Home Sinhala එංගලන්තය තරගාවලි ජයක් කරා

එංගලන්තය තරගාවලි ජයක් කරා

Sri Lanka Tour of England 2024

12
Sri Lanka Tour of England 2024 2nd test

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක දැවැන්ත ජයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ (01) සමත් වුනා. 

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව විසින් එංගලන්තය ලබා දුන් ලකුණු 483ක දැවැන්ත ඉලක්කය හඹා යමින් කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබාගැනීම සමත් වී සිටියා.

කෙසේ වෙතත් දිනය ආරම්භයේ දී ම සැඳෑ ආරක්ෂක පිතිකරු ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 04කට දවා ගැනීමට Chris Woakes සමත් වුනේ ඇන්ජලෝ මැතිව්ස්ව කඩුල්ලට කැඳවමිනුයි.

ඉන් පසුව මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න අතරේ ලකුණු 55ක සබඳතාවක් නිර්මාණය වූ අතර, එම සබඳතාව ලකුණු 55ක් ලබා සිටි දිමුත්ගේ දැවී යාමත් සමඟ නිමා වුනා.

ඉන් පසුව මැතිව්ස්ගේ සහයට දිනේෂ් චන්දිමාල් කඩුල්ලට පැමිණි අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කිරීමට සමත් වුනා.

මෙහි දී මැතිව්ස්ගේ පිත්තෙන් ලකුණු 36ක් වාර්තා වූ අතර, චන්දිමාල් විසින් වටිනා ලකුණු 53ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නන් විසින් සමත් වීමෙන් පසුව වරක ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 200ක් ලෙසින් දිස් වුනා.

මේ මොහොතේ දී නායක ධනංජය ද සිල්වා සමඟ කඩුල්ලේ එක් වූ මිලාන් රත්නායක අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ගෞරවය බේරා ගනිමිනුයි. මෙහි දී ධනංජය විසින් ලකුණු 50කින් ඉනිමට දායක වන අතරේ මිලාන් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවී යාම්වලින් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටුණු අතර, අවසානයේ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ගොස් ලකුණු 295ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Gus Atkinson කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනේ සමස්ත තරගයේ කඩුලු 7ක දක්ෂතාවක් ද ප්‍රදර්ශනය කරමිනුයි. එමෙන්ම මේ හේතුවෙන් මෙන්ම විශිෂ්ට ශතකයක් ද වාර්තා කිරීම නිසා තරගයේ වීරයා සම්මානය ද Atkinson හට හිමි වුනා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 06 වැනි දා Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ වන විටත් එංගලන්තය තරග 2-0ක් ලෙස මෙම ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගෙන අවසානයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට්  තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Result


England
427/10 (102) & 251/10 (53.3)

Sri Lanka
196/10 (55.3) & 292/10 (86.4)

Batsmen R B 4s 6s SR
Ben Duckett c Lahiru Kumara b Prabath Jayasuriya 40 47 4 0 85.11
Dan Lawrence c Nishan Madushka b Lahiru Kumara 9 22 2 0 40.91
Ollie Pope c Dhananjaya de Silva b Asitha Fernando 1 10 0 0 10.00
Joe Root c Pathum Nissanka b Milan Rathnayake 143 206 18 0 69.42
Harry Brook lbw b Asitha Fernando 33 45 5 0 73.33
Jamie Smith c Nishan Madushka b Milan Rathnayake 21 57 4 0 36.84
Chris Woakes c Asitha Fernando b Lahiru Kumara 6 27 1 0 22.22
Gus Atkinson c Milan Rathnayake b Asitha Fernando  118 115 14 4 102.61
Matthew Potts c Nishan Madushka b Asitha Fernando 21 43 4 0 48.84
Olly Stone c Kusal Mendis b Asitha Fernando  15 31 1 0 48.39
Shoaib Bashir not out 7 10 1 0 70.00


