Home Sinhala එංගලන්තය පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කරයි

එංගලන්තය පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කරයි

Sri Lanka tour of England 2024

5
Sri lanka tour of england 2024 1st match

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ (24) සමත් වුනා.

පසුගිය 23 වැනි දා තරගයේ තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියා. ඒ වන විට කමිඳු මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අතර ඉනිමේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් 14ක් එක් වී තිබුණා.

කමිඳු තවත් ශතකයක් කරා

ඊයේ දිනයේ දී ඔවුන් දෙදෙනා විසින් එම සබඳතාව ලකුණු 117ක් කරා රැගෙන යාමට සමත් වුනේ ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු විවර කර දෙමිනුයි.

මෙහි දී තම සිව්වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් විසින් තම තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනේ තරගය පැවැත්වුණු Old Trafford පිටියේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා (පළමුවැන්නා රසල් ආනෝල්ඩ්) බවට පත් වෙමිනුයි.

කමිඳු පන්දු 183ක් වැය කරමින් හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 113ක් ලබා ගැනීමට සමත් වුනා. ඔහුට විශිෂ්ට සහයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් විසින් පන්දු 119ක් තුළ වටිනා ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඉනිමේ 08 වැනි කඩුල්ල ලෙස කමිඳු දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ නිමාව ඉක්මන් වූ අතර, මෙහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා එක් වී ලකුණු 326ක් ලබා ගැනීමට සමත් වුනේ එංගලන්තයට ලකුණු 205ක ඉලක්කයක් ලබා දෙමිනුයි.

එමෙන්ම මෙහි දී එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Chris Woakes සහ Matthew Potts කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්

එංගලන්ත පිතිකරුවන් සිය දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණු නමුත්, ඔවුන්ට පහසුවෙන් ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ ප්‍රභාත් ජයසූරිය එංගලන්ත ඉනිමේ කඩුලු 3ක් ලකුණු 70ක් තුළ බිඳ දැමීමට සමත් වුනා. එමෙන්ම එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ද ලකුණු 114 දී දවා ගැනීමට ප්‍රභාත්ට හැකියාව ලැබුණා.

නමුත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Joe Root සහ Jamie Smith විසින් ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් පිහිටුවමින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඈත් කිරීමට සමත් වුනා.

ඒ අනුව එංගලන්ත කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, මෙහි දී Joe Root විසින් එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා වෙමින් පන්දු 128ක් තුළ නොදැවුණු ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත සහ ප්‍රභාත් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

තරගයේ වීරයා ලෙස පළමු ඉනිමේ ශතකයක් මෙන්ම දෙවැනි ඉනිමේ දී වටිනා ලකුණු 39ක් ලබා ගත් Jamei Smith සම්මාන දිනාගත්තා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 29 වැනි දා Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Result


England
358/10 (86.3) & 205/5 (57.2)

Sri Lanka
236/10 (74) & 326/10 (89.3)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Joe Root b Chris Woakes 4 16 0 0 25.00
Dimuth Karunaratne c Jamie Smith b Gus Atkinson 2 18 0 0 11.11
Kusal Mendis c Harry Brook b Mark Wood 24 34 4 0 70.59
Angelo Mathews lbw b Chris Woakes 0 5 0 0 0.00
Dinesh Chandimal lbw b Shoaib Bashir 17 40 2 0 42.50
Dhananjaya de Silva c Dan Lawrence b Shoaib Bashir 74 84 8 0 88.10
Kamindu Mendis c Jamie Smith b Chris Woakes 12 25 1 0 48.00
Prabath Jayasuriya c Jamie Smith b Gus Atkinson 10 20 1 0 50.00
Milan Rathnayake c Chris Woakes b Shoaib Bashir 72 135 6 2 53.33
Vishwa Fernando run out (Ollie Pope) 13 62 2 0 20.97
Asitha Fernando not out 0 6 0 0 0.00


