Home Sinhala ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් එංගලන්ත දෙවැනි ඉනිම සුනු විසුනු කර දමයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් එංගලන්ත දෙවැනි ඉනිම සුනු විසුනු කර දමයි

Sri Lanka tour of England 2024

27
Sri lanka tour of england 2024 3rd test

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

දෙවැනි දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා ගැනීමට සමත් වී සිටියා. කෙසේ වෙතත් ඊයේ (08) දිනය ආරම්භ වීමත් සමඟ එතෙක් වේලා විශිෂ්ට සබඳතාවක් පවත්වමින් සිටි කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා යන දෙදෙනා ම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්තය සමත් වුනා.

මෙහි දී කමිඳු ලකුණු 64ක් සහ ධනංජය ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් 06 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127ක් එක් කිරීමට සමත් වුනා. ඊට අමතර ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා වූ අසිත ප්‍රනාන්දු ලකුණු 11කින් ඉනිමට දායක වුනා.

මේ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 263ක් ලෙස සටහන් වූ අතර, ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 62ක් පිටුපසින් පසු වුනා. මෙහි දී එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Josh Hull සහ Olly Stone කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිම නිමා වීමෙන් අනතුරුව එංගලන්තය සිය දෙවැනි ඉනිම ආරම්භ කළත් ඔවුන්ට සිතු සේ ලකුණු කරා යාමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් විසින් ඉඩ ලබා නොදීම විශේෂත්වයක්.

මේ අනුව එංගලන්ත ඉනිමේ කඩුලු 7ක් ලකුණු 82ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ඒ දක්වා එංගලන්තයෙන් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස Dan Lawrence ලකුණු 35ක් ලබා ගෙන තිබුණා.

කෙසේ වෙතත් මින් පසුව එංගලන්තයේ 08 වැනි කඩුල්ල වෙනුවෙන් Jamie Smith සහ Olly Stone ලකුණු 58ක් එක් කිරීමට සමත් වීම නිසා එංගලන්තය තරමක හෝ ගෞරවාන්විත මට්ටමකට පැමිණීමට සමත් වුනා.

මෙහි දී Smith තරමක් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 50කින් ලකුණු 67ක් ලබාගැනීමට සමත් වන අතරේ Stone ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ නමුත් මෙම සබඳතාව බිඳ දැමීමෙන් පසුව ශ්‍රී ලංකාව විසින් එංගලන්ත දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට සමත් වුනේ ඔවුන්ගේ ලකුණු පුවරුවේ ලකුණු 156ක් සටහන් වන අතරවාරයේ දීයි.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ලකුණු 21කට කඩුලු 4ක් බිඳ හෙළනා අතරේ, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් සහ මිලාන් රත්නායක එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 219ක ඉලක්කයක් හිමි වූ අතර, මෙම ඉලක්කය හඹා යාම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසුණා. කෙසේ වෙතත් දිමුත්ට මෙම ඉනිමේ ද එතරම් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු 39ක් සටහන් වන විට දිමුත් ලකුණු 08ක් ලබා පිටියෙන් ඉවත් වී ගියේ කුසල් මෙන්ඩිස් පිටියට කැඳවමිනුයි.

මින් පසුව කුසල් සහ පැතුම් ‍යුගලය දිනය නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූ අතර, මෙහි දී පැතුම් පන්දු 44ක් තුළ හතරේ පහර 07ක් ද සමඟ ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, කුසල් පන්දු 25ක් තුළ ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වී සිටියේ හතරේ පහර 06ක් ද සමඟයි.

තරගයේ තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව පන්දුවාර 15ක් පමණක් වැය කරමින් ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීමට කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 125ක් අවශ්‍ය වනවා.

තරගයේ සිව්වැනි දිනය අද (09) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


England
325/10 (69.1) & 156/10 (34)

Sri Lanka
263/10 (61.2) & 219/2 (40.3)

Batsmen R B 4s 6s SR
Ben Duckett c Dinesh Chandimal b Milan Rathnayake 86 79 9 2 108.86
Dan Lawrence c Pathum Nissanka b Lahiru Kumara 5 21 0 0 23.81
Ollie Pope c Dimuth Karunaratne b Vishwa Fernando 154 156 19 2 98.72
Joe Root c Vishwa Fernando b Lahiru Kumara 13 48 1 0 27.08
Harry Brook c Kusal Mendis b Milan Rathnayake 19 39 1 0 48.72
Jamie Smith c Kusal Mendis b Vishwa Fernando 16 31 2 0 51.61
Chris Woakes c Milan Rathnayake b Dhananjaya de Silva 2 4 0 0 50.00
Gus Atkinson c Milan Rathnayake b Dhananjaya de Silva 5 12 0 0 41.67
Olly Stone not out 15 12 1 1 125.00
Josh Hul c Dhananjaya de Silva b Asitha Fernando 2 10 0 0 20.00
Shoaib Bashir c Lahiru Kumara b Milan Rathnayake 1 3 0 0 33.33


