විස්සයි විස්ස තරගයක රිද්මය හඳුනා නොගත් වගකීම් රහිත පිතිකරණයත්, ආක්‍රමණශීලී නොවන සෘණාත්මක පන්දු යැවීමත් නිසා ඉන්දෝර් හිදී පැවති දෙවැනි T20 තරගයෙන් කඩුලු 7ක දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට අද (07) ශ්‍රී ලංකා පිළට සිදුවිය. ඒ ලඟ ලඟම එන ලෝක කුසලානය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු තවදුරටත් ඈත් කරමිනි.
පළමු T20 තරගයේ උණුසුම වැස්සට මැකී යයි
විවේකය සහිත සති අන්ත දිනයක ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයක උණුසුම විඳින්නට……..
තරගය ඇරඹෙන්නේ ඉන්දීය නායක විරාත් කෝලිට නැවත වරක් කාසියේ වාසිය හිමිකර දෙමිනි. ඒ අනුව කෝලි මුලින් පන්දු යැවීම තෝරා ගන්නේ ක්‍රමයෙන් රාත්‍රිය එළැඹෙන විට පින්න බහුලව ඇති වීම නිසා පන්දු යැවීම අසීරු වීමත්, මෙම ක්‍රීඩාංගණයේ පසුව පන්දුවට පහර දුන් කණ්ඩායම් වල ඉහළ දක්ෂතාත් සැලකිල්ලට ගනිමිනි. කෙසේවෙතත් එම අවස්ථාවේ නිවේදකයා සමඟින් කෙටි පිළිසඳරකට එක්වූ මාලිංග කියා සිටියේ කාසියේ වාසිය ජය ගත්තේ නම් තමාත් මුලින් පන්දු යැවීමට සිතා සිටි බවයි.
කණ්ඩායම් දෙකම වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුනු පළමු තරගය සඳහා නම් කර තිබූ කණ්ඩායමම අද තරගයටත් එක් කර තිබූ අතර එහි ඇන්ජෙලෝ මැතිව්ස්ට, කුසල් මෙන්ඩිස්ට සහ කණ්ඩායමේ උප නායක ලෙසින් හැඳින්වෙන නිරෝෂන් දික්වැල්ලට ඉඩක් පැවතියේ නැත. ඉන්දීය කණ්ඩායම ද ඔවුන්ගේ හොඳම ආරම්භක පිතිකරුවා මෙන්ම මෙම ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රවේගකාරී ශතක වාර්තා කළ රෝහිත් ශර්මාට විවේකය ලබාදී ශිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් ඉනිම ආරම්භ කිරීමට නම්කර තිබුනේ සමාන තත්ව යටතේ මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ දක්ෂතා උරගා බැලීමේ අටියෙනි.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය අද ලකුණු 38ක් දක්වා ඇදී ගිය අතර එහිදී අවිශ්ක ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලක ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉහළ දමන්නට සමත් වූහ. ඒ පවර්ප්ලේ පන්දුවාර කිහිපය තුලදී හොඳ පන්දුවට පහර දීමේ වේගයක් ද රඳවා ගනිමිනි. නමුත් හතරේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 22ක් ලබා සිටි අවිශ්ක, වොශින්ටන් සුන්දර් හඳුන්වා දීමත් සමඟ දැවී යන්නේ ලෝන්ග්-ඕෆ් ක්‍රීඩකයාගේ හිසට ඉහළින් එල්ල කිරීමට සිටි පහර වැරදී යාම නිසයි.
තික්ෂිල ද සිල්වාගෙන් දක්ෂ පන්දු යැවීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනයේ පැවති තරග අතුරින්…….
තමා මුහුණ දුන් පළමු පන්දුවේ සිටම යම්කිසි චකිතයකින් පෙළෙන බව ප්‍රදර්ශනය කළ ධනුෂ්ක අද ලකුණු 20 දී කඩුල්ල බිඳ ගන්නේ නව්දීප් සයිනි පැයට කිලෝමීටර් 147.5ක වේගයක් කැටි කොට එවූ පන්දුවට උත්තර බැඳීමට නොහැකි වීමෙනි. අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් පෙරේරා ද ලකුණු 34ක් ලබාගත් නමුත් අද ඔහුගේ ආක්‍රමණශීලී ස්වරූපය දැකගත හැකිවූයේ නැත. බොහෝවිට දැවැන්ත පහරවල් කරා යාමට ඔහු දැරූ උත්සාහයන් වලදී කල් මැනීම වැරදී යාමෙන් පන්දුව කඩුල්ල මුලම නතර වූයේ එක් ලකුණක් ලබා ගැනීමේ අවස්ථාවන් ද ඔහුට අහිමි කරමිනි.
