ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය අද (01) නිමාවට පත් වන විට තරගය සම්පූර්ණයෙන්ම පාහේ ශ්රී ලංකාවේ අණසකට නතු වී තිබෙනවා.
ඊයේ (31) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 51ක් ලබා ශ්රී ලංකාවට යම් සටනක් ලබා දීමට සූදානම් බවක් අඟවා තිබුණා.
අද දිනයේ ද උදෑසන වරුව තුළ ද ඔවුන් එම සටන තවදුරටත් පවත්වාගෙන යන බවක් පෙනෙන්නට තිබුනත්, ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලකුණු 96 දී බිඳ දැමීමට විශ්ව ප්රනාන්දු සමත් වීමෙන් අනතුරුව බංග්ලාදේශ ඉනිම නොසිතූ බිඳ වැටීමකට ලක් වුනා. මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Zakir Hasanගේ පිත්තෙන් ලකුණු 54ක් වාර්තා වූ අතර, ඊට අමතරව Mominul Haque ලකුණු 33ක් වාර්තා කිරීමට සමත් වුනා.
ඒ හැරුණු කොට කිසිඳු පිතිකරුවකු බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක නොවූ අතර, බංගලි ඉනිම බිඳ දැමීමේ ප්රධානියා වූ අසිත ප්රනාන්දු විසින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.
ඊට අමතරව විශ්ව, ලහිරු සහ ප්රභාත් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
- ශ්රී ලංකා පළමු ඉනිමට සාර්ථක අඩිතාලමක්
- කමිඳු සහ ධනංජය වාර්තා පිට වාර්තා තබයි
- නායක කුසල් මෙන්ඩිස්ටත් දඩ සහ දඬුවම් ලකුණු
- ඇෆ්ගන් A සහ ශ්රී ලංකා A තරග කාලසටහන නිවේදනය කරයි
- ජනිත්ගේ ශතකය අපතේ යයි; බංග්ලාදේශයට තරගාවලි ජයක්
බංග්ලාදේශය ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 353ක් පිටුපසින් සිටියත්, බංග්ලාදේශයට නොකඩවා සිය දෙවන ඉනිම ක්රීඩා කිරීමට ඇරයුම් නොකළ ශ්රී ලංකාව සිය දෙවන ඉනිම ක්රියාත්මක කිරීමට තීරණය කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙම තණතීරුවේ ඉදිරි දින කිහිපය පිතිකරණයේ යෙදීම එතරම් පහසු නොවන බව පෙනෙන්නට තිබූ නිසා සහ පන්දු යවන්නන්ට යම් විවේකයක් ලබා දීම වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගත් බව අනුමාන කළ හැකි.
ශ්රී ලංකා දෙවන ඉනිම නම් කිසිසේත්ම ශ්රී ලංකාවට වාසි දායක යෙසක් පෙනෙන්නට තිබුණේ නැහැ. තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබා සිටි අතර, පෙර ඉනිමේ දී අර්ධ ශතක ලබා ගත් පිතිකරුවන් හය දෙනාම අද දිනය තුළම නැවතත් ක්රීඩාගාරය වෙත හරවා යැවීමට බංග්ලාදේශය සමත් වුනා.
කෙසේ වෙතත් අද දිනය අවසන් වන තෙක් එක් අන්තයක් රැක ගනිමින් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා. ඔහුගේ සහයට ප්රභාත් ජයසූරිය ද කඩුල්ලේ නොදැවී රැඳී සිටියා.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Hasan Mahmud කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.
ශ්රී ලංකා දෙවන ඉනිම බලාපොරොත්තු වූ තරම් සාර්ථක එකක් නොවුනත්, මේ වන විටත් ඔවුන් බංග්ලාදේශයට වඩා ලකුණු 455ක් ඉදිරියෙන් සිටීම නිසා තරගයේ වැඩි වාසි ශ්රී ලංකාව සතු බව වටහා ගත හැකි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | run out (Liton Das) | 57 | 105 | 6 | 0 | 54.29 |
Dimuth Karunaratne | b Hasan Mahmud | 86 | 129 | 8 | 1 | 66.67 |
Kusal Mendis | c Mehidy Hasan Miraz b Shakib Al Hasan | 93 | 150 | 11 | 1 | 62.00 |
Angelo Mathews | c Mehidy Hasan Miraz b Hasan Mahmud | 23 | 71 | 2 | 1 | 32.39 |
Dinesh Chandimal | c Liton Das b Shakib Al Hasan | 59 | 104 | 5 | 2 | 56.73 |
Dhananjaya de Silva | lbw b Khaled Ahmed | 70 | 111 | 6 | 2 | 63.06 |
Kamindu Mendis | not out | 92 | 167 | 7 | 2 | 55.09 |
Prabath Jayasuriya | lbw b Shakib Al Hasan | 28 | 75 | 3 | 0 | 37.33 |
Vishwa Fernando | run out (Najmul Hossain Shanto) | 11 | 26 | 2 | 0 | 42.31 |
Lahiru Kumara | b Mehidy Hasan Miraz | 6 | 12 | 1 | 0 | 50.00 |
Asitha Fernando | run out (Taijul Islam) | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0) |
Total | 531/10 (159 Overs, RR: 3.34) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Khaled Ahmed | 20 | 2 | 72 | 1 | 3.60 | |
Hasan Mahmud | 24 | 5 | 99 | 2 | 4.12 | |
Shakib Al Hasan | 37 | 4 | 110 | 3 | 2.97 | |
