ක්‍රිකට් රන් දෙවොල සැරසූ ශ්‍රී ලාංකිකයෝ

Sri Lanka tour of England

10

ක්‍රිකට් රන් දෙවොල ලෙසින් සැලකෙන Lords ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වීමට නියමිතයි.   

 ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයට එක් වෙන්නේ මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ දී ජයග්‍රහණයක් නොලැබුවත් 1991 වසරෙන් පසුව ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය කිරීමට ඉඩ ලබා නොදුන් පසුබිමකයි.  

දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ දී 8 වතාවක් එකිනෙකා හමු වී ඇති ඉන් අවස්ථා 2ක දී එංගලන්තය ජයග්‍රහණය කරන ලද අතර අනෙක් සෑම අවස්ථාවක ම තරග නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.  

කෙසේ වෙතත් නිමා වූ තරගවල දී මේ දක්වා වැඩිම තරගයේ වීරයා සම්මාන ප්‍රමාණයක් හිමිකර ගැනීමේ වාර්තාව සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. නිමා තරග 8න් 6ක ම තරගයේ වීරයා සම්මාන දිනා ගන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්. මේ අතුරින් මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ශාන් නායකයන් ලෙසින් මේ සම්මානවලට හිමිකම් කී එක ම නායකයන් ලෙසින් ඉතිහාසය හා එක් වෙනවා.  

දෙරට ක්‍රීඩකයන් අතුරින් අවස්ථා 2ක් බැගින් කණ්ඩායම් මෙහෙයවීමට ඇන්ජලෝ මැතිව්ස්, Graham Gooch සහ Alastair Cook යන ක්‍රීඩකයන් සමත් වෙනවා.  

Lords ක්‍රීඩාංගණයේ දෙරට ක්‍රීඩකයෝ සහභාගී වූ තරග ලැයිස්තුව 

  ප්‍රතිඵලය  ශ්‍රී ලංකා නායක  එංගලන්ත නායක  තරගයේ වීරයා  වසර 
1  විසඳුමක් නෑ.    දුලිප් මෙන්ඩිස්   David Gower  සිදත් වෙත්තිමුණි  1984 
2  එංගලන්තය කඩුලු 7ක ජයක්.   රංජන් මඩුගල්ලේ  Graham Gooch  රවී රත්නායක  1988 
3  එංගලන්තයට ලකුණු 137ක ජයක්.  අරවින්ද ද සිල්වා  Graham Gooch  රුමේෂ් රත්නායක  1991 
4  විසඳුමක් නෑ.  සනත් ජයසූරිය  Nasser Hussain  මාවන් අතපත්තු   2002 
5  විසඳුමක් නෑ.  මහේල ජයවර්ධන  Andrew Flintoff  මහේල ජයවර්ධන  2006 
6  විසඳුමක් නෑ.  තිලකරත්න ඩිල්ශාන්  Andrew Strauss  තිලකරත්න ඩිල්ශාන්  2011 
7  විසඳුමක් නෑ.  ඇන්ජලෝ මැතිව්ස්  Alastair Cook  Joe Root  2014 
8  විසඳුමක් නෑ.   ඇන්ජලෝ මැතිව්ස්  Alastair Cook  Jonny Bairstow  2016 

 

දෙරට අතර Lords ක්‍රීඩාංගණයේ පැවැති තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුවිශේෂී වාර්තා කිහිපයකට ම හිමිකම් කීමට සමත් වීම කැපී පෙණෙනවා.  

එහි ආරම්භය මෙරට ට ටෙස්ට් වරම් හිමි ව ගත කළ 2 වැනි වසර දක්වා ඈත අතීතයට යොමු වෙනවා. ඒ 1984 වසරයි දෙරට අතර Lords ක්‍රීඩාංගණයේ පැවැති මංගල තරගයේ මංගල ශතකය මෙන් ම මංගල තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීමට මෙරට ක්‍රීඩක සිදත් වෙත්තිමුණි සමත් වෙනවා. 