ශ්‍රී ලංකා පිළේ කඩුලු අතර දිව යාමේ අඩුලුහුඬුකම් ද වැඩි වශයෙන් දැකිය හැකි වූ අතර ඕෂධ ප්‍රනාන්දු තම මුල්ම පන්දුවේ දීම දුවද්දී දැවී යාමේ සිද්ධියකින් ගැලවුනේ ඉන්දීය පිළ වැරදි අන්තයට පන්දුව යොමු කිරීමේ ආශිර්වාදයෙනි. නමුත් ඉන් ප්‍රයෝජන නොගත් ඔහු අද කුල්දීප් යාදෙව්ට කඩුල්ල පූජා කරමින් දැවී ගියේ තමාගෙන් ඉවතට දඟ කැවෙන පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යාමේදීයි.
පාකිස්තානු සංචාරයේ දී අංක 3 ස්ථානයේ විශිෂ්ට ඉනිම් ක්‍රීඩා කරමින් සමස්ථ ලෝකයේම අවධානය දිනා ගත්තද දුර්වල ක්‍රීඩක කළමණාකරණය හමුවේ අද පිතිපෙළේ නිශ්චිත ස්ථානයක් නොමැතිව අසරණව සිටින භානුක රාජපක්ෂ සහ අඩු පන්දු ගණනකදී උපරිම ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමට ලබාදුන් දසුන් ශානකද අද පිත්තෙන් වැඩි යමක් කරන්නට අසමත් වූහ.
ඉරාන – ඇමරිකානු අර්බුදයෙන් බැට කෑ සුපිරි ඕස්ට්‍රේලියානු පුහුණුකරුවා
ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙඹවූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැරන් ලෙහ්මාන්…….
මේ නිසා අවමන් සහගත ලකුණු ගණනකට අවසන් වන්නට තිබූ ලකුණු පුවරුව 142ක් දක්වා ගෙන යන්නේ ධනංජයගේ ලකුණු 17ත් වනිඳු හසරංග බුම්රාහ් යැවූ ඉනිමේ අවසන් පන්දු 3ට හතරේ පහර 3ක් එල්ල කිරීමත් නිසාවෙනි. කෙසේවෙතත් ආරම්භයක් ලබාගත් කිසිදු පිතිකරුවෙකු දිගු ඉනිමකට නොයෑමත්, ශ්‍රී ලංකා පිළ සම්පූර්ණ පන්දු සංඛ්‍යාවෙන් 1/3ක් නිලකුණු පන්දු ලෙස අපතේ හැරීමත් නිසා තණතිල්ලට ගැලපෙන අවම ලකුණු ගණන ආසන්නයටවත් පැමිණීමට ශ්‍රී ලංකා පිළට හැකි වූයේ නැත.
කවදත් ලකුණු හඹා යාමේදී සුවිශේෂී දක්ෂතා දක්වන ඉන්දීය පිළ මෙම ලකුණු සංඛ්‍යාව කඩුලු 3ක් පමණක් දැවී හඹා ගිය අතර ඒ සඳහා පන්දුවාර 17.3ක් ප්‍රමාණවත් විය. ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ බලාපොරොත්තු මුලදීම බොඳ කළ ඔවුන් ආරම්භක කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 71ක් වාර්තා කරමින් ශක්තිමත් පදනමක් ගොඩ නැගූහ. එහිදී ලෝක කුසලාන ආරම්භක පිතිකරණ ස්ථානයට තරග කරන ලෝකේෂ් රාහුල් අද වැඩි දක්ෂතා දැක්වූයේ ප්‍රවේගකාරී ලකුණු 45ක් ලබා ගනිමිනි.
මීට අමතරව ශිකර් ධවාන් සහ ශ්‍රෙයාස් අයර් පිළිවෙලින් ලකුණු 32 සහ 34 බැගින් රැස් කළේ පන්දු රකිමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ස්ථාවර ඉනිමක් ගොඩ නගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමිනි. ශ්‍රී ලංකා පිළේ තෙවැනි වේග පන්දු යවන්නා වන ඉසුරු උදාන පන්දු යැවීම ආරම්භ කිරීමටත් පෙර ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීමද ප්‍රතිවාදීන්ගේ සාර්ථකත්වයට රුකුලක් විය. කවදත් ලකුණු අතර සිටින විරාත් කෝලි අද පන්දු 17ක දී නොදැවී ලකුණු 30ක් ලබා ගනිමින් තරගය නිමා කළේ කණ්ඩායමක් ලෙස ඉන්දීය පිළ ලබාගත් තවත් සාමූහික ජයග්‍රහණයක අවසානය සනිටුහන් කරමිනි.
අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!
අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් පෙරළි කරමින් තිබූ සමයයි.
පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් සහ ලහිරු කුමාර එක් කඩුල්ලක් දවා ගත්තේය. එහිදී වැඩිම ප්‍රහාරයකට ලක්වූයේ ශ්‍රී ලංකා පිළේ ගැලවුම්කරුවා ලෙස හැඳින්වෙන නායක ලසිත් මාලිංගයි. IPL තරග සිය ගණනක දී ඔහුගේ පන්දු යැවීම ගැන හදාරා ඇති ඉන්දීය පිළ මාලිංගගේ පන්දුවාර 4ට ලකුණු 41ක් උදුරා ගත්හ. මේ අනුව තරගාවලිය සම කිරීමට නම් 10 වැනිදා පූනේ හිදී පැවැත්වෙන තරගය ජය ගැනීම ශ්‍රී ලංකා පිළට අනිවාර්ය වන ඒ වෙනුවෙන් අදට වඩා වෙනස් තරගකාරී ක්‍රීඩා රටාවක් අනුගමනය කිරීමට ඔවුන්ට සිදුවනු නොඅනුමානය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Danushka Gunathilaka | b Navdeep Saini | 20 | 21 | 3 | 0 | 95.24 |
Avishka Fernando | c Navdeep Saini b Washington Sundar | 22 | 16 | 5 | 0 | 137.50 |
Kusal Perera | c Shikhar Dhawan b Kuldeep Yadav | 34 | 28 | 0 | 3 | 121.43 |
Oshada Fernando | st Rishabh Pant b Kuldeep Yadav | 10 | 9 | 1 | 0 | 111.11 |
Bhanuka Rajapakse | c Rishab Pant b Navdeep Saini | 9 | 12 | 1 | 0 | 75.00 |
Dasun Shanaka | b Jasprit Bumrah | 7 | 8 | 0 | 0 | 87.50 |
Dhananjaya de Silva | c Navdeep Saini b Shardul Thakur | 17 | 13 | 2 | 0 | 130.77 |
Wanindu Hasaranga | not out | 16 | 10 | 3 | 0 | 160.00 |
Isuru Udana | c Navdeep Saini b Shardul Thakur | 1 | 2 | 0 | 0 | 50.00 |
Lasith Malinga | c Kuldeep Yadav b Shardul Thakur | 0 | 1 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 1 , lb 1 , nb 0, w 4, pen 0) |
Total | 142/9 (20 Overs, RR: 7.1) |
Fall of Wickets | 1-38 (4.5) Avishka Fernando, 2-54 (7.4) Danushka Gunathilaka, 3-82 (11.3) Oshada Fernando, 4-97 (13.2) Kusal Perera, 5-104 (14.5) Bhanuka Rajapakse, 6-117 (16.6) Dasun Shanaka, 7-128 (18.2) Dhananjaya de Silva, 8-130 (18.5) Isuru Udana, 9-130 (18.6) Lasith Malinga, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Jasprit Bumrah | 4 | 0 | 32 | 1 | 8.00 | |
Shardul Thakur | 4 | 0 | 23 | 3 | 5.75 | |
Navdeep Saini | 4 | 0 | 18 | 2 | 4.50 | |
Washington Sundar | 4 | 0 | 29 | 1 | 7.25 | |
Kuldeep Yadav | 4 | 0 | 38 | 2 | 9.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
KL Rahul | b Wanindu Hasaranga | 45 | 32 | 6 | 0 | 140.62 |
Shikhar Dhawan | lbw b Wanindu Hasaranga | 32 | 29 | 2 | 0 | 110.34 |
Shreyas Iyer | c Dasun Shanaka b Lahiru Kumara | 34 | 26 | 3 | 1 | 130.77 |
Virat Kohli | not out | 30 | 17 | 1 | 2 | 176.47 |
Rishabh Pant | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 2 (b 1 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 144/3 (17.3 Overs, RR: 8.23) |
Fall of Wickets | 1-71 (9.1) KL Rahul, 2-86 (11.2) Shikhar Dhawan, 3-137 (17.1) Shreyas Iyer, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Malinga | 4 | 0 | 41 | 0 | 10.25 | |
Lahiru Kumara | 3.3 | 0 | 30 | 1 | 9.09 | |
Dhananjaya de Silva | 2 | 0 | 15 | 0 | 7.50 | |
Dasun Shanaka | 4 | 0 | 26 | 0 | 6.50 | |
Wanindu Hasaranga | 4 | 0 | 30 | 2 | 7.50 |