ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයේ (WICF) අධීක්ෂණය යටතේ 12 වැනි වරට පැවැත්වීමට සැලසුම් කර ඇති 12 වැනි ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව හිමි වී තිබෙනවා.
ඒ අනුව මෙවර තරගාවලිය සංවිධානය කිරීම සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය වෙත (CICA) පවරා ඇති අතර, තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 05 වැනි දා දක්වා තලවතුගොඩ ඔස්ටේසියා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිරිමි විවෘත, කාන්තා විවෘත, 22න් පහළ පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා සඳහන් කරන්නේ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
තරගාවලියට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඇමරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතයි.
1995 වසරේ දී ආරම්භය ලද මෙම තරගාවලිය මීට වසර 21කට පෙර ද ශ්‍රී ලංකාවේ පවත්වා ඇති අතර, මෙතෙක් පැවැත්වූ සෑම තරගාවලියක් ම ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වී තිබීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායම එක් වරක් තරගාවලියේ අනු ශූරතාව හිමි කර ගැනීමට සමත් වුනා.
දේශීය ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<