තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය අද (09) ආරම්භ වුනේ Christchurch හි Hagley Oval ක්‍රීඩාංගණයේ දීයි.
ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට පවා අතිශයින්ම වැදගත් වන මෙම තරගය වෙනුවෙන් නවසීලන්තය තම සාම්ප්‍රදායික කොළ පැහැ තණතිල්ලක් පිළියෙළ කර තිබුනත්, ශ්‍රී ලංකා පිතිකරුවන් එම අභියෝගය ජය ගනිමින් සාර්ථක ඉනිමක් ගොඩ නැගුවා.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,
ශ්‍රී ලංකා කණ්ඩායම : දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර.
නවසීලන්ත කණ්ඩායම : Tim Southee (නායක), Tom Latham, Devon Conway, Kane Williamson, Henry Nicholls, Daryl Mitchell, Tom Blundell, Michael Bracewell, Matt Henry, Neil Wagner, Blair Tickner.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායක Tim Southee මුලින් පන්දු යැවීමට තීරණය කළා. ඒ මෙවන් තණතිලි වල තරගයේ මුල් පැයේ දී වේගපන්දු යවන්නන්ට ඇති වාසිය උපයෝගී කර ගනිමින් මුල්පෙළ කඩුලු කිහිපයක් බිඳ දැමීමේ අරමුණ ඇතිවයි.
නමුත් ශ්‍රී ලංකාව තම නවසීලන්ත සංචාරයේ පළමු දිනයේ දී ම එම අභියෝගය සාර්ථකව ජය ගත්තා. ශ්‍රී ලංකා ඉනිම ඕෂධ ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න අතින් ආරම්භ කෙරුණු අතර ඕෂධ ප්‍රනාන්දුට ලකුණු 13 දී පිටිය හැර යන්නට සිදු වුනා.
නමුත් එතැන් පටන් දිමුත් සහ කුසල් මෙන්ඩිස් අතරේ ගොඩ නැගුණු ලකුණු 137ක සබඳතාවය නවසීලන්තය තරගය තුල පසුපසට ඇද දමන්නට හේතු වුනා. ශ්‍රී ලංකා ඉනිමේ පීඩනය සම්පූර්ණයෙන්ම දියකර හැරි කුසල් මෙන්ඩිස් අද වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 83ක දී ලකුණු 87ක් රැස්කර ගත්තා.
ඔහු තම අර්ධ ශතකය වෙනුවෙන් වැය කළේ පන්දු 40ක් පමණයි. කුසල්ගේ ඉනිම හතරේ පහර 16කින් හැඩවෙන අතරේ සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ආත්ම ශක්තිය ද ඊට අනුලෝමව වර්ධනය වුනා.
අද නායක දිමුත් කරුණාරත්නට සුවිශේෂී දිනයක් වූ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ගණනක් රැස්කළ ටෙස්ට් ආරම්භක පිතිකරුවා බවට පත්වුනා. ඒ සුපිරි පිතිකරු සනත් ජයසූරිය පසුකර යමිනුයි. ජයසූරිය ක්‍රිකට් දිවිය අවසන් කරන විට ආරම්භක පිතිකරණ ස්ථානයේ ලකුණු 5932ක් ලබා සිටි අතර දිමුත් මේ වන විට ලකුණු 5940ක් රැස් කරගෙන සිටිනවා.
ශ්‍රී ලංකාව ලකුණු 150 පසුකර යන මොහොතේ පිටිය අවට අඳුරු කාලගුණයක් පැවතුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් එක ළඟ දැවී ගියා. ඒ අවසරයෙන් තරගය නැවතත් නවසීලන්ත ග්‍රහණයට ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක් දැරූ අතර ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පරීක්ෂාකාරීව පිත්ත හසුරුවමින් එය ව්‍යාර්ථ කර දැමුවා.
ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබඳතාවය ලකුණු 82ක්. දිනේෂ් චන්දිමාල් අද ලකුණු 39ක් රැස් කරද්දී මැතිව්ස් ලකුණු 47 දී Matt Henryගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඒ වෙද්දී ඔහු හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා.
- ශ්‍රී ලංකාවට අභියෝගයක් කිවියෝ
- “උපරිමයෙන් ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාව සූදානම්” – පුහුණුකරු
- ඕස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
- ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි
- නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ!
ශ්‍රී ලංකාවේ ලකුණු සබඳතා බිඳ වැට්ටවීමට ගත් උත්සාහයන්වල දී නවසීලන්තය සතුවූ සියලුම DRS අවස්ථා අහිමි වී යාම ද විශේෂත්වයක්. කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අද සාර්ථක වීමට හැකි වුනේ නැහැ. ලකුණු 7කට ඔහු දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ විවර වුනා. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම දැක්වුනේ ලකුණු 268ට කඩුලු 6ක් ලෙසයි.
