පන්දුවට පහර දීමේ දී පෙන්වන දරුණු පසුබෑම නිසා තවත් අමිහිරි තරගාවලි පරාජයකින් වන්දි ගෙවීමට අද (12) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.
ඒ අනුව මේ වන විට ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ 2-0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටින්නේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දීයි.
අද නැවත වරක් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙවර මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළා. මෙම ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවති එක්දින තරග 5 දී ම මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම ජයගෙන තිබීම ඔහුට එම තීරණය ගැනීම පහසු කරන්නට ඇති.
අද ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසියේ වෙනස්කම් 2ක් සමඟිනුයි. එහි දී ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක වෙනුවට 23 හැවිරිදි යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ජාත්‍යන්තර වරම් දිනා ගනිද්දී, ඩිල්ශාන් මධුශංක වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් කර තිබුණා.
ඉන්දීය කණ්ඩායමේ එකම වෙනස්කම ලෙස පසුගිය තරගයේ දී පන්දු රැකීමේ දී ආබාධයකට ලක්වුනු Yuzvendra Chahal වෙනුවට Kuldeep Yadav කණ්ඩායම සමඟ එකතු වී තිබුණා. Kuldeep මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කර ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙක්.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,
ශ්‍රී ලංකා කණ්ඩායම : දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, නුවනිඳු ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ලහිරු කුමාර.
ඉන්දීය කණ්ඩායම : Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Sheyas Iyer, KL Rahul, Hardik Pandya, Axar Patel, Mohammed Shami, Mohommed Siraj, Umran Malik, Kuldeep Yadav.
අද ශ්‍රී ලංකා ඉනිම අවිශ්ක ප්‍රනාන්දු සහ නුවනිඳු ප්‍රනාන්දු විසින් ආරම්භ කළ අතර අවිශ්ක ලකුණු 20කට දැවී ගියා. ඉතාමත් මන්දගාමී ආරම්භයක් ලබා ගත්ත ද, නුවනිඳු ක්‍රමයෙන් පන්දුව ඇසට හුරුවීමත් සමඟ කුසල් මෙන්ඩිස් සමඟ එක්වී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක් එක් කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 16.5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 102ක් ලබා සිටියේ විශාල ඉනිමක් ගැන ඉඟි පහළ කරමිනුයි. නමුත් ලකුණු 34ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කළ බවට පිටියේ විනිසුරු නම් කිරීම ශ්‍රී ලංකාවට DRS අවස්ථාවක් මගින් හෝ ආපසු හරවා ගැනීමට නොහැකි වූයේ එය On Field Call එකක් වූ නිසයි.
මෙම අවාසනාවන්ත දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාවේ මුල්පෙළ කඩුලු 5ක් ලකුණු 24ක් තුල දී බිඳ වැටීම තරගය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර දැමුවා. මෙම වෙස් පෙරලීමේ සම්පූර්ණ ගෞරවය හිමි වූයේ ඉනිමේ මැද කොටසේ දී පන්දු යැවූ Kuldeep Yadav සහ Axar Patel යන ඉන්දීය දඟපන්දු යවන්නන් දෙදෙනාටයි.
එහි දී ධනංජය ද සිල්වා තම පළමු පන්දුවම කඩුල්ලේ දවටා ගනිද්දී, මංගල එක්දින තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කර ගත් සයවැනි ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යය උදා කර ගත් නුවනිඳු ප්‍රනාන්දු දුවද්දී දැවී යාමකට හසුවනවා. ඒ තමන් ලබා දුන් අසීරු උඩපන්දුව ඉන්දීය ක්‍රීඩකයින් අත හැරීමත් සමඟ චරිත් අසලංක සමඟ සන්නිවේදනයේ නොයෙදී නොසැලකිලිමත් ලකුණක් කරා දිව යාමට ගත් උත්සාහයේ දීයි.
දැවී යන විට ඔහු පන්දු 63ක දී ලකුණු 50ක් ලබා සිටියේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි. චරිත් විසින් පන්දු යැවූ Kuldeep Yadav අතටම පහසු උඩපන්දුවක් ලබා දී දැවී යන විට ලකුණු 15ක් ලබා සිටියා.
ඉන්දීය කණ්ඩායම වර්තමානයේ වඩාත්ම බියට පත් කර ඇති දසුන් ශානක අද ලකුණු 2කට දැවී ගියේ පා ඉන්න දෙසින් පැමිණි පන්දුවකට Sweep පහරක් එල්ල කිරීමට යාමේ දී එය කෙලින්ම කඩුල්ලේ වැදීමෙනුයි.
