සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ එක්දින තරගාවලියේ තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (8) නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ නවසීලන්තය ලකුණු 115කින් තරගය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් උරුම කරදෙමිනි.
පූර්ණ තරගාවලි පරාජයකින් ශ්‍රී ලංකාව ගැලවෙයි ද?
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ද..
තරගාවලියේ පළමු වතාවට කාසියේ වාසිය දිනා ගත් නායක ලසිත් මාලිංග පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන මාර්ටින් ගප්ටිල් හා කොලින් මුන්රෝ නවසීලන්ත ලකුණු සටහන 31ක් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට නායක මාලිංග සමත් විය.
ඉන් අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායක කේන් විලියම්සන් හා දකුණතින් පිතිකරණයේ නිරත වන රොස් ටේලර් පන්දු 130ක් පමණක් වැය කරමින් ලකුණු 116ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූහ.
4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 35 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කර ගත් විලියම්සන් ලකුණු 55 දී නවතා දැමීමට ලක්ෂාන් සඳකැන් සමත් වූයේ මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දඟපන්දු යවන්නෙක් ලබා ගත් පළමු කඩුල්ලේ හිමිකරු වෙමිනි.
විලියම්සන්ගේ දැවී යාමට පසුව පිටියේ එකතු වූ ටේලර් හා හෙන්රි නිකල්ස් ශතක වාර්තා කළේ නවසීලන්ත ලකුණු පුවරුව දැවැන්ත ලකුණක් වෙත ඔසවා තබමිනි. 4 පහර 9ක් හා දැවැන්ත 6 පහර 4ක් සමඟ සිය එක්දින ක්‍රිකට් දිවියේ 20 වැනි ශතකය ලබා ගත් ටේලර් ලකුණු 137 දී දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වූයේ ධනංජය ද සිල්වාගේ සහාය ඇතිවයි.
4 පහර 12ක් හා 6 පහර 3ක් සමඟින් සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කර ගත් නිකල්ස් එම ඉනිම සඳහා වැය කළ පන්දු ගණන 80ක්.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ටේලර් හා නිකල්ස් අතරේ ගොඩනැංවුනු ලකුණු 154ක දැවැන්ත සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස, මෙම ක්‍රීඩාංගණයේ දී එක් කණ්ඩායමක් මෙතෙක් වාර්තා කර ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතු ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 4ක් පමණක් දැවී නවසීලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 364ක්.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා වන ලසිත් මාලිංග සිය පන්දුවාර 10 අවසන් කළේ ලකුණු 93ක් තුල කඩුලු 3ක් දවා ගනිමිනි.
දඟපන්දුවේ බලයෙන් තෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර..
ලකුණු 365ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසි අතර ධනුෂ්ක ගුණතිලක පන්දු රකිමින් සිටිය දී කොන්ද ආශ්‍රිතව යම් ආබාධයකට ලක්ව තිබෙන නිසාවෙන් ඔහු වෙනුවට ආරම්භක පිතිකරු ලෙස අද පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ල සමඟින් ධනංජය ද සිල්වා ය.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවයක් ගොඩනැංවූ අතර 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගත් ධනංජය, වේගපන්දු යවන ටිම් සවුතී එවූ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
එම දැවී යාමට පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 41ක් එකතු වෙද්දී 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 46ක් ලබා සිටි දික්වැල්ල දැවී ගියේ ඔහු එල්ල කළ පහරකට අනුව පිත්තේ එක් අග්‍රයක වැදුණු පන්දුව අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි ෆර්ගසන්ගේ දෑතේ සිරවීමත් සමඟිනි. කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුකරගත් නායක විලියම්සන් ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ලත් දවා ගත්තේ ලකුණු සටහන 107ක් ලෙස දැක්වෙද්දීයි.
නැවත වතාවක් ලකුණු අතරට පැමිණි වමත් මැදපෙළ පිතිකරුවෙක් වන කුසල් ජනිත් 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 43ක් ලබාගෙන සිටිය දී, පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුවක් කඩුලු රකින්නා විසින් සාර්ථකව ග්‍රහණය කර ගන්නා ලදි. විනිසුරු විසින් ඔහු දැවී ගිය බව තහවුරු කළත් ජනිත් එම තීරණය තෙවැනි විනිසුරු වෙත යොමු කළ අතර එය දැවී යෑමක් බව යළි සනාථ වීමත් සමඟින් ශ්‍රී ලංකාව සතු වූ එකම විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවත් අහිමි වී ගියේය.
ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලියේ ඉදිරිය ගනී
ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ..
