණාරත්න කෙටි පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී දැවී ගියා. ඒ වෙනුවෙන් ඩීප් ස්ක්වෙයාර් ලෙග් පන්දු රකින්නෙක් විශේෂයෙන්ම රඳවා තිබියදී දිමුත් මේ අයුරින් අවදානම් පහරක් එල්ල කළ කඩුල්ල විසිකර දැමීම ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් වුනා.
දැවී යනවිට දිමුත් දෙවැනි ඉනිමේ දීත් අර්ධ ශතකයක් වාර්තා කරගෙන අවසන්ව තිබූ නමුත් ශ්‍රී ලංකාව වැටී සිටින තැන සැලකීමේදී දිමුත් වැනි පරිණත පිතිකරුවෙකුගෙන් කණ්ඩායමට මීට වඩා සේවයක් අවශ්‍ය කර තිබුනා. අද දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටිනවා.
වෙලිංටන් හිදී මීට වසර 5කට පෙර විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරන්නට සමත් වූ කුසල් මෙන්ඩිස් අද දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 50ක් ලබා සිටිනවා. එදා ඔහු සමඟ විශිෂ්ට සබඳතාවයකට හවුල් වූ ඇන්ජලෝ මැතිව්ස් අනෙක් අන්තයේ රැඳී සිටින්නේ එක් ලකුණක් ලබාගෙනයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tom Latham | c Prabath Jayasuriya b Kasun Rajitha | 21 | 73 | 0 | 0 | 28.77 |
Devon Conway | c & b Dhananjaya de Silva | 78 | 108 | 13 | 0 | 72.22 |
Kane Williamson | c b Prabath Jayasuriya | 215 | 296 | 23 | 2 | 72.64 |
Henry Nicholls | not out | 200 | 240 | 15 | 4 | 83.33 |
Daryl Mitchell | c & b Kasun Rajitha | 17 | 12 | 1 | 1 | 141.67 |
Tom Blundell | not out | 17 | 17 | 0 | 0 | 100.00 |
Extras | 32 (b 2 , lb 17 , nb 8, w 5, pen 0) |
Total | 580/4 (123 Overs, RR: 4.72) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 32 | 6 | 126 | 2 | 3.94 | |
Asitha Fernando | 26 | 6 | 110 | 0 | 4.23 | |
Lahiru Kumara | 25 | 1 | 164 | 0 | 6.56 | |
Dhananjaya de Silva | 19 | 3 | 75 | 1 | 3.95 | |
Prabath Jayasuriya | 21 | 1 | 86 | 1 | 4.10 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Tom Blundell b Matt Henry | 6 | 32 | 0 | 0 | 18.75 |
Dimuth Karunaratne | c Tom Latham b Michael Bracewell | 89 | 188 | 9 | 0 | 47.34 |
Kusal Mendis | c Devon Conway b Doug Bracewell | 0 | 10 | 0 | 0 | 0.00 |
Prabath Jayasuriya | c Daryl Mitchell b Tim Southee | 4 | 17 | 1 | 0 | 23.53 |
Angelo Mathews | c Tom Blundell b Matt Henry | 1 | 10 | 0 | 0 | 10.00 |
Dinesh Chandimal | st Tom Blundell b Michael Bracewell | 37 | 92 | 4 | 0 | 40.22 |
Dhananjaya de Silva | c Tim Southee b Michael Bracewell | 0 | 6 | 0 | 0 | 0.00 |
Nishan Madushka | c Michael Bracewell b Matt Henry | 19 | 31 | 3 | 0 | 61.29 |
Kasun Rajitha | run out (Tom Latham) | 0 | 9 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 1 | 4 | 0 | 0 | 25.00 |
Asitha Fernando | c Kane Williamson b Blair Tickner | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 4 , lb 1 , nb 1, w 1, pen 0) |
Total | 164/10 (66.5 Overs, RR: 2.45) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 15 | 6 | 22 | 1 | 1.47 | |
Matt Henry | 20 | 6 | 44 | 3 | 2.20 | |
Doug Bracewell | 12 | 7 | 19 | 1 | 1.58 | |
Michael Bracewell | 12 | 1 | 50 | 3 | 4.17 | |
Blair Tickner | 6.5 | 1 | 21 | 1 | 3.23 | |
Daryl Mitchell | 1 | 0 | 3 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c WA Young b Doug Bracewell | 5 | 36 | 0 | 0 | 13.89 |
Dimuth Karunaratne | c Devon Conway b Tim Southee | 51 | 83 | 4 | 0 | 61.45 |
Kusal Mendis | c Kane Williamson b Matt Henry | 50 | 106 | 8 | 0 | 47.17 |
Angelo Mathews | c Michael Bracewell b Blair Tickner | 2 | 44 | 0 | 0 | 4.55 |
Dinesh Chandimal | c Doug Bracewell b Blair Tickner | 62 | 92 | 8 | 0 | 67.39 |
Dhananjaya de Silva | c Henry Nicholls b Michael Bracewell | 98 | 185 | 12 | 1 | 52.97 |
Nishan Madushka | c Tim Southee b Blair Tickner | 39 | 93 | 4 | 1 | 41.94 |
Kasun Rajitha | c Kane Williamson b Tim Southee | 20 | 110 | 1 | 0 | 18.18 |
Prabath Jayasuriya | c Blair Tickner b Michael Bracewell | 2 | 45 | 0 | 0 | 4.44 |
Lahiru Kumara | c Michael Bracewell b Tim Southee | 7 | 45 | 1 | 0 | 15.56 |
Asitha Fernando | not out | 0 | 15 | 0 | 0 | 0.00 |
Extras | 22 (b 0 , lb 6 , nb 2, w 14, pen 0) |
Total | 358/10 (142 Overs, RR: 2.52) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 27 | 13 | 51 | 3 | 1.89 | |
Matt Henry | 29 | 8 | 59 | 1 | 2.03 | |
Michael Bracewell | 42 | 14 | 100 | 2 | 2.38 | |
Doug Bracewell | 18 | 3 | 58 | 1 | 3.22 | |
Blair Tickner | 26 | 6 | 84 | 3 | 3.23 |
ශ්‍රී ලංකාව තවමත් නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටින නිසා පෙර නොවූ විරූ ආකාරයේ පිතිකරණයකින් මිස ශ්‍රී ලංකාවට මෙම තරගය බේරා ගැනීම දුෂ්කර වී තිබෙනවා. එම සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<