සංචාරයක ශ්‍රී ලංකා සහ සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 76ක් රැස්කරගෙන සිටියා.
තරගයේ පළමු දිනය වූ ඊයේ (15) දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 258ක් රැස්කරගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 114*ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 34ක් රැස් කරගෙන සිටියා.
ඊයේ දිනයේ ලබා ගත් රිද්මය උදෑසන වරුවේ පවත්වා ගත් චන්දිමාල් සිය අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වීමෙන් අනතුරුව ලකුණු 66ක් ලබා සිටිය දී Nayeem Hasanගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පස්වැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 136ක වටිනා සම්බන්ධතාව අවසන් කරමිනුයි.
ඉන්පසුව පිටියට පිවිසි කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එම පන්දුවාරයේ දී ම ලකුණු 3කට පිටියෙන් ඉවත් කිරීමට Nayeem Hasanට හැකි වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් ගෙන දෙමිනුයි.
දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 327ක් ලබා සිටි අතර හුදකලා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි මැතිව්ස් නොදැවී ලකුණු 147යි.
- ටෙස්ට් ඉනිම් 12කට පසු මැතිව්ස්ගෙන් ශතකයක්
- Silverwoodගෙන් පසු ටෙස්ට් කණ්ඩායමේ වගකීම McCullumට
- බංගලියන් ඉදිරියේ රැව්දෙන සිංහ ගෝරනාඩුව
- නුවනිඳු සහ ගුණතිලකගේ අර්ධ ශතක වලින් ශ්‍රී ලංකාව පෙරමුණේ
දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ Shakib Al Hasan රමේෂ් මෙන්ඩිස් එක් ලකුණකට සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරද්දී, මැතිව්ස් ලකුණු 150 සීමාව පසු කිරීමට සමත් වුනා.
ඉන්පසු පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් නවවැනි කඩුල්ලට පිහිටවූ ලකුණු 47ක නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිම දිස්වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 375ක් ලෙසයි.
තේ පානයට තරගය නතර කිරීමට පෙර පන්දුවාරයේ දී පන්දුවක් හිසේ වැදීම නිසාවෙන් විශ්ව ප්‍රනාන්දු තේ පානයෙන් පසුව පිටියට නොපැමිණි නිසාවෙන් නවක පිතිකරුවා ලෙස පැමිණියේ අසිත ප්‍රනාන්දුයි.
පන්දු 27කට මුහුණ දෙමින් ලකුණක් ලබා සිටි අසිත Nayeem Hasanගේ පස්වැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් අනතුරුව විශ්ව ප්‍රනාන්දු නැවතත් පිතිකරණයට පැමිණියා.
තරගය පුරාවට ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් ද්විත්ව ශතකය පෙනෙන මානයේ දී ලකුණු 199කට දැවී ගියේ Nayeem Hasanගේ පන්දුවක් හමුවේයි.
ඒ සමඟින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 397කට සීමා වූ අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි විශ්ව ප්‍රනාන්දු ලකුණු 17ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී අගනා දස්කම් පෙන්වූ Nayeem Hasan ලකුණු 105කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙද්දී, Shakib Al Hasan ලකුණු 60කට කඩුලු තුනයි.
ලකුණු 397ක් පිටුපසින් සිටිමින් සිය පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා දිනය අවසන් වන විට නොබිදුණු ලකුණු 76ක සම්බන්ධතාවක් පිහිටුවීමට ආරම්භක පිතිකරුවන් වන Tamim Iqbal සහ Mahmudul Hasan Joyට හැකි වුනා.
ඒ අනුව අද දිනය අවසන් වන විට බංග්ලාදේශය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 321ක් පිටුපසින් සිටි අතර නොදැවී ක්‍රීඩා කරන Tamim Iqbal ලකුණු 35ක් සහ Mahmudul Hasan Joy ලකුණු 31ක් ලබාගැනීමට සමත්ව තිබුණා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Liton Das b Nayeem Hasan | 36 | 76 | 3 | 1 | 47.37 |
Dimuth Karunaratne | lbw b Nayeem Hasan | 9 | 17 | 0 | 0 | 52.94 |
Kusal Mendis | c Nayeem Hasan b Taijul Islam | 54 | 131 | 3 | 0 | 41.22 |
Angelo Mathews | c Shakib Al Hasan (vc) b Nayeem Hasan | 199 | 397 | 19 | 1 | 50.13 |
Dhananjaya de Silva | c Mahmudul Hasan Joy b Shakib Al Hasan (vc) | 6 | 27 | 0 | 0 | 22.22 |
Dinesh Chandimal | lbw b Nayeem Hasan | 66 | 148 | 2 | 3 | 44.59 |
Niroshan Dickwella | b Nayeem Hasan | 3 | 3 | 0 | 0 | 100.00 |
Ramesh Mendis | b Shakib Al Hasan (vc) | 1 | 8 | 0 | 0 | 12.50 |
Lasith Embuldeniya | lbw b Shakib Al Hasan (vc) | 0 | 1 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | not out | 17 | 84 | 3 | 0 | 20.24 |
