ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් අද (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින්.
එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය ගියා.
අද තරගාවලියේ මුල් වරට කාසියේ වාසියට හිමිකම් කීමට ඉන්දීය නායක Rohit Sharma සමත් වූ අතර ඔහු පන්දුවට පහර දීමේ අවස්ථාව ඉල්ලා සිටියා. බැලූ බැල්මට හොඳ තණතිල්ලක් බව පෙනෙන නිසා ඉන් උපරිම ඵල නෙලා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
ඉන්දීය කණ්ඩායම අද තම ජයග්‍රාහී කණ්ඩායමේ සිටි Umran Malik සහ Hardik Pandya විවේක ගන්වමින් Washington Sundar සහ Suryakumar Yadav කණ්ඩායමට කැඳවා තිබුණා. ශක්තිමත් පිතිපෙළක් ඉන්දියාව සතු වන නිසා Ishan Kishanට මෙම තරගාවලියේ එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ.
නිතර තම පන්දු රැකීමෙන් කණ්ඩායමට සේවයක් ඉටු කළ අශේන් බණ්ඩාරට සෑහෙන කලකට පසු අද කණ්ඩායමේ ස්ථානයක් හිමි වී තිබුණා. ඒ ධනංජය ද සිල්වා වෙනුවටයි.
මීට අමතරව ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායම සමඟ එක්වී තිබුණේ පසුගිය තරගයේ ලකුණු 32ක් ලබාගෙන පන්දුවාර 2ක් පමණක් යැවීමේ අවස්ථාව හිමි වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ බංකුවේ තබමිනුයි. වනිඳු සහ අශේන් කණ්ඩායමේ සිටිය දී තවත් පා දඟපන්දු යවන්නෙක්ම කණ්ඩායම එක් කිරීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළා.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්
- ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩර්සේ, කසුන් රාජිත, ලහිරු කුමාර.
- ඉන්දීය කණ්ඩායම: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Sheyas Iyer, KL Rahul, Suryakumar Yadav, Axar Patel, Mohammed Shami, Mohommed Siraj, Washington Sundar, Kuldeep Yadav.
මෙම තරගාවලියේ බොහෝ විට දැක ගන්නට ලැබුණු පරිදිම අදත් ඉන්දියාව සුපිරි ආරම්භයක් ලබා ගත්තා. ඒ ප්‍රථම කඩුල්ලටම ලකුණු 95ක් එක් කරමිනුයි. තවදුරටත් ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කෙරූ Rohit Sharma අවසානයේ එල්ල කිරීමට උත්සාහ කළ හයේ පහරක් වැරදී චාමික කරුණාරත්නට එම කඩුල්ල හිමි වුනා.
ඉන්දීය නායකයා සමඟ ඉනිම ඇරඹූ Shubman Gill අද තම එක්දින දිවියේ දෙවැනි ශතකය සම්පූර්ණ කර ගත්තා. හතරේ පහර 14කින් සහ හයේ පහර ද්විත්වයකින් හැඩවුනු ඔහුගේ ලකුණු 116ක ඉනිමට වැය වුනේ පන්දු 97ක් පමණයි.
16 වැනි පන්දුවාරයේ දී පිටියට පැමිණි Virat Kohli ඉනිම නිමා වන තෙක්ම පිටියේ රැඳී සිටිමින් ලකුණු 166ක අති දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කළා. පන්දු 110ක් පමණක් ප්‍රයෝජනයට ගත් ඔහු ඒ අතර හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් එල්ල කළේ අනුකම්පා විරහිත ලෙසයි.
Shreyas Iyer ලකුණු 38ක් රැස් කරද්දී ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී පිටියට පිවිසි KL Rahul සහ Suryakumar Yadavට අද සාර්ථක වීමට හැකි වුනේ නැහැ. නමුත් Gill සහ Kohli වාර්තා කළ විශිෂ්ට ශතක දෙක ඉන්දීය ඉනිම ලකුණු 390-5ක් ලෙස ඔසවා තැබුවා.
පන්දු යැවීමේ දී කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී, ශ්‍රී ලංකා දඟපන්දු බල ඇණිය අද කිසිදු කඩුල්ලකට හිමිකම් නොකීම විශේෂත්වයක්!
- ශතකයේ දසුන් හිත සනසද්දී, ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක්!