Mehidy Hasan Miraz | 46 | 5 | 146 | 1 | 3.17 | |
Taijul Islam | 32 | 5 | 106 | 0 | 3.31 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | b Lahiru Kumara | 21 | 42 | 3 | 0 | 50.00 |
Zakir Hasan | b Vishwa Fernando | 54 | 104 | 8 | 0 | 51.92 |
Taijul Islam | b Vishwa Fernando | 22 | 61 | 1 | 0 | 36.07 |
Najmul Hossain Shanto | c Dimuth Karunaratne b Prabath Jayasuriya | 1 | 11 | 0 | 0 | 9.09 |
Mominul Haque | lbw b Asitha Fernando | 33 | 84 | 3 | 0 | 39.29 |
Shakib Al Hasan | lbw b Asitha Fernando | 15 | 23 | 1 | 0 | 65.22 |
Liton Das | c Kusal Mendis b Asitha Fernando | 4 | 3 | 1 | 0 | 133.33 |
Shahadat Hossain | c Kamindu Mendis b Lahiru Kumara | 8 | 36 | 1 | 0 | 22.22 |
Mehidy Hasan Miraz | lbw b Prabath Jayasuriya | 7 | 31 | 0 | 0 | 22.58 |
Khaled Ahmed | b Asitha Fernando | 1 | 11 | 0 | 0 | 9.09 |
Hasan Mahmud | not out | 2 | 7 | 0 | 0 | 28.57 |
Extras | 10 (b 4 , lb 4 , nb 1, w 1, pen 0) |
Total | 178/10 (68.4 Overs, RR: 2.59) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 16 | 5 | 38 | 2 | 2.38 | |
Asitha Fernando | 10.4 | 1 | 34 | 4 | 3.27 | |
Lahiru Kumara | 11 | 5 | 19 | 2 | 1.73 | |
Prabath Jayasuriya | 24 | 4 | 65 | 2 | 2.71 | |
Dhananjaya de Silva | 7 | 2 | 14 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | b Hasan Mahmud | 4 | 5 | 1 | 0 | 80.00 |
Nishan Madushka | c Mehidy Hasan Miraz b Hasan Mahmud | 34 | 45 | 5 | 0 | 75.56 |
Kusal Mendis | b Khaled Ahmed | 2 | 2 | 0 | 0 | 100.00 |
Angelo Mathews | b Shakib Al Hasan | 56 | 74 | 5 | 0 | 75.68 |
Dinesh Chandimal | c Shahadat Hossain b Hasan Mahmud | 9 | 7 | 2 | 0 | 128.57 |
Dhananjaya de Silva | c Liton Das b Hasan Mahmud | 1 | 7 | 0 | 0 | 14.29 |
Kamindu Mendis | c Liton Das b Khaled Ahmed | 9 | 17 | 2 | 0 | 52.94 |
Prabath Jayasuriya | not out | 28 | 67 | 2 | 0 | 41.79 |
Vishwa Fernando | not out | 8 | 16 | 1 | 0 | 50.00 |
Extras | 6 (b 5 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 157/7 (40 Overs, RR: 3.92) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Khaled Ahmed | 11 | 2 | 34 | 2 | 3.09 | |
Hasan Mahmud | 15 | 2 | 65 | 4 | 4.33 | |
Shakib Al Hasan | 10 | 0 | 39 | 1 | 3.90 | |
Taijul Islam | 4 | 0 | 13 | 0 | 3.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | b Prabath Jayasuriya | 24 | 32 | 3 | 0 | 75.00 |
Zakir Hasan | c Dhananjaya de Silva b Vishwa Fernando | 19 | 39 | 2 | 0 | 48.72 |
Najmul Hossain Shanto | b Lahiru Kumara | 20 | 55 | 2 | 0 | 36.36 |
Mominul Haque | c Lahiru Kumara b Prabath Jayasuriya | 50 | 56 | 8 | 1 | 89.29 |
Shakib Al Hasan | c Nishan Madushka b Kamindu Mendis | 36 | 53 | 3 | 0 | 67.92 |
Liton Das | c Kusal Mendis b Lahiru Kumara | 38 | 72 | 4 | 0 | 52.78 |
Shahadat Hossain | lbw b Kamindu Mendis | 15 | 34 | 2 | 0 | 44.12 |
Mehidy Hasan Miraz | not out | 81 | 110 | 14 | 0 | 73.64 |
Taijul Islam | c Nishan Madushka b Kamindu Mendis | 14 | 28 | 2 | 0 | 50.00 |
Hasan Mahmud | not out | 6 | 25 | 1 | 0 | 24.00 |
Khaled Ahmed | b Lahiru Kumara | 2 | 8 | 0 | 0 | 25.00 |
Extras | 13 (b 9 , lb 2 , nb 2, w 0, pen 0) |
Total | 318/9 (85 Overs, RR: 3.74) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 10 | 0 | 39 | 1 | 3.90 | |
Asitha Fernando | 15 | 2 | 62 | 0 | 4.13 | |
Lahiru Kumara | 15 | 3 | 50 | 4 | 3.33 | |
Prabath Jayasuriya | 27 | 2 | 99 | 2 | 3.67 | |
Dhananjaya de Silva | 8 | 2 | 25 | 0 | 3.12 | |
Kamindu Mendis | 10 | 0 | 32 | 3 | 3.20 |
තරගයේ සිව් වැනි දිනය හෙට (02) ක්රියාත්මක වීමට නියමිත අතර එහි සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<