ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 119ක් ලබා සිටියා.
අද (23) උදෑසන තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම සඳහා ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 188ක් පමණයි. මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Taijul Islam ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු සහ Litton Das අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ ලකුණු 41ක ඉනිමේ ඉහළම ලකුණු සබඳතාව ලෙස සටහන් වුනා. බංගලි ඉනිමේ කඩුලු 8ක් ලකුණු 147ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනත් Khaled Ahmed විසින් ලබා ගත් ඉක්මන් ලකුණු 22ත් සමඟින් බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 188ක් දක්වා ඉහළට එසවුනා.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු 10ම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තිදෙනා අතරේ බෙදී ගිය අතර මෙහි දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගන්නා අතරේ ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ධනංජය සහ කමිඳු ද්විත්ව ශතක සබඳතාවක
- NSL පිටිය අඩු ලකුණුවලට සීමා වූ දවසක්
- ඩිල්ශාන් වෙනුවට Maphaka මුම්බායි සමඟ එක් වෙයි
- නායක කුසල් මෙන්ඩිස්ටත් දඩ සහ දඬුවම් ලකුණු
- ඇෆ්ගන් A සහ ශ්‍රී ලංකා A තරග කාලසටහන නිවේදනය කරයි
බංග්ලාදේශ පළමු ඉනිම නිමා වීමෙන් පසුව ලකුණු 92ක වාසියක් ද සමඟින් ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම ආරම්භ කළ ද මෙවරත් ශ්‍රී ලංකාවේ මුල් පෙළ ඉක්මනින් බිඳ දැමීමට බංග්ලාදේශ වේගපන්දු යවන්නන් විසින් සමත් වුනා.
නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නැවතත් පිත්තෙන් අසාර්ථක වද්දී හිටපු නායක දිමුත් කරුණාරත්න පන්දු 101ක් තුළ ලකුණු 52ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට යම් ස්ථාවර බවක් ගෙන ඒමට සමත් වුනා. කෙසේ වෙතත් දිනය නිමා වීමට මොහොතක පෙර දිමුත්ගේ ඉනිම ද නිමා වූ අතර, අද දිනයට තරගය නතර කරන විට නායක ධනංජය ද සිල්වා සහ සැඳෑ පිතිකරු ලෙස පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.
මේ වන විට ශ්‍රී ලංකාව තවත් කඩුලු 5ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් පසු වනවා.
තරගයේ තෙවන දිනය හෙට (24) ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම තරගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Mehidy Hasan Miraz b Khaled Ahmed | 2 | 9 | 0 | 0 | 22.22 |
Dimuth Karunaratne | b Khaled Ahmed | 17 | 37 | 1 | 0 | 45.95 |
Kusal Mendis | c Zakir Hasan b Khaled Ahmed | 16 | 26 | 2 | 0 | 61.54 |
Angelo Mathews | run out (Najmul Hossain Shanto) | 5 | 7 | 1 | 0 | 71.43 |
Dinesh Chandimal | c Mehidy Hasan Miraz b Shoriful Islam | 9 | 13 | 0 | 0 | 69.23 |
Dhananjaya de Silva | c Mehidy Hasan Miraz b Nahid Rana | 102 | 131 | 12 | 1 | 77.86 |
Kamindu Mendis | c Liton Das b Nahid Rana | 102 | 127 | 11 | 3 | 80.31 |
Prabath Jayasuriya | c Liton Das b Nahid Rana | 1 | 11 | 0 | 0 | 9.09 |
Kasun Rajitha | not out | 6 | 27 | 0 | 0 | 22.22 |
Vishwa Fernando | c Liton Das b Taijul Islam | 9 | 19 | 0 | 0 | 47.37 |
Lahiru Kumara | run out (Shahadat Hossain) | 0 | 6 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 2 , lb 4 , nb 5, w 0, pen 0) |
Total | 280/10 (68 Overs, RR: 4.12) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shoriful Islam | 14 | 0 | 59 | 1 | 4.21 | |
Khaled Ahmed | 17 | 2 | 72 | 3 | 4.24 | |
Nahid Rana | 14 | 2 | 87 | 3 | 6.21 | |
Taijul Islam | 13 | 6 | 31 | 1 | 2.38 | |
Mehidy Hasan Miraz | 10 | 1 | 25 | 0 | 2.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | c Dhananjaya de Silva b Lahiru Kumara | 12 | 46 | 1 | 0 | 26.09 |
Zakir Hasan | lbw b Vishwa Fernando | 9 | 8 | 2 | 0 | 112.50 |
Najmul Hossain Shanto | lbw b Vishwa Fernando | 5 | 10 | 0 | 0 | 50.00 |