- Rohit සහ Kholiගේ T20 පරිච්ඡේදය අවසන් වෙයි ද?
- සුපිරි ඉන්දීය වේගපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට
- Kohli සිය ශතකයේ අයිතිය දවසේ වාසනාවට පිරිනමයි!
පන්දු රකින අතරතුර සිදු වූ ක්‍රීඩක ඝට්ටනයක් නිසා අද අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ දරුණු ලෙස ආබාධයට ලක්වූ නිසා ඒ වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පිතිකරණය සඳහා කණ්ඩායමට ඇතුළත් කිරීමට අවස්ථාවක් හිමිවී තිබුණා.
කෙසේ වෙතත් දීර්ඝ කලකට පසු කණ්ඩායමේ ඉඩක් ලබා ගත් අශේන්ට එම තරගයේත් පිතිකරණයේ යෙදීමට නොලැබීම නම් අභාග්‍යයක්.
ඉන්දීය පිතිකරුවන් ලකුණු 390ක් රැස්කළ තණතිල්ලක් මත දී ශ්‍රී ලංකාවත් පිත්තෙන් දස්කම් දක්වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුව ද, අද තිරුවනන්ත්පුරම් හිදී දැක ගැනීමට ලැබුණේ සිත් සසල කරවන දසුනකුයි. පන්දුවාර 22ක් අවසානයේ ඔවුන් තම ඉනිම ලකුණු 73කට අවසන් කළේ ඉතාමත් ලැජ්ජා සහගත ලෙසයි.
අගය කළ හැකි කිසිවක් ඉතිරිව නොතිබූ එම ඉනිමේ දී ඉන්දීය ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වන Mohommed Shami සහ Mohommed Siraj හිතේ හැටියට දස්කම් දැක්වූවා. ඒ ශ්‍රී ලංකාව සතු මුල්පෙළ පිතිකරුවන් 6 දෙනෙක් ලකුණු 39ක් තුල දී ක්‍රීඩාගාරයට පිටමං කරමිනුයි.
ඔවුන් දෙදෙනාගෙන් පසු Kuldeep Yadav පන්දු යැවීම භාර ගත්තේ විශිෂ්ට පන්දුවක් දසුන් ශානකගේ පිත්ත සහ පා ආවරණ අතරින් කඩුල්ල වෙත යොමු කරමින්. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තමන්ට තිබූ ලොකුම හිසරදයට බෙහෙත් සොයා ගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඒ Kuldeep කණ්ඩායමට කැඳවීමෙන් පසු ලැබුණු අවස්ථා දෙකේ දී ම ඔහු ශ්‍රී ලංකා නායකයාව අඩු ලකුණු ගණනකට දවා ගැනීමට සමත් වූ නිසයි.
ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩි වශයෙන් ඉන්දීය වේගපන්දු යවන්නන් හමුවේ පිත්තේ පිටත අග්‍රයම සොයා ගත් අතර ලැබෙන සමහර උඩපන්දු අත හැරුනත් ඔවුන් දිගින් දිගටම දුර්වල පිතිකරණයක්ම පෙන්නුම් කළා. මේ අතර චාමික කරුණාරත්න පන්දු යැවූ Mohommed Siraj අතට පහරක් එල්ල කර එම ඉරියව්වේම නොසැලකිලිමත් ලෙස රැඳී සිටියේ ඔහුට තමාව දුවද්දී දවා ගැනීමට ආරාධනා කරමින්.
ඉනිම අවසන් වෙද්දී Mohommed Siraj කඩුලු 4කුත්, Shami සහ Kuldeep කඩුලු 2 බැගිනුත් දවාගෙන තිබුණා. මේ අනුව ඉන්දීය කණ්ඩායම අද ලබා ගත් ලකුණු 317ක දැවැන්ත ජය ලෝක ඉතිහාසයට එක්වුනේ එක්දින තරගයක වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තරගය ලෙසයි.
මීට පෙර එම අමිහිරි වාර්තාවට හිමිකම් කිව්වේ නවසීලන්තය හමුවේ ලකුණු 290කින් පරාජය ලැබූ අයර්ලන්ත කණ්ඩායමයි. ශ්‍රී ලංකා පිතිකරුවන්ට අද ඉන්දීය ශතක ලාභීන් දෙදෙනාගේ පෞද්ගලික ලකුණු ගණන පවා ඉක්මවා යාමට නොහැකි වීම දැඩි අවාසනාවන්ත තත්ත්වයක්.