එදා ඔහුගේ ඉනිම එංගලන්තයේ The Mirror පුවත්පත වාර්තා කර තිබුනේ සිදත් නම් දියමන්තියෙන් එංගලන්තයට මරු පහරක්! ලෙසයි.  

එදා රැස්කළ ශතකය මෙරට ක්‍රීඩකයෙක් ටෙස්ට් තරගයක දී වාර්තා කළ පළමු ශතකය ලෙසින් ද ඉතිහාසයට එක් වූවා.  එම ශතකයෙන් අනතුරු ව දෙරට ක්‍රීඩකයෝ විසින් Lords රන් දෙවොලේ දී මේ දක්වා ශතක 25ක් රැස් කිරීමට සමත් වෙනවා. ඒ අතුරින් වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ එංගලන්තයේ Joe Root. ඔහු 2014 වසරේ දී නොදැවී ලකුණු 200ක් වාර්තා කරන ලද අතර එය දෙරට ක්‍රීඩකයෙක් ද්විත්ව ශතකය වාර්තා කළ එක ම අවස්ථාව ලෙසින් මේ දක්වා ම පවතිනවා.  

මේ ලැයිස්තුවේ ස්ථාන 9ක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් ලියැවී තිබෙන අතර ඒ අතුරින් අවස්ථා 2ක කදී නම් ලියා ගැනීමට මහේල ජයවර්ධන පමණක් සමත් වීම විශේෂයි. ඔහු 2002 සහ 2006 වසර ද්විත්වයේ ම ශතක ලබා ගන්නවා.   

වර්ථමාන ක්‍රීඩකයන් අතුරින් මේ ශතකලාභී ලැයිස්තුවේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් පමණයි. ඔහු 2014 වසරේ දී මේ ලැයිස්තුව හා එක් වෙනවා. 

Lords ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශතකලාභී දෙරට ක්‍රීඩකයෝ  

  Player  Team  Runs  Inns   Balls  4s  6s  Year 
1  සිදත් වෙත්තිමුණි  ශ්‍රී ලංකාව  190   1  471  21  0  1984 
2  දුලිප් මෙන්ඩිස්   ශ්‍රී ලංකාව   111  1  143  11  3  1984 
3  Allan Lamb  එංගලන්තය   107  1  195  10  1  1984 
4  අමල් සිල්වා   ශ්‍රී ලංකාව   102  2  255  12  0  1984 
5  Alec Stewart  එංගලන්තය  113  1  240  14  0  1991 
6  Graham Gooch  එංගලන්තය  174  2  252  19  0  1991 
11  මාවන් අතපත්තු  ශ්‍රී ලංකාව   185   1  351  24  0  2002 
12  මහේල ජයවර්ධන  ශ්‍රී ලංකාව   107  1  168  17  0  2002 
13  Michael Vaughan  එංගලන්තය  115  2  219  17  0  2002 
14  Mark Butcher  එංගලන්තය  105  2  295  10  0  2002 
15  Marcus Trescothick  එංගලන්තය   106  1  180  17  0  2006 
16  Kevin Pietersen  එංගලන්තය  158  1  205  19  2  2006 
17  මහේල ජයවර්ධන  ශ්‍රී ලංකාව   119  2  220  12  0  2006 
18  Matt Prior  එංගලන්තය   126  1  131  19  0  2011 
19  තිලකරත්න ඩිල්ශාන්   ශ්‍රී ලංකාව   193  1  253  20  2  2011 
20  Alastair Cook  එංගලන්තය  106  2  231  10  0  2011 
21  Joe Root  එංගලන්තය  200*  1  298  16  0  2014 
22  කුමාර් සංගක්කාර  ශ්‍රී ලංකාව   147  1  258  16  0  2014 
23  ඇන්ජලෝ මැතිව්ස්   ශ්‍රී ලංකාව   102  1  172  12  0  2014 
24  Gary Ballance  එංගලන්තය  104  2  188  12  1  2014 
25  Jonny Bairstow  එංගලන්තය  167  1  251  18  0  2016 

 

Lords ක්‍රීඩාංගණයේ දී පිතිකරුවන් ඒ ලෙසින් දක්ෂතා දක්වද්දී පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක්වූවන් අතුරින් පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඔවුන් අතුරින් ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගත් පන්දු යවන්නන් අතුරින් පළමු දක්ෂතාව සිදු කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ එංගලන්තයේ Ian Botham. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ දෙරට අතර පැවැති මංගල ටෙස්ට් තරගයේ දී යි.  