ආබාධ නොතකා පිටියට පැමිණි ගුණතිලක හා එක්වූ, දෙවන තරගයේ වීරයා වූ තිසර පෙරේරා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එම සබඳතාවය මේ තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය වූ අතර පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි මාර්ටින් ගප්ටිල් රැකගත් සුපිරි උඩ පන්දුවත් සමඟින් පන්දු 63ක දී ලකුණු 80ක් ලබාගත් තිසරගේ සටන්කාමි ඉනිම නිමා විය.
සිය එක්දින ක්‍රිකට් දිවියේ 10 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් තිසරගේ දැවී යාමට පසුව ශ්‍රී ලංකා පසුපෙළ අවසන් කඩුලු 4 ලකුණු 5ක් වැනි අවම ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන ෆර්ගසන් ඇතුළු නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.
ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග 3-0ක් ලෙස පූර්ණ එක්දින තරගාවලි පරාජයකට ලක්වූයේ වසර 28කට පසුවයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව අද තරගය සඳහා අවතීර්ණ වූයේ පසුගිය දා පැවති දෙවැනි එක්දින තරගයේ දී ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න හා සීකුගේ ප්‍රසන්න වෙනුවට ධනංජය ද සිල්වා, දසුන් ශානක හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් ආදේශ කරගනිමිනි.
එසේම නවසිලන්තය මේ වන විටත් මේ එක්දින තරගාවලිය ජයගෙන තිබීම නිසාවෙන් දෙවන තරගයට ක්‍රීඩා කළ ට්‍රෙන්ට් බෝල්ට් හා ඩග් බ්‍රෙස්වෙල් වෙනුවට ලුකී ෆර්ගසන් හා මැට් හෙන්රි අද කණ්ඩායම වෙත කැඳවා තිබුණි.
නවසීලන්තය – 364/4 (50): රොස් ටේලර් 137, හෙන්රි නිකල්ස් 124*, කේන් විලියම්සන් 55, ලසිත් මාලිංග 3/93.
ශ්‍රී ලංකාව – 249 (41.4): තිසර පෙරේරා 80, නිරෝෂන් දික්වැල්ල 46, කුසල් ජනිත් පෙරේරා 43, ලුකී ෆර්ගසන් 4/40.
තරගයේ වීරයා – රොස් ටේලර් (නවසීලන්තය)
දෙරට අතර පැවැත්වෙන එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 11 වැනිදා ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙන අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30ට ආරම්භ වීමට නියමිතයි. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
New Zealand
364/4
(50 overs)
Result
Sri Lanka
249/10
(41.4 overs)
NZ won by 115 runs
New Zealand ‘s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Martin Guptill | c K Mendis b L Malinga | 2 | 5 | |||
Coin Munro | b L Malinga | 21 | 14 | |||
Kane Williamson | c D De Silva b L Sandakan | 55 | 65 | |||
Ross Taylor | c D De Silva b L Malinga | 137 | 131 | |||
Henry Nicholls | not out | 124 | 80 | |||
James Neesham | not out | 12 | 6 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Lasith Malinga | 10 | 1 | 93 | 3 | 9.30 |
Dushmantha Chameera | 8 | 0 | 55 | 0 | 6.88 |
Nuwan Pradeep | 9 | 1 | 77 | 0 | 8.56 |
Thisara Perera | 2 | 0 | 8 | 0 | 4.00 |
Lakshan Sandakan | 10 | 0 | 54 | 1 | 5.40 |
Dasun Shanaka | 6 | 0 | 36 | 0 | 6.00 |
Dhananjaya de Silva | 6 | 0 | 35 | 0 | 5.83 |
Sri Lanka’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c L Ferguson b J Neesham | 46 | 37 | |||
Dhananjaya de Silva | lbw by T Southee | 36 | 29 | |||
Kusal Janith | c T Seifert b L Ferguson | 43 | 49 | |||
Kusal Mendis | (runout) K Williamson | 0 | 0 | |||
Dasun Shanaka | lbw by I Sodhi | 2 | 7 | |||
Thisara Perera | c M Guptill b L Ferguson | 80 | 63 | |||
Danushka Gunathilaka | b L Ferguson | 31 | 52 | |||
Dushmantha Chameera | c T Southee b L Ferguson | 1 | 8 | |||
Lasith Malinga | st T Seifert b I Sodhi | 0 | 1 | |||
Lakshan Sandakan | not out | 0 | 1 | |||
Nuwan Pradeep | b I Sodhi | 0 | 3 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Tim Southee | 7 | 0 | 46 | 1 | 6.57 |
Matt Henry | 8 | 0 | 62 | 0 | 7.75 |
Lockie Ferguson | 8 | 0 | 40 | 4 | 5.00 |
James Neesham | 5 | 0 | 34 | 1 | 6.80 |
Kane Williamson | 5 | 0 | 24 | 0 | 4.80 |
Ish Sodhi | 8.4 | 0 | 40 | 3 | 4.76 |