Home Sinhala කමිඳු හුදෙකලා සටනක

කමිඳු හුදෙකලා සටනක

Sri Lanka Tour of England 2024

7

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 256ක් ඉදිරියෙන් සිටීමට සමත් වී සිටියා. 

තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 358ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටි Gus Atkinson ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

එංගලන්තය විසින් ඊයේ (30) දිනයේ දී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 427ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් Atkinsonගේ පිත්තෙන් එක් වූ ලකුණු ප්‍රමාණය 118ක්. එමෙන්ම මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.

එංගලන්ත පළමු ඉනිම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම දියත් කිරීම වෙනුවෙන් නිශාන් මදුශ්ක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසුනත්     ඔවුන් දෙදෙනා ම ලකුණු 7 බැගින් ලබා සිටිය දී කඩුල්ලෙන් ඉවත් කිරීමට එංගලන්තයට හැකියාව ලැබුණා. එමෙන්ම පැතුම් නිස්සංක ලකුණු 12ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 23ක් ලබමින් කඩුල්ලෙන් ඉවත් වී ගිය අතර, ශ්‍රී ලංකා ලකුණු පුවරුව වරක කඩුලු 6ක් දැවී ලකුණු 87ක් ලෙස දිස් වුනා.

කෙසේ වෙතත් මෙහි දී නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන් සමඟ එක් වෙමින් ඉනිමට යම් ස්ථාවරත්වයක් රැගෙන ඒමට උත්සාහ කළා. ඒ සඳහා මිලාන් රත්නායක ලකුණු 19කින් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 08කින් සිය දායකත්වය ලබා දුන් අතර, කමිඳු තවත් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 120ක් තුළ ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනා.

කමිඳුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වූ අතර, ඔහුගේ ඉනිම නිසා ශ්‍රී ලංකාව ලකුණු 196ක් ලෙස සිය පළමු ඉනිම නිමා කිරීමට සමත් වුනා. මෙහි දී එංගලන්තය වෙනුවෙන් Chris Woakes, Olly Stone, Gus Atkinson සහ Matthew Potts කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිමෙන් අනතුරුව එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා ඊයේ දිනයේ ම පිටියට පිවිසුණු අතර, එහි දී ඔවුන් විසින් දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වී සිටියා. දැවී ගිය කඩුල්ල ලහිරු කුමාර සතු වුනා.

තරගයේ තෙවැනි දිනය අද (31) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<  

Stumps


England
427/10 (102) & 25/1 (7)

Sri Lanka
196/10 (55.3)

Batsmen R B 4s 6s SR
Ben Duckett c Lahiru Kumara b Prabath Jayasuriya 40 47 4 0 85.11
Dan Lawrence c Nishan Madushka b Lahiru Kumara 9 22 2 0 40.91
Ollie Pope c Dhananjaya de Silva b Asitha Fernando 1 10 0 0 10.00
Joe Root c Pathum Nissanka b Milan Rathnayake 143 206 18 0 69.42
Harry Brook lbw b Asitha Fernando 33 45 5 0 73.33
Jamie Smith c Nishan Madushka b Milan Rathnayake 21 57 4 0 36.84
Chris Woakes c Asitha Fernando b Lahiru Kumara 6 27 1 0 22.22
Gus Atkinson c Milan Rathnayake b Asitha Fernando  118 115 14 4 102.61
Matthew Potts c Nishan Madushka b Asitha Fernando 21 43 4 0 48.84
Olly Stone c Kusal Mendis b Asitha Fernando  15 31 1 0 48.39
Shoaib Bashir not out 7 10 1 0 70.00


Extras 13 (b 8 , lb 4 , nb 1, w 0, pen 0)
Total 427/10 (102 Overs, RR: 4.19)
Bowling O M R W Econ
Asitha Fernando 24 2 102 5 4.25
Milan Rathnayake 23 2 89 2 3.87
Lahiru Kumara 23 2 101 2 4.39
Prabath Jayasuriya 29 2 96 1 3.31
Kamindu Mendis 3 0 27 0 9.00
Batsmen R B 4s 6s SR
Nishan Madushka b Chris Woakes 7 15 1 0 46.67
Dimuth Karunaratne b Olly Stone 7 26 1 0 26.92
Pathum Nissanka c Matthew Potts b Olly Stone 12 18 1 0 66.67
Angelo Mathews b Matthew Potts 22 36 0 0 61.11
Dinesh Chandimal c Dan Lawrence b Gus Atkinson 23 33 0 0 69.70
Dhananjaya de Silva c Harry Brook b Matthew Potts 0 3 0 0 0.00
Kamindu Mendis c Chris Woakes b Gus Atkinson 74 120 0 0 61.67
Milan Rathnayake c Jamie Smith b Chris Woakes 19 14 0 0 135.71
Prabath Jayasuriya b Shoaib Bashir 8 46 0 0 17.39
Lahiru Kumara run out (Ollie Pope) 0 22 0 0 0.00
Asitha Fernando not out 1 1 0 0 100.00


Extras 23 (b 8 , lb 13 , nb 1, w 1, pen 0)
Total 196/10 (55.3 Overs, RR: 3.53)
Bowling O M R W Econ
Chris Woakes 13 4 21 2 1.62
Gus Atkinson 8.3 2 40 2 4.82
Olly Stone 13 0 70 2 5.38
Matthew Potts 11 4 19 2 1.73
Shoaib Bashir 7 1 21 1 3.00
Joe Root 3 0 4 0 1.33


Batsmen R B 4s 6s SR
Ben Duckett not out 15 24 0 0 62.50
Dan Lawrence c Nishan Madushka b Lahiru Kumara 7 12 0 0 58.33
Ollie Pope not out 2 6 0 0 33.33


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 25/1 (7 Overs, RR: 3.57)
Bowling O M R W Econ
Asitha Fernando 3 0 12 0 4.00
Lahiru Kumara 3 0 10 1 3.33
Milan Rathnayake 1 0 2 0 2.00