වනිඳු හසරංග සුපුරුදු පරිදි අදත් පන්දු 17කින් ලකුණු 21ක් ලබා සිටිය දී දැවී ගියේ දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට ඕනෑ තරම් පන්දු ඉතිරිව තිබිය දීයි. ඉතාමත් අලංකාර පහර රැසකට උරුමකම් කියන එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 8 වැනි ස්ථානයේ සිටින මෙම ක්‍රීඩකයා තම පිතිකරණ හැකියාවෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නවා දැයි යන්න මේ වන විට සැකයට තුඩුදී තිබෙනවා.
දරුණු ලෙස ඇද වැටී සිටි ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කොටසේ දී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක් රැස් කළේ තම වටිනාකම කණ්ඩායමට පෙන්නුම් කරමිනුයි. මීට අමතරව පිතිකරණයේ හොඳ දියුණුවක් පෙන්නුම් කරන කසුන් රාජිත ලකුණු 17ක් රැස්කර ගත්තා. මේ නිසා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු සියල්ල දැවී යන විට ඔවුන් ලකුණු 215ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී Kuldeep Yadav තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේ ලකුණු 51කට ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක කඩුලු 3ක් දවා ගනිමින්. මීට අමතරව Mohommed Siraj නැවත වරක් සාර්ථක වෙමින් කඩුලු 3කට හිමිකම් කිව්වා. ශ්‍රී ලංකා ඉනිම සියල්ලන් දැවී අවසන් වන විට තවත් පන්දුවාර 10.2ක් නොඉඳුල්ව ඉතිරි වී තිබුණා.
- ශතකයේ දසුන් හිත සනසද්දී, ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක්!
- Rohit සහ Kholiගේ T20 පරිච්ඡේදය අවසන් වෙයි ද?
- සුපිරි ඉන්දීය වේගපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට
- Kohli සිය ශතකයේ අයිතිය දවසේ වාසනාවට පිරිනමයි!
ශක්තිමත් පිතිපෙළක් සහිත ඉන්දීය කණ්ඩායම මෙම ඉලක්කය පහසුවෙන් හඹා යනු ඇතැයි විචාරකයින් මත පල කළත්, සංචාරක ශ්‍රී ලංකාව අද ඔවුන්ට එරෙහිව හොඳ සටනක් ලබා දුන් බව කිව යුතුයි. එහි දී මීට පෙර Eden Gardens පිටියේ දී ශ්‍රී ලංකාව මුණ ගැසුණු අවස්ථාවේ ලෝක ඉතිහාසයේ දැවැන්තම එක්දින ඉනිම (ලකුණු 264) ක්‍රීඩා කළ Rohit Sharma අද ලකුණු 17කට දවා ගන්නට චාමික කරුණාරත්න සමත් වුනා.
තම වේගය උපයෝගී කර ගනිමින් ඉන්දීය පිතිකරුවන් මවිත කරන්නට සමත් වූ ලහිරු කුමාර අද Shubman Gill පිටියෙන් ඉවත් කළේ ලකුණු 21කටයි. එතැකින් නොනැවතී වේගයෙන් කඩුල්ල තුලට ඇදී ආ පන්දුවක් මගින් Virat Kohliව ලකුණු 4කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වන්නේ ඔහුගේ ශතක ත්‍රිත්වයක බලාපොරොත්තුව සිහිනයක්ම බවට පත් කරමිනුයි.
ලකුණු 28ක් ලබා සිටි Shreyas Iyer කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගන්නට කසුන් රාජිත සමත් වුනා. මේ අනුව ලකුණු 86කට මුල්පෙළ කඩුලු 4ක් දැවී ගිය ඉන්දියාව වෙනදා පෙන්වන ගිනිකෙළි වෙනුවට තරගය කෙසේ හෝ බේරා ගැනීම වෙනුවෙන් වෙහෙසෙන අයුරු දැක ගන්නට ලැබුණා. එම මහන්සියේ ප්‍රතිඵල ඔවුන් නෙලා ගන්නේ පස්වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවයක් ගොඩ නගමිනුයි.
ඒ වෙනුවෙන් උප නායක Hardik Pandya වෙනස්ම ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 53ක දී ලකුණු 36ක් රැස් කරමිනුයි. වෙනදාට ප්‍රහාරයට කැමති ඔහු අද එල්ල කළේ හතරේ පහර 4ක් පමණයි. තරගයේ අවසන් කොටසේ දී Hardik Pandya සහ Axar Patel පිටියෙන් ඉවත් කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් ඒ වන විට සිදු කළ යුතු හානිය ඔවුන් විසින් සිදුකර අවසන්ව තිබුණා.