නමුත් පසුපෙළ පිතිකරුවෙකු ලෙස කසුන් රාජිත පෙන්වූ පිතිකරණ හැකියාව නිසා අද ශ්‍රී ලංකාවට තවත් කඩුලු අහිමි වීමකින් තොරවම ලකුණු 300 සීමාව පසුකර යාමට හැකි වුනා. අයහපත් ආලෝක තත්ත්වය නිසා පන්දුවාර 75කින් පසු තරගය අද දිනයට අත්හිටුවන විට ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 305ක් ලබා සිටිනවා.
එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටින කසුන් රාජිත ලකුණු 16යි. ශ්‍රී ලංකාවේ හෙට දිනයේ බලාපොරොත්තුව ලෙස පිටියේ රැඳී සිටින ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39ක් ලබා සිටිනවා. ඒ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟයි. මේ අනුව හෙට දිනයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් ලකුණු ප්‍රමාණය තීරණය කිරීමට ධනංජය ද සිල්වාගේ ඉනිම තීරණාත්මක සාධකයක් වී තිබෙනවා.
පන්දු යැවීමේ දී නායක Tim Southee තම නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් ලකුණු 44ට කඩුලු 3ක් බිඳ හෙළුවා. Matt Henry කඩුලු 2යි. මීට අමතරව Michael Bracewell දික්වැල්ලගේ කඩුල්ල දවා ගත් අතර නවසීලන්තය තම දඟපන්දු යවන්නාව භාවිතා කිරීම පමා කිරීම ඔවුන් අතින් සිදු වූ අතපසුවීමක් ලෙස සැලකිය හැකි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Tom Blundell b Tim Southee | 13 | 31 | 2 | 0 | 41.94 |
Dimuth Karunaratne | c Tom Latham b Matt Henry | 50 | 87 | 7 | 0 | 57.47 |
Kusal Mendis | lbw b Tim Southee | 87 | 83 | 16 | 0 | 104.82 |
Angelo Mathews | c Mitchell Santner b Matt Henry | 47 | 98 | 6 | 1 | 47.96 |
Dinesh Chandimal | c Tom Latham b Tim Southee | 39 | 64 | 6 | 0 | 60.94 |
Dhananjaya de Silva | c Tom Blundell b Tim Southee | 46 | 59 | 5 | 1 | 77.97 |
Niroshan Dickwella | lbw b Michael Bracewell | 7 | 13 | 1 | 0 | 53.85 |
Kasun Rajitha | c William Somerville b Matt Henry | 22 | 39 | 4 | 0 | 56.41 |
Prabath Jayasuriya | c Tom Blundell b Matt Henry | 13 | 40 | 0 | 0 | 32.50 |
Lahiru Kumara | not out | 13 | 32 | 2 | 0 | 40.62 |
Asitha Fernando | lbw b Tim Southee | 10 | 10 | 2 | 0 | 100.00 |
Extras | 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0) |
Total | 355/10 (92.4 Overs, RR: 3.83) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 26.4 | 10 | 64 | 5 | 2.42 | |
Matt Henry | 26 | 8 | 80 | 4 | 3.08 | |
Blair Tickner | 20 | 2 | 103 | 0 | 5.15 | |
Neil Wagner | 10 | 1 | 68 | 0 | 6.80 | |
Daryl Mitchell | 7 | 3 | 17 | 0 | 2.43 | |
Michael Bracewell | 3 | 0 | 17 | 1 | 5.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tom Latham | b Asitha Fernando | 67 | 144 | 7 | 0 | 46.53 |
Devon Conway | lbw b Asitha Fernando | 30 | 88 | 2 | 0 | 34.09 |
Kane Williamson | c Dimuth Karunaratne b Lahiru Kumara | 1 | 11 | 0 | 0 | 9.09 |
Henry Nicholls | c Kasun Rajitha b Lahiru Kumara | 2 | 6 | 0 | 0 | 33.33 |
Daryl Mitchell | c Niroshan Dickwella b Lahiru Kumara | 102 | 193 | 6 | 2 | 52.85 |
Tom Blundell | c Niroshan Dickwella b Kasun Rajitha | 7 | 22 | 0 | 0 | 31.82 |
Michael Bracewell | c Niroshan Dickwella b Prabath Jayasuriya | 25 | 57 | 2 | 0 | 43.86 |
Tim Southee | c Lahiru Kumara b Kasun Rajitha | 25 | 20 | 3 | 1 | 125.00 |
Matt Henry | b Asitha Fernando | 72 | 75 | 10 | 3 | 96.00 |
