Home Sinhala පිතිකරුවන්ගේ මහන්සියට වේගපන්දු යවන්නන්ගෙන් සාධාරණයක්!

පිතිකරුවන්ගේ මහන්සියට වේගපන්දු යවන්නන්ගෙන් සාධාරණයක්!

371
Credit : Getty Images

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (10) නිමාවට පත් වන විට තරගයේ වැඩි වාසි තමන් වෙත හරවා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ශ්‍රී ලංකාවේ වේගපන්දු තර්ජනය ඉදිරියේ කඩුලු 5ක් බිඳ වැටී ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 193ක් පිටුපසින් සිටිනවා.

අද උදෑසන තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත පිටියේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 305කට කඩුලු 6ක් ලෙස දිස්වුනා. ඊයේ දිනයේ ශ්‍රී ලංකා ඉනිම මෙපමණ දුරක් රැගෙන ඒමට කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න වාර්තා කළ අර්ධ ශතක දෙක දැඩි ලෙස ඉවහල් වුනා.

අද තරගය ඇරඹීමෙන් පසුව යැවූ දෙවැනි පන්දුවාරයේ දී ම නවසීලන්තය සොයමින් සිටි ගොදුර ඩැහැ ගැනීමට ඔවුන් සමත් වුනා. ඒ ලකුණු 46ක් ලබාගෙන හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වාව ක්‍රීඩාගාරයට හරවා යවමින්. ඒ වන විට ඔහු හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා.

පසුපෙළ පිතිකරුවෙකු ලෙස තම යුතුකම ඉෂ්ට කර දුන් කසුන් රාජිත පන්දු 39කට මුහුණ දෙමින් ලකුණු 22ක් රැස් කිරීමෙන් පසු දැවී ගියා. කෙසේ වෙතත් අද දිවා විවේකයට පෙර පන්දුවාර 18ක් තුල දී ශ්‍රී ලංකා ඉනිමට නැවතීමේ තිත තැබීමට හැකි වීම සත්කාරක නවසීලන්ත කණ්ඩායමට අස්වැසිල්ලක් වන්නට ඇති.

නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ Tim Southee තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වැනි ඉනිමක කඩුලු 5ක් දවා ගැනීම අද සනිටුහන් කළා. ඔහුට නොදෙවෙනි පන්දු යැවීමක යෙදුණු Matt Henry ලකුණු 80කට කඩුලු 4ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා ඉනිම අද අවසන් වුනේ ලකුණු 355කටයි.

ශ්‍රී ලංකාව තමන්ට එතරම් හුරුපුරුදු නොවූ වටපිටාවක මුල් දිනය තුල දී ම පිත්තෙන් සාර්ථක වෙමින් ලබා දුන් ඉලක්කය හඹා යාම ඇරඹුවේ Tom Latham සමඟින් Devon Conwayයි. ඔවුන් පළමු කඩුල්ලට ලකුණු 67ක් එක් කරමින් නවසීලන්තයට අවශ්‍යම කර තිබූ ආරම්භය ලබා දීමට සමත් වුනා.

අවසානයේ මෙම කරදරකාරී සබඳතාවය නිමා කරන්නේ ඉතා හොඳ පන්දුවාර කිහිපයක් ක්‍රියාත්මක කරමින් නවසීලන්ත පිතිකරුවන් දෙදෙනාගේ සංයමය බිඳ දැමූ අසිත ප්‍රනාන්දුයි. ඔහු ලකුණු 30ක් ලබා සිටි Devon Conwayව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත් වුනා.

ලැබුණු අවසරයෙන් නැවතත් තරගයට ප්‍රබල ලෙස පිවිසෙන්නට ශ්‍රී ලංකාවට හැකි වුනේ සුපිරි පිතිකරු Kane Williamson සහ Henry Nicholls ආ පයින්ම ක්‍රීඩාගාරයට හරවා යවමින්. එහි දී තේ පානයට මොහොතකට පෙර Williamson වැනි පිතිකරුවෙකු අතින් කලාතුරකින් එල්ල වන ‘අලස පහරක්’ දකින්නට ලැබුනු අතර හොඳ උඩපන්දු රැකීමක් මගින් එය කඩුල්ලක් බවට හරවා ගැනීමට චාමික කරුණාරත්නට හැකිවුනා. එම කඩුල්ල හිමිවුනේ ලහිරු කුමාරටයි.