Extras 7 (b 4 , lb 2 , nb 0, w 1, pen 0)
Total 325/10 (69.1 Overs, RR: 4.7)
Bowling O M R W Econ
Asitha Fernando 20 0 88 1 4.40
Vishwa Fernando 13 0 46 2 3.54
Lahiru Kumara 16 1 97 2 6.06
Milan Rathnayake 13.1 2 56 2 4.27
Angelo Mathews 3 0 14 0 4.67
Dhananjaya de Silva 4 0 18 2 4.50
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Chris Woakes b Josh Hull 64 51 9 0 125.49
Dimuth Karunaratne run out (Olly Stone) 9 16 1 0 56.25
Kusal Mendis c Harry Brook b Chris Woakes 14 13 3 0 107.69
Angelo Mathews c Ollie Pope b Olly Stone 3 11 0 0 27.27
Dinesh Chandimal lbw b Olly Stone 0 4 0 0 0.00
Dhananjaya de Silva c Shoaib Bashir b Josh Hull 69 111 11 0 62.16
Kamindu Mendis c Joe Root b Chris Woakes 64 91 7 0 70.33
Milan Rathnayake c Jamie Smith b Olly Stone 7 21 1 0 33.33
Vishwa Fernando lbw b Josh Hull 0 8 0 0 0.00
Lahiru Kumara not out 5 29 0 0 17.24
Asitha Fernando c Jamie Smith b Shoaib Bashir 11 14 2 0 78.57


Extras 17 (b 8 , lb 2 , nb 1, w 6, pen 0)
Total 263/10 (61.2 Overs, RR: 4.29)
Bowling O M R W Econ
Chris Woakes 13 0 42 2 3.23
Gus Atkinson 9 0 46 0 5.11
Josh Hull 11 0 53 3 4.82
Olly Stone 9 0 35 3 3.89
Shoaib Bashir 11.2 0 37 1 3.30
Dan Lawrence 6 0 29 0 4.83
Joe Root 2 0 11 0 5.50
Batsmen R B 4s 6s SR
Ben Duckett c Vishwa Fernando b Asitha Fernando 7 8 1 0 87.50
Dan Lawrence c Dinesh Chandimal b Lahiru Kumara 35 35 3 1 100.00
Ollie Pope b Lahiru Kumara 7 16 1 0 43.75
Joe Root lbw b Vishwa Fernando 12 18 2 0 66.67
Harry Brook lbw b Vishwa Fernando 3 14 0 0 21.43
Jamie Smith c Kusal Mendis b Vishwa Fernando 67 50 10 0 134.00
Chris Woakes c Dinesh Chandimal b Lahiru Kumara 0 6 0 0 0.00
Gus Atkinson lbw b Milan Rathnayake 1 14 0 0 7.14
Olly Stone c Nishan Madushka b Lahiru Kumara 10 31 1 0 32.26
Josh Hull not out 7 6 0 1 116.67
Shoaib Bashir c Nishan Madushka b Asitha Fernando 4 6 1 0 66.67


Extras 3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total 156/10 (34 Overs, RR: 4.59)
Bowling O M R W Econ
Asitha Fernando 12 2 49 2 4.08
Milan Rathnayake 7 0 43 1 6.14
Lahiru Kumara 7 1 21 4 3.00
Vishwa Fernando 8 1 40 3 5.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 127 124 3 2 102.42
Dimuth Karunaratne c & b Chris Woakes 8 21 1 0 38.10
Kusal Mendis c Shoaib Bashir b Gus Atkinson 39 37 7 0 105.41
Angelo Mathews not out 32 61 3 0 52.46


Extras 13 (b 4 , lb 8 , nb 0, w 1, pen 0)
Total 219/2 (40.3 Overs, RR: 5.41)
Bowling O M R W Econ
Chris Woakes 12 0 52 1 4.33
Gus Atkinson 11 1 44 1 4.00
Josh Hull 6 0 38 0 6.33
Olly Stone 8 0 45 0 5.62
Shoaib Bashir 3.3 0 28 0 8.48