වසර හතක ඇවෑමෙන් පසුව පැවැත්වීමට නියමිත Hong Kong Sixers තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා සංචිතය ප්රකාශයට පත් කර තිබෙනවා.
එළඹෙන නොවැම්බර් මස 01 වැනි දා සිට 03 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට මෙවර කණ්ඩායම් 12ක් සහභාගී වීමට නියමිතයි. එහි මූලික වටයේ දී D කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංක හට හිමි වී තිබෙනවා.
ශ්රී ලංකා සංචිතය;
ලහිරු මදුශංක (නායක), තනුක දාබරේ, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, ධනංජය ලක්ශාන්, නිමේශ් විමුක්ති සහ සඳුන් වීරක්කොඩි
- ශ්රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
තරගාවලියේ මූලික වටයේ දී ශ්රී ලංකාව ඕමානය සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතයි. එම තරග ප්රතිඵල අනුව තරගාවලියේ ඉදිරි වටවල ශ්රී ලංකා සහභාගීත්වය තීරණය වනු ඇති.
සය සාමාජික සහ එක් ඉනිමකට පන්දුවාර පහක් ඇතුළත් ක්රිකට් තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියට තරග 29ක් ඇතුළත්.
අවසන් වරට 2017 වසරේ දී පැවැත්වුණු Hong Kong Cricket Sixers තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දකුණු අප්රිකාව විසින් සමත් වූ අතර, ශ්රී ලංකාව 2007 වසරේ දී මෙහි ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
එමෙන්ම 1993 සහ 2004 වසරවල දී අනු ශූරතාව ජයග්රහණය කිරීමට ද ශ්රී ලංකාවට හැකියාව ලැබුණා.
මෙවර තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<