ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිමට එංගලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

Sri Lanka Tour of England 2024

3
Sri Lanka Tour of England 2024

ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ පළමු සහ එකම පුහුණු තරගයේ දෙවැනි දිනය ඊයේ (15) ක්‍රියාත්මක වුනා.

ශ්‍රී ලංකාව විසින් සිය පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 139ට පිළිතුරු ලෙස England Lions කණ්ඩායම තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මේ අතර තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනය පුරාවට ද Lions ක්‍රීඩකයින් පිතිකරණයේ යෙදුණු අතර, මෙහි දී ඔවුන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු පුවරුවක් සකසා දීමට සමත් වුනා.

ඊයේ Lions ඉනිමේ හය වැනි කඩුල්ලත් ලකුණු 160ක් වන විට බිඳ වැටුනත්, මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Hamza Shaikh සහ Kasey Aldridge අතරේ ලකුණු 134ක් වටිනා සබඳතාවක් ගොඩ නැගුණා. මෙහි දී Hamza Shaikh විසින් ලකුණු 91ක් සහ Kasey Aldridge විසින් ලකුණු 78ක් ලබා ගනිමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභීන් බවට පත් වීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවී යාම්වලින් පසුව එංගලන්ත Lions පළමු ඉනිම ලකුණු 324කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් බිඳ හෙළනා අතරේ, කසුන් රාජිත කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

එංගලන්ත Lions පළමු ඉනිමේ නිමාවත් සමඟ තරගයේ දෙවැනි දිනයත් අවසන් වූ අතර, ඒ වන විට Lions විසින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 185ක් ඉදිරියෙන් පසු වනවා.

තරගයේ තෙවැනි දිනය අද (16) ක්‍රියාත්මක වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<