සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.
තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (26) දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 34 ලබා සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 107ක් පිටුපසින් සිටිමින්.
බංග්ලාදේශ ලකුණු පුවරුව 53ක් වන විට තරගාවලියේ සාර්ථකම බංග්ලාදේශ පිතිකරුවා වූ Mushfiqur Rahim පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් දවා ගැනීමට කසුන් රාජිතට හැකි වුනේ ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණට ගෙන එමිනුයි.
නමුත් ඉන්පසු පිටියේ එක්වූ Shakeeb Al Hassan සහ Liton Das හයවැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 96ක නොබිදුණු සම්බන්ධතාව නිසා දිවා ආහාරයට තරගය නතර කරන විට බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 8ක් ඉදිරියෙන් සිටියා.
තරමක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Shakeeb නොදැවී ලකුණු 52ක් සහ Liton Das නොදැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා.
දිවා ආහාරයෙන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි හිසරදයක් වූ Liton Das දවා ගැනීමට සමත් වුනේ තමන් වෙතම පෙරලා පැමිණි උඩ පන්දුවක් රැකගැනීම නිසයි.
නැවතත් ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා සිටි Shakeeb ලකුණු 58කට දවා ගනීමට සමත් වන විට බංග්ලාදේශය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 22ක් ඉදිරියෙන් සිටියා.
- දිමුත් සහ ඕෂධගේ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක්
- ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණු තැන Silverwood කියයි
- මැතිව්ස් – ධනංජය ශතක සබඳතාවයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයක්
Mosaddek Hossain හට ද සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් රමේෂ් ප්‍රනාන්දු විසින් Mosaddek Hossain ලකුණු 2කට දවා ගනිද්දී, බංග්ලාදේශ ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලෙසයි.
බංග්ලාදේශ අවසන් පිතිකරුවන් දෙදෙනා පන්දු දෙකක් තුළ දවා ගනිමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 169කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දුට හැකි වීමත් සමඟ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 29ක්.
සුපිරි පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු හයක් දවා ගැනීමට සමත් වුනා. ඒ සමඟින් සමස්ත තරගයේ කඩුලු 10ක් දවා ගනිමින් චමින්ද වාස්ට පසු එම දස්කම පෑ දෙවැනි වේගපන්දු යවන්නා බවට පත්වීමට අසිතට හැකි වීම විශේෂත්වයක්.
ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 29ක ඉලක්කය පන්දුවාර 03ක් අවසානයේ කිසිවෙකු නොදැවී පසුකර යෑමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට හැකි වුනා.
ඒ සමඟින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | b Kasun Rajitha | 0 | 2 | 0 | 0 | 0.00 |
Tamim Iqbal | c Praveen Jayawickrama b Asitha Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Najmul Hossain Shanto | b Kasun Rajitha | 8 | 21 | 1 | 0 | 38.10 |
Mominul Haque | c Niroshan Dickwella b Asitha Fernando | 9 | 9 | 2 | 0 | 100.00 |
Mushfiqur Rahim | not out | 175 | 355 | 21 | 0 | 49.30 |
Shakib Al Hasan (vc) | lbw b Kasun Rajitha | 0 | 1 | 0 | 0 | 0.00 |
Liton Das | c Kusal Mendis b Kasun Rajitha | 141 | 246 | 16 | 1 | 57.32 |
Mosaddek Hossain | c Niroshan Dickwella b Kasun Rajitha | 0 | 3 | 0 | 0 | 0.00 |
Taijul Islam | c Niroshan Dickwella b Asitha Fernando | 15 | 37 | 0 | 0 | 40.54 |
Khaled Ahmed | c Niroshan Dickwella b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Ebadot Hossain | not out | 0 | 20 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 9 , lb 3 , nb 2, w 3, pen 0) |
Total | 365/9 (116.2 Overs, RR: 3.14) |
Fall of Wickets | 1-1 (0.2) Mahmudul Hasan Joy , 2-6 (1.4) Tamim Iqbal, 3-16 (5.1) Mominul Haque, 4-24 (6.4) Najmul Hossain Shanto, 5-24 (6.5) Shakib Al Hasan (vc), 6-296 (92.1) Liton Das, 7-296 (92.4) Taijul Islam, 8-349 (107.1) Khaled Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 28.2 | 7 | 64 | 5 | 2.27 | |