Asitha Fernando | b Nayeem Hasan | 1 | 27 | 0 | 0 | 3.70 |
Extras | 5 (b 4 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 397/10 (153 Overs, RR: 2.59) |
Fall of Wickets | 1-23 (7.5) Dimuth Karunaratne, 2-66 (21.2) Oshada Fernando, 3-158 (56.1) Kusal Mendis, 4-183 (65.2) Dhananjaya de Silva, 5-319 (113.1) Dinesh Chandimal, 6-323 (113.5) Niroshan Dickwella, 7-328 (116.2) Ramesh Mendis, 8-328 (116.3) Lasith Embuldeniya, 9-390 (148.5) Asitha Fernando , 10-397 (152.6) Angelo Mathews, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shoriful Islam | 20 | 3 | 55 | 0 | 2.75 | |
Taskin Ahmed | 16 | 1 | 66 | 0 | 4.12 | |
Nayeem Hasan | 30 | 4 | 105 | 6 | 3.50 | |
Taijul Islam | 48 | 12 | 107 | 1 | 2.23 | |
Shakib Al Hasan (vc) | 39 | 12 | 60 | 3 | 1.54 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | c Niroshan Dickwella b Asitha Fernando | 58 | 142 | 9 | 0 | 40.85 |
Tamim Iqbal | b Kasun Rajitha | 133 | 218 | 15 | 0 | 61.01 |
Najmul Hossain Shanto | c Niroshan Dickwella b Kasun Rajitha | 1 | 22 | 0 | 0 | 4.55 |
Mominul Haque | b Kasun Rajitha | 2 | 19 | 0 | 0 | 10.53 |
Mushfiqur Rahim | b Lasith Embuldeniya | 105 | 282 | 4 | 0 | 37.23 |
Liton Das | c Niroshan Dickwella b Kasun Rajitha | 88 | 189 | 10 | 0 | 46.56 |
Shakib Al Hasan (vc) | c Niroshan Dickwella b Asitha Fernando | 26 | 44 | 3 | 0 | 59.09 |
Nayeem Hasan | c Kusal Mendis b Dhananjaya de Silva | 9 | 53 | 0 | 0 | 16.98 |
Taijul Islam | c Chamika Karunaratne b Asitha Fernando | 20 | 45 | 3 | 0 | 44.44 |
Shoriful Islam | retired | 3 | 11 | 0 | 0 | 27.27 |
Khaled Ahmed | not out | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 20 (b 4 , lb 8 , nb 8, w 0, pen 0) |
Total | 465/10 (170.1 Overs, RR: 2.73) |
Fall of Wickets | 1-162 (48.5) Mahmudul Hasan Joy , 2-172 (54.4) Najmul Hossain Shanto, 3-184 (60.5) Mominul Haque, 4-385 (134.1) Liton Das, 5-385 (134.2) Tamim Iqbal, 6-421 (146.1) Shakib Al Hasan (vc), 7-439 (157.1) Mushfiqur Rahim, 8-450 (163.6) Nayeem Hasan, 9-465 (169.2) Taijul Islam, 10-465 (170.1) Shoriful Islam, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 8 | 0 | 42 | 0 | 5.25 | |
Asitha Fernando | 26 | 4 | 72 | 3 | 2.77 | |
Ramesh Mendis | 45 | 10 | 119 | 0 | 2.64 | |
Lasith Embuldeniya | 47 | 9 | 104 | 1 | 2.21 | |
Dhananjaya de Silva | 19 | 2 | 48 | 1 | 2.53 | |
Kasun Rajitha | 24.1 | 6 | 60 | 4 | 2.49 | |
Kusal Mendis | 1 | 0 | 8 | 0 | 8.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | run out (Taijul Islam) | 19 | 36 | 3 | 0 | 52.78 |
Dimuth Karunaratne | c Mominul Haque b Taijul Islam | 52 | 138 | 2 | 0 | 37.68 |
Lasith Embuldeniya | b Taijul Islam | 2 | 22 | 0 | 0 | 9.09 |
Kusal Mendis | b Taijul Islam | 48 | 43 | 8 | 1 | 111.63 |
Angelo Mathews | c & b Taijul Islam | 0 | 15 | 0 | 0 | 0.00 |
Dhananjaya de Silva | c Mushfiqur Rahim b Shakib Al Hasan (vc) | 33 | 60 | 3 | 1 | 55.00 |
Dinesh Chandimal | not out | 39 | 135 | 4 | 1 | 28.89 |
Niroshan Dickwella | not out | 61 | 96 | 0 | 0 | 63.54 |
Extras | 6 (b 0 , lb 2 , nb 4, w 0, pen 0) |
Total | 260/6 (90.1 Overs, RR: 2.88) |
Fall of Wickets | 1-36 (11.5) Oshada Fernando, 2-39 (17.1) Lasith Embuldeniya, 3-106 (31.2) Kusal Mendis, 4-110 (35.6) Angelo Mathews, 5-143 (47.1) Dimuth Karunaratne, 6-161 (56.2) Dhananjaya de Silva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nayeem Hasan | 23 | 5 | 79 | 0 | 3.43 | |
Khaled Ahmed | 7 | 2 | 37 | 0 | 5.29 | |
Shakib Al Hasan (vc) | 25 | 5 | 58 | 1 | 2.32 | |
Taijul Islam | 34 | 9 | 82 | 4 | 2.41 | |
Najmul Hossain Shanto | 1 | 0 | 2 | 0 | 2.00 | |
Mehidy Hasan Miraz | 0.1 | 0 | 0 | 0 | 0.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<