Mominul Haque | c Kamindu Mendis b Kasun Rajitha | 5 | 7 | 1 | 0 | 71.43 |
Taijul Islam | c Kusal Mendis b Kasun Rajitha | 47 | 80 | 6 | 0 | 58.75 |
Shahadat Hossain | c Dhananjaya de Silva b Lahiru Kumara | 18 | 26 | 3 | 0 | 69.23 |
Liton Das | b Lahiru Kumara | 25 | 43 | 4 | 0 | 58.14 |
Mehidy Hasan Miraz | c Nishan Madushka b Kasun Rajitha | 11 | 34 | 1 | 0 | 32.35 |
Shoriful Islam | c & b Vishwa Fernando | 15 | 21 | 0 | 2 | 71.43 |
Khaled Ahmed | c Kusal Mendis b Vishwa Fernando | 22 | 28 | 1 | 2 | 78.57 |
Nahid Rana | not out | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 19 (b 9 , lb 7 , nb 2, w 1, pen 0) |
Total | 188/10 (51.3 Overs, RR: 3.65) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 15.3 | 2 | 48 | 4 | 3.14 | |
Kasun Rajitha | 16 | 3 | 56 | 3 | 3.50 | |
Lahiru Kumara | 12 | 1 | 31 | 3 | 2.58 | |
Prabath Jayasuriya | 7 | 1 | 33 | 0 | 4.71 | |
Dhananjaya de Silva | 1 | 0 | 4 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Liton Das b Nahid Rana | 10 | 20 | 1 | 0 | 50.00 |
Dimuth Karunaratne | c Nahid Rana b Shoriful Islam | 52 | 101 | 7 | 1 | 51.49 |
Kusal Mendis | c Liton Das b Nahid Rana | 3 | 10 | 0 | 0 | 30.00 |
Angelo Mathews | c Liton Das b Taijul Islam | 22 | 24 | 3 | 0 | 91.67 |
Dinesh Chandimal | lbw b Mehidy Hasan Miraz | 0 | 2 | 0 | 0 | 0.00 |
Dhananjaya de Silva | c Zakir Hasan b Mehidy Hasan Miraz | 108 | 179 | 9 | 2 | 60.34 |
Vishwa Fernando | c Mehidy Hasan Miraz b Khaled Ahmed | 4 | 24 | 0 | 0 | 16.67 |
Kamindu Mendis | c Mehidy Hasan Miraz b Taijul Islam | 164 | 237 | 14 | 0 | 69.20 |
Prabath Jayasuriya | b Mehidy Hasan Miraz | 25 | 47 | 4 | 0 | 53.19 |
Lahiru Kumara | lbw b Mehidy Hasan Miraz | 0 | 1 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | not out | 4 | 20 | 0 | 0 | 20.00 |
Extras | 26 (b 12 , lb 3 , nb 1, w 10, pen 0) |
Total | 418/10 (110.4 Overs, RR: 3.78) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shoriful Islam | 21 | 1 | 75 | 1 | 3.57 | |
Khaled Ahmed | 18 | 1 | 46 | 1 | 2.56 | |
Nahid Rana | 20 | 0 | 128 | 2 | 6.40 | |
Taijul Islam | 20.4 | 2 | 75 | 2 | 3.68 | |
Mehidy Hasan Miraz | 29 | 6 | 74 | 4 | 2.55 | |
Mominul Haque | 1 | 1 | 0 | 0 | 0.00 | |
Najmul Hossain Shanto | 1 | 0 | 5 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mahmudul Hasan Joy | lbw b Vishwa Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Zakir Hasan | c Kusal Mendis b Lahiru Kumara | 19 | 22 | 2 | 0 | 86.36 |
Najmul Hossain Shanto | c Dimuth Karunaratne b Kasun Rajitha | 6 | 5 | 1 | 0 | 120.00 |
Mominul Haque | not out | 87 | 148 | 12 | 1 | 58.78 |
Shahadat Hossain | c Kusal Mendis b Vishwa Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Liton Das | c Angelo Mathews b Vishwa Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Taijul Islam | lbw b Kasun Rajitha | 6 | 15 | 1 | 0 | 40.00 |
Mehidy Hasan Miraz | c Dhananjaya de Silva b Kasun Rajitha | 33 | 50 | 6 | 0 | 66.00 |
Shoriful Islam | c & b Kasun Rajitha | 12 | 42 | 0 | 0 | 28.57 |
Khaled Ahmed | c Kusal Mendis b Kasun Rajitha | 0 | 1 | 0 | 0 | 0.00 |
Nahid Rana | c Dhananjaya de Silva b Lahiru Kumara | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 19 (b 11 , lb 3 , nb 3, w 2, pen 0) |
Total | 182/10 (49.2 Overs, RR: 3.69) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 15 | 5 | 36 | 3 | 2.40 | |
Kasun Rajitha | 14 | 1 | 56 | 5 | 4.00 | |
Lahiru Kumara | 11.2 | 1 | 39 | 2 | 3.48 | |
Prabath Jayasuriya | 9 | 1 | 37 | 0 | 4.11 |