තෙවැනි සැසිය ආරම්භයේ දී ම Henry Nicholls පිටියෙන් ඉවත් වන්නේ නවසීලන්ත ඉනිමට ලකුණු 2ක් පමණක් එකතු කරමින්. එම කඩුල්ලත් ලහිරු කුමාරට හිමිවෙද්දී, නවසීලන්ත ඉනිම ලකුණු 76කට කඩුලු 3ක් දැවී ගොස් අසරණ මුහුණුවරක් ගත්තා. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව ඉහළ දක්ෂතා දක්වා ඇති Tom Latham සහ Daryl Mitchel නවසීලන්ත ඉනිම ලකුණු 134ක් දක්වා ගෙන ආවා.

මෙම සබඳතාවය බිඳ හෙළීමට යම්කිසි සුවිශේෂී උත්සාහයක් අවශ්‍ය වූ මොහොතේ ශ්‍රී ලංකාවේ පිහිටට එන්නේ දකුණතින් වේගපන්දු යවන අසිත ප්‍රනාන්දුයි. අසිත විදුලි වේගයෙන් යැවූ යෝකර් පන්දුව ඉදිරියේ ආරක්ෂිත පහරක් එල්ල කිරීමට උත්සාහ දැරූ Latham එය වැරදී යාමත් සමඟින් කඩුල්ල බිඳ ගත්තා. මේ දක්වා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා (67) වන Latham අද රැස් කළේ තම 27 වැනි අර්ධ ශතකයයි.

දිනය නිමා වීමට ආසන්නයේ දී Tom Blundellව ක්‍රීඩාගාරයට හරවා යැවූ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් සාර්ථක දිනයක නිමාව සනිටුහන් කළා. අද ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නන් සියලු දෙනාම පන්දුවාරයකට ලකුණු 2.5කට අඩුවෙන් පවත්වා ගැනීම ද ඔවුන් සත්කාරක නවසීලන්තයට ඔවුන්ගේ මව්බිමේ දී ම එල්ල කළ පීඩනයට සාක්ෂි සපයනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වන විට වැඩියෙන්ම අවශ්‍ය කර තිබෙන්නේ නොදැවී ලකුණු 40ක් ලබා සිටින Daryl Mitchelගේ කඩුල්ලයි. අනෙක් අන්තයේ රැඳී සිටින Michael Bracewell මේ දක්වා ටෙස්ට් තරගවල එතරම් කැපී පෙනෙන දක්ෂතා දක්වා නැහැ. නවසීලන්ත ඉනිම මේ වන විට දැක්වෙන්නේ ලකුණු 162කට කඩුලු 5ක් ලෙසයි.

Result


New Zealand
373/10 (107.3) & 285/8 (70)

Sri Lanka
355/10 (92.4) & 302/10 (105.3)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Tom Blundell b Tim Southee 13 31 2 0 41.94
Dimuth Karunaratne c Tom Latham b Matt Henry 50 87 7 0 57.47
Kusal Mendis lbw b Tim Southee 87 83 16 0 104.82
Angelo Mathews c Mitchell Santner b Matt Henry 47 98 6 1 47.96
Dinesh Chandimal c Tom Latham b Tim Southee 39 64 6 0 60.94
Dhananjaya de Silva c Tom Blundell b Tim Southee 46 59 5 1 77.97
Niroshan Dickwella lbw b Michael Bracewell 7 13 1 0 53.85
Kasun Rajitha c William Somerville b Matt Henry 22 39 4 0 56.41
Prabath Jayasuriya c Tom Blundell b Matt Henry 13 40 0 0 32.50
Lahiru Kumara not out 13 32 2 0 40.62
Asitha Fernando  lbw b Tim Southee 10 10 2 0 100.00


Extras 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0)
Total 355/10 (92.4 Overs, RR: 3.83)
Bowling O M R W Econ
Tim Southee 26.4 10 64 5 2.42
Matt Henry 26 8 80 4 3.08
Blair Tickner 20 2 103 0 5.15
Neil Wagner 10 1 68 0 6.80
Daryl Mitchell 7 3 17 0 2.43
Michael Bracewell 3 0 17 1 5.67
Batsmen R B 4s 6s SR
Tom Latham b Asitha Fernando  67 144 7 0 46.53
Devon Conway lbw b Asitha Fernando  30 88 2 0 34.09
Kane Williamson c Dimuth Karunaratne b Lahiru Kumara 1 11 0 0 9.09
Henry Nicholls c Kasun Rajitha b Lahiru Kumara 2 6 0 0 33.33
Daryl Mitchell c Niroshan Dickwella b Lahiru Kumara 102 193 6 2 52.85
Tom Blundell c Niroshan Dickwella b Kasun Rajitha 7 22 0 0 31.82
Michael Bracewell c Niroshan Dickwella b Prabath Jayasuriya 25 57 2 0 43.86
Tim Southee c Lahiru Kumara b Kasun Rajitha 25 20 3 1 125.00
Matt Henry b Asitha Fernando  72 75 10 3 96.00
Neil Wagner c Dhananjaya de Silva b Asitha Fernando  27 24 1 3 112.50
Blair Tickner not out 2 5 0 0 40.00