තරගය නිමා වන තෙක්ම එක් අන්තයක් ආරක්ෂා කරගෙන පිටියේ රැඳී සිටි KL Rahul නොදැවී ලකුණු 64ක් ලබා ගත්තා. ඒ පන්දු 102කට මුහුණ දෙමිනුයි. ඉන්දීය පිතිකරුවන් සියලු දෙනාම පාහේ මෙම අවස්ථාවට අනුගතව පිතිකරණ වේගය පාලනය කර ගැනීමට දරන හැකියාව ඔවුන්ට බොහෝ ජයග්‍රහණ ගෙන දෙනවාට සිකුරුයි.
ඉන්දීය කණ්ඩායම අද කඩුලු 6ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේ තවත් පන්දුවාර 6.4ක් ඉතිරිව තිබිය දීයි. පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. වනිඳු හසරංග තම පන්දුවාර 10 ලකුණු 28කට අවසන් කළත්, කඩුල්ලක් දවා ගැනීමට සමත්කම් දැක්වූයේ නැහැ.
මේ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලියේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී ද්වීපාර්ශවික තරගාවලි ජයක් ලබා ගැනීමට දකින සිහින තව තවත් ඈතට ඇද දමමින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avishka Fernando | b Mohammed Siraj | 20 | 17 | 4 | 0 | 117.65 |
Nuwan Pradeep | run out (Shubman Gill) | 50 | 63 | 6 | 0 | 79.37 |
Kusal Mendis | lbw b Kuldeep Yadav | 34 | 34 | 3 | 1 | 100.00 |
Dhananjaya de Silva | b Axar Patel | 0 | 1 | 0 | 0 | 0.00 |
Charith Asalanka | c & b Kuldeep Yadav | 15 | 21 | 1 | 0 | 71.43 |
Dasun Shanaka | b Kuldeep Yadav | 2 | 4 | 0 | 0 | 50.00 |
Wanidu Hasaranga | c Axar Patel b Umran Malik | 21 | 17 | 3 | 1 | 123.53 |
Dunith Wellalage | c Axar Patel b Mohammed Siraj | 32 | 34 | 3 | 1 | 94.12 |
Chamika Karunaratne | c Axar Patel b Umran Malik | 17 | 25 | 3 | 0 | 68.00 |
Kasun Rajitha | not out | 17 | 21 | 3 | 0 | 80.95 |
Lahiru Kumara | b Mohammed Siraj | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 0 , lb 1 , nb 1, w 5, pen 0) |
Total | 215/10 (39.4 Overs, RR: 5.42) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohammed Shami | 7 | 0 | 43 | 0 | 6.14 | |
Mohammed Siraj | 5.4 | 0 | 30 | 3 | 5.56 | |
Hardik Pandya | 5 | 0 | 26 | 0 | 5.20 | |
Umran Malik | 7 | 0 | 48 | 2 | 6.86 | |
Kuldeep Yadav | 10 | 0 | 51 | 3 | 5.10 | |
Axar Patel | 5 | 0 | 16 | 1 | 3.20 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rohit Sharma | c Kusal Mendis b Chamika Karunaratne | 17 | 21 | 2 | 1 | 80.95 |
Shubman Gill | c Avishka Fernando b Lahiru Kumara | 21 | 12 | 5 | 0 | 175.00 |
Virat Kohli | b Lahiru Kumara | 4 | 9 | 1 | 0 | 44.44 |
Shreyas Iyer | lbw b Kasun Rajitha | 28 | 33 | 5 | 0 | 84.85 |
KL Rahul | not out | 64 | 103 | 6 | 0 | 62.14 |
Hardik Pandya | c Kusal Mendis b Chamika Karunaratne | 36 | 53 | 4 | 0 | 67.92 |
Axar Patel | c Chamika Karunaratne b Dhananjaya de Silva | 21 | 21 | 1 | 1 | 100.00 |
Kuldeep Yadav | not out | 10 | 10 | 2 | 0 | 100.00 |
Extras | 18 (b 0 , lb 3 , nb 2, w 13, pen 0) |
Total | 219/6 (43.2 Overs, RR: 5.05) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 9 | 0 | 46 | 1 | 5.11 | |
Lahiru Kumara | 9.2 | 0 | 64 | 2 | 6.96 | |
Chamika Karunaratne | 8 | 0 | 51 | 2 | 6.38 | |
Wanidu Hasaranga | 10 | 0 | 28 | 0 | 2.80 | |
Dunith Wellalage | 2 | 0 | 12 | 0 | 6.00 | |
Dasun Shanaka | 2 | 0 | 6 | 0 | 3.00 | |
Dhananjaya de Silva | 3 | 0 | 9 | 1 | 3.00 |
තරගයේ වීරයා සම්මානය Kuldeep Yadavට හිමි වුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වසර අරඹමින් පැවැත්වුනු ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් කරමින් අවසන් එක්දින තරගය ලබන 15 වැනිදා තිරුවනන්ත්පුරම් හිදී දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<