Asitha Fernando | 26 | 2 | 93 | 4 | 3.58 | |
Praveen Jayawickrama | 38 | 9 | 108 | 0 | 2.84 | |
Ramesh Mendis | 14 | 0 | 53 | 0 | 3.79 | |
Dhananjaya de Silva | 6 | 0 | 27 | 0 | 4.50 | |
Dimuth Karunarathne | 4 | 1 | 8 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Najmul Hossain Shanto b Ebadot Hossain | 57 | 91 | 8 | 1 | 62.64 |
Dimuth Karunarathne | b Shakib Al Hasan (vc) | 80 | 155 | 9 | 0 | 51.61 |
Kusal Mendis | lbw b Shakib Al Hasan (vc) | 11 | 49 | 0 | 0 | 22.45 |
Kasun Rajitha | b Ebadot Hossain | 0 | 12 | 0 | 0 | 0.00 |
Angelo Mathews | not out | 145 | 342 | 12 | 2 | 42.40 |
Dhananjaya de Silva | c Liton Das b Shakib Al Hasan (vc) | 58 | 95 | 9 | 0 | 61.05 |
Dinesh Chandimal | c Tamim Iqbal b Ebadot Hossain | 124 | 219 | 11 | 1 | 56.62 |
Niroshan Dickwella | c Liton Das b Shakib Al Hasan (vc) | 9 | 10 | 1 | 0 | 90.00 |
Ramesh Mendis | lbw b Ebadot Hossain | 10 | 11 | 2 | 0 | 90.91 |
Praveen Jayawickrama | c Liton Das b Shakib Al Hasan (vc) | 0 | 3 | 0 | 0 | 0.00 |
Asitha Fernando | run out (Shakib Al Hasan (vc)) | 2 | 6 | 0 | 0 | 33.33 |
Extras | 10 (b 0 , lb 8 , nb 2, w 0, pen 0) |
Total | 506/10 (165.1 Overs, RR: 3.06) |
Fall of Wickets | 1-95 (25.5) Oshada Fernando, 2-139 (43.1) Kusal Mendis, 3-144 (46.2) Kasun Rajitha, 4-164 (55.6) Dimuth Karunarathne, 5-266 (87.5) Dhananjaya de Silva, 6-465 (156.6) Dinesh Chandimal, 7-501 (162.5) Ramesh Mendis, 8-502 (163.3) Praveen Jayawickrama, 9-506 (165.1) Asitha Fernando , 10-482 (192.5) Niroshan Dickwella, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Khaled Ahmed | 23 | 1 | 85 | 0 | 3.70 | |
Ebadot Hossain | 38 | 4 | 148 | 4 | 3.89 | |
Shakib Al Hasan | 40.1 | 11 | 96 | 5 | 2.39 | |
Mosaddek Hossain | 12 | 1 | 38 | 0 | 3.17 | |
Taijul Islam | 49 | 10 | 124 | 0 | 2.53 | |
Mominul Haque | 3 | 0 | 7 | 0 | 2.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | c Kusal Mendis b Asitha Fernando | 15 | 27 | 3 | 0 | 55.56 |
Tamim Iqbal | c Kusal Mendis b Asitha Fernando | 0 | 11 | 0 | 0 | 0.00 |
Najmul Hossain Shanto | run out (Praveen Jayawickrama) | 2 | 11 | 0 | 0 | 18.18 |
Mominul Haque | c Niroshan Dickwella b Kasun Rajitha | 0 | 2 | 0 | 0 | 0.00 |
Mushfiqur Rahim | b Kasun Rajitha | 23 | 39 | 4 | 0 | 58.97 |
Liton Das | c & b Asitha Fernando | 52 | 135 | 3 | 0 | 38.52 |
Shakib Al Hasan (vc) | c Niroshan Dickwella b Asitha Fernando | 58 | 72 | 7 | 0 | 80.56 |
Mosaddek Hossain | lbw b Ramesh Mendis | 9 | 22 | 1 | 0 | 40.91 |
Taijul Islam | lbw b Asitha Fernando | 1 | 10 | 0 | 0 | 10.00 |
Ebadot Hossain | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Khaled Ahmed | b Asitha Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0) |
Total | 162/10 (55.3 Overs, RR: 2.92) |
Fall of Wickets | 1-19 (3.2) Mominul Haque, 2-15 (5.1) Tamim Iqbal, 3-19 (7.2) Najmul Hossain Shanto, 4-23 (9.1) Mahmudul Hasan Joy , 5-53 (20.3) Mushfiqur Rahim, 6-156 (47.5) Liton Das, 7-163 (51.1) Shakib Al Hasan (vc), 8-169 (52.2) Taijul Islam, 9-169 (54.1) Mosaddek Hossain, 10-169 (55.3) Khaled Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 12 | 5 | 40 | 2 | 3.33 | |
Asitha Fernando | 17.3 | 5 | 51 | 6 | 2.95 | |
Praveen Jayawickrama | 13 | 0 | 47 | 6 | 3.62 | |
Ramesh Mendis | 11 | 2 | 20 | 1 | 1.82 | |
Dhananjaya de Silva | 2 | 0 | 10 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | not out | 21 | 9 | 3 | 1 | 233.33 |
Dimuth Karunaratne | not out | 7 | 9 | 1 | 0 | 77.78 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 28/0 (3 Overs, RR: 9.33) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Taijul Islam | 1 | 0 | 16 | 0 | 16.00 | |
Shakib Al Hasan | 1 | 0 | 7 | 0 | 7.00 | |
Ebadot Hossain | 1 | 0 | 5 | 0 | 5.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<