ඉන්දියාව එක්දින තරගාවලිය පහසුවෙන් ජය ගත්තේ තරග 3-0ක් ලෙසයි. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දෙකටම හිමිකම් කීවේ අද තම එක්දින දිවියේ 46 වැනි ශතකයට හිමිකම් කියූ Virat Kohliයි.
ඒ අනුව ඔහුට ඉන්දීය ක්‍රිකට් දෙවියා වන Sachin Tendulkarගේ එක්දින ශතක සංඛ්‍යාව හා සම වීමට තවත් අවශ්‍ය වන්නේ ශතක 3ක් පමණයි.
මේ අනුව පිරවීමට හිස්තැන් රැසක් සහ විසඳීමට ගැටලු රැසක් ඉතිරි කරමින් ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් වුනා.
එක්දින ලෝක කුසලානයත් ළඟ ළඟම එන නිසා ඒ වෙනුවෙන් කළමනාකාරිත්වයට සහ ක්‍රීඩකයින්ට සෑහෙන වෙහෙස මහන්සි වන්නට සිදු වනු ඇති බව නම් නිසැකයි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු තරගවල තොරතුරු සැණෙකින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rohit Sharma | c Avishka Fernando b Chamika Karunaratne | 42 | 49 | 2 | 3 | 85.71 |
Shubman Gill | b Kasun Rajitha | 116 | 97 | 14 | 2 | 119.59 |
Virat Kohli | not out | 166 | 110 | 13 | 8 | 150.91 |
Shreyas Iyer | c Dhananjaya de Silva b Lahiru Kumara | 38 | 32 | 2 | 1 | 118.75 |
KL Rahul | c Dunith Wellalage b Lahiru Kumara | 7 | 6 | 1 | 0 | 116.67 |
Suryakumar Yadav | c Kasun Rajitha b Avishka Fernando | 4 | 4 | 0 | 0 | 100.00 |
Axar Patel | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Extras | 15 (b 0 , lb 10 , nb 0, w 5, pen 0) |
Total | 390/5 (50 Overs, RR: 7.8) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 10 | 1 | 81 | 2 | 8.10 | |
Lahiru Kumara | 10 | 1 | 87 | 2 | 8.70 | |
Wanidu Hasaranga | 10 | 0 | 54 | 0 | 5.40 | |
Jeffery Vandersay | 7 | 0 | 59 | 0 | 8.43 | |
Chamika Karunaratne | 8 | 0 | 58 | 1 | 7.25 | |
Dasun Shanaka | 3 | 0 | 19 | 0 | 6.33 | |
Nuwanidu Fernando | 2 | 0 | 22 | 0 | 11.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avishka Fernando | c Shubman Gill b Mohammed Siraj | 1 | 4 | 0 | 0 | 25.00 |
Nuwanidu Fernando | b Mohammed Siraj | 19 | 27 | 4 | 0 | 70.37 |
Kusal Mendis | c KL Rahul b Mohammed Siraj | 4 | 7 | 1 | 0 | 57.14 |
Charith Asalanka | c Axar Patel b Mohammed Shami | 1 | 4 | 0 | 0 | 25.00 |
Dasun Shanaka | b Kuldeep Yadav | 11 | 26 | 2 | 0 | 42.31 |
Wanidu Hasaranga | b Mohammed Siraj | 1 | 7 | 0 | 0 | 14.29 |
Chamika Karunaratne | run out (Mohammed Siraj) | 1 | 6 | 0 | 0 | 16.67 |
Dunith Wellalage | c Kuldeep Yadav b Mohammed Shami | 3 | 13 | 0 | 0 | 23.08 |
Kasun Rajitha | not out | 13 | 19 | 2 | 0 | 68.42 |
Lahiru Kumara | b Kuldeep Yadav | 9 | 19 | 2 | 0 | 47.37 |
Ashen Bandara | retired | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 1 , lb 2 , nb 0, w 7, pen 0) |
Total | 73/10 (22 Overs, RR: 3.32) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohammed Shami | 6 | 2 | 20 | 2 | 3.33 | |
Mohammed Siraj | 10 | 1 | 32 | 4 | 3.20 | |
Kuldeep Yadav | 5 | 1 | 16 | 2 | 3.20 | |
Shreyas Iyer | 1 | 0 | 2 | 0 | 2.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<