පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Sri Lanka Tour of England 2024

11

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කළා. 

එංගලන්තයේ Old Trafford හිදි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තෝරාගත්තා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම; 

දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක  

 

එංගලන්ත කණ්ඩායම; 

Daniel Lawrence, Ben Duckett, Ollie Pope, Joe Root, Harry Brook, Jamie Smith, Chris Woakes, Gus Atkinson, Matthew Potts, Mark Wood, Shoaib Bashir 

තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද (21) සවස 3.30ට ආරම්භ වනු ඇති.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<