Neil Wagner | c Dhananjaya de Silva b Asitha Fernando | 27 | 24 | 1 | 3 | 112.50 |
Blair Tickner | not out | 2 | 5 | 0 | 0 | 40.00 |
Extras | 13 (b 4 , lb 6 , nb 0, w 3, pen 0) |
Total | 373/10 (107.3 Overs, RR: 3.47) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 31 | 10 | 104 | 2 | 3.35 | |
Asitha Fernando | 29.3 | 5 | 85 | 4 | 2.90 | |
Lahiru Kumara | 25 | 5 | 76 | 3 | 3.04 | |
Dhananjaya de Silva | 9 | 2 | 34 | 0 | 3.78 | |
Angelo Mathews | 3 | 0 | 18 | 0 | 6.00 | |
Prabath Jayasuriya | 10 | 1 | 46 | 1 | 4.60 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Tom Blundell b Blair Tickner | 28 | 52 | 4 | 0 | 53.85 |
Dimuth Karunaratne | c Henry Nicholls b Blair Tickner | 17 | 45 | 1 | 0 | 37.78 |
Kusal Mendis | c Michael Bracewell b Blair Tickner | 14 | 55 | 1 | 0 | 25.45 |
Angelo Mathews | c Tom Blundell b Henry Nicholls | 115 | 235 | 11 | 0 | 48.94 |
Prabath Jayasuriya | c Tom Blundell b Blair Tickner | 6 | 32 | 0 | 0 | 18.75 |
Dinesh Chandimal | b Tim Southee | 42 | 107 | 2 | 0 | 39.25 |
Dhananjaya de Silva | not out | 47 | 73 | 7 | 0 | 64.38 |
Niroshan Dickwella | c Tom Blundell b Matt Henry | 0 | 4 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | lbw b Matt Henry | 14 | 21 | 2 | 0 | 66.67 |
Lahiru Kumara | run out (Kane Williamson) | 8 | 6 | 2 | 0 | 133.33 |
Asitha Fernando | c Kane Williamson b Tim Southee | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 4 , lb 3 , nb 0, w 4, pen 0) |
Total | 302/10 (105.3 Overs, RR: 2.86) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 26.3 | 9 | 57 | 2 | 2.17 | |
Matt Henry | 28 | 5 | 71 | 3 | 2.54 | |
Blair Tickner | 28 | 1 | 100 | 4 | 3.57 | |
Neil Wagner | 3 | 0 | 9 | 0 | 3.00 | |
Daryl Mitchell | 12 | 2 | 31 | 0 | 2.58 | |
Michael Bracewell | 8 | 1 | 27 | 0 | 3.38 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tom Latham | b Prabath Jayasuriya | 25 | 80 | 3 | 0 | 31.25 |
Devon Conway | c & b Kasun Rajitha | 5 | 16 | 0 | 0 | 31.25 |
Kane Williamson | not out | 121 | 194 | 11 | 1 | 62.37 |
Henry Nicholls | c Kusal Mendis b Prabath Jayasuriya | 20 | 24 | 1 | 0 | 83.33 |
Daryl Mitchell | b Asitha Fernando | 81 | 86 | 3 | 4 | 94.19 |
Tom Blundell | b Asitha Fernando | 3 | 5 | 0 | 0 | 60.00 |
Michael Bracewell | c Chamika Karunaratne b Asitha Fernando | 10 | 11 | 1 | 0 | 90.91 |
Tim Southee | c Dhananjaya de Silva b Lahiru Kumara | 1 | 2 | 0 | 0 | 50.00 |
Matt Henry | run out (Kasun Rajitha) | 4 | 3 | 0 | 0 | 133.33 |
Neil Wagner | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 15 (b 5 , lb 3 , nb 1, w 6, pen 0) |
Total | 285/8 (70 Overs, RR: 4.07) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 17 | 5 | 61 | 1 | 3.59 | |
Asitha Fernando | 19 | 4 | 63 | 3 | 3.32 | |
Prabath Jayasuriya | 19 | 1 | 92 | 2 | 4.84 | |
Lahiru Kumara | 15 | 3 | 61 | 1 | 4.07 |
හෙට දිනය අතිශයින්ම සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව හෙට දිනයේ ලබා ගන්නා ලකුණු සංඛ්‍යාවෙන් තරගයේ දිශානතිය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවන නිසයි. ඒ සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<