මේ ලැයිස්තුවට එක් වූ එක ම ශ්‍රී ලාංකිකයා වන්නේ රුමේෂ් රත්නායකයි. ඔහු 1991 වසරේ දී ලකුණු 75කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.  

කෙසේ වෙතත් මෙම ලැයිස්තුවේ ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ Phil DeFreitas. ඔහු 1991 වසරේ දී ලකුණු 70කට කඩුලු 7ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා.   

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කළ දෙරට ක්‍රීඩකයෝ 

  Player  Team  Wkts  Inns  Ov  M  R  Year 
  Ian Botham  එංගලන්තය  6  1  27.0  6  90  1984 
  රුමේෂ් රත්නායක  ශ්‍රී ලංකාව   5  1  24.0  5  75  1991 
  Phil DeFreitas  එංගලන්තය  7  1  26.0  8  70  1991 
  Phil Tufnell  එංගලන්තය   5  2  34.3  14  94  1991 

රන් සීනුව හැඩවීමේ අවස්ථාව රංගන හේරත්ට 

මෙම ඓතිහාසික ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා කිරීමට ලැබීමත් එක්තරා අතකට වාසනායක් ලෙසයි සැලකෙන්නේ. එවන් වාසනාවක් හිමි වීමට අමතර ව එහි සුවිශේෂී වූ චාරිත්‍රයන්ට එක් වීමට අවස්ථාවක් යම් ක්‍රීඩකයෙක්ට හිමි වෙන්නේ නම්, ඒ ද එක්තරා වාසනාවක්.  

Lords ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ටෙස්ට් තරගයක ආරම්භයට විනාඩි 5කට පෙර ඒ බැව් නිවේදනය කරමින් ක්‍රීඩාංගණයේ ද්වාරය මත ඇති සිනූවක් නාද කිරීම එහි චාරිත්‍රයක්. එම චාරිත්‍රය මෙතෙක් ඉටු කිරීමේ වාසනාව හිමි ව ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක්ට පමණයි.  

මෙම වාසනාව මෙවර රංගන හේරත් ට හිමි වෙනවා.  

මීට පෙර මෙම සීනුව නාද කළ අය අතර කුසිල් ගුණසේකර (2011), අර්ජුන රණතුංග (2011), සිදත් වෙත්තිමුණි (2011), චමින්ද වාස් (2014), මාවන් අතපත්තු (2014), සනත් ජයසූරිය (2014) සහ කුමාර් සංගක්කාර (2024) ද වෙනවා.  

මෙවර එම චාරිත්‍රය හා එක් වෙන රංගන හේරත් ලොඩ්ස් ක්‍රීඩාංගණයේ දී පළමු වරට තරගයකට එක් වෙන්නේ 2011 වසරේ දී. එම තරගයේ දී ඔහු ඉනිම 2 දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙනවා. අනතුරු ව 2014 සහ 2016 වසරවල දී ද පැවැති තරගවලට එක් වෙන ඔහු අවසන් වරට සහභාගී වූ තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 81කට කඩුලු 4ක් දවා ගනිමින් එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ කඩුලු 433ක් අතර Lords පිටියේ පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් කර ගන්නවා.  

අද තරගයේ දී ඓතිහාසික Lords ක්‍රීඩාංගණයට එක් වෙන දෙරට ක්‍රීඩකයෝ 

ශ්‍රී ලංකා කණ්ඩායම: 

ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මධුශ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර 

 

එංගලන්ත කණ්ඩායම:  

Ollie Pope (නායක), Dan Lawrence, Ben Duckett, Joe Root, Harry Brook, Jamie Smith (කඩුලු රකින්නා), Chris Woakes, Gus Atkinson, Matthew Potts, Olly Stone, Shoaib Bashir. 

ශ්‍රී ලංකා – එංගලනත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<