Extras 8 (b 0 , lb 4 , nb 1, w 3, pen 0)
Total 236/10 (74 Overs, RR: 3.19)
Bowling O M R W Econ
Chris Woakes 11 3 32 3 2.91
Gus Atkinson 16 3 48 2 3.00
Matthew Potts 9 0 48 0 5.33
Mark Wood 8 0 31 1 3.88
Shoaib Bashir 23 4 55 3 2.39
Joe Root 7 2 18 0 2.57
Batsmen R B 4s 6s SR
Ben Duckett lbw b Asitha Fernando 18 20 2 0 90.00
Dan Lawrence c Dinesh Chandimal b Vishwa Fernando 30 39 3 0 76.92
Ollie Pope b Asitha Fernando 6 8 1 0 75.00
Joe Root c Dinesh Chandimal b Asitha Fernando 42 57 4 0 73.68
Harry Brook b Prabath Jayasuriya 56 73 4 0 76.71
Jamie Smith c Dinesh Chandimal b Prabath Jayasuriya 111 148 8 1 75.00
Chris Woakes b Prabath Jayasuriya 25 65 3 0 38.46
Gus Atkinson c Dinesh Chandimal b Milan Rathnayake 20 65 1 0 30.77
Matthew Potts c Kusal Mendis b Vishwa Fernando 17 23 2 0 73.91
Mark Wood b Asitha Fernando 22 13 3 1 169.23
Shoaib Bashir not out 3 5 0 0 60.00


Extras 8 (b 0 , lb 4 , nb 3, w 1, pen 0)
Total 358/10 (86.3 Overs, RR: 4.14)
Bowling O M R W Econ
Dhananjaya de Silva 3 0 14 0 4.67
Prabath Jayasuriya 31 5 85 3 2.74
Asitha Fernando 18 0 103 4 5.72
Vishwa Fernando 19.3 1 73 2 3.78
Milan Rathnayake 13 0 66 1 5.08
Kamindu Mendis 2 0 13 0 6.50
Batsmen R B 4s 6s SR
Nishan Madushka b Chris Woakes 0 3 0 0 0.00
Dimuth Karunaratne c Harry Brook b Mark Wood 27 32 4 0 84.38
Kusal Mendis c Jamie Smith b Gus Atkinson 0 4 0 0 0.00
Angelo Mathews c Matthew Potts b Chris Woakes 65 145 2 1 44.83
Dinesh Chandimal c Harry Singh b Matthew Potts 79 119 7 0 66.39
Dhananjaya de Silva lbw b Matthew Potts 12 25 1 0 48.00
Kamindu Mendis c Joe Root b Gus Atkinson 113 183 15 1 61.75
Milan Rathnayake c Ben Duckett b Joe Root 10 15 1 0 66.67
Prabath Jayasuriya c Harry Brook b Matthew Potts 5 10 0 0 50.00
Vishwa Fernando lbw b Chris Woakes 0 2 0 0 0.00
Asitha Fernando not out 0 0 0 0 0.00


Extras 15 (b 0 , lb 8 , nb 1, w 6, pen 0)
Total 326/10 (89.3 Overs, RR: 3.64)
Bowling O M R W Econ
Chris Woakes 22 6 558 3 25.36
Gus Atkinson 17 2 89 2 5.24
Shoaib Bashir 20 0 77 0 3.85
Mark Wood 10.2 1 36 1 3.53
Matthew Potts 17.3 4 47 3 2.72
Joe Root 1.4 0 5 1 3.57
Dan Lawrence 1 0 5 0 5.00


Batsmen R B 4s 6s SR
Ben Duckett c Kusal Mendis b Asitha Fernando 11 14 1 0 78.57
Dan Lawrence lbw b Milan Rathnayake 34 54 2 1 62.96
Ollie Pope c Dhananjaya de Silva b Prabath Jayasuriya 6 17 0 0 35.29
Joe Root not out 62 128 2 0 48.44
Harry Brook c & b Prabath Jayasuriya 32 68 3 0 47.06
Jamie Smith b Asitha Fernando 39 48 4 1 81.25
Chris Woakes not out 8 18 1 0 44.44


Extras 13 (b 0 , lb 5 , nb 3, w 5, pen 0)
Total 205/5 (57.2 Overs, RR: 3.58)
Bowling O M R W Econ
Vishwa Fernando 8 0 46 0 5.75
Asitha Fernando 12 1 25 2 2.08
Prabath Jayasuriya 25.2 4 98 2 3.89
Milan Rathnayake 12 0 31 1 2.58



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<