Extras 13 (b 4 , lb 6 , nb 0, w 3, pen 0)
Total 373/10 (107.3 Overs, RR: 3.47)
Bowling O M R W Econ
Kasun Rajitha 31 10 104 2 3.35
Asitha Fernando  29.3 5 85 4 2.90
Lahiru Kumara 25 5 76 3 3.04
Dhananjaya de Silva 9 2 34 0 3.78
Angelo Mathews 3 0 18 0 6.00
Prabath Jayasuriya 10 1 46 1 4.60
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Tom Blundell b Blair Tickner 28 52 4 0 53.85
Dimuth Karunaratne c Henry Nicholls b Blair Tickner 17 45 1 0 37.78
Kusal Mendis c Michael Bracewell b Blair Tickner 14 55 1 0 25.45
Angelo Mathews c Tom Blundell b Henry Nicholls 115 235 11 0 48.94
Prabath Jayasuriya c Tom Blundell b Blair Tickner 6 32 0 0 18.75
Dinesh Chandimal b Tim Southee 42 107 2 0 39.25
Dhananjaya de Silva not out 47 73 7 0 64.38
Niroshan Dickwella c Tom Blundell b Matt Henry 0 4 0 0 0.00
Kasun Rajitha lbw b Matt Henry 14 21 2 0 66.67
Lahiru Kumara run out (Kane Williamson) 8 6 2 0 133.33
Asitha Fernando  c Kane Williamson b Tim Southee 0 3 0 0 0.00


Extras 11 (b 4 , lb 3 , nb 0, w 4, pen 0)
Total 302/10 (105.3 Overs, RR: 2.86)
Bowling O M R W Econ
Tim Southee 26.3 9 57 2 2.17
Matt Henry 28 5 71 3 2.54
Blair Tickner 28 1 100 4 3.57
Neil Wagner 3 0 9 0 3.00
Daryl Mitchell 12 2 31 0 2.58
Michael Bracewell 8 1 27 0 3.38


Batsmen R B 4s 6s SR
Tom Latham b Prabath Jayasuriya 25 80 3 0 31.25
Devon Conway c & b Kasun Rajitha 5 16 0 0 31.25
Kane Williamson not out 121 194 11 1 62.37
Henry Nicholls c Kusal Mendis b Prabath Jayasuriya 20 24 1 0 83.33
Daryl Mitchell b Asitha Fernando  81 86 3 4 94.19
Tom Blundell b Asitha Fernando  3 5 0 0 60.00
Michael Bracewell c Chamika Karunaratne b Asitha Fernando  10 11 1 0 90.91
Tim Southee c Dhananjaya de Silva b Lahiru Kumara 1 2 0 0 50.00
Matt Henry run out (Kasun Rajitha) 4 3 0 0 133.33
Neil Wagner not out 0 0 0 0 0.00


Extras 15 (b 5 , lb 3 , nb 1, w 6, pen 0)
Total 285/8 (70 Overs, RR: 4.07)
Bowling O M R W Econ
Kasun Rajitha 17 5 61 1 3.59
Asitha Fernando  19 4 63 3 3.32
Prabath Jayasuriya 19 1 92 2 4.84
Lahiru Kumara 15 3 61 1 4.07



මේ අනුව හෙට දිනයේ පළමු පැය ඉතා වැදගත් වන අතර එහි දී නවසීලන්ත පසුපෙළ විවර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනොත් විශාල ලකුණු ගණනක ඉදිරියක් සමඟින් තම දෙවැනි ඉනිම නිදහසේ ගොඩ නැගීමට ඔවුන්ට හැකි වනු ඇති. හෙට දිනයේත් (11) සියලු තරග තොරතුරු වෙනුවෙන් ThePapare.com සමඟින්ම රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<