Extras 13 (b 8 , lb 4 , nb 1, w 0, pen 0)
Total 427/10 (102 Overs, RR: 4.19)
Bowling O M R W Econ
Asitha Fernando 24 2 102 5 4.25
Milan Rathnayake 23 2 89 2 3.87
Lahiru Kumara 23 2 101 2 4.39
Prabath Jayasuriya 29 2 96 1 3.31
Kamindu Mendis 3 0 27 0 9.00
Batsmen R B 4s 6s SR
Nishan Madushka b Chris Woakes 7 15 1 0 46.67
Dimuth Karunaratne b Olly Stone 7 26 1 0 26.92
Pathum Nissanka c Matthew Potts b Olly Stone 12 18 1 0 66.67
Angelo Mathews b Matthew Potts 22 36 3 0 61.11
Dinesh Chandimal c Dan Lawrence b Gus Atkinson 23 33 3 0 69.70
Dhananjaya de Silva c Harry Brook b Matthew Potts 0 3 0 0 0.00
Kamindu Mendis c Chris Woakes b Gus Atkinson 74 120 8 3 61.67
Milan Rathnayake c Jamie Smith b Chris Woakes 19 14 4 0 135.71
Prabath Jayasuriya b Shoaib Bashir 8 46 0 0 17.39
Lahiru Kumara run out (Ollie Pope) 0 22 0 0 0.00
Asitha Fernando not out 1 1 0 0 100.00


Extras 23 (b 8 , lb 13 , nb 1, w 1, pen 0)
Total 196/10 (55.3 Overs, RR: 3.53)
Bowling O M R W Econ
Chris Woakes 13 4 21 2 1.62
Gus Atkinson 8.3 2 40 2 4.82
Olly Stone 13 0 70 2 5.38
Matthew Potts 11 4 19 2 1.73
Shoaib Bashir 7 1 21 1 3.00
Joe Root 3 0 4 0 1.33
Batsmen R B 4s 6s SR
Ben Duckett c Angelo Mathews b Milan Rathnayake 24 38 2 0 63.16
Dan Lawrence c Nishan Madushka b Lahiru Kumara 7 12 1 0 58.33
Ollie Pope c Prabath Jayasuriya b Asitha Fernando 17 38 1 0 44.74
Joe Root c Kamindu Mendis b Lahiru Kumara 103 121 2 0 85.12
Harry Brook c Nishan Madushka b Prabath Jayasuriya 37 36 0 0 102.78
Jamie Smith lbw b Prabath Jayasuriya 26 34 0 0 76.47
Chris Woakes c Pathum Nissanka b Milan Rathnayake 5 10 0 0 50.00
Gus Atkinson c Lahiru Kumara b Asitha Fernando 14 12 0 0 116.67
Matthew Potts c Dinesh Chandimal b Asitha Fernando 2 9 0 0 22.22
Olly Stone c Pathum Nissanka b Lahiru Kumara 7 16 0 0 43.75
Shoaib Bashir not out 1 2 0 0 50.00


Extras 8 (b 0 , lb 5 , nb 1, w 2, pen 0)
Total 251/10 (53.3 Overs, RR: 4.69)
Bowling O M R W Econ
Asitha Fernando 12 0 52 3 4.33
Lahiru Kumara 12.3 0 53 3 4.31
Milan Rathnayake 9 1 36 2 4.00
Prabath Jayasuriya 20 2 105 2 5.25


Batsmen R B 4s 6s SR
Nishan Madushka c Joe Root b Gus Atkinson 13 25 1 0 52.00
Dimuth Karunaratne c Jamie Smith b Olly Stone 55 129 7 0 42.64
Pathum Nissanka c Joe Root b Olly Stone 14 24 3 0 58.33
Prabath Jayasuriya c Harry Brook b Chris Woakes 4 41 0 0 9.76
Angelo Mathews c Chris Woakes b Shoaib Bashir 36 91 3 0 39.56
Dinesh Chandimal c Dan Lawrence b Gus Atkinson 58 62 11 0 93.55
Dhananjaya de Silva b Gus Atkinson 50 71 7 0 70.42
Kamindu Mendis c Ben Duckett b Gus Atkinson 4 5 0 0 80.00
Milan Rathnayake c Jamie Smith b Gus Atkinson 43 56 7 0 76.79
Lahiru Kumara c Olly Stone b Chris Woakes 10 13 2 0 76.92
Asitha Fernando not out 0 3 0 0 0.00


Extras 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0)
Total 292/10 (86.4 Overs, RR: 3.37)
Bowling O M R W Econ
Chris Woakes 19.4 8 46 1 2.37
Gus Atkinson 16 4 62 5 3.88
Shoaib Bashir 23 1 78 1 3.39
Joe Root 4 1 9 0 2.25
Matthew Potts 11 2 34 0 3.09
Olly Stone 12 0 56 2 4.67
Dan Lawrence 1 